Rakiyush herbal product

Rakiyush herbal product

Share

Rakiyush herbal product trades herbal products

01/07/2026

ඔබේ සම පිළිබද සැලකිලිමත් වන්න... හානි වූ සම සුව කරන්න.. ප්‍රිය නැවුම් සමක් උදෙසා බාහිර ආලේපයන් මෙන්ම අවශ්‍ය නිසි ක්‍රමවේදයන් පවත්වා ගන්න...

ඉදිරි ලිපියකින් සම පිළිබද ගෙන එනු ලැබේ... Rakiyusha page එක සමග එක්ව ඉන්න..

27/06/2026

ශාක ඔසු ගුණ... ( 03 )

මෙම ශාකය දියමෙනේරි සහ ගිරාපලා ලෙස හැදින්වේ. මෙම ශාකය ඖෂධීය ගුණයෙන් යුතු වටිනා ඖෂධීය ශාකයක් වේ.

මෙම ශාකය පිළිස්සුම් සදහා ප්‍රතිකාර ලෙස යොදා ගනී. එසේම කැසීම් සහ ගෙඩි සදහාද ඉගටිය ඉදිමීම් සදහාද, ඇස් රෝග සදහාද මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.

මෙම ශාකය ඉතා වටිනා ඖෂධයක් බැවින් සුරක්ෂා කරගන්න.. 🌱

Photos from Rakiyush herbal product's post 27/06/2026

ශාක ඔසු ගුණ... ( 02 )

මෙම ශාකය පොල්කටුපලා නමින් හැදින්වේ. නිවර්තන පරිසරයන්හි බහුලව දක්නට ලැබෙන මෙම ශාකය වල් පැළෑටියක් ලෙස ගළවා ඉවත් කර දැමීමට කටයුතු කළද මෙය වටිනා ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් වේ.

මෙම පොල්කටුපලා ශාකය විෂබීජ නාශක, ප්‍රතිජීවක සහ කෘමි නාශක ගුණයෙන් යුතු වේ.

මෙම පොල්කටුපලා සමේ රෝග සදහා බහුලව භාවිතා කරනු ලබන ඖෂධීය ශාකයකි.

කුෂ්ට සදහා සහ කෘමීන් දෂ්ට කිරීමේදී ප්‍රතිවිරෝධකයක් ලෙස මෙය භාවිතා කරයි.

එසේම අස්ථි බිදීම්වලදී ඒ සදහා ප්‍රතිකාර කිරීමට මෙම පොල්කටුපලා ශාකය යොදා ගනී.

මෙය ප්‍රභල විෂ නාශක ගුණයෙන් යුතු වටිනා ඖෂධීය ශාකයක් වේ.

Photos from Rakiyush herbal product's post 09/11/2025

නීරෝගීව ඉන්න මේ දේවල් කරන්න
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

🌻ආහාර පිසීමට, ආහාර ගැනීමට, ආහාර පිළිගැන්වීමට සහ වැසිකිළි යෑමෙන් පසුව අත් සබන් යොදා හොදින් සෝදන්න.

🌻කෙදි සහිත ආහාර, අළුත් එළවළු, පළා වර්ග පමණක් ආහාරයට ගන්න.

🌻අධික මේදය සහිත ආහාර සහ පැණි රසයෙන් යුතු ආහාර සීමා සහිතව ලබා ගන්න.

🌻උණුසුම්ව ආහාර කෑමට ගන්න.

🌻ශීතාධික ආහාර ගැනීමෙන් වළකින්න.

🌻ප්‍රධාන ආහාර වේලවලට අමතරව වරින් වර ආහාර ගැනීමෙන් වළකින්න.

🌻උණුකොට නිවාගත් ජලය බීමට ගන්න.

🌻ආහාරගත් විගස නින්දට යාමෙන් වළකින්න.

🌻මැස්සන්, කැරපොත්තන්, හූනන්, මීයන්, බලු, බළල් යන සතුන්ගෙන් ආහාර ආරක්ෂාකාරීව තබා ගන්න.

🌻මත්පැන් පානය සහ දුම් පානයෙන් වළකින්න.

🌻සෑම ආහාර වේලකින් පසුවම හොදින් මුව සෝදන්න.

🌻උදේ රාත්‍රී ආහාරයට පසු හොදින් දත් මැද පිරිසිදු කරන්න.

🌻හොදින් දහඩිය පිටවන තුරු දිනපතා ව්‍යායාම කරන්න.

🌻දිනපතා ඉතා පිරිසුදු ජලය වැඩි ප්‍රමාණයක් බීමට ගන්න.

🌻විශ්වාසවන්ත එක් සහකරුවෙකුට හෝ සහකාරියකට පමණක් ඔබගේ ලිංගික සබදතා සීමා කරන්න.

🌻ඉදිකටු, එන්නත් කටු, රැවුල බෑමට ගන්නා උපකරණ විෂබීජයෙන් තොර බවට සහතික කරගන්න.

🌻අව්වෙන්, වැස්සෙන්, පින්නෙන් ආරක්ෂා වෙන්න.

🌻වස, විෂ බෙහෙත් වර්ග වෙනමම ගබඩා කර තබන්න.

🌻දිනපතා පැය 6 - 8 ක් පමණ කාලයක් සුවසේ නිදන්න.

🌻හොදින් හිරු එළිය, වාතාශ්‍රය ලැබෙන සේ දොර ජනෙල් විවෘත කර තබන්න.

🌻කොට්ට මෙට්ට, ඇද ඇතිරිලි දැඩි අව්රශ්මියෙන් දිනපතා වියළා ගන්න.

🌻තමන් අදින වස්ත්‍ර, යට ඇදුම් ආදිය ඉතා පිරිසිදුව තබා ගන්න.

🌻වෛද්‍ය උපදෙස් හා ඖෂධ නිසිපරිදි භාවිතා කරන්න.

🌻තම් ශරීර සෞඛ්‍ය තත්ත්වය අනූව දිනපතා ස්නානය කරන්න.

🌻නිතර ධාර්මිකව කටයුතු කරන්න. භාවනා වඩන්න.

✍️ ඔබට නීරෝගී ජීවිතයක් උදෙසා රකියුෂ් හර්බල් ප්‍රොඩක්ට්..

06/11/2025

🔴"රකියුෂ්" නාමයේ අරුත "හෙළදීපය" යන්නයි....

අතීතයේ ශ්‍රී ලංකාව තුළ බෙදුණු කොටස් කිහිපයක් පමණක් ප්‍රදේශයන් ලෙස පැවතුණු අතරම රකියුෂ් යන නාමය අතීතයේ ලක්දිව හැදින්වීමට පැරැන්නන් විසින් භාවිතා කලා යැයි පැරණි හෙළ මිනිසුන්ගේම මතයකි...

🪴️ඉතින් සමහරවිට රකින ආයුෂ වැනි අදහසක් මත එම නාමය ගොඩනැගෙන්නට ඇති යැයි සිතමි...

🪴ලක්දිවේ පැවති ඉපැරණි වෛද්‍ය ශාස්ත්‍රයත්, හෙළ අතීතයේ පුලතිසි ඍෂිතුමන්ගේ රාවණ රජුගේ වෙදකමේ තිබූ තේජමාන සුව ශක්තියත් ලක්දිව ඇතුළු රටවල් දහයක් ආධිපත්‍ය හෙබවූ රාවණා රජුගෙන් විසිරී පවතින්නට ඇති...

🪴ඉතින් හෙළයේ මහා රජුගේ හැකියාවන් සේම ලක්දිව හෙළ භූමියේ පැවති සරුසාර ඔසු පැළෑටිත් මෙම නාමය ඇති වීමට හේතුවන්නට ඇති...

🪴ඔසු නොවන ශාකයක් සොයා ගැනීමට තරම් අසීරු ලක්බිමේ සියලු ගහකොළ මහා ඖෂධීය ගුණයන් දරා සිටියි....

ඉතින් ඒ පින් බිම ආයුෂ රකින භූමියක් නිසාවෙන්ම "රකියුෂ්" නාමය පට බැදෙන්නට ඇති යැයි සිතමි...... 🙏🌍🪴🙏

මෙය මෙම නාමය සම්බන්ද මා හැගි අදහස පමණයි..... 🙏💖

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Anuradhapura Town
Anuradhapura
50000