Lora Cosmetics

Lora Cosmetics

Share

Cosmetics, Chemicals & Bathik clothes

Photos from Lora Cosmetics's post 06/09/2023
06/09/2023

ව්‍යoජන වලට රසකාරකයක් ලෙස යොදා ගන්නා කරපිoචා සහ සුදුලූනු සමග මිශ්‍ර කර දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ මේදය අඩුකර ගත හැක.

100% කරපිoචා කොළ සහ සුදුලූනු වලින් පමණක් සාදා ඇත.

💠 භාවිතය
දිනකට කරල් දෙකක් ආහාරයට පෙර
ගැනීමට අනුමත කෙරේ.

ඇණවුම් කිරීම සදහා wattsapp masg එකක් දෙන්න.
0705 935 737

25/07/2023

අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන්. ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා
අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා.

විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට හේතුව නම් වැඩිම සර්වඥධාතු (ද්‍රෝණයක්) ප‍්‍රමාණයක් තැන්ප කර ඇතැයි යන බෞද්ධ විශ්වාසයය. එමෙන්ම රුවන්මැලිසෑය සුවිශේෂිම ස්ථානයක් ලෙස සැලකෙන්නේ බුද්ධ කල්පයේ ලොවට පහළ වු කකුසඳ කෝණාගම සහ කාශ්‍යප මෙන්ම ගෞතම බුදුන් වහන්සේ ඇතුළු සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන්නට තරම්වූ වාසනාවන්ත පුණ්‍ය භූමියක එය පිහිටා ඇතැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇති බැවිනි.

රුවන්මැලි මහාසෑය ඉදිරියට වී ඇසිපිය නොහෙළා බලාසිටිමින් භාවනාවේ යෙදුණු හිමිනමක් වූහ. උන්වහන්සේ පිළිබඳ අසා නැති නම්, දැක නැති නම් ඒ මේ රටේ සුළු පිරිසක් වනවාට කිසිදු සැකයක් නැත.

රුවන්මැලි මහා සෑරදුන් වැඳපුදා ගැනීමට පැමිණි දෙස් විදෙස් සංචාරයකන්ට පසුගිය වසර කිහිපය පුරාම රුවන්මැලි මහා සෑ රදුන් අබියස ඇසිපිය නොහෙළා හිඳිමින් ධ්‍යානයකට සමවැදී සිටි බව කියන සීලකුටියේ ඉංගිරියේ විජිත හිමියන් දැකගන්නට හැකි විය. ඇතමුන් උන්වහන්සේ ඇසිපිය නොහෙළා බලා සිටින අයුරු විමතියෙන් බලා සිටියහ. තවත් පිරිස් උන්වහන්සේ දෙස අවඥාවෙන් බැලූහ. උන්වහන්සේ භාවිතා කළ පාත්‍රය අසල කුඩා බෝඩ් කැබැල්ලක් දක්නට ලැබිණි. එහි කියා තිබුණේ “ මුදල් දමන්න එපා... නිශ්ශබ්දතාව සුරකින්න....භාවනාවට හිරිහැර නොකරන්න” යනුවෙනි.

වසර අසූ එකක කාලයක් ආයු වැලඳූ ගොඩගේවත්ත සීලකුටියේ හිමියන් පිළිබඳ නැවත කතාබහක් ඇති වන්නේ උන්වහන්සේගේ හදිසි අපවත් වීම සමඟය. බුද්ධ පුත්‍රයන් අතර මනා ශික්ෂණයකින් හෙබි උන්වහන්සේට ආදර ගෞරව කළ බොහෝ දෙනෙකු සෝ සයුරේ ගිල්වමින් පසුගිය සෙනසුරාදා ( 13) උන්වහන්සේ අපවත් වුහ.

හදිසියේම අපවත් වූ උන්වහන්සේගේ මුල් ගම්පළාත වන්නේ හොරණ ඉංගිරිය ප්‍රදේශයය. මීට වසර 22කට පෙර අනුරාධපුර ගොඩගේවත්ත සීලකුටිය විහාරස්ථානයට වැඩමකළ උන්වන්සේ ධර්ම ප්‍රචාරයේ නිරත වූහ. නියම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස පිණ්ඩපාතයේ වඩිමින් දානය සොයා ගත්හ. අනුරාධපුර ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානයන්හි වැඩ සිටිනා භික්ෂුන්වහන්සේට එතුමෝ ආදර්ශයක් එක් කළහ.

බොහෝ පිරිසකට ගෞරවයට පත් වී සිටි උන්වහන්සේ සත්ව ඝාතනයට එරෙහි වූහ. මස් මාංශ අනුභවය අකැප කටයුත්තක් බව නිරන්තරයෙන් පැවසු එතුමෝ නිර්මාංශ වූහ. මුදල් අතින් ඇල්ලීම, අටපිරිකර රැස් කිරීම වැනි භික්ෂුවකට අකැපවූ කටයුතුවලින් සහමුලින්ම බැහැරව සිටියහ. උන්වහන්සේට දායකයන් කොතරම් ගෞරව කළේද කියත හොත් වසර 20ක් අඛණ්ඩව දානය දුන් උපාසිකාවක්ද විහාරස්ථානය ආසන්නයේම පිදිංචි වී සිටියාය.

සීලකුටියේ හිමිපාණන් භාවනානුයෝගී දිවියකට කැප වූහ. උන්වහන්සේ ද්‍රෝණයක් වු සර්වඥ ධාතුන් තැන්පත් කර ඇති බව කියන රුවන්මැලි සෑරදුන් ඉදිරි පිටට වී දිනපතා ඇසි පිය නොහෙළා භාවනාවේ යෙදුණාහ.

දැඩි සූර්ය රශ්මිය හා ගිගුරුම් සහිත වැසි වැටෙන අවස්ථාවල පවා උන්වහන්සේ භාවනාවේ යෙදෙන අයුරු බොහෝ දෙනෙකුට දැක ගැනීමට හැකි විය. පැය තුනකට ආසන්න කාලයක් රුවන්මැලි සෑරදුන් ඉදිරිපිටට වී ඇසිපිය නොහෙළමින් භාවනාවේ යෙදෙන අවස්ථාවලදි ගිගුරුම් සහිත වැසි පතිත වූවත් උන්වහන්සේ එම ස්ථානයෙන් ඉවත් නොවූහ. එකම ඉරියව්වේ පසු වූහ. අහස ප්‍රචණ්ඩ අකුණු සැර මුදාහැරියත් උන්වහන්සේගේ එක් ඇසි පිල්ලමක්වත් නොසොලවමින් භාවනාවේ යෙදුණාහ. මේ ධ්‍යාන ශක්තිය රුවන්මැලි සෑරදුන් වැදපුදා ගැනීමට පැමිණි කාගෙත් විමතියට හේතු විය.

🌺 නොදත් තතු

උන්වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කළ දායක මහතෙකුගෙන් උන්වහන්සේ පිළිබඳ නොදත් තතු කිහිපයක් අනාවරණය කරගැනීමට අපට හැකි විය.

“ අපි උන්වහන්සේ දැන හඳුනාගන්නේ මීට වසර 22කට විතර ඉහතදී. උන්වන්සේ හරිම සරල දිවියක් ගතකරපු ධර්මධර විනයධර භික්ෂුවක්. මුදල් අතින් ඇල්ලුවෙම නෑ. අවශ්‍ය කටයුතු සඳහා මුදල් වියදම් කළේ විහාරස්ථානයේ දායක මහත්වරු. විහාරස්ථානයේ ඉඳන් රුවන්මැලි සෑයට භාවනා කරන්න වැඩියේ පාගමනින්. පාවහන් පැලඳුවේ නෑ. දුරගමනක් වඩිනවා නම් බස් රථයෙන් හරි ත්‍රීරෝද රථයකින් හරි වඩම්මවන ආකාරය දායකයන් සැලසුම් කළා.”

“ උන්වහන්සේට දිවයිනේ විවිධ ප්‍රදේශවල වගේම විදෙස් රටවල්වලත් දායකයන් හිටියා. සැප පහසුවට අවශ්‍ය මොනවා දෙන්න හැදුවත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ බැහැදකින්න ආපු දායක නෝනා කෙනෙක් හිටියා. ඇය උන්වහන්සේට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් ගමන් බිමන් සඳහා පරිත්‍යාග කරන්න පිළිගන්නවද කියලා ඇහුවා. ඉතා නිහතමානිව උන්වහන්සේ මෝටර් රථය ප්‍රතික්ෂේප කළා. ‘ නෝනා මට ඔය කාරේකත් එක්කම සයනයිඩ් කරලකුත් දෙන්න කිවුවා. උන්වහන්සේ කිවුවා ඔය රථය ගත්තම මට ඒ ගැන හිතන්න වෙයි’ කියලා. ලෞකික අශාවන්ට නතු වෙයි කියලා උන්වහන්සේ අනුශාසනාවක් කළා. උන්වහන්සේ උන්වහන්සේගේ භාවනා කටයුතුවලට හරස් වන කිසිම දෙයක් ළංකර ගත්තේ නෑ. තණ්හාව ආශාව තිබ්බෙම නෑ. ”

“ යුද සමයේදී බුදුගුණයෙන් පිරිත් කරපු තෙල් රැගෙන උතුරට ගිහිල්ලා යුද හමුදා සෙබළුන්ට ලබා දීලා සෙත් පැතුවා. උන්වහන්සේගේ පිරිත් කරපු තෙල් කරේ පැලඳ ඉන්න යුදහමුදා නිලධාරින් තවමත් ඉන්නවා. ඔවුන්ට යුද්ධයේදී කිසිම පීඩාවක් අතුරු ආන්තරාවක් සිදු නොවුණු බව බොහෝ දෙනෙකු දන්නවා.”

“ අපි හැමෝටම කිවුවේ හාල් මැස්සෙක්වත් කන්න එපා. මස් මාංශ කන්න එපා කියලා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාථාව සහිත කාඩ් පතක් මුද්‍රණය කරලා බොහෝ පිරිසකට ලබාදීලා තියනවා. ලැබෙන සිවුරු පිරිකරාදිය රැස් කරගෙන ඒවා අලවි කරමින් මුදල් පොදි ගැහුවේ නෑ. ලැබෙන සිවුරු පිරිකරාදිය එක්රැස් කරලා මාස කිහිපයකට සැරයක් නැති බැරි දුෂ්කර පන්සල්වලට වැඩම කරලා බෙදලා දුන්නා.”

“කරදරයක් ලෙඩක් දුකක් වුණාම බොහෝ පිරිසක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා පිහිටක් ලබාගන්නවා. අපවත් වෙන්න දින පහකට ඉහතදී දරුවෙකු ඇවිල්ලා ආශිර්වාදාත්මක පිරිත් නූලක් ඉල්ලලා තිබ්බා. ඒ අවස්ථාවේ උන්වහන්සේ සිය දිවියේ අවසන් දවස් කිහිපය ගෙවන බවක් අඟවමින් මට ආපහු මේ දේවල් කරන්න බැරිවෙයි දරුවෝ. මේ අන්තිම දේ තමයි කරන්නේ කියලා පවසලා තියනවා. උන්වහන්සේට අපිට නොතේරුණු බලයක් තිබ්බා. උන්වහන්සේ ධ්‍යානයක් ලබපු පින්වත් ස්වාමින්වහන්සේ නමක්” යනුවෙන් ඔහු පැවසුවේය.

සැබවින්ම උන්වහන්සේට විශාල බලයක් තිබු බවට ඇතැම් දායකයන් පැවසු අතර උන්වහන්සේ වැඩසිටි කුටියේ අඩි දෙකක් තුනක් තරම් ඉහළට පාවෙමින් භාවනානුයෝගිව වැඩ සිටිනා අයුරු කිහිප දෙනෙකුම දෙනෙතින් දැක තිබේ. දිනක් උන්වහන්සේ හමුවට ගිය දායක මහතෙකු දෑස් අදහාගත නොහැකි සිදු වීම දැක තිබෙන අතර ඔහු මායවක පැටලි ඇති බව සිතා තවත් අයෙකු කැඳවාගෙන එම දසුන පෙන්වීමට කටයුතු කරද්දි උන්වහන්සේ තවත් ඉහළට එසවී පොළොවෙන් ඉහළ සිට භාවනා කරන අයුරු දැක තිබේ. එමෙන්ම උන්වහන්සේ අපවත් වන බව දින පහකට පමණ ඉහතදී ඉඟිකිරීමත් උන්වහන්සේ යම් ධ්‍යානයක් ලබා තිබෙන බවට කදිම නිදසුනකි.

🌺 අවසන් කටයුතු

ලෞකික සැප සම්පත් කෙරෙහි කිසිදු ආශාවක් නැතිව නිවන් මඟ අබබෝධ කරගැනීමට මහත් වෙහෙසක් දැරූ ධර්මධර විනයධර භික්ෂුවක ලෙස උන්වහන්සේ හඳුනාගෙන තිබිණි. පසුගිය (08දා) විහාරස්ථානයේදි හදිසියේ රෝගාතූරවූ උන්වහන්සේ දින පහක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය සංසාර ගමන අවසන් කරමින් අවසන් සුසුම වාතලයට මුසු කර තිබුණි. තමන්වහන්සේ අපවත් වී පැය විසිහතරක් ඇතුළත දේහය ආදාහනය කරන ලෙස හිමිපාණන් අපවත් වීමට පෙර ඉල්ලා තිබිණි.

එහෙත් හදිසියේ අපවත් වූ උන්වහන්සේට අවසන් ගමන් යන්නට ඉදි කළ චිතකය පවා යම් කිසි අසත්පුරෂ පිරිසකගේ වචනයට පුරාවිද්‍යා නිලධාරින් විසින් ගලවා ඉවත් කර දමා තිබිණි.

අපවත්වී වදාළ ඉංගිරියේ විජිත හිමියන්ගේ ආදාහන පූජ්‍ය උත්සවය පැවත්වීම සඳහා ප්‍රදේශයේ දායකයන් විසින් තෝරගෙන තිබුණේ අක්කර අට දකුණු වාසල ක්‍රිඩා පිටියය. ඊට මුලින්ම අදාළ බලධාරීන්ගෙන් අවසර ලැබී තිබුණ බව කියැවිණි. ඔවුන් 14 දා අලුයම වන විට තමන්ගේ ජීවිතයට අරුත්බර යමක් එක්කාසු කළ බුද්ධ පුත්‍රයන්ට අවසන් ගමන් යෑම සඳහා හැකි උපරිමයෙන් එම චිතකය ඉදි කළහ.

උදෑසන වන විට ඔවුන්ට පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුවෙන් ලැබුණේ අමුතු නියෝගයකි. “මෙතැන ආදාහනය කරන්න එපා. චිතකය වහාම ගලවා දමන්න ඕන...” නිලධාරීහු ගම්වැසියන්ට පැවසුහ.

“ඇයි මහත්තයෝ එහෙම කරන්නේ... ස්වාමින් වහන්සේ ඉල්ලීමක් කරලා තිබ්බා පැය 24ක් ගතවෙන්න කලින් දේහය ආදාහනය කරන්න කියලා... මුලින් අවසරදිලා දැන් ඇයි මේ වගේ වැඩක් කරන්නේ.”

“ අපිට කරන්න දෙයක් නෑ. අපිත් අසරණයි .ඉහළින් කියනවා මෙතැන ආදාහනය කරන්න දෙන්න එපා කියලා... අපිට සිද්ධ වෙනවා මේක ගලවලා දාන්න.” පුරාවිද්‍යා නිලධාරීහු කීහ. ඒ සමඟ දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් ඇති විය. අවසානයේ චිතකය ගලවා දැමීමට ගම්මැසියන්ට සිදු විය.

“ වන්දනා නඩ ඇවිල්ලා ගිනි පත්තු කරගෙන උයනවා පිහනවා... විවිධ දේවල් පිට්ටනියේ කරනවා... චිතකය හැදුවාහම එක පාරටම මේ ස්ථානය පුරාවිද්‍යා බිමක් බව නිලධාරින්ට මතක් වුණා... එතකොට ථූපාරාමය ආසන්නයේ චිතක දල්වන් පුළුවන්. ඒ ස්ථානය පුරාවිද්‍යාවට අයිති නැතුව ඇති. මේ කරපු ක්‍රියාව බුද්ධ සාසනයට කරපු නිගාවක්...” යනුවෙන් ගම්වැසියෝ පැවසුහ.

එම ආරවුල් සහගත ගැටලුව වහා කන වැකුණු අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති (වැඩබලන) එම්.ඩබ්ලිව්.බුද්ධික ප්‍රේමදාස විසින් හිමිපාණන්ගේ දේහය අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි.

“ අපි ගෞරව කරපු අපේ නායක හිමිපාණන්ගේ දේහයට අගෞරව කල සියළුලුම දෙනාට අපි උන්වහන්සේ උගන්වපු දහමට අනුව සුවපත්වේවා නිදුක්වේවා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ දෙවුබඹුන් අතර උපදිනවා නියතයි. උන්වහන්සේට නිවන් සුව පතනවා...” යනුවෙන් උන්වහන්සේ වටාසිටි දායකාරකාදීහු පැවසුහ.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

🌺 බෞද්ධ භාවනා https://www.facebook.com/bauddhabhawana/

25/07/2023
25/07/2023

සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද.? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන් ප්‍රේත, භූත ආත්ම වල ඉපැදෙනවාමය. මීට අමතරව, තන්හාව ප්‍රේත ලෝකයට ඉතා හොඳ සුදුසුකමකි.

දේපළ, අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තණ්‌හාව, ඒවාට ඇති ආශාව අතහැරීමට බැරිකම, ඔබ පිං කළද ප්‍රේත ආත්ම වලට වැටීමට අතිශයින්ම හේතුවේ. දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥාවන් දැකිය හැක්‌කේ ප්‍රභාශ්වර ආලෝක සහිතවය. ඒ අය ආලෝකමත්ය. එහෙත් ප්‍රේත ලෝකයේ සංඥා නිරතුරුවම අඳුරුය. විකෘතිය. ගුප්තය. තැතිගත් ස්‌වභාවයෙන් යුක්‌තය. කිසිදු ප්‍රේතයකුගේ ස්‌වරූපයේ සතුටු ස්‌වභායක්‌ දැකිය නොහැකිය. මහා ප්‍රශ්නාර්ථයකට මැදිවී සිටින්නා සේ වික්‍ෂිප්ත ගුප්ත ස්‌වරූපයක්‌ දර්ශනය වේ. එකිනෙකාට වෙනස්‌වූ විකෘති ස්‌වභාවයන්ගේ මුහුණු ප්‍රේතයන්ට ඇත. මුහුණේ සෑම දශමයක්‌ම විකෘතිය. සමහර මුහුණු පැතැලිය. දිගය. රවුම්ය. ඇස, කණ, නාසය, නළල, හිස ඇත්තේ විකෘති ස්‌වභාවයන්ගෙන් යුතුවය. ප්‍රේතයා යනු විකෘති නිර්මාණයකි. ප්‍රේතයාට තිබෙන්නේ ඕලාරික කයකි. සමාධිය වඩන්නාට එම ඕලාරික කය සියුම් ඝණ ස්‌වභාවයෙන් දැකිය හැකිය. ප්‍රේතයාගේ ඕලාරික කය තුළ මනුෂ්‍යයාට, දෙවියාට, බ්‍රහ්මයාට සේම ආයතන හය පිහිටා ඇත.

එහෙයින් ප්‍රේතයාටද සිත් ඇතිවේ. ප්‍රේතයා අනිත්‍යභාවයට පත්වෙන සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, ඕලාරික කයක්‌ද, ඇතිවෙමින් නැතිවෙන සිතක්‌ද ඇති සත්වයෙකි. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ දෙකොට්‌ඨාසයම සිටිති. මේ අය නිරතුරුවම අඳුර සහ ගුප්ත භාවය තුළ ජීවත්වන නිසා ඒ අයට නිතරම බය සහ ගැටීම තුළ ජීවත්වීමට සිදුවේ. එය අතීත කර්මයේ ප්‍රතිඵලයකි. බය සහ ගැටීම තුළ නිරතුරුවම ජීවත්වීම නිසා, ප්‍රේතයාගේ සිත වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වැනි අකුසල් ධර්මයෙන්ගන් පිරී පවතී. ප්‍රේත ලෝකයේ ජීවත්වන සෑම තත්පරයකදීම ඔහු රැස්‌කරන්නේ අකුසල්ය. කුසල් අකුසල් ගැන ප්‍රේතයාට හැඟීමක්‌ නොමැත. එය ඔහුගේ කර්මයයි. දිව්‍ය, මිනිස්‌ ආත්මවල ඉපිද, කරගත් කර්මයන් හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගන්නා ප්‍රේතයෝ විවිධ ස්‌වභාවයන්ගෙන් යුක්‌තය.

භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක්‌ ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස්‌ නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌ වලින් සුදු ආලෝක දෙකක්‌ නිකුත් වේ. බල්බ දෙකක්‌ සේය. අධික තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තද, අනුනට ධර්මය කියාදීම, අධ්‍යාපනය ලබාදීම වැනි හේතූන් නිසා ඇස්‌වලින් ආලෝකය නිකුත්වනවා වියහැකිය. තවත් අවස්‌ථාවක විකෘති නොවූ ශරීරයක්‌ සහිත, හිස මුඩුකරන ලද, රවුම් පැහැපත් මුහුණක්‌ සහිත, සිවුරක්‌ දරාගත් භික්‍ෂු ප්‍රේතයෙක්‌ ආරණ්‍ය බිමකදී දුටුවේය. පෙර ආත්මයේ ඔහු භික්‍ෂුවක්‌ විය හැකිය. සිවුපසයට අධික තණ්‌හාව හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගත්තද, කරන ලද පිං සහ ආමිස පූජාවන් නිසා විකෘති නොවූ ශරීරයක්‌ ලැබුවා විය හැකිය. මෙම ආරණ්‍ය භූමියේදීම සුදු ජාතික ප්‍රේතයෙක්‌ හමුවිය. ඔහු විදේශීය බටහිර ජාතික ස්‌වරූපයෙන්ම යුක්‌ත විය. ඔහුද විකෘති ස්‌වභායක්‌ නොමැති ශරීරයක්‌ ඇති ප්‍රේතයෙක්‌ වෙයි. ඔහු සමහරවිට ගිහි භාවයෙන් ආරණ්‍යයේ සිටි විදේශිකයෙක්‌ හෝ මෙම ඉඩම්වල අතීත අයිතිකාර විදේශිකයෙක්‌ වීමට පුළුවන්. එහෙත් එම සුදු ජාතික ප්‍රේතයා කරන ලද පිං හේතුවෙන් විකෘති නොවූ ප්‍රේත ආත්මයක්‌ ලැබුවද අවසාන චුති සිතේ ඇතිවූ තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තා විය හැකිය.

ප්‍රේතයන් නිතරම කපුටන් සේ කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කරන පිරිසකි. ඔවුන් දර්ශනය වීමේදී සමහරවිට සිය ගණන් සිනමා පටයක්‌ සේ දර්ශනය වේ. ප්‍රේත ලෝකයේ මහා අරුමය සත්ව ප්‍රේතයන්ද සිටීමයි. එක්‌ ආරණ්‍ය බිමක භික්‍ෂුව වැඩසිටියදී ප්‍රේත හෝ භූත ස්‌වභාවයේ මීහරකුන් තුන්දෙනෙක්‌ දුටුවේය. තුන්දෙනාගේම පැහැය ලා දුඹුරු පාටය. කිසිදු විකෘතිභාවයක්‌ නොමැතිය. සාමාන්‍ය මීහරක්‌ ස්‌වභාවයේය. එක පේලියට මේ භූත මීහරක්‌ තුන්දෙනා හිස සොලවමින් සිටියහ. මොවුනගේ කටවල් ඇලී තිබිණි. භික්‍ෂුව මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ආරණ්‍ය පිහිටුවීමට පෙර එම ආරණ්‍ය පිහිටි කැළය, මස්‌ සඳහා හොර හරක්‌ සහ මී හරක්‌ මරණ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ව තිබූ බවයි. ඒ මීට වසර 50කට පෙරදීය. අතීතයේ හොර හරක්‌ මැරූ මිනිසුන්, ඒ අය කරන ලද ප්‍රාණඝාත අකුසලය නිසා භූත මී හරක්‌ ලෙස උපත ලබා ඇතැයි අනුමාන කළ හැකිය. බලන්නකෝ කර්මය පසුපසින් එන ස්‌වභාවය. ඔබ ආසා කළ ස්‌වරූපයෙන්ම කර්මය ඔබට විපාක දෙනවා. භූත මීහරකුන්ගේ කටවල් ඇලී තිබුණේ ඔවුනට ආහාර නොලැබීමටය. එයද කර්මයේ විපාකයකි. ඔය භූත ආත්මයෙන් මිදෙන තෙක්‌ එම භූත මීහරක්‌ නිරාහාරව දුක්‌ විඳී. මේ ආකාරයෙන් භූත කුකුලන්ද, වනගත කුටි වලදී භූත මුවන්ද දර්ශනය වී ඇත. මේ සියල්ලන්ම පෙර මිනිස්‌ ආත්ම වල ඉපිද සත්ව ඝාතනය කර හරක්‌, මී හරක්‌, කුකුළන්, මුවන් මරා මස්‌ කමින් ජීවත් වූ සතුටු වූ මිනිසුන්ය. ඔවුනට ඔවුන් කළ කර්මය අනුරූපීව ප්‍රතිසන්ධිය ලැබී ඇත. ඔවුන් විසින් කැමැති කළ දෙය ඔවුනට ලැබී ඇත. තමා කෑමට ආසා කළ මස තමාගේම මස බවට පත්වී ඇත. ප්‍රේත ලෝකයේ ජීවත්වන කිසිවෙක්‌ උරණ නොවිය යුතුය. මන්ද තමන් කැමැති කළ දෙය තමන්ට දැන් ලැබී ඇත.

ප්‍රේතයන්ගේ ලෝකයට වඩා ප්‍රේතියන්ගේ ලෝකය හිරිකිතය. භික්‍ෂුවට දර්ශනය වූ එක්‌ ප්‍රේතියක්‌ කාමය වරදවා හැසිරීමේ වරදට ප්‍රේත ලෝකයට වැටුණු කුණු ප්‍රේතියක්‌ය. ඇය කාමය උදෙසා අඩ නිරුවත්ව ජීවත් වේ. ශරීරය හරිම අපුලය. මුහුණ විරූපීය. ශරීරය කුෂ්ඨ පිරී ඇත. බලන්න අප්‍රසන්නය. මිනිස්‌ ස්‌ත්‍රියකගේ ස්‌වරූපයෙන්ම අඟපසඟ දර්ශනය වෙයි. පෙර ආත්මයේ කාමයේ වරදවා හැසිරීම නිසා ඇයට ලැබී තිබුණේ, දැකීමට අප්‍රසන්න ශරීර ස්‌වභාවයක්‌ය. ඇය කාමය යදිමින්, කාමය සොය සොයා ඇවිදී. ඇයගේ අකුසල් කර්මය නිසා ඇයට කාමය නොලැබේ. ඇය කාමය යදින්නේ එනිසාය. මෙවැනි කාම ප්‍රේතියක්‌ මනුෂ්‍ය ලෝකයේ ස්‌ත්‍රියක්‌ ලෙස ජීවත්වීමේදී ලැඡ්ජාවක්‌ බියකින් තොරව වරදේ බැඳීමට ක්‍රියා කිරීමේ පාපයෙන් මෙම ප්‍රේත ආත්මය ලැබී ඇත.

මිනිස්‌ ලෝකයේ සේම ප්‍රේත ලෝකයේදීද මෙම ප්‍රේතියෝ මහා අකුසල් සිදුකරගනී. මැය මෙම භික්‍ෂුවගෙන්ද කාමය යෑද්දාය. එම සිත ඇයට ඇතිවෙද්දීම ඇය පිච්චී ගියාය. නිරයේ ගිනිදැල් මතටම ඇය වැටුණි. භික්‍ෂුව ඒ බව දැන ගත්තේ ඇය ලතෝනි දෙමින් අතුරුදන්වූ නිසාය. බලන්න හොඳ සිහි බුද්ධියෙන්. මෙම ප්‍රේතිය මිනිස්‌ ලෝකයේ ඉපදිලා ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරිලා, ප්‍රේතියක්‌ වෙලා ප්‍රේත ලෝකයේද කාමය වරදවා හැසිරිලා නිරයේ ගිනිදැල් මතට වැටී පිච්චෙනවා. මොන අභාග්‍යයක්‌ද. මෙය එම ප්‍රේතියගේ කථාව පමණක්‌ නොව ඔබගේද කථාව විය හැකිය. මේ රටේ මොනතරම් ගණිකා නිවාස තිබෙනවාද.? මොන තරම් වැරදි කාම සේවනයන් සිදුවනවාද….. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම කරන අයගේ අනාගත ප්‍රතිඵල තමාම ලියන විභාගයේ ප්‍රතිඵල තමයි.

නවීන තාක්‍ෂණික ලෝකයේ මාධ්‍ය මාරයින් අහිංසක ඔබට දිගුකරන ප්‍රේත ලෝකයේ දෑත, ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න. ඔබත් මාධ්‍ය දරුවනුත් සුවසේ සැනසෙන්න. තවත් අපූරු ප්‍රේතියක්‌ ගැන සටහනක්‌ තබමි. ඇයගේ මුහුණ විරූපී නොමැත. එය බැලූම් බෝලයක්‌ වගේ රවුම්ය. මිටි මහත ප්‍රේතියකි. ඇය පැහැපත්ය. ඇයට බැරලයක ස්‌වභාවයේ තර ශරීරයක්‌ විය. ඇය සිටියේ ඇඳුමක්‌ ඇඟලාගෙනය. දෑත් දෙපා බරවා රෝගය සෑදුනු අයකුගේ මෙන් මහතය. මේවා කර්මයේ විපාකයි. ඇය මෙම භික්‍ෂුවට දර්ශනය වන මොහොතේ සිටියේ මැද පෙරදිග රැකියාවකට ගොස්‌ එනවිට රැගෙන එන ආකාරයේ විශාල ප්‍රමාණයේ සූට්‌ කේස්‌ එකක්‌ සහ සුවඳ විලවුන් බෝතල් දෙකක්‌ අතේ තබාගෙනය. එක අතක සූට්‌කේසයද, අනෙක්‌ අතේ කුඩා සුවඳ විලවුන් බෝතල් දෙකද විය .මෙම ප්‍රේතිය සුවඳ විලවුන් බෝතල් දෙක දිගු කරමින් කාමය යදී. “ඩුබායි” සූට්‌ කේසයද ඇය අතේය. ඇය නියත වශයෙන්ම මනුෂ්‍ය ලෝකයේ ඉපිද, විදේශ රැකියාවකට මැද පෙරදිග ගොස්‌ පැමිණ දැඩි ලෙස කාමය වරදවා හැසිරීමේ අකුසල විපාකයෙන්, මිනිස්‌ ලොව ජීවත් වන විට තිබූ “මැද පෙරදිග ” සංඥාව සමඟම ප්‍රේතාත්මයක්‌ ලද කාම ප්‍රේතියකි. වර්තමාන සමාජය දෙස බැලීමේදී මේවා සිදුවිය නොහැකි දේවල් යෑයි බැහැර කරලිය නොහැක. මෙහි සටහන් තැබුවේ භික්‍ෂුවක්‌ සමාධිය තුළදී දුටු සත්‍ය සිද්ධීන්ය.

ප්‍රේතයන්ගේ ලෝකය අඳුරුය. බිය, තැතිගැන්ම නිසා කලබලකාරීය. ඔවුනුත් සොයමින් ඇවිදින්නේ කාමයයි. ඔවුන්ද යන්නේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ අතීතයේ ජීවත්වීමේදී ඔවුන්ට තිබූ සංඥා විඳීම්, රස වින්දන සඳහාය. එහෙත් ඔවුනට අකුසල් බලය නිසා ලැබෙන්නේ දුකමය. කර්මය සහ විපාකය ඉතා හොඳින් ගැලපෙන ලෙස ලෝකය නිර්මාණය වී ඇත. මනුෂ්‍ය ලොකයේදී ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරීමෙන් සතුටුවේ. එහි විපාක ලෙස කාම ප්‍රේතියක්‌ව ඉපිද, කාම පිපාසය තිබුණිද එය සංසිඳුවා ගැනීමට නොහැකිව දුකට පත්වේ. එම නිසාය ප්‍රේතිය සුවඳ විලවුන් දිගුකරමින්, ඩුබායි බෑගය පෙන්වමින් කාමය යදින්නේ කර්මය සහ විපාකය හොඳින් ගැලපෙන නිසාය. නෑනා මස්‌සිනා විවාහය වගේය. මේ හැම සිද්ධියකින්ම නැවත නැවත ඔප්පුවන්නේ ලොව්තුරා ධර්මයේ සත්‍යතාවයි. ඔබද ලොව්තුරා මඟ නිවැරැදිව හඳුනාගන්න. ඔබ සියල්ල අතහරින්න. එවිට සියල්ල ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. අතහැරීමෙන් ලැබෙන මේ සුන්දර අත්දැකීම ඔබ ඔබේත් අත්දැකීම කරගන්න. බව ගින්නෙන් නිවී යන්න....

භික්‍ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘප්තිය සඳහා නොවේ. අවබෝධය සඳහාය. මේ ඝෝර, කටුක, භයානක සංසාරය සත්වයා දුක සොයාගෙන යන ගමනේ කැඩපතකි. දයාබර පිංවත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න.. ඔබට පෙනෙන්නේ ඔබේම මුහුණ නම් ඔබ සතුටුවෙන්න. ඔබට පෙනුණේ පෙරේතයකුගේ පෙරේතියකගේ මුහුණ නම් ඔබ වහාම අප්‍රමාදීවන්න. ප්‍රමාදය දුකට හේතුවනු ඇත. භික්‍ෂුවට වරක්‌ දර්ශනය වූ කිසියම් ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ නැවත දර්ශනය වී නොමැත. සමහර විට පිං ගැනීමට හැකි ප්‍රේතයන් මෙසේ දර්ශනය වී පිං අනුමෝදන්ව ප්‍රේත ලෝකයෙන් චුතවනවාදැයි භික්‍ෂුව නොදනී.

ප්‍රේතයින්ගේ ආධ්‍යාත්මය තුළ යටපත්වී ගිය කුසල ශක්‌තියක්‌ ඇත. එම යටපත්වූ කුසල් ශක්‌තිය යම් අවස්‌ථා වලදී මතුකර ගැනීමට ප්‍රේතයාටද හැකිය. තණ්‌හාවෙන්, රැස්‌කරමින්, ගොඩගසාගනිමින්, දිවා රාත්‍රී නිදි නොලබා ඔබ වෙහෙසෙන්නේද ඉහත නුවරට නෑගම් යැම සඳහාමය. ඔබට පුළුවන් ඔබ ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරගන්න. සමාජයේ හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි පිනක්‌ කරගන්න තිබෙන අවිවේකය. විවේකය නැති නිසා සමහරු පොහොය දවසට පන්සලට යන්නේ නැහැ. ගෙදර බුදුන් වඳින්නේ නැහැ. පෝයට සිල් සමාදන් වන අම්මලා තාත්තලා ගෙදර දරුවන්ගේ ප්‍රශ්න ලෙඩරෝග ඇතිවුණොත්, මුණුබුරා අසනීප වුණොත්, බලාගන්න කෙනෙක්‌ නැති වුණොත් සිල්ගන්න එන්නේ නැහැ. රජකාරී, වගකීම්, ව්‍යාපාර නිසා හටගත් අවිවේකයෙන් තමන්ගේ ගෙදර තිබෙන පිංකමට නොයන අයත් ඉන්නවා. තණ්‌හාව බදාගැනීම හැර වෙන මොකුත් මෙහි නැහැ. පිංකමෙන් ලැබෙන පිනට වඩා සැපයක්‌ ඔවුන් සොයනවා.

මේ අය හදිසියේ මියගියහොත් ඔබ හිතනවාද විවේකයෙන් පණ යාවි කියලා. පණ යන්නේ අවිවේකයෙන්මයි. ඒ කියන්නේ ගැටෙන සිතෙන්මයි. ප්‍රතිඵලය ප්‍රතිසන්ධිය සතර අපායයි. ඔබට බැරිනම් දින කීපයක්‌ ඔබේ දේපළ, ව්‍යාපාර, අඹු සැමියන්, දුවා දරුවන්, වගකීම් අතහැර නිදහසේ දුර බැහැරක, වන්දනාවක, හුදෙකලාවේ යන්න මේවායින් මිදිලා. මේවා අතහැරලා දින කිහිපයක්‌ හුදකෙලාවේ සිටින්න. ඔබ ස්‌ථිර වශයෙන් දැනගන්න ඔබ මියයන මොහොතේත් ඔබට බැරිවෙනවා මේවා අතහැර ගන්න. මැරෙන මොහොත අති වේගවත්ම සිත් ඇතිවෙන නැතිවෙන මොහොතක්‌. ඔබව කම්පනය වන මොහොතක්‌. ඔබ සූදානම් නොවී සිටියොත් ගැටෙන සිත ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලා ගන්නේ ප්‍රේත ලෝකයමය. පිං කළා කියා වැඩක්‌ නැත. අතහැරීම පුරුදු කොට තිබිය යුතුය. මැරෙන මොහොතේ ඇතිවන තණ්‌හා සිතිවිලි අතහැරීමට අවබෝධය තිබෙන්නට ඕනෑය. භික්‍ෂුව දුටු ප්‍රේත ලෝකයේ භික්‍ෂුව එවැනි චරිතයකි. පිං කිරීම නිසා විකෘති නොවූ ප්‍රේත ශරීරයත්, තණ්‌හාව නිසා ප්‍රේත ජීවිතයත් ඔහුට ලැබී ඇත. ප්‍රේත ලෝකයට තණ්‌හාව බැසගත්තද කළ පිංකම් නිසා ලස්‌සන ශරීරයක්‌ ලැබීය.

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවට තමන් ගැන මෙසේ ප්‍රකාශයක්‌ කළේය. “ස්‌වාමීන් වහන්ස මම දැන් ව්‍යාපාර වලින් නිදහස්‌ වෙලා ගොඩක්‌ විවේකයෙන් ඉන්නේ. හැම සතියකම වන්දනාවේ යනවා. දඹදිව වන්දනා කිරීමට කිහිප වතාවක්‌ම ගියා. බුරුමය, තායිලන්තය යන රටවලටත් වන්දනාවේ ගියා. තව රටවල් හුඟකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි බෞද්ධ සිද්ධස්‌ථාන වඳින්න ස්‌වාමින් වහන්සේ මට ආශිර්වාද කරන්න. “එම රටවලට යන්න ලැබෙවා” කියලා” භික්‍ෂුවට ඔහු ප්‍රකාශ කළා. බලන්නකෝ එම මහත්මයා පිංකම් කරගැනීම සඳහා ව්‍යාපාර අතහැරලා කරන පිංකම් වල ස්‌වරූපය. ඔහු ව්‍යාපාරිකයෙක්‌ කියලා තැනින් මිදිලා ඔහු සංචාරකයෙක්‌ වෙලා. අපූරු තෝරාගැනීමක්‌. මේකට තමයි මෝහය කියන්නේ. ඔහු භික්‍ෂුවගෙන් විමසුවා මෙවැනි පිංකම් කිරීමෙන් ලැබෙන විපාක මොනවාද කියලා.

භික්‍ෂුව මෙහෙම කිව්වා “ඔබ බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තව හුඟක්‌ බෞද්ධ රටවලට සංචාරයේ යන්න. පිං කරගැනීම සඳහා. ඔබ මියයන විට මෙම බලාපොරොත්තුව සිහිවුනොත් ඔබ නියත වශයෙන්ම සංචාරක පක්‍ෂියෙක්‌ වෙනවා. මොකද ඔබ කැමති සංචාරයට නිසා. ඔබේ කැමැත්ත පරලොවදී ස්‌ථිරවම ඔබට ලැබෙනවා. ඔබ මියයන මොහොතේ ඔබ ඔය වන්දනාවේ ගොස්‌ කරගත්ත මහා පිංකමක්‌ ඔබේ මතකයට ආවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම සශ්‍රීක මිනිස්‌ හෝ දිව්‍ය ආත්මයක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔබේ සිතේ ඇතිවන හැම සිතිවිල්ලකම අනිත්‍ය වශයෙන් දැක්‌කොත් ඒ දකින්නේ ධර්මය නිසා නියත වශයෙන් ඔබ මාර්ගඵල ලාභී දෙවියන් බඹුන් අතර උපතක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔය ගිය වන්දනා ගමන්, කළ පිංකම් මතක්‌ නොවී ඔබට පෙර අතහැරදැමූ ව්‍යාපාර දේපළ, වස්‌තුව මතක්‌ වුවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම ප්‍රේත ලෝකයේ උපතක්‌ ලබනව. භික්‍ෂුව ඔහුට අනුශාසනා කළා, ඔබ දක්‍ෂවෙන්න ඔබ කැමැති දෙය තෝරාගන්න කියලා.

භික්‍ෂුව දන්නේ නැහැ ඔහු මොන දෙයට කැමැති වුණාද කියලා. හැබැයි එක දෙයක්‌ නම් දන්නවා. එදායින් පස්‌සේ ඔහු භික්‍ෂුව සමග අමනාප බව. මේක තමයි ලෝකයේ ස්‌වභාවය. හුඟක්‌ අය කැමැති බොරු කියලා හරි ඔහුව ඔසවා තබනවාට. ඔවුන් යන ගමනට ලකුණු දෙනවාට...!

තෙරුවන් සරණයි ...!!!

උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 02" ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න...

අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න - https://www.facebook.com/kaalenadharmasaakachcha/

25/07/2023

එකල මා සිටියේ ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වීය. සුරා පානයටද පුරුදු වී සිටි මට අහම්බෙන් දිනෙක දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ " සංස්කාර හැර කවර මමෙක්ද" යන පොත කියවන්නට ලැබුණි. ධර්මය ගැන දැනුමක් අවබෝධයක් නොතිබූ මට, ඒ පොත එක හුස්මට කියවා නිමකරන්නට සිත් විය.. ජීවිතය, සසර පිළිබඳ මෙතෙක් නොතිබූ යමක් හදවතට දැනෙන්නට විය. වහාම පොතේ තිබූ අංකයට කතා කොට උන් වහන්සේ ගැන විමසා දැන ගතිමි.
කෙදිනක හෝ ඉක්මනින්ම ස්වාමින් වහන්සේ මුණ ගැසීමට යා යුතු බව තරයේ සිතා ගත්තෙමි. එසේ වූවද ඒ සඳහා අවස්ථාව පැමිණියේ කලක් ගත වීය.

මහත්මයා මට දිනක් දුර්කතනයෙන් අමතා,
" පුතා අද ස්වාමින් වහන්සේගේ අන්තිම ධර්ම දේශනාව පැවැත්වෙනවා. කැමති නම් සහභාගි වෙන්න" යැයි පැවසීය. ඒ වදන් මට මහත් සතුටක් ගෙන දුනි.. මා ළඟම මිතුරෙකු සමඟ මෝටර් බයිසිකලයේ නැඟී වහාම අතුරුගිරියට පැමිණ උන් වහන්සේ වැඩ සිටි ආරාමය සොයන්නට වීමු.. උන් වහන්සේ වැඩ සිටියේ පන්සලක යැයි සිතා සිටි හෙයින් අප අවට සියළු පන්සල් වල පිරික්සූ නමුත් හමු නොවුණ තැන යළි ඒ මහත්මයාට දුරකතන ඇමතුමක් ලබා ගත්තෙමු.
" උන් වහන්සේ වැඩ සිටින්නේ පන්සලක නෙවෙයි. කුඩා කුටියක. හුදෙකලාව" ඒ විස්තරයෙන් දැන අසා ගෙන අප උන් වහන්සේ වැඩ සිටි කුඩා කුටිය සොයා ගත්තෙමු. ඒ යන විට දේශනාව ආරම්භ කොට තිබුණි.
මට උවමනා වූයේ උන් වහන්සේගෙන් ධර්මය අසා ගන්නට නොවේ.. මා එවන් සුදුසු තැනක එවකට නොසිටියෙමි. මට උවමනා වූයේ උන් වහන්සේගේ මුහුණ දැක බලා ගැනීමට පමණි. සුරා පානයද කරමින් සිටි මා හට එසේ උන් වහන්සේගෙන් ලබා ගන්නට උපදෙසක් නොතිබීය..

කුඩා ගේට්ටුව හැර අප දෙදෙනා ඇතුළු වද්දී 30 ක් පමණ සෙනඟ සිටි හෙයින්, අන් අයට බාධා නොවන ලෙස ඇතුල් වූ තැනම ගේට්ටුව ළඟ බිම වාඩි වූවෙමු. උන් වහන්සේ ධර්මය දේශනා කළේ තනිකරම මුහුණ වටාපතින් වසාගෙනය.. ධර්මය මහා ගංගාවක් සේ ගලායන්නට විය. පාලි පාඨ ආදිය කිසිඳු පොත පතකින් නොබලා සිංහල පරිදිම කියා යන්නට විය.. අප දෙදෙනා මහත් වූ පුදුමයෙන් ඉවසිල්ලක් නැතිව බලා සිටියේ උන් වහන්සේ වටාපත ඉවත් කරන තෙක්ය. මන්ද අපට අවශ්‍ය වූයේ උන් වහන්සේගේ මුහුණ දැක බලා ගැනීමටය..

ධර්ම දේශනාව හමාර කොට උන් වහන්සේ නැඟිට පැන් පානය කිරීමට කුටිය ඇතුළට ගොස්, නැවත වාඩි වූ සේක. ඒ මොහොතේ උන් වහන්සේගේ මුව කමල දැක ගත හැකි විය. මා සිතට මහත් වූ වෙනසක් දැනුණි. ඒකාන්තයෙන්ම උත්තම ස්වාමින් වහන්සේ නමක් බව හදවතට දැනුණි..

අප උන් වහන්සේට පිළිගන්වන්නට සස්ටජන් එකක් බෑගයක දමාගෙන ගෙන ගොස් තිබුණි. උන් වහන්සේ පුටුවේ වාඩි වූ සේක.
"මම මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් නෙවෙයි කරන්නට සිතා සිටියේ. හැබැයි මෙතනට නුසුදුසු අය පැමිණ සිටිනවා. ඒක නිසා කෙටියෙන් ඉවර කරන්නට සිදු වුණා."

එය ඇසෙත්ම මටත් මිතුරාටත් උන් හිටි තැන් අමතක විය.. මේ නම් නියත වශයෙන්ම කියන්නේ අපට බව අප දැන ගතිමු. මන්දයත් පන්සිල් පද පහ වත් නිසි ආකාරයෙන් ඒ කාලයේ අපට රැක ගත නොහැකි විය. මෙවැනි උසස් ස්වාමින් වහන්සේ නමක් ඇසුරු කරන අනෙක් අය ඒකාන්තයෙන්ම අවම වශයෙන් ශීලයෙන් හෝ පිරිසිදු බව තේරුම් ගැනීමට තරම් අපට හැකියාව තිබුණි. එවදන් ඇසෙත්ම පසුපසටම ගේට්ටුව අසලම වාඩී සිටි අප දෙදෙනාට එකවරම නැගිට්ටුණි. වහා එතනින් පිටත් වී බයිසිකලයට නැඟී පිටත් වන්නට වීමු.. මඳ දුරක් පැමිණ බයිසිකලය නතර කර යළිත් අප දෙදෙනා කතා කලේ "ඒක නම් අපිටමයි කිව්වේ.."ලෙසිනි. කෙසේ වුවද අප රැගෙන ආ සස්ටජන් බෝතලය උන් වහන්සේට කෙසේ හෝ පිළිගැන්විය යුතු යැයි අප සිත් බල කළ බැවින්, බියෙන් බියෙන් හෝ නැවත බයිසිකලය හරවා ගෙන කුටියට පැමිණියෙමු.

නැවත අප දෙදෙනා කුටියට ඇතුළු වී පසු පසින් හිඳ ගත්තෙමු. ජීවිතයේ කෙදිනකවත් මෙසේ හැඟීමක් දැනී නැත. අප දෙදෙනාම ආරක්ෂක අංශයේ රැකියා කරන අය වෙමු. අපට ඉදිරියෙන් සිටි අය තම තමන් ගෙනා පිරිකර උන් වහන්සේට පිළිගන්වන ලදී. උන් වහන්සේ කිසිවක්ම බාර නොගත්තේය.. ඒ පිරිකර වලට අත ගසා " ආ හරි දැන් මම මේක භාර ගත්ත.. ඔයාලට ඒ කුසලය ඒ විදියටම ලැබෙනවා. දැන් මේක මම ආයෙත් ඔයාලටම දෙනවා. කැමති දෙයක් කරන්න. තව කාට හරි පූජා කරන්න." ආදි ලෙසින් උන් වහන්සේ පැවසීය.. අපට මේ සියල්ල පුදුමය. නමුත් සිතන්නට වේලා නැත. අප සිත් චංචලය. එක් අයෙක් තමන් ගෙනා පාර්සලය ස්වාමින් වහන්සේට පූජා කරන්නට දිගු කළේය.. එය බ්‍රව්න් පේපර් බෑගයකින් වසා, එළියට කිසිවක්ම නොපෙනෙන සේ විය. එය ස්වාමින් වහන්සේට දිගු කරත්ම, ස්වාමින් වහන්සේ මෙසේ පැවසීය.
"මේ බෑග් එක ඇතුළේ තියන බ්‍රෂ් එක විතරක් දෙන්න. අනිත් ඒවා ආපහු අරන් යන්න."
එය ඇසෙත්ම අප දෙදෙනාට මහත් වු බියක් දැණුනි.. මේ සිටින්නේ නම් එසේ මෙසේ ස්වාමින් වහන්සේ නමක් නොවන බව ඉඳුරාම පසක් විය..තැතිගත් අප දෙදෙනා කුටියෙන් ඉවතට පැමිණියා නොව විසික් වූවා වැනි විය.. පැමිණ සිටි අනෙක් අයට නම් ඒවා අතිශය සාමාන්‍ය දේවල් මෙන් දිස් විය.. අප මෙතරම් බිය වූයේ එකල අපේ ශීලයද දුර්වල නිසා බව දැන් අවබෝධ වේ..

අප දෙදෙනා කිසිවක්ම කතා නොකර ,සස්ටජන් බෝතලය සහිත බෑගය එලෙසින්ම රැගෙන නැවත බයිසිකලයට නැඟී වේගයෙන්ම ආපසු ආවෙමු.. මෙවැනි අත්දැකීමක් අප ජීවිතයේ ලැබූ පළමු අවස්ථාව විය.. ධර්මය අපට එකල සමීප දෙයක් නොවීය.. ස්වාමින් වහන්සේලා ඇසුරු කළ තිබූ නමුත් මෙවැනි ස්වාමින් වහන්සේ නමක් දුටු පළමු දිනය අද විය. අප උන් වහන්සේට යමක් පිළිගන්වන්නට තරම්වත් සුදුසු නොවේ යැයි හදවතට දැනුණි.. සිත තුළ තිබුණේ දැඩි බිය පමණි. උන් වහන්සේගේ මහා සිලස්කන්ධය අභියස අප වෙව්ලා ගියා මෙන් විය.. එකම එක වචනයක්වත් කතා කරන්නට, එකම එක පාරක්වත් නමස්කාර කරන්නට තරම්වත් පිනක් නොතිබුණා නොවේද යැයි සිතා මහත් කණස්සල්ලක් සිත් තුළ විය..

කිසිවක්ම අදහා ගත නොහැකි, සිතා ගත නොහැකි මා, මට ස්වාමින් වහන්සේ ගැන තොරතුරු දුන් මහත්මයාට දුරකතන ඇමතුමක් ලබා ගෙන විස්තරයම පැවසූවෙමි..

"ඒක තමයි පුතා... දැන් පුතාලට තේරෙනවා ඇතිනේ ස්වාමින් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා" එතුමා පැවසීය.. උන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නොවිය හැකි බව " සංස්කාර හැර කවර මමෙක්ද " යන පොත ජීවිතයේ පළමු වරට කියවද්දීම යම්තමින් තේරුණි.. එබැවිනි උන් වහන්සේ දැක වැඳ ගත යුතු බවට සිත් පහළ වූයේ.. නමුත් අද වූ දෙය සිතට කම්පනයක් මෙන් විය.

අප දෙදෙනා නැවත ගියේ සුරා හලකටය.. ඇති වෙනකල්ම බීවෙමු.. ඒ ගැනම කතා කරමින්ම, ස්වාමින් වහන්සේ ගැනම කතා කරමින්ම බෝතල් හිස් කළෙමු...
එවකට අප ජීවිතයේ සිටි තැන එතනය.. අප දන්නා දේ එතනය... එපමණය..

එවන් වූ තැනක සිටි, පංච සීලය හෝ නොරැක්ක මා, සතර අපායේ දොරටු අභියස සිටි මා, අද පංච ශීලය දිවි හිමියෙන් සුරකින, උන් වහන්සේගේ සෙවණේ සිල් ගුණ දම් පුරන්නට, සසරින් මේ ජීවිතයේදීම නික්මී යන්නට වීර්යය වඩන උපාසකයෙකි.. තෙරුවන් හදවතින්ම සරණ ගිය උපාසකයෙකි.. බ්‍රහ්මචාරීව දිවි ගෙවන්නෙකි..

ධර්මයට හැකියි ඔබේ සසර වෙනස් කරන්නට...
සුපිරිසිදු මහා සංඝ රත්නයට හැකියි ඔබේ සසර වෙනස් කරන්නට...
මාගේ ගුරු දෙවිඳුන් වන දන්කන්දේ ධම්මරතන ලොකු ස්වාමින් වහන්සේගේ ශ්‍රී නාමයට කරනා ප්‍රතිපත්ති පූජාවක් ලෙසින් මේ සටහන තැබූවෙමි.

අන් අය උන් වහන්සේට අමතන්නේ, ස්වාමින් වහන්සේ, අපේ ස්වාමින් වහන්සේ ආදී ලෙසින්ය.. නමුත් මා උන් වහන්සේ අමතන්නේ "අපේ ලොකු ස්වාමින් වහන්සේ" ලෙසිනි..
එදා ඒ පළමු දැක්මෙන්ම මා සිත ඇති වූ ගෞරවය, භක්තිය, ශ්‍රද්ධාව හමුවේ... උන් වහන්සේව මගේ සිතට දැනෙන්නේ එලෙසින්ය...
උන් වහන්සේ එතරම්ම ශ්‍රේෂ්ඨය...
එබැවින් සැමදා උන් වහන්සේ මාගේ ජීවිතයේ
"ලොකු ස්වාමින් වහන්සේය..!"

අමා සුව

ස්වාමින් වහන්සේගේ දේශනා සහ ග්‍රන්ථ :
https://www.damruwana.org/

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No. 82, Upper Floor, New Public Market
Anuradhapura
50000

Opening Hours

Monday 10:30 - 19:00
Tuesday 10:30 - 19:00
Wednesday 10:30 - 19:00
Thursday 10:30 - 19:00
Friday 10:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 15:00