S H I N E U P by Anju
Diploma in Beautyculture & Hairdressing
🏆️👩🎓
26/10/2024
Professional Beautician ,Hairdresser කෙනෙක් වෙන්න ඔයත් ලෑස්තිද?
විවිධ රූපලාවණ්‍ය පාඨමාලා හදාරා තවමත් එක තැනමද ?
එන්න අපි නිවැරදි ව ඉගෙන ගමු
👩🎨 💇♀️💄💅💆♀️
2024 නොවැම්බර් මස 3 වැනිදා උදෑසන 8 සිට ආරම්භ වන රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සදහා දැන් සිසුන් බඳවා ගැනේ.
▪️𝗕𝗲𝗮𝘂𝘁𝘆 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲
▪️𝗛𝗮𝗶𝗿 𝗗𝗿𝗲𝘀𝘀𝗶𝗻𝗴 & 𝗖𝘂𝘁𝘁𝗶𝗻𝗴
▪️𝗕𝗿𝗶𝗱𝗮𝗹 𝗗𝗿𝗲𝘀𝘀𝗶𝗻𝗴
ඇතුළු NVQ රූපාලාවණ්‍ය අන්තර්ගතයන් ඇතුළත් රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඔබත් ක්ෂේත්‍රයේ නිපුණයෙක් වෙන්න.
🌻 පාඨමාලා කාලය - මාස 8
🌻💯 ක්ම ප්‍රායෝගික පුහුණුව
🌻සෑම සිසුවෙක් සඳහාම පූර්ණ අවධානය
🌻වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවීමේ පහසුකම
🌻 ස්ථානය - අරුණලු අධ්‍යාපන ආයතනය,පුවක්පිටිය ,අවිස්සාවේල්ල .
පාඨමාලාව අවසානයේ පිළිගත් ,වටිනා ඩිප්ලෝමා සහතිකපතක් හිමිවේ.
ඇතුලත්වීම සඳහා
☎️ Hᴏᴛʟɪɴᴇ :- 071-1755516
14/12/2021
ගැහැණු,පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් හිස් හොරි ගැටලුව නිසා පීඩා විදී.
අහුරු පිටින් හිසකෙස් ගැලවී යාමට හිස් හොරි තිබීමද හේතුවක් විය හැකියි
08/12/2021
බොහෝ දෙනෙක්ට ගැටළුවක් වී තිබෙන අත් යට අවපැහැ වීමට හේතු හා ඒ සඳහා කල හැකි සරල සත්කාරයක් බලමු.
03/12/2021
ෂැම්පු කිරීමකින් පසු හිසකෙස් වල ඇතිවන වියළි බව මඟහරවා හිසකෙස් වලට දීප්තිමත් බවක් හා තෙතමනයක් ලබා දීමට කන්ඩිශනර් වලට හැකියි.එමෙන්ම හිරු කිරණින් , බාහිර පරිසරයෙන් හිසකෙස් වලට වෙන බලපෑම අවම කර පෝෂණය ලබා දෙයි.
නමුත් වාණිජමය ලෙස නිපදවන ඇතැම් conditionar නිසා ඉහත කී ප්‍රතිලාභ නොලබාම ස්වභාවික හිසකෙස්වලට පවා හානි සිදුවිය හැකිය.
නිවසේදී ම ස්වභාවිකව, පහසුවෙන් කන්ඩිෂනර් එකක් හදන ආකාරය ගැන දැන ගැනීමට පහත පින්තුර බලන්න
👇
23/11/2021
20/11/2021
කොණ්ඩය වේගයෙන් වැවෙන,දීප්තිමත් කරන,හිසකෙස් ගැලවී යාම අඩු කරන අපූරු හෙයාර් සීරම් එකක් ගෙදරදීම සාදා ගමු.
මේ සීරම් එක නම් අනිවාර්යයෙන්ම කරල බලන්න.ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා.
ෂැම්පු මඟින් පිරිසිදු කරගත් හිස්කබලට හා හිසකෙස් වලට ආලේප කර මෘදු සම්භාහනයක් දෙන්න.
තෙත මාත්තුකර පැය දෙකක පමණ කාලයක් තබා පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
මේ සීරම් එක සාදා ගන්නා ආකාරය බලන්න පින්තූර බලන්න.
ගෙදරදීම කෝමාරිකා ජෙල් සාදාගන්නා ආකාරය බලන්න පහත ලින්ක් එක බලන්න.
https://m.facebook.com/story.php?story_fbid=334099235102008&id=104159244762676
හෙයාර් සීරම් පිළිබඳ දැනුවත් වීමට හෙයාර් සීරම් ගැන ලියවුණ ලිපිය බලන්න.
https://www.facebook.com/104159244762676/posts/426916099153654/
17/11/2021
හෙයාර් සීරම් ගැන හරියට දැනගනිමු.
✅මොනවද hair serum කියන්නෙ?
✅මොනවද hair serum එකක වාසි?
✅හරියටම hair serum එකක් භාවිතා කරන්නෙ කෙසේද?
👉විස්තර දැන ගැනීමට පින්තූර බලන්න.
ගෙදරදීම සාදා ගත හැකි hair serum ගැන ලිපියකින් ඉක්මනින් හමුවෙමු.
💛
14/11/2021
දෙතොල් පැලීමට හා දුර්වර්ණ වීමට පැක් වර්ග කිහිපයක් ගෙන එන්නට හිතුවා.
දෙතොල් පැලීමට හා දුර්වර්ණ වීමට හේතූන් විය හැක්කේ,
✅දුම්පානය
✅තද සිත හෝ උණුසුම් පාන වර්ග භාවිතා කිරීම
✅තද සීත හෝ උණුසුම් පරිසරයක දිවි ගෙවීම.
✅තත්වයෙන් බාල වර්ගයේ තොල් ආලේපන භාවිතය.
✅දෙතොල් වල සමේ මැරුණු සෛල ඉවත් නොවීම
09/11/2021
ඇස්වටා සමේ අදුරු බව ,රැලි වැටීම හා පිම්බුණ ගතිය වැනි අහිතකර තත්වයන් මගහරවා ගැනීමට ඇස් වටා සමට පැක් එකක් යොදාගන්න පුලුවන් ඒත් මෙතනදි සැලකිය යුතු ප්‍රධානම දේ ශරීරයේ සෑම ස්ථානයකදීම සමට වඩා ඇස් වටා සම සංවේදී නිසා ඇස් වටා සමට පැක් වර්ගයක් යෙදීමේදී කරුණු කිහිපයක් ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි
➡️ඇස් වටා සමට පැක් වර්ග ආලේප කිරීමේදී හා ඉවත් කිරීමේදී තද පීඩනයක් ඇස් වටා සමට නොයෙදිය යුතුයි.
➡️ විනාඩි දහයකට වඩා කාලයක් පැක් වර්ග ඇස් වටා සම මත නොදැමිය යුතුයි.එමෙන්ම සුදුසු අමුද්‍රව්‍ය පමණක් තෝරා ගන්න එම අමුද්‍රව්‍ය තත්ත්වයෙන් උසස් බවට තහවුරු කරගන්න
අද ඔබට ගෙන එන පැක් වර්ග හතෙන් ඔබට පහසු පැක් වර්ගයක් මුලින්ම සතියේ දවස් තුනක් භාවිතා කරන්න.
ඉන්පසු ගැටලුකාරී තත්ත්වය පහව යන විට ක්‍රමයෙන් සතියකට එක දවසක් ලෙස අඩු කරගන්න.
මෘදු කොට්න් රෙදි කැබැල්ලකින් පැක් වර්ගය ඉවත් කල පසු තෙත මාත්තු කර අයිජෙල් හෝ ක්‍රීම් එකක් භාවිතා කරන්න.
ඇස් වටා සම ගැන විස්තර කෙරෙන තවත් ලිපියක් පහත ලින්ක් එකෙන් ලබා ගන්න.
https://www.facebook.com/104159244762676/posts/398649348646996/
05/10/2021
ඇස් වටා සම ලස්සනට තබා ගන්නට මේ කාරණා 10 පිළිපදිමු.
01)ඇස් වටා අවපැහැයට ප්‍රධාන හේතුවක් වෙන්නෙ නින්ද වන නිසා පැය 6-8ක ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
අධික නින්දද ඇස් වටා සම අවපැහැ වීමට හේතුවක් වන නිසා අවශ්‍ය නින්ද පමණක් ලබා ගන්න.
02) ජංගම දුරකථන , පරිගනක ,රූපවාහිනී සමඟ ගත කරන කාලය හැකි තරම් සීමා කරන්න.එසේ සිදු කිරීමට නොහැකි තත්ව වලදී ඒ සඳහා සුදුසු කාච සහිත කණ්නාඩි පලදින්න.
ඇසට විවේකයක් ලබා දෙන්න.
03)අධික ලෙස පොත් කියවන,විභාගයකට සූදානම් වන කාල වලදී නොවරදවා තත්වයෙන් උසස් අයි ජෙල් එකක් උදෑසන හා රාත්‍රියට ආලේප කරන්න
04) ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.( ලීටර 2.0 හෝ 2.5 ට වැඩි)
05) අව්වට යන විට තත්වයෙන් උසස් අව් කණ්ණාඩි පලදින්න.
06) තත්වයෙන් බාල මේක් අප් ඇස් වටා සමට ගැල්වීමෙන් වලකින්න.එමෙන්ම ඇස් වටා සම මේක් අප් කිරීමේදී ස්පොන්ච් මඟින් හෝ ඒ මතට අධික පීඩනයක් දීමෙන් වලකින්න.
07)අවුරුදු 25 පසු වන විට සිට කාන්තාවන්ගෙ සම වයසට යාමට පටන් ගනී.මෙයිනුත් මුලින්ම රැළි වැටීමට ,එල්ලා වැටීමට පටන් ගන්නෙ ඇස් වටා සම යි.ඒ නිසාම දිනකට දෙවරක් "අයි ක්‍රීම්" එකක් භාවිතා කරන්න.
නිවසේදීම අයි ක්‍රීම් එකක් සාදා ගන්න පහත් ලින්ක් එක බලන්න.
https://www.facebook.com/104159244762676/posts/382137063631558/
08)ඔබට සෙම් රෝග ,පීනස හා කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ව ඇතිනම් ඒවා අඩු කර ගැනීමට උත්සාහ ගන්න.
09) දිනකට දෙවරක් උදේ,සවස වෙඳඟිල්ලෙන් විනාඩි 3-5ක් ඇස් වටා සම සම්භාහනය කරන්න.
10) වෙළඳපොලේ ඇති හෝ නිවසේදී සාදා ගන්නා ඇස් වටා සමටම යොදා ගත් හැකි පැක් වර්ගයක් සතියකට දෙවතාවක් විනාඩි 10ක් ආලේප කරන්න.
මතක තබා ගන්න.
ඔබේ ඇස් වලින් ඔබේ මුහුණට අපූරු සුන්දරත්වයක් මෙන්ම පෞරුෂයක් එක් වෙන බව.
ඉතින් ඒ සුන්දරත්වය වෙනුවෙන් මේ දේවල් 10 පිළිපදින්න.බ්‍රහස්පතින්දා ඇස් වටා සම අවපැහැ වීම නැති කරගන්න සත්කාරෙකුත් අරන් එන්නම්.
පලමු ලිපියට
https://www.facebook.com/104159244762676/posts/397507135427884/
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Puwakpitiya
Avissawella