Rish Ayu Medi Care
Ayu care for all illnesses
25/12/2021
Merry christmas everyone!!
~~~Prevention better than cure~~~
26/09/2021
පශ්චාත් කොවිඩ් ලක්ෂණ වලින් මිදීමට
=================================
අද වන විට අසන්නට ලැබෙන තවත් වචනයක් තමයි මේ පශ්චාත් කොවිඩ් ලක්ෂණ කියන්නෙ.. සාමාන්‍යයෙන් කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝගය වැලදුන අයට මෙන්ම ලක්ෂණ කිසිවක් නොමැතිව රෝගී වූ අයටත් සුවවී දින කිහිපයකට පසුව හෝ සති කිහිපයකට පසුව පශ්චාත් කොවිඩ් ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්..
අපි බලමු මොනවද මේ පශ්චාත් කොවිඩ් ලක්ෂණ කියල (Post covid symptoms)
▶️ හුස්ම ගැනීමේ අපහසුතාව (Difficult in breathing)
▶️ සුළු වැඩක් කිරීමේ දී පවා ඇතිවන මහන්සිය (Fatigue)
▶️ කරකැවිල්ල (Dizziness)
▶️ කැස්ස (Cough)
▶️ හිසරදය (Headache)
▶️ පපුවේ වේදනාව (Chest pain)
▶️ සන්ධි හා මාංශපේශී වල වේදනාව (Joints & muscle pain)
▶️ උණ (Fever)
▶️ උදරයේ වේදනාව හා අතීසාර තත්ත්වය (Abdominal pain & diarrhea)
▶️ වමනය (Vomiting)
▶️ නින්ද නොයාම (Disturb in sleeping)
▶️ රස හා ගඳ සුවඳ දැනීමේ වෙනස්කම් (Change in taste & smell)
▶️ චර්ම රෝග (Rashes)
මෙම තත්ත්වයන් මගහරවා ගැනීමට කල හැකි දෑ අපි දැන් බලමු
🔷 ඔබට අත්‍යාවශ්‍යම දෙය විවේකයයි.. බර වැඩ කිරීමෙන් වලකින්න.. නැවත රැකියාවට යන ඔබ සෑම පැය භාගයකට වරක්ම විනාඩි 5ක් හෝ විවේක ගන්න.. අවශ්‍ය නම් කිසිවකු රහිත ස්ථානයකට ගොස් මාස්ක් ගලවා හොඳ හුස්මක් ගන්න..
🔷 අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න.. සාමාන්‍යයෙන් ඔබේ බර 10Kg කට 500ml වතුර පානය කල යුතුය..
🔷 පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම අනිවාර්යය වේ.. ඔබේ අඩු වී ඇති ප්‍රතිශක්තිය නැවත වර්ධනය සදහා එය ඉතා වැදගත් වේ.. නැවුම් එලවලු පලතුරු ආහාරයට එක්කර ගන්න.. ක්ෂණික ආහාර භාවිතය අවම කරන්න..
🔷 ලුණු කැඳ, සුප්, තැම්බුම් හොදි මගින් ආහාර අරුචිය වලක්වා ගත හැක..
🔷 ශ්වසන අභ්‍යාසවල නිරත වන්න.. ආයුර්වේදයේ යෝග වල දැක්වෙන ප්‍රාණායාම මේ සදහා ඉතා සුදුසුයි.. ඉතා පහසුම ක්‍රමයක් කෙටියෙන් දක්වන්නම්..
1. එක් නාස් පුඩුවක් වසා හොඳ හුස්මක් ගන්න (Inhale)
2. තත්පර කිහිපයක් රදවා ගන්න (Hold)
3. අනෙක් නාස් පුඩුවෙන් පිටකරන්න (Exhale)
4. නැවත එයින් ම හුස්ම ගෙන අනිකෙන් පිටකරන්න.. මෙය වාර 10ක් පමණ උදේ හවස කරන්න.. රදවා ගන්නා කාලය ටික ටික වැඩි කරන්න.. මෙය ඔබේ පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි කරනු ඇත..
🔷 කබලේ බැදගත් කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉගුරු, සුදුලූණු, මද පවනේ වියලා ගත් ආඩතෝඩ කොල තම්බා පානය කරන්න.. බඩේ දැවිල්ල පවතී නම් ඉගුරු සුදුලූණු රහිතව යෙදිය හැක..
🔷 දෙහි කොල, නික කොල, ආඩතෝඩ කොල, යකිනාරං කොල ආදියෙන් මිටක් දමා හුමාලය අල්ලන්න.. නාසයෙන් ගෙන මුඛයෙන් පිටකල යුතුය..
🔷 උණුවතුරට ලුණු හා ගම්මිරිස් ඇට කිහිපයක් තලා දමා උගුර සෝදන්න..
🔷 අතීසාර තත්ත්වයන් සදහා බැදි හාල් කැද, අසමෝදගම්, සූදුරු කබලේ බැද තම්බා පානය, ජීවනී ලබාදිය හැක..
🔷 වමනයට විලද කැද ලබාදිය හැක..
🔷 කෝලශ්ලෙස්මා තෛලය බෙල්ලෙ පපුවේ ආලේප කරන්න..
🔷 හොඳ නින්දක් ලබාගැනීම ද අනිවාර්යය වේ.. මානසික සුවතාව යහපත් ලෙස පවත්වා ගැනීමෙන් නින්ද ද යහපත් වේ.. ගීත ඇසීම, පොත් කියවීම ආදී විනෝදාංශ වල යෙදීම සුදුසුයි..
🔷 සීතල වතුර බීමට හා ඇග සේදීමට ගැනීමෙන් වලකින්න.. AC භාවිතයෙන් වලකින්න..
🔷 මත්පැන් දුම්වැටි භාවිතයෙන් වලකින්න.. එය ඔබේ ප්‍රතිශක්තිය තවදුරටත් අඩු කරයි..
🔷 කොහොඹ කොල, වෙනිවැල්ගැට, අමුකහ තැම්බූ වතුරින් සේදීම මගින් චර්ම රෝග අවම කර ගත හැක.. වතුරට දෙහි බිංදු ටිකක් යොදා සේදීම ද හිතකරයි..
🔷 උණ දිනපතා සටහන් කර තබා ගැනීම හා ඔක්සිමීටරයක් ලග ඇත්නම් එය මැන සටහන් තබා ගැනීම ද වැදගත් වේ.. උණ 99°F වැඩිනම් Fever ද 102 °F වැඩිනම් High fever ද වේ.. ඔක්සිජන් මට්ටම සාමාන්‍යයෙන් 94 වඩා වැඩි අගයක පැවතිය යුතුය..
දින 3 කට වඩා උණ ඇත්නම් හෝ උණ 102 °F ඉක්මවා පවතී නම් හෝ ඔක්සිජන් මට්ටම 94 අඩු නම් හෝ පෙරකී ලක්ෂණ වල අඩුවක් නොමැති නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්න.. කුඩා දරුවන්ට පෙරකී ලක්ෂණ පවතී නම් ලගම රෝහලක් වෙත යොමුවීම සුදුසුයි..
මේවාට අමතරව නිවැරදි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන්න.. දෑත් සේදීම, මාස්ක් පැලදීම, පරතරය පවත්වා ගැනීම ඇතුලු වෛද්‍ය උපදෙස් පිලිපදින්න..
වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ භාවිතා කරන්න.. පශ්චාත් කොවිඩ් ලක්ෂණ සදහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් ලගම ආයුර්වේද රෝහල වෙත යොමුවන්න..
කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න..
සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න..
හිතායු සුඛායු දීඝායු 🙏🙏🙏
✍️✍️
ආයුර්වේද වෛද්‍ය M W D N චන්ද්‍රසිරි
BAMS (Hons) UoC
13/09/2021
රජයේ ආයතන හමුදාව සේරම බිව්වේ අපේ ආයුර්වේද බෙහෙත් මෙන්න සාක්ෂි - Truth with Chamuditha (මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or ...
13/09/2021
12/08/2021
Science of Life " ආයූර්වේද "
12/08/2021
නිවාසගත කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගැනීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගන්න....
08/08/2021
08/08/2021
------------------------------------------------------
Copied
------------------------------------------------------
This is a very effective method to improve oxygenation in patients with COVID pneumonitis. It corrects the V/Q mismatch to some extent by maximizing the use of unaffected areas. However, obese patients will resist this position.
On the otherhand, too much angulation might impede ventilation by reducing total lung capasity due to downward push of the diaphragm with gravity. This position is naturally not favourable for normal tidal breathing. However, with the support of positive pressure ventilation this disadvantage may be corrected at least partially and the overall outcome would be favourable.
The distribution of better ventilated areas in the lung fields may also matter on the overall outcome of proning in these patients.
This position can also cause neck pain and gastric reflux. Therefore, its basically balancing everything to achieve the best possible outcome. This is like unloading the ventilators. This position prevents aspiration and improves the airway clearance.
මෙන්න විශේෂ නිවේදනයක්. 😷😷😷😷😷
covid virus ඒ රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලෙස දක්වා තිබෙනවා.
ආසාදනයෙන් පසු 03 වන දින සිට රෝග ලක්ෂණ මතු වේ. රෝග ලක්ෂණ ඇති දින ගණන් කිරීම ඉතා වැදගත් වේ. පළමු අදියර 01, 02 සහ 03 වන දින දක්වා
●ශරීර වේදනාව🥴
●අක්ෂි වේදනාව😵
●හිසරදය🤯
●වමනය🤮
●පාචනය🤢
●නාසය හෝ නාසික තදබදය වියෝජනය🤧
●ඇස් දැවීම😵
●මුත්‍රා කිරීමේදී පිළිස්සීම🥵
●උණ දැනීම🤒
●උගුරේ අමාරුව🤢
පරිස්සම් වෙන්න -
දියර වර්ග විශේෂයෙන් පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම වැදගත් වෙයි.
දෙවන අදියර 4 වන දින සිට 8 වන දින දක්වා.
●රසය හෝ සුවඳ නැති වීමයි.
●අවම උත්සාහයකින් තෙහෙට්ටුව පපුවේ වේදනාව ඉල ඇටය තද කිරීම.
තෙහෙට්ටුව සහ හුස්ම හිර කිරීම අතර වෙනස හුස්ම හිරවීම යනු පුද්ගලයා වාඩිවී සිටින විට කිසිදු උත්සාහයක් නොමැතිව හුස්ම හිර වීම ය.
තෙහෙට්ටුව යනු පුද්ගලයා සරල දෙයක් කිරීමට පෙළඹී තෙහෙට්ටුවට පත් වීමයි. covid 19 ඔක්සිජන් බන්ධනය කරයි.
එබැවින් රුධිරයේ ගුණාත්මකභාවය දුර්වල වන අතර ඔක්සිජන් අඩුවේ.
තුන්වන අවදිය - සුවකිරිම 09 වන දින සුවකිරීම ආරම්භ වන අතර එය 14 වන දින දක්වා පැවතිය හැකිය. මෙම නිර්දේශ තබා ගැනීම වඩා හොඳයි.
●අවම වශයෙන් පැය 07-08 ක් විවේක ගන්න. සියලුම ආහාර උණුසුම් විය යුතුය.
coronavirus ඒ පී එච් අගය 5.5 සිට 8.5 දක්වා පරාසයක පවතින බව මතක තබා ගන්න එබැවින් virus ඒ තුරන් කිරීමට අප කළ යුත්තේ වයිරසයේ අම්ල මට්ටමට වඩාත් ෂාරීය ආහාර අනුභව කිරීමයි.
●කෙසෙල් දෙහි 9.9 ක pH අගයක් පවතී.
●කහ ලෙමන් 8.2 pH අගයක් පවතී.
●අලිගැට පේර 15.6 ක pH අගයක් පවතී.
●සුදු ලූනු 13.2 pH අගයක් පවතී.
●අඹ 8.7pH අගයක් පවතී.
●මැන්ඩරින් 8.5 ක pH අගයක් පවතී.
●අන්නාසි 12.7 pH අගයක් පවතී.
●දොඩම් 9.2 pH අගයක් පවතී.
ඔබට covid-19 ඇති බව ඔබ දැන ගන්නේ කෙසේද?
●උගුර කැසීම
●වියළි උගුර
●වියලි කැස්ස
●ඉහළ උෂ්ණත්වය
●හුස්ම ගැනීමේ අපහසුතාව හා රසය නැති වීම.
මෙම තොරතුරු ඔබ වෙනුවෙන් පමණක් තබා නොකරන්න එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට ලබා දෙන්න. 🙏👍👍👍👍
Copied
Category
Telephone
Website
Address
Biyagama
11650
Opening Hours
| Monday | 16:00 - 21:00 |
| Tuesday | 08:00 - 10:00 |
| 16:00 - 21:00 | |
| Wednesday | 16:00 - 21:00 |
| Thursday | 08:00 - 10:00 |
| 16:00 - 21:00 | |
| Friday | 16:00 - 21:00 |
| Saturday | 08:00 - 12:00 |
| 16:00 - 21:00 | |
| Sunday | 08:00 - 12:00 |
| 16:00 - 21:00 |
Alerts
Be the first to know and let us send you an email when Rish Ayu Medi Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.