Mirrorlife

Mirrorlife

Share

Ayurvedic beauty product manufacturing and promote medical healthcare system

14/11/2022

නපුරුකම් තුළ කිසිසේත් බලාපොරොත්තු නොවූ දේවල්... ආදරේ ආශිර්වාදය ❤️ එක්සෑම් වලදී හැමදාම ID හෝල්ඩර් එක ඇතුලේ පරිස්සමට තිබුණා. එක්සෑම් වාඩිවෙන්න කලින් ඒක ගත්ත නේද අහන්නත් ඔයාට මොන වැඩ අස්සේ උනත් මතක තිබුණා... නපුරු හිත් ආදරෙන් දෝරෙ ගලාගෙන යනවා කියලා දැනුන තැන් ඒවා... ඉතිං කෝනේෂ්වරම් යන්න මං ගොඩක් ආසයි ❤️❤️

~අරුණි~

Photos from Mirrorlife's post 01/11/2022

මංගල උත්සවයකට, උපන්දින සාදයකට,පාටියකට ලස්සනට හැඩවෙන්න...
🌻 🌻 Sunflower
Ring
Bracelet
Necklace
Ear rings

Full set : 650/=

Delivery 6-7 working days
🚗🚗 Cash on delivery available
Delivery charge: 350/=

Whatsapp/ call :0701152853

23/10/2022

Beautiful Sri Lanka ❤️

16/10/2022

Good morning ❤️

Visit Sri Lanka ❤️😍

12/10/2022

The sounds feel to ❤️

12/10/2022

Yoga Meditation...

අපි උදේ පාන්දර අවදි වෙන වෙලාව ගත්තම එකිනෙකාට වෙනස්නෙ. මට නම් සාමාන්‍යයෙන් 5.45 එහෙම නැත්නම් 6වගේ තමයි මගේ වෙලාව. ඊට කලින් නම් ඇත්තටම ටිකක් අමාරුයි😁. හැබැයි මොනාහරි හේතුවක් තිබිලා ඊට කලින් නැගිටින්න උනොත් ඒත් නැගිටිනවා.. මං මේ කියන්න යන්නේ නැගිටින්න ඕන වෙලාව ගැන නෙවෙයි. ඒ වෙලාවන් පොඩ්ඩක් කැප කරලා දවසම නැවුම් විදිහට ගත කරන්න වගේම මනසේ නිදහස් ස්වභාවය රැක ගන්න කරන්න පුළුවන් දෙයක් ගැන.

මං මේ දේවල් ගැන ඉගෙනගත්තේ කැම්පස් එකේදි මගේ විශයන් වලට අදාළ ව. හැබැයි ඒවගේ බලපෑම කොහොමද කියන එක මන් ම ප්‍රැක්ටිකලි අත්හදා බලපු දෙයක්.

Yoga meditation..... උදේ පාන්දර නැගිටලා දත් ටික මැදලා මූණ හෝදගෙන භාවනා කරන්න වෙනම තියන් ඉන්න ඇඳුමක් තියෙනවා ඒක ඇඳගන්නවා. නිදහස් තැනක් එලිමහනක් නැවුම් හුළඟක් තියෙන තැනක් අමුතුවෙන් හොයන් යන්නෙ නෑ. ඒ ඔක්කොම මං කාමරේ ඇතුලෙම තියනවා කියලා මං විශ්වාස කරනවා. කාමරේ ජනෙල් පියන් 3ක් තියෙනවා තුනම ඇරලා දැම්මම හොඳටම ඇති. තව කාමරේ ළඟම අඹ ගහක් තියෙනවා ඒකෙ අතු මගේ කාමරේට බර වෙලා තියෙන්නේ ඒව කපන්න නොදී තියගත්තෙ ඒවගෙ අතු හෙලවෙන සද්දේ හොඳට ඇහෙන නිසා. ඊට පස්සේ ජනෙල් පැත්තට මූණ දාලා කාමරේ බිම වාඩි වෙනවා. ඊට කලින් හොඳට අතුගාලා පිරිසිදු කරගෙන පොඩ්ඩක් කුශන් එක වගේ තියෙන රෙද්දක් බිම් එලලා ඒක උඩ තමයි වාඩි වෙන්නෙ මොකද මට යෝගා මැටි එකක් නෑ. එහෙම දෙයක් ඕනෙම කියලත් නෑ තමන් ට තියෙන දෙයකින් වැඩේ කරන්න පුළුවන්.ඇඳෙ මේ වැඩේ කරන්න මට බෑ. ඒ හින්දා තමයි බිම් තෝරගත්තෙ.

උදේකට ගෙදරක කලබලේ කොහොමත් තියනවනෙ. කතා බහක් එහෙම ඇහෙද්දි Concentration එක එහෙ මෙහෙ යන එක නවත්තගන්න මං කරන්නෙ මෝනින් රිලැක්සිං මියුසික් එකක් එහෙම නැත්නම් නැචුරල් සවුන්ඩ් ඇහෙන මියුසික් එකක් දාගෙන earphones 🎧 දාගන්නවා. ඒ වගේ මියුසික් ගොඩක් මං ඩවුන්ලෝඩ් කරගෙන තියන්න ඉන්නෙ එහෙම නැත්නම් ලයිව් මියුසික් උනත් වූ ටියුබ් එකේ ඕන තරම් තියෙනවා. ඒකට අවදානෙ දීලා මං භාවනාව පටන් ගන්නවා. විනාඩි 15 20ක් විතර මං මේ වැඩේ කරනවා.

ඇත්තටම ඒක කොච්චර හිත නිවෙන මනස නිදහස් වෙන දෙයක්ද කියලා මං අත්දැකීමේන් දන්නවා. අපේ තරුණ හිත් කලබලකාරීයි. ඒ වගේම කාර්ය බහුලත්වය වැඩියි. අනිත් එක මේ වගේ දේවල් අපෙන් සෑහෙන ගිලිහිලා ගිහිල්ලා. ඒ හන්දා හිතේ පීඩනයක් උනත් හිමීට ලිහිල් කරලා දාන්න පුලුවන් මේ වගේ දේවල් එක්ක ජිවත් වෙන්නත් පොඩි වෙලාවක් වෙන් කරන්න පුලුවන්නම් ලොකු වටිනාකමක් ජීවිතයට ලැබෙයි. මනස කොච්චර නිදහස් වෙනවද ඒ වගේම එදිනෙදා වැඩකටයුතු වලට කොච්චර පහසුද ශරීරයේ නිරෝගි තාවයට කොච්චර වැදගත් ද කාට උනත් තමන්ගේ පෙනුම රැකගන්න කොච්චර වැදගත් ද කියලා දිනපතා මේ වැඩේ ට යොමු උනොත් දැක ගන්න පුළුවන් වෙයි. අසීරු කාලයක් ගෙවමින් ඉන්න අපි කාටත් ඒ කාලෙදී මූණ දෙන්න වෙන ඕනෑම දෙයකට මනස නිරවුල් ය හදාගෙන ශක්තිමත් ව මුහුණ දෙන්න මේ වගේ පුංචි දෙයක් කොච්චර බලපෑම්ක් කරනවද බලන්න තමන් තමන්ටම මඟ පෙන්වන්නෙක් වෙලා මේ දේට ආදරෙන් යොමු වෙලා බලන්නකො☺️☺️

අහ් ඊට කලින් මං අනිවාරෙන් කරන තවත් දෙයක් මතක් කරන්නම්. වැඩේ පටන් ගන්න ටික වෙලාවකට කලින් මං මඳරස්නෙ උණුවතුර වීදුරුවක් බොනවා.

~අරුණි~

Photos from Mirrorlife's post 19/02/2022

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Anuradhapura