Mathu's collection

Mathu's collection

Share

CHOOSE peace

Photos from Mathu's collection 's post 06/02/2024

සීත කාලෙ අවසන් වෙනවත් එක්කම
හිම දියවෙලා යන්න ගිහින් තැනින් තැන කොලපාට වෙන්න පටන් අරගෙන..
හැම උදේකම දීප්තිමත් හිරු එලියෙ පහස විදිනවත් එක්කම දියවෙලා යන් හිම අතරින් මතුවෙන කොලපාට තෘණ පත් වල පහස විදින්න මම හැමදාමත් ආස කලා..
ඒක පුදුම තරම් සනීපයක්..
මේ ගෙවෙන්නෙ වසන්ත කාලෙ ලස්සනම දවස්..
ජීවිතේට අලුත් බලාපොරොත්තු එකතු කරන හැමදේම අලුත් වෙන දවස්..
දීර්ඝතම කටුක කාල ගෙවිලා පාට පාට මල් පිපෙන ලස්සනම දවස් ජීවිතේට එන්නෙ හරිම හෙමින්..
ඒ ලස්සන දකින්නනම්..

අසීරු කාල සීරුවෙන් දරාගන්නම ඕන ජීවිතේ..

Mathu's collection 💙

22/01/2024

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කණාමැදිරි එලියට බය වෙන්න ඕනද?
කවදාවත් නෑ...
ගිණිපෙනෙල්ලකින් බැට කාලා කණාමැදිරි එලියකට බය වෙනවනම් ඔහු දුර්වලයෙක්...
ජීවිතේට අභියෝග එන්නෙ අපිව ශක්තිමත් කරන්න මිසක්...
දුර්වල කරන්න නෙමෙයි....
ඒත් අපි ලේසියට කියන්න පුරුදු වෙලා ඉන්නවා කියන්න..
ගිණි පෙනෙල්ලෙන් බැට කාපු මං කණාමැදිරි එලියටත් බයයි කියලා..

නෑ...

මම එහෙම කියන්නෙ නෑ

මට කියන්න පුලුවන් ගිණිපෙනෙල්ලෙන් බැට කාපු මං කණාමැදිරි එලිවලට බය වෙන්නෙ නෑ කියලා...

කවදාවත්.. කිසිම අත්දැකීමක් දුර්වල වෙන්න හේතුවක් කරගන්න එපා...

ශක්තිමත් වෙන්න
දිනන්න ජීවිතේ...
පරාද වෙන්න හැමෝටම පුලුවන්..

ඒත් දිනන්න පුලුවන්..
දරාගන්න අයටම විතරයි💙

22/01/2024

අපේ ජීවිත වල ඇත්ත කතාව දන්නේ තවත් එක මනුස්සයෙක් නෙවෙයි..

හරියටම බැලුවොත් ඒ ඇත්ත දන්නේ,
තරු පිරිච්ච අහසක්
හවසට පාට වෙන, ඉර බැහැගෙන යන අහසක්..
පුලුන් කොට්ට වගේ සුදු පාටින් වැහුනු වළාකුලු ගොන්නක්..
අපි එක්ක ඉන්න බව කියන තුනී රළ පහරක් එන වෙරළක්..
ඈත ඉදන් අපිට අත වනන මහ ගැඹුරු සාගරයක්..
මීදුමක් එක්ක ඔට්ටු වෙන ලස්සන කදු පන්තියක්..

ඔව්..
අපි නිවෙන්නේ එහෙම තැන් වල
මිනිස්සු අහසට, මුහුදට, වලාකුළුවලට, හදට, තරු වලට ආදරේ ඒකයි..

M A D H U💙

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Badulla