Alexa Beauty Academy
Proffessional Beauty Education
Avissawella ,Srilanka
Online class
🏆️👩🎓
ඔබත් කැමතිද?
💄 ඔබේම makeup එක professional ලෙස කරන්න
💄 Bridal & party makeup basics ඉගෙන ගන්න
💄 ඔබේ confidence එක වැඩි කරගන්න
💄Office එකට ලස්සනට makeup එකක් දාන්න
එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි! 💖
📅 Online Classes (Zoom) 🗓 July 5 | 12 | 19 (Sundays)
⏰ 8.00 AM – 10.00 AM
💄 Practical Session
🗓 July 26
📍 Alexa Salon & Academy
💰 Registration Fee – Rs. 1,000/=
Course Fee - Rs.3500/= only
📞 071 175 5516
📌 July 1ට පෙර register කර ඔබේ seat එක reserve කරගන්න!
✨ Limited seats available
Selfcare video part 2
Dark underarms? 😟
Scrub කරන්න පටන් ගන්න අදම! 🖤✨
එක දිඟට routine එකක් ලෙස කරගෙන යන්න.
ඉක්මනින්ම හොද ප්රතිඵල ලැබේවි 💓
#රූපලාවන්ය #ලංකාව
අත් යට සම කළුවීම -Part 01
Underarm hair shave කරන එක ලේසි විසදුමක් වගේ ඔයාට පේනව තමයි.
ඒත් ඔයා දන්නවද ඒකෙන් skin එකට damage වෙන්න පුළුවන් කියලා? 😟
දිගින් දිඟට අත් යට සමේ රෝම අයින් කරන්න shaving කරනකොට
• සමේ සුළු සුළු ඉරිතැලීම් (Skin irritation) වෙනවා
• Small cuts / razor burns 😣
• සම ඇතුළට කෙස් වැවෙන එක)
• Dark patches (underarm darkness) 🖤
මේ නිසා තමයි දිඟු කාලයක් තිස්සෙ සම කලු වෙන්නෙ!
✨ හොදම විසදුම තමයි
✔ වැක්ස් කරන එක
Shaving කරන්නම වෙන අවස්ථාවක නම්
✔ scrub කරලා shaving foam /oil / aloe gel වගේ දෙයක් ආලේප කරලා ඒ උඩ hairs අයින් කරන්න.
💬 හොද, healthy skin එකක් ඕන නම්
Shaving කරන එක අඩු කරන්න.නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න.🚫
🌼 ඔහේ හැදෙන දාස්පෙතියා මලේ ගුණ දන්නවද?
මේ ලස්සන මල සමමටත් හිසකෙස්ටත් ගුණ ගොඩක් තියෙනවා 🌿
ස්වභාවික සුන්දරත්වය ඉහලින්ම අඟයන අපි
මේ වගේ වටිනා දේවල් ඔබට කියල දෙන්න කැමතියි 💛
වීඩියෝව නරඹන්න 🌼
Page එක fallow කරලා තියාගන්න
#ස්වභාවිකගුණ 🌿✨
මිනිත්තු කිහිපයකින් දිලිසෙන ලස්සන සමක් ලබා ගන්න කැමති ඔයා වෙනුවෙන්මයි අද වීඩියෝ එක
ස්ක්රබ් එකක් මාසෙකට සැරයක් කරල මදි ඇයි ?
17/01/2026
මේක ටිකක් දිග හෑල්ලක් 🫣
ඒත් මං හිතනවා ඔයාලා මේ පුංචි කතාවට කැමති වෙයි කියලා.මේ තුලින් ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙයි කියලා.එහෙම නැතුව පම්පෝරියක් නම් නෙමෙයි මේ 🤭
2026 පළමු සිහිනය හැබෑ වුණා 🎓✨
ඉතින් මම තවදුරටත් beautician කෙනෙක් විතරක්ම නෙමෙයි…
ආයුර්වේදයේ දැනුමෙන් ප්රකෘති විශ්ලේෂණය කර,ආයුර්වේදයේ සැබෑම අරුත ඉගෙන ගෙන , ආහාර හා පෝෂණය,යෝගා, ආයුර්වේද නිශ්පාදන,Herbalism හා උසස් සම සුරැකිමේ සත්කාර ඇතුළු බොහෝ දේ ගැන දැනුම හා අත්දැකීමෙන් beauty ක්ෂේත්රයට මග පෙන්වන
Beauty Coach කෙනෙක් ලෙස නව ගමනක් ආරම්භ කළා 🌿
💚💚
සතුට කියන්නේ මොකකටද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් ඒ තමයි අද මම ළඟා කරගත්තු දේවල් නිසා මට දැනෙන හැඟීම.
ජීවිතයට උවමනාම,මම ආසම පුංචි පුංචි දේවල් කවුරුත්ම බන්දේසියක තියලා ළඟට ගෙනත් දුන්නෙ නෑ කවදාවත්ම.
පුංචිම කෙල්ල කාලෙ ඉදන් අවුරුදු 18,19 වෙනකල්ම මට වුවමනා වෙලා තිබුනේ මම නිසා කවුරු හරි සුවපත් කරලා ලස්සනට ජීවත් කරවන්න.
ඇත්තමයි ඒ කාලෙ මම ලියපු ලියමන් තාමත් මගෙ ළඟ තියනවා.ඒ ලියමන් සාක්ෂි දරයි කිසිම බරක් පතලක් නැති කාලෙත් මට ඒ වගේ උසස් අරමුණක් තිබුණයි කියලා.
ඒත් Biology ,Physics ,Chemistry තුනම සමබර කරගෙන Exam ගොඩ දාගන්න මම දක්ෂ වුනේ නෑ ඒ කාලෙ.ඉතින් වෛද්යවරියක් වෙන හීනෙ බිද වැටිලා ගියා.
එතැනින් පස්සෙ සම්පූර්ණ කාලය අවුරුදු පහක්ම ආයතන දෙකක මම රැකියා කීපයක් කලා. එළිවෙන්නත් කලින් නැගිටලා,සාරියක් පටලවගෙන, උස අඩි සපත්තු දෙක දාගෙන හරි ලස්සනට හැඩ වෙලා වැඩට ගිහින් රෑට රෑ වෙලා ගෙදර ආවට මොකද ඒ රැකියාවල කිසිම ආත්ම තෘප්තියක් තිබ්බේ නෑ. තරුණ කෙල්ලෙක්ව හිටි මට ඒකෙ තිබුණු එකම සතුට ලස්සනට ලෑස්තිවෙලා ගෙදරින් පිටත් වෙන එක විතරයි.
ඒත් සමහර දවස් තිබුණා මහ රෑ වෙනකම් මම හිතුව,හිත හිත වදවුනා මේ මං බලාපොරොත්තු වුණ ජීවිතයමද කියල.
ඒත් ඒ වැඩ කරපු එක දවසක උනත් මගෙ ජීවිතේට වටින ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා අදටත් මම වැඩ කරපු හැම තැනකටම, ඒ හැම ප්රධානියෙක්ටම, මගේ රැකියා සඟයන්ට ,මගේ සහයකයන්ට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.කොටින්ම මගෙ ජීවිතේට හොද ගුණාංග,Hardworker කෙනෙක් විදිහට වැඩ කරන්න මට ඉගැන්නුවේ ඒ වසර පහක සේවා කාලය.
වැඩ කරපු අවුරුදු පහම මම සැලසුම් කලා මම කවුද වෙන්නේ කියන එක, ඒ වෙනකොටත් මාව ලෝකෙ අඳුරගත්ත විදිහක් තිබුණා. වැටුප් වැඩිවීම් ,උසස්වීම් මේ හැම දෙයක්ම මා ඉදිරිපිට පෙනි පෙනී තියෙද්දී ඒ දේවල් වෙනුවෙන්වත් මම මගෙ උසස් සිහිනය පාවා දෙන්න මම සූදානමින් හිටියෙ නෑ.
ඒත් අද මම හරිම සතුටින් වැඩ කරනවා. දවස ගානේ Treatment කරන් යන සේවාදායකයන්ගෙන් හොඳ ප්රතිඵල අහන්න ලැබෙනවා. දවස ගාන මට ආදරය ලැබනවා.මම දන්න දේවල් මගෙ සිසුවියන්ට නිර්ලෝභීව උගන්නනවා.කොටින්ම මම ගැහැණු ළමයින්ගෙ මනස සුවපත් කරන්න වැඩ කරනවා.සම හා කොණ්ඩය සුවපත් කරලා තියනවා.
ලෝකය කොයි විදිහට මාව අඳුරගත්තත් මට මාව දකින්න ඕනි විදිහක් හා මම මාව අඳුරගත්තු විදිහක් තිබුණා.
ඉතින් මොහොතින් මොහොත මම මට දකින්න ඕන මාව බවට පරිවර්තනය කරන්න වැඩ කරා ඉතින් තමන්ට ලැබෙන ජීවිතය තුළ ජීවත් වනවට වඩා තමන්ට උවමනා ජීවිතය ළඟා කරගෙන ඒ තුළ ජීවත්වීම කොයිතරම් සුන්දර අත්දැකීමක්ද කියන එක මම දැන් දන්නවා.
ඒ නිසා මම 2017 දී beautician කෙනෙක් වෙන්න ඉගෙන ගෙන, 2019 දී මගෙම Salon එකක් ආරම්භ කර, 2026 ජනවාරි වෙනකොට Beauty coach කෙනෙක් වෙන්න මට හැකියාව ලැබුණා. අච්චර Salary එකක් ගත්තු job එක, අච්චර හොඳ job එකකින් resign වුනේ ඇයි කියලා අහපු අයට ඒකට උත්තරේ ලැබෙන්න ඇති කියල හිතෙනවා
මේ ඉලක්කය දිගුකාලීන ලඟා කර ගැනීමක්,වසර ගානක වෙහෙසවීමක ප්රතිඵලයක්. වාසනාවට විශ්වය මට නිවැරදි මාවත පෙන්නමින් සිටිනවා.
මම ඒ මාවතේ ඉවසීමෙන්,සන්සුන්ව, හෙමීට මගෙ ගමන යනවා
මේ මගේ හීනය අවසානය නෙමෙයි.
තව අපූරු ළඟා කර ගැනීම් වෙනුවෙන් අදත් මම සතුටින් වැඩ කරනවා. මේ මගේ ජීවිත කතාවේ පුංචි කොටසක් විතරයි.
ඔයාටත් කතාවක් කියන්නද? ලෝකය මොන දේ කිව්වත් ඔයා ඔයාට දැනෙන ඔයාව නිර්මාණය කරගන්න.ඒ ආත්ම තෘප්තිය මොන වගේද කියන්න අදටත් සිංහල හෝඩියේ වචන මදි.
මම ආසම writer කෙනෙක්ගේ පොතකින් දවසක මම කියවපු කතාවක්( Kelum Weligama) අදටත් මට කටපාඩමින් වගේ මතකයි.ඒක කියල මගෙ හෑල්ල නවත්තන්නම්.
"නැවක් වරායේ නතර කරල තියෙද්දී නැව ඉතාම ආරක්ෂිතයි.ඒත් නැවක් හදන්නේ වරායේ නතර කරල තියන්න නෙමෙයි .
අන්න ඒ නිසා නැවක් මුහුදේ ගමන් කරද්දී කුණාටු වලට,සුළි සුළඟට වගේම මඟ වැරදීම් වැනි අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ තුලින් නැව මුහුදු ගමන් ගැන ගොඩක් දේවල් සහ අළුත් දේවල් ඉගෙන ගන්නවා.
ඔයත් පුංචි කාලේ ඉඳලම ආරක්ෂිත සීමාවෙන් පිටතට ගිහින් වැඩ ගොඩක් කලා නම් ඒ නිසා තමයි ඔයා මේ තරම් දුර ආවේ.ඔයත් අනිත් අය වගේ පාඩුවේ හිටිය නම් ඔහොම වෙන්නේ නෑ.
නමුත් අත්දැකීම් මල්ලක් අද ඔයා අතේ තියවනම් ඔයා අති විශිෂ්ට යි "
Ayurvedic Beauty Coach
Anjula Liyanage
( Aranya Natural Cosmetics ,
Salon Alexa,
Shine up by Anju )
12/01/2026
ඊයෙ video එකෙන් මම කිව්ව මතකද අපි හරියට මුහුණ පිරිසිදු කරගත්තොත් අපිටත් නොදැනුවත්වම අපේ මුහුණේ සම clear කරගන්න පුළුවන් කියලා.
එතකොට අපි මුහුණ සෝදන විට වැරදිත් කරනවද 🤔
නැතුව...
අපි කරන පොදු වැරදි 6ක් කියන්න පුළුවන් ⚠️
මුහුණ සෝදන එක සරල දෙයක් වගේ පෙනුනත්, වැරදි විදිහට කරනවා නම් සමට ලස්සනට වඩා ගැටලු වැඩි වෙන්න පුළුවන්.
🔹 ගොඩක් අය cleanser කරන්න කලින් අත් හොදින් පිරිසිදු කරගන්නෙ නෑ.එහෙම වුනාම මුහුණේ සමට විශබීජ නිසා හානියක් වෙන්න පුළුවන්
🔹 තම සම වර්ගයට නොගැළපෙන cleanser භාවිතා කිරීම නිසාත් සමේ ගැටළු ඇති වෙන්න පුළුවන්
🔹 Makeup ඉවත් නොකර මුහුණ සේදීමත් වැරදි පුරුද්දක්
🔹 වියළි සමට සෘජුව cleanser දාගැනීමත් වැරදී.මුහුණ තෙමලා තමයි cleanser ආලේප කරන්න ඕනි.
🔹 ඉතා උණු හෝ ඉතා සීතල ජලයෙන් මුහුණ සේදීම වැරදී.
🔹 අපිරිසිදු හෝ රළු towel භාවිතා කිරීම නිසා සමේ ගැටළු ඇති වෙන්න පුළුවන්.අපිට වෙනම පිසිනයක් මේ සඳහා තබා ගන්න පුළුවන්
✨ මේ පොඩි වැරදි නිසා pimples, dull skin, irritation වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්.
නිවැරදි cleansing routine එකක් තමයි සෞඛ්යවත්, පැහැදිලි සමකට පළමු පියවර.
ඉතින් අදම මේ වැරදි ඔයා කරනව නම් නිවැරදි කරගන්න
ලස්සන skin එකක් ලබා ගන්න අදම පටන් ගන්න.🎇🎆
📌 Follow our page for more beauty tips
👇
Shine up by Anju
Welcome back 💛🙏
කාලෙකට පස්සෙ… ආයෙමත් මම ආවා 🎀
ආයෙමත්
beauty tips, skincare advice වලින්
ඔයාව ලස්සන කරන්නයි මේ සූදානම 💛
ඔයත්
මාත් එක්ක
මේ journey එකට
ආයෙමත් එකතු වෙන්න
🩵🩵
Category
Telephone
Website
Address
Puwakpitiya
Avissawella
Alerts
Be the first to know and let us send you an email when Alexa Beauty Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.