Koki Ceylon Herbal

Koki Ceylon Herbal

Share

SPARK YOUR BEAUTY. AURVEDIC BEAUTY ,COSMETIC AND PERSONAL CARE.

26/08/2025

🥰කොලැජන්🥰

නිරොගී දිප්තිමත් සමකට අවශ්‍යම වන කොලැජන් මේවන විට ඉතා ජනප්‍රිය මාතෘකාවක් සහ රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් ලෙස පත්ව ඇත.සම නිරෝගීව තබා ගැනීමට සැලකිලිමත් වන උදවියට කොලැජන් නැතිවම බැරිදෙයකි.

🌻කොලැජන් යනු මොනවාද?....🤔

සිරුරේ වැඩියෙන් ම ඇති ප්‍රෝටීන වර්ගය ලෙස කොලැජන් හඳුන්වනවා. කොලැජන් වර්ග 16ක් අප සිරුරේ තිබෙනවා. සම, පේශි, පටක සහ අස්ථි වල මූලික තැනුම් ඒකකය වන්නේ කොලැජන්ය. කණීනිකාවේ, ලේවල මෙන්ම දත් වලත් කොලැජන් තරමක් හමුවෙනවා.

🚫 විශේෂයෙන් කාන්තාවන් වයස්ගතවීම ආරම්භ වන්නෙ අවුරුදු විසිපහෙන් පසුය. ඉතින් අවුරුදු 25න් පස්සේ සෑම අවුරුද්දකම 1% ප්‍රතිශතයකින් අපේ ඇඟෙන් කොලැජන් නිශ්පාදනය අඩුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේකෙ ප්‍රතිඵලයක් විදියට අපේ සම

😔 වයසට යන්න පටන් ගන්නවා.
😔රැලි වැටෙනවා.
😔මූණේ wrinkles / smile lines මතු වෙනවා.
😔සමේ දීප්තිය අඩු වෙනවා.
😔ඇදෙනසුළු ගතිය නැති වෙලා සම එල්ලා වැටෙනවා
😔සම අවපැහැ වෙනවා.

ඔබ දැනගත යුතු වැදගත් ම දේ වන්නේ, කොලැජන් අඩංගු ආහාර නොමැති බවත් ඇත්තේ සිරුරේ කොලැජන් නිෂ්පාදනයට උපකාරී වන ආහාර පමණ බවය.

✅කොලැජන්වලින් ඇති ප්‍රයෝජන මොනවාද?

💜️ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ සමට නිසි හැඩයක් ලබා දීමයි.

💜️සමට පමණක් නොවෙයි. අස්‍ථි, පේශි, දත් ආදියෙහි ව්‍යුහයටත් කොලැජන් උදව් වෙනවා.

💜️සන්ධිවල නිසි ක්‍රියාකාරීත්වයටත් කොලැජන් උදව් වෙනවා.

💜️සමේ වියපත් පෙනුම් නසන්නටත් කොලැජන් බොහොම උපකාරී වෙනවා.

වඩාත් ම සුදුසු වන්නේ ආහාර වලින් ඔබේ සිරුරේ කොලජන් නිෂ්පාදනයට උදව් ලබා ගැනීමයි. ඒ සඳහා පහත සඳහන් ආහාර වැඩි වශයෙන් ඔබේ දෛනික ආහාර වේලට එකතු කරගන්න උත්සාහ කරන්න.එයින් ඔබේ මුදල් මෙන්ම ඔබේ නීරෝගී බවත් ආරක්ෂා වේ.

⚠️සිරුරේ කොලැජන් නිෂ්පාදනය ඉහළ නංවන ආහාර

🤩Vitamin C අඩංගු ආහාර👇
කොලැජන් නිෂ්පාදනය ඉහළ නැංවීමට බහෝසේ උපකාරී වන විටමිනය නම් C විටමිනයයි.
දෙහි, දොඩම්, ස්ට්‍රෝබෙරි, පේර, තක්කාලි, ගස්ලබු වැනි ආහාර විටමින් C වලින් අනූනයි.
බිත්තර සුදුමද, බිම්මල්, ඇස්පැරගස් සහ ගෝවා,ඌරු මස්වල සමෙහි සහ කුකුල් මස්වල සම,තල ඇට, කොකෝවා, පරිප්පු සහ කජු කොලැජන් නිෂ්පාදනයට උදව් කරනවා.

🚫සිරුරේ කොලැජන් විනාශ වීමට බලපාන හේතු

❌අධික හිරුරැස්වලට නිරාවරණය වීම.
❌අධික සීන භාවිතය.
❌දුම් පානය කිරීම.
❌මානසික ආතතිය.

ලස්සන නිරොගිමත් සමකට කැමතිනම් කොලැජන් වලට මුලික තැන දෙන්න..
හොඳම බ්‍රෑන්ඩ් වල කොලැජන් සෑහෙන ප්‍රමාණයක් වෙළඳ පොලේ තියෙනවා. තෝරා බේරාගෙන පාවිචිකරන්න.

28/06/2025

හලෝ කොන්ඩ කිරිල්ලියනේ මම hair care ගැන පොඩි විස්තරයක් ඔයලා එක්ක බෙදා ගන්න හිතුවා මගේ අත් දැකීම් එකතුකරල.
අපි ඉන්නෙ සමකාසන්න රටක නිසා අපේ කොන්ඩෙ හුගාක් පරිස්සමින් බලාගන්න ඕන මම පොඩි tips ටිකක් ඔයාල එක්ක share කරගන්නම්.සම වගේම තමා කොන්ඩෙත් අපි පරිස්සමෙන් ආදරෙන් බලා ගන්න ඕනෙ

1. මුලින්ම ඔයා හොයාගන්න ඕන ඔයාගෙ හිසකෙස් වර්ගය හා හිස්කබලේ වර්ගය

❤️හිසකෙස් වර්ග : straight , wavy , curly , coily
❤️හිසකෙස් වල texture එක: සිහින් කෙස් , මද්‍යම කෙස් , ඝන කෙස්
❤️හිස්කබලේ වර්ග : oily , dry , combination , sensitive

ඒ අනුව අපි ගැලපෙන product තෝරා භාවිතාකිරීම මගින් ලස්සන කොන්ඩයක් ලබා ගන්න පුලුවන්

2. තෙල් සම්බාහනය oil treatment ❤️

💧 තෙල් ආලේප කිරීම රුධිර සංසරණය වැඩි කරයි, කෙස්මුල් ශක්තිමත් කරයි සහ අකලට පැසීම වළක්වයි..❌තෙල් දිගු වේලාවක් හිසකෙස් වල හා හිස්කබලෙ තබා ගැනීමෙන් වලකින්න. පැයක් හෝ පැය දෙක තුනකට පසු හොදින් සෝද තෙල් ඉවත් කරගන්න.

මේ ස්වාභාවික තෙල් වර්ග හිසකෙස් වලට වඩාත් සුදුසුයි
💧පොල්තෙල්– hair moisturizing කරයි
💧තල තෙල් – කෙස් වැටීම අඩු කර කෙළවර පැලීම වළක්වයි
💧එඬරු තෙල් – හිසකෙස් වර්ධනය උත්තේජනය කර ඝන කරයි
💧කරපිංචා තෙල්– හිසකෙස් වැටීම වළක්වයි සහ මෙලනින් එකතු කරයි

3.ෂැම්පු කිරිම 👇
❌දිනපතා ෂැම්පු කිරීමෙන් වලකින්න හිසකෙස් වියලී වී ඉක්මනින් කැඩීයයි
💥සතියකට 2-3 වතාවක් සෝදන්න
මෘදු, සල්ෆේට් රහිත ෂැම්පු භාවිතා කරන්න
💥සිසිල් හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදන්න (උණු වතුර කේශ මුල්වලට හානි කරයි)

💥සෑම ෂැම්පු කිරීමකටම පසු, කන්ඩිෂනර් යොදන්න .හිස්කබලේ ගාන්න එපා හිසකෙස් වල පමනයි. 2 in 1 shampoo and conditioner මන් පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් නෙමෙයි .✋🥲පුලුවන් නම් හැමෝම වෙන වෙනම shampoo and conditioner use කරන්න.
💥සතියකට වරක් හෝ hair pack එකක් යෙදීම කොන්ඩෙට හුගාක් ප්‍රයෝජන ලැබෙන දෙයක්
❤️ කෝමාරිකා + මී පැණි + යෝගට්
❤️එක රැයකින් පොඟවා ගත් උලුහාල්+ පොල් කිරි සමඟ මිශ්‍ර කර භාවිතා කරන්නත් පුලුවන් මෙතනදි හුගක් සැලකිලිමත් වෙම්න ඕන තමන්ට පීනස තත්ව තියෙනවා නම් කෝමාරිකා බිත්තර වගේ දේවල් ඔලුවට දාද්දි

4. මෙතනදි මම ඔයාලට කියන්නම් hair mask වලට natural treatment වලට අපිට භාවිතා කරන්න පුලුවන් දේවල් සහ ඒවගෙ benefits

❤️පොල්තෙල් : හිසකෙස් වල දිලිසීම + ශක්තිමත් බව ඇති කරයි
❤️කරපිංචා : හිසකෙස් වර්ධනය + අළු , සුදු පැහැ ගැන්වීම වැළැක්වීම
❤️වද (හිබිස්කස්)මල් : ඝණ වීම + හිස්කබල සිසිල් කිරීම
❤️මී පැණි : හිසකෙස් වල සිනිඳු බව + moisturizer වීම
❤️යෝගට් : හිසකෙස් මෘදු කිරීම + හිසකෙස් ශක්තිමත් කිරීම
❤️මහදුරු (උළුහාල්) :හිසකෙස් වැටීම පාලනය+ හිසකෙස් වල ශක්තිය වැඩි කරයි

5. හිසකෙස් වැටීම? මෙම හේතු බලපායි
හිසකෙස් වැටීම සාමාන්‍ය දෙයකි, නමුත් අධික ලෙස හිසකෙස් ගැලවී යාම අනතුරු ඇඟවීමේ ලකුණකි

🔍 විය හැකි හේතු:

* ආතතිය / නින්ද නොමැතිකම
* විටමින් D හෝ යකඩ ඌනතාවය
* හෝමෝන අසමතුලිතතාවය
(PCOS,තයිරොයිඩ්)
* නුසුදුසු ආහාර වේලක් ගැනීම
* හිස්කබල ආසාදන

✳️දිනකට හිසකෙස් 100 කට වඩා අහිමි වුවහොත් රුධිර පරීක්ෂණයක් කරන්න.✋✋

6. අනිවාරෙන් හොද ආහාර වේලක් ගන්න
හිසකෙස් වර්ධනයට උපකාරී වන ආහාර:
*ගොටුකොළ,දොඩම්,කොමඩු,බිත්තර,පරිප්පු, කිරි,කුඩා මාලු,අලිගැට පේර, ඇට වර්ග
* ජලය– හොදට වතුර බොන්න

Photos from Koki Ceylon Herbal's post 01/08/2024
Photos from Koki Ceylon Herbal's post 12/07/2024

😍🤩Brightening Skin Gold serum

ingredient-: 🌹Hyaluronic Acid 🌹Alpha
🌹Glutathione 🌹Aqua 🌹Vitemin E
🌹Fragranc

🤩Hyaluronic අඩංගු මේ Serum එකෙන් ලැබෙන benefits මොනවද?
🌹 Anti-aging 🌹 skin elasticity
🌹good collagen production
🌹silky smooth glow look
🌹Moisturizes the skin
🌹සමට වඩාත් හොඳින් අවශෝෂණය වීම නිසා වැඩි පෝෂණයක් ලබාදීම සහ skin layers වල ගැඹුරට ගමන් කිරීමේ ඇති හැකියාව.
🌹 serum එකකින් active ingredients වල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්.එහිදී ඔබේ skin type , වගේම සමේ රෝග සහිත අවස්‍ථාවදී ප්‍රතිකාර වශයෙන් භාවිතා කරණ active ingredients පවා රෝගී තත්ත්වයට එරෙහිව ක්‍රියාත්මක කරවන්න serum එකකට පුළුවන් .
🌹අඩු amount එකෙන් ඉක්මනින් result එකක් ගන්න පුළුවන්.

ලෝකයේ ඉතා ඉක්මණින් දියුණු වෙන රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව විසින් මෙතක් සමේ ආලේපන විදිහට භාවිතා කළ cream වලට අමතරව නව සොයා ගැනීමක් කරනවා. ඒ application එක හඳුන්වන නම තමයි serum එකක් කියනෙනේ.

✅ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේදී serum එකක් කියන්නේ secret weapon එකක්. අඩංගු කරන ingredients සහ එහි ප්‍රතිශතය අනුව සමට ප්‍රතිකාර කරණ ගමන් All skin type වලට ගලපන්න පුළුවන් කම තියෙනවා.

ඔයාට තියෙන්නේ dry skin එකක් නම් මෘදු cleanser කර Hyaluronic acid අඩංගු මේ serum එකක් බවිතා කිරීම තුලින් dry , dull , wrinkles , fine lines වලට එරෙහිව හොඳින් ක්‍රියා කරනවා. ඒ වගේම එම Hyaluronic acid serum එකම oily , acne prone , acne skin එකකට Salicylic acid අඩංගු cleanser එකක් සමග ලබා දුන්නොත් oily skin එකකට application ගැල්වීමේදී වඩාත්ම ප්‍රවේසම් වෙන්න ඕන කාරණය වන clog pores වලින් ඔබව නිදහස් කරවනවා.

✅Oil සහ moisturizer කියන්නේ පැහැදිලිව දෙකක් බව ඔබ දන්නවනේ . Moisturizer ඕනම type එකක skin එකකට අදාළම කාරණයක්. ඉතිං ගැටළුවක් මතු නොකර ඔබේ skin එකට අදාළ තෙතමනය සපයන්න Hyaluronic acid අඩංගු මේ gold serum එක භාවිතා කරන්න පුළුවන්.

❌Skin history එකේ bleaching damage තියෙන අය බැරලෝහ භාවිතා කරලා තියෙන අය glow serum එක් බවිතා කිරීමට පෙර වෛද්‍යවරයෙක් යටතේ නිසි ප්‍රතිකාර ලබා ගනනිමින් skin layers හෝ රුධිරගත වූ බැරලෝහ ඉවත් කර ගත යුතුයි. මොකද බොහෝවිට serum බාවිතයෙන් සමතුල ඇති විස පිට දැමීමට හැකියාව ඇති නිසා.

❌හෝමෝන අසමතුලිතතා ඇති අයද serum බවිතයට පෙර එයට ප්‍රතිකාර ලබාගත් යුතුය.

ඉහත දැක්වූ ප්‍රශ්න තියෙන අය හැර වයස අවුරුදු 12 වැඩි ඕනෑම කෙනෙකුට වයස් හේදයකින් තොරව life time ම උනත් skin care routine එකේ තියාගන්න පුළුවන් මට්ටමේ gold serum එක තමයි මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ.🤩 දින10ක් ඇතුලත් ඔබට වෙනස අත්විදිය හැක.

- Kokila Rajapaksha
Ayurweda beauty product manufacture
IICA Campus

03/06/2024

🤩 clear skin💜️
Koriyan sheet maks

18/02/2024

කොහොමද ලමායි...

ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගෙ හම අදුරගන්න එක.හැමෝටම එකම හම පිහිටන්නෙ නැනෙ.ඔයාගෙ හම ගැන දැනගන්න එක තමයි වැදගත්ම දේ මොකද එතකොටයි ඔයාගෙ හමට ගැලපෙන නිශ්පාදන තෝරගන්න පුලුවන් වෙන්නෙ.

අපි බලමු කොහොමද Skin type එක අදුරගන්නෙ කියලා 👇

❤️‍ මුලින්ම ඔයා භාවිතා කරන face wash , clenser හෝ soap එක පාවිච්චි කරලා මුහුණ හොදට හෝදලා පිරිසිදු කරගන්න.

❤️‍ ඊට පස්සෙ මුහුණෙ වතුර ඉවත් කරලා කිසිම ආලේපනයක් මුණේ ගාන්නෙ නැතුව පැයක් විතර ඉන්න.(මේ පැයේ කාලසීමාව අතරතුර වතුර ටිකක්වත් මූනට ගාවන්න එපා )

❤️‍පැයකට පස්සෙ ටිශූ කඩදාසියක් අරන් මුහුණට තියන්න තියලා ටිකක් මුහුණට හොදින් ඇලවෙන විදියට තියලා අරගෙන පහලින් තියෙන ලක්ශන අනුව ඔයාගෙ skin type එක හදුනගන්න.

දැන් බලමු මොනාද මේ skin type වර්ග කියලා 👇

🌼Normal Skin ( සාමාන්‍යය සම )
ටිශූ පේපර් එකේ මුකුත්ම නැත්තන් එක Normal skin එකක්.සමාන්‍යයෙන් මේ වගෙ සමක තෙල් සහිත බවක් හෝ වියළි සහිත බවක් දක්නට නැහැ.ඔබගෙ මුහුණ ඉතා මෘදු සහිත ස්භාවයක් ගනීනම් එය Normal skin එකක්.

🌼 Oily Skin ( තෙල් සහිත සම )
ඔයා මුහුණට තියලා ගත්ත ටිශූ පේපර් එක තෙල් සහිතයිනම් ( නළල , නාසය සහ කම්බුල් අවට කොටස් විශේශයෙන්ම ) ඔයාට තියෙන්නෙ oily skin එකක්.මුහුණ නිතරම තෙල් සහිත බවින් යුක්තයි වගේම මුහුණෙ රැලි වැටෙන ස්භාවය අඩුයිනම් මුහුණ දිලිසෙන බවින් යුක්තයිනම් ඒක oily skin එකක්.

🌼Dry skin ( වියළි සම )
ඔයා මුහුණට තියලා ගත්ත ටිශූ පේපර් එකේ තෙල් හෝ කිසියම් දෙයක් නැත්තන් නිතරම මුහුණ තද ස්භාවයකින් වගේම මුහුනේ සම ඉවත්වයන සුලු ස්භාවයකින් යුක්තයිනම් එක dry skin එකක්.මේ වගේ සමක් නිතරම වියළි ස්භාවයකින් තියෙනවා වගේම තෙල් සහිත වීමක් නැත.

🌼Sensitive Skin ( සංවේදි සම )
මේ සමේ ස්භාවයක් තමයි නිතර කැසීම් ඇතිවීම,සම රතු වීම සහ සම ටිකක් තද ගතියෙන් යුක්ත ස්භාවයක් තිබීම. මේ වගේ සමක කැළැල් ඇතිවිමට ඇති ඉඩකඩ ඉතා වැඩී.සම වියළි සහ තද ස්භාවයකින් යුක්තයිනම් ඉහත ලක්ශන වලින් යුක්තයිනම් එය sensitive skin එකක්.

🌼Combination Skin ( මිශ්‍ර සම )
මේකෙදි ඔයාලට dry skin , Normal skin සහ oily skin යන වර්ග තුනෙහිම ලක්ශන දැකිය හැක. T zone (ඇහිබැමි උඩ ,නහය සහ නිකට ) ප්‍රදේශය තෙල් සහිත බවින් යුක්තයි වගේම ඉතිරි ප්‍රදේශ වියළි හෝ සාමාන්‍යය අයුරින් පවතී.ඉහත Skin type තුනෙහිම ලක්ශන වලින් යුක්තයිනම් එය combination skin එකක්.

ඔන්න දැන් ඔයාලට පුලුවන් ඔයාලගෙ සමේ වර්ගය හදුනගන්න 😊

Photos from Koki Ceylon Herbal's post 26/01/2024

🇰🇷 Face Sheet Mask 🌟✨

🌸Face sheet mask යනු කුමක්ද ... ?
එය ඔබගේ සමට සුවපහසුව ගෙනෙන නියම සත්කාරයකි. සෑම sheet mask එකක් ම ප්‍රබල සම පෝෂණය කරන අමුද්‍රව්‍ය පිරි සාරයක පොඟවා ඇත. එය ඔබේ මුහුණ තෙතමනයෙන් ආරක්ෂා කර පෝෂණය කරන මැජික් එකකි .. 🪄

ඔබට වියළි , අඳුරු , තෙල් සහිත , කුරුලෑ සහිත කුමන සමක් තිබුනද ඒ සඳහා face sheet mask භාවිතා කරන්න පුලුවන් 😇

සමේ තෙතමනය රැක දීමේ සිට සම පැහැපත් කිරීම , සම එල්ලා වැටීම නැවැත්වීම , සමේ අධික වියළි බාවය අවම කිරීම , විවිධ ආසාධනයන් වැළැක්වීම ආදී ප්‍රතිලාභ රැසකට සරිලන ආකාරයට මෙම face sheet masks සකස් කර ඇත.. 😍

මෙමගින් ඔබට ක්ෂනික ප්‍රතිඵල ලබා ගත හැකිය.. ✨

මිනිත්තු 15-20 ක් වැනි කෙටි කාලයකදි ඔබේ සමේ සැබෑම දියුණුවක් දැක ගත හැකි ය. සැර රසායනික රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලට ආයුබෝවන් කියමින් සම රැක දෙන අමුද්‍රව්‍ය පිරි face mask පාවිච්චි කරන්න... 🧖🏻‍♀️

මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ මුහුණේ සමට ඉතා අලංකාර,පැහැපත්, තෙතමනය සහිත සුසිනිඳු සමක් ලබා දීමයි..

Face Sheet Mask මඟින් ඔබට ලැබෙන වාසි කිහිපයක් 👇

🌼 කුරුළෑ, ලප කැළැල් සම්පූර්ණයෙන්ම අවම කරයි.
🌼 සමේ දැඩි වියළි බව නැති කර සිසිල් සුවදායි බව ඇති කරයි
🌼සම මතුපිට තෙල් ස්භාවය පාලනය කරයි.
🌼සම පැහැපත් කරයි .
🌼සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කරයි.
🌼සමේ අතිවන කුඩා බිබිලි සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.
🌼සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙයි.
🌼බ්ලීචින් වැනි ආලේපනයන් නිසා සිදු වූ ආසාදනයන් සඳහා වඩාත් සුදුසුයි.

සතියකට 3-4 වතාවක් පමණ පාවිච්චි කිරීම මඟින් ඔයාලට ඔයාල බලාපොරොත්තු වෙන ප්‍රතිඵලදායක සමක් ලබා ගැනීමට හැකිවනු ඇත. ❤️

භාවිතා කිරීමට පෙර face sheet mask පැකට්ටුව මිනිත්තු 10 ක් වගේ ශීතකරනයේ තබා පාවිච්චි කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය .
(එක Sheet mask එකක් භාවිතා කළ හැක්කේ එක් වතාවක් පමණයි. )

💥 Island wide delivery available 🚛

whatsapp : 076-0260222

Payment : Cash deposit or COD

17/11/2023

ජීවත් වෙන ටික කාලෙදි
අපිට දුක සතුට දෙකම එක විදිහට එනව...

ඒ වගේම තමයි
දරාගන්න අමාරු තැන් ගොඩක් එනව...

දරාගන්න බැරි දුකක් දැනෙන
හැම දවසක්ම ඇරියස් වෙන්න
අපිට
හුගක් සතුටින් ගත කරන්න පුලුවන්
දවසුත් පස්සෙ එනව...

ජීවිතේ
ලස්සන කරගන්න
අපිම මහන්සි වෙන්න...
ඉතින් එන්න
අපි අපි වෙනුවෙන්
චූටි කාලයක් වෙන් කරමු
අපිව ලස්ස්නට තිය ගන්න

🤎🦋🌼

Photos from Koki Ceylon Herbal's post 09/11/2023

🤩🤩 New introduced 🤩🤩🇰🇷🇰🇷
කුරුලෑ නිසා ඔබ කනස්සලයෙන්ද😥
😲 එහෙනම් මෙන්න විසඳුම

❤️❤️🇰🇷Teatree Care Solution Mask❤️❤️

💢Pimple & Oily Skin සදහා විශේෂයි.💢

කුරුලෑ ආසාදිත සම ක්‍රමානුකූලව සුවපත් කරයි. මෙහි ඇති Teatree සාරය සමෙහි තෙල් ගතිය මැනවින් පාලනය කර 💯 කින් ඔබේ විඩාපත් සම නිරෝගිමත් කරයි. තේ ගසේ තෙල් සහිත මෙහි ඇති serum එක සම මතුපිට හොදින් ක්‍රියා කර දින 60ක් 😲තුල ඔබට වෙනසක් අත් විඳිය හැක.

😍😍benefits😍😍
🌻කුරුලෑ ඉවත් කරයි.
🌻කුරුලෑ ඇතිවීම වළකයි.
🌻සමෙහි ආසාදන සුවපත් කරයි.
🌻සමෙහි තල් ගතිය පාලනය කරයි.
🌻දිදුළන නිරෝගී සමක් ලබාදෙයි.
🌻සමට තෙතමනය ලබාදෙයි
🌻elasticity එක වැඩි කරගන්න
🌻Bleaching ආසාදනය සම recover කරයි
🌻සමෙහි ඇති අඳුරු ගතිය නැති කරයි
🌻සම රැලි වැටීම අවම කරගන්න

100% Original Korean products 🇰🇷🇰🇷
🎀 try to have a glass skin ✨️💌
ගැහැනු👩 පිරිමි👨දෙපාර්ශවයටම බවිතා කර හැක.

❤️Teatree Care Solution Mask
Now Available✨️🎀

පාවිච්චි කරල බලන්න 😍😍 pimple නැති glass skin එකකට try කරන ඔයාල වෙනුවෙන් මයි🎀🎀 ගොඩාක් benifits තියෙනවා මේ කොරියන් Taetree Care Solution masks එකෙන්.😍😍✨️🇰🇷

%100 Original korean products දැන් අපෙන් ඔයාලට ලබාගන්න පුලුවන් ✨️ 🇰🇷🇰🇷
0769260222 whatsap


゚viralシs

Photos from Koki Ceylon Herbal's post 09/11/2023

100% Original Korean products 🇰🇷🇰🇷
🎀 try to have a glass skin ✨️💌
Both men & women can use it 👨✨️👩

❤ Whitening & Hydrating Black Mask

❤ Collagen Mask

❤️Teatree Care Solution Mask
Now Available✨️🎀

කොරියන් 🇰🇷 sheet mask පාවිච්චි කරල බලන්න 😍😍 skin එක Glow up කරගන්න වගේම skin එකට instance glow එකක් ලබාගන්න පුලුවන් .glass skin එකකට try කරන ඔයාල වෙනුවෙන් මයි🎀🎀 ගොඩාක් benifits තියෙනවා මේ කොරියන් sheet masks වලින්.😍😍✨️🇰🇷

🎀 💠face එකට තෙතමනය ලබාගන්න වගේම ආරක්ෂා කරගන්න
🎀 💠darkness remove වෙලා පැහැදිලි සමක් ලබාගන්න
🎀 💠elasticity එක වැඩි කරගන්න
🎀 💠collagen නිශපාදනය වැඩි කරගන්න
🎀💠Bleaching ආසාදනය නිසා සම damage වුන අයට නැවත සම recover කරගන්න
🎀 💠සමෙහි ඇති අඳුරු ගතිය හා වියළි බව නැති කරගන්න
🎀 💠සම රැලි වැටීම අවම කරගන්න
🎀 💠sun burn වලින් සම ආරක්ෂා කරගන්න

🐌 Snail Soothing Gel %95 🎀🎀🇰🇷🇰🇷

%100 Original korean products දැන් අපෙන් ඔයාලට ලබාගන්න පුලුවන් ✨️ 🇰🇷🇰🇷



゚viralシs

03/11/2023

🌜️නයිට් ක්‍රීම් පාවිච්චි කරන විට...🌜️

නිසැකවම! රාත්‍රී ක්‍රීම් ආලේප කරන විට, හේතු කිහිපයක් නිසා නින්දට යාමට මිනිත්තු 10 කට පමණ පෙර විදුලි පහන් නිවා දමා ක්‍රීම් භාවිතා කිරීම හොඳ පුරුද්දකි🌜️🌜️🌜️🌜️

🍀 ආලෝක සංවේදීතාව: බොහෝ රාත්‍රී ක්‍රීම් වල රෙටිනෝල් හෝ වෙනත් ක්‍රියාකාරී සංයෝග වැනි අමුද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා ආලෝකයට සංවේදී විය හැකි අතර 📧 කිරණ හෝ කෘතිම ආලෝකයට නිරාවරණය වන විට ඒවායේ කාර්යක්ෂමතාව නැති වේ. අඳුරු ආලෝකය සහිත කාමරයක ක්රීම් යෙදීම මෙම අවදානම අවම කරයි.

🍀ලිහිල් කිරීම: රාත්‍රී ක්‍රීම් ආලේප කිරීමේ ක්‍රියාව විවේකී සහ ස්වයං රැකවරණ චාරිත්‍රයක් විය හැකිය. අඳුරු ආලෝකය ඔබේ සමස්ත නින්දට යාමේ දින චර්යාව වැඩි දියුණු කරන සැනසිලිදායක වාතාවරණයක් නිර්මාණය කළ හැකිය.

🍀සම අවශෝෂණය: ඔබේ සම අළුත්වැඩියා කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ ක්‍රමයේ පවතින බැවින් රාත්‍රී කාලයේදී සම ආරක්ෂණ නිෂ්පාදන සඳහා වැඩි ප්‍රතිචාරයක් දක්වයි. නින්දට මිනිත්තු 10 කට පෙර රාත්‍රී ක්‍රීම් ආලේප කිරීමෙන් ඔබේ සමට කිසිදු බාධාවකින් තොරව නිෂ්පාදනය අවශෝෂණය කර ගත හැකිය.

🍀අසහනය වළක්වා ගැනීම: නින්දට යාමට ආසන්නව රාත්‍රී ක්‍රීම් ආලේප කිරීමෙන් ඔබ නිදා සිටින විට ඔබේ සම තෙල් සහිත හෝ බරක් දැනේ. මිනිත්තු 10 ක බෆරයක් ලබා දීමෙන් නිෂ්පාදනයට අර්ධ වශයෙන් අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසයි, අපහසුතාවයන් අඩු කරයි.

එබැවින්, ආලෝකය නිවා දැමීම සහ නින්දට මිනිත්තු 10 කට පෙර රාත්‍රී ක්‍රීම් ආලේප කිරීම නිෂ්පාදනයේ සඵලතාවය සහ ඔබේ සමස්ත සම ආරක්ෂණ අත්දැකීම යන දෙකටම ප්‍රයෝජනවත් පුරුද්දකි.

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Inginiyagala'
Ampara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00