Otzi Tattoo Gallery
I ink It you think it
OTZI T A T T O O GALLERY
Inked by : Di Lan MaDuranga
Whatsapp For Reservations :
0779889524
Location : 📍Pugoda
0779889524
Facebook :
https:// Otzi Tattoo Gallery
Instagram :
https://www.instagram.com/otzi_tattoo_gallery95?igsh=eW42NzEwbGt5a2t0
Tiktok :
https://www.tiktok.com/?_t=ZS-8wvUL8es3OR&_r=1
06/09/2026
Ötziගේ සිරුරේ කොටා තිබූ පච්ච 61ක් අපට කියන පුරාණ වෛද්‍ය කතාව
අද Tattoo එකක් නැත්නම් පච්චයක් කියන්නෙ බොහෝ දෙනාට කලාවක්. කෙනෙකුගේ මතකයක්, ආදරයක්, විශ්වාසයක් හෝ තමන්ගේ අනන්‍යතාව පෙන්වන සලකුණක්. නමුත් මීට වසර 5,000කට පමණ පෙර යුරෝපයේ ඇල්ප්ස් කඳුකරයේ ජීවත් වුනු එක් මිනිසෙකුගේ සිරුරේ කොටා තිබූ පච්ච 61 ක් අපට වෙනත් කතාවක් කියනවා.
ඒ කතාවේ කතා නායකයා වෙන්නෙ ලෝකයේ වඩාත්ම අධ්‍යයනයට ලක් වූ පුරාණ මිනිසුන්ගෙන් කෙනෙක් වෙන, Timeline Tales පිටුවේ හිතවත් පාඨක ඔබටත් හොඳින්ම හුරුපුරුද, Ötzi the Iceman. 1991 සැප්තැම්බර් මාසයේදී ඇල්ප්ස් කඳුකරයේ හිම අතරින් ඔහුගේ සිරුර මතුවූ විට, මේ ශීතලෙන් මිදුනු මිනිසා වසර දහස් ගණනකට පසු පුරාණ මිනිස් සමාජය පිළිබඳ වෛද්‍ය ඉතිහාසයේම අලුත් ප්‍රශ්නයක් මතු කරනු ඇති කියලා කිසිවෙක් සිතුවේ නෑ.
ඔහු මිය ගොස් තිබුණේ අද ඉතාලියට අයත් Ötztal Alps ප්‍රදේශයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 3,210ක් පමණ උසකදීයි. හිම සහ අයිස් ඔහුගේ සිරුර සුවිශේෂී ලෙස සංරක්ෂණය කරලා තිබුනු නිසා, වසර 5,000කට වැඩි කාලයකට පෙර ජීවත් වුනු මිනිසෙකුගේ ශරීරය, ආහාරය, රෝග, උපකරණ සහ ජීවන රටාව පිළිබඳ අසාමාන්‍ය තොරතුරු අපට අද කියවන්න පුලුවන් වෙලා තියෙනවා.
Ötziගේ සිරුර පරීක්ෂා කළ විද්‍යාඥයන්ට ඉතාමත් අපූරු දෙයක් හමු වුනා. ඒ, ඔහුගේ සිරුරේ තිබුනු ටැටූ හෙවත් පච්ච 61ක්.
ඒවා නූතන ටැටූ වගේ වර්ණවත් රූප හෝ සංකීර්ණ සිතුවම් නෙවෙයි. බොහෝ ඒවා සරල සමාන්තර රේඛා සමූහ සහ කුරුසයක් හෝ “+” ආකාරයේ සලකුණුයි. ඒවා ඔහුගේ පහළ පිටුපස, කකුල්, වළලුකර, මැණික්කටුව සහ ශරීරයේ වෙනත් ස්ථානවල කණ්ඩායම් 19ක් විදියට පැතිරිලා තිබුණා.
මේකෙ තියෙන අපූරුම කරුණ වෙන්නෙ මේ පච්ච බොහෝමයක් තිබෙන්නේ ඔහුට වේදනාවක් දැනෙන්න හෝ අස්ථි හා සන්ධි ආශ්‍රිත ගැටලු තියෙන්න පුලුවන් ස්ථානවලයි. මේ නිරීක්ෂණයත් එක්ක පර්යේෂකයන්ට අලුත් ප්‍රශ්නයක් මතු වුනා. ඒ,මේවා සැරසිලි සඳහා කළ පච්චද නැත්නම් ප්‍රතිකාරයක්ද කියලා.
Ötziගේ ශරීරය පිළිබඳ පරීක්ෂණවලින් ඔහු සම්පූර්ණයෙන්ම නිරෝගී මිනිසෙකු නොවුනු බව පැහැදිලි වුනා. ඔහුගේ දත්වල ගැටලු තිබූ අතර, සන්ධි ආශ්‍රිත දුර්වලතා, බඩවැල් පරපෝෂිතයන්, පිත්තාශයේ ගල් සහ ධමනි දැඩි වීම වගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ සාක්ෂි ත් හමු වුනා.
ඒ නිසා ශරීරයක, වේදනාව ඇතිවෙන්න පුලුවන් ස්ථාන මතම පච්ච සලකුණු තිබීම විද්‍යාඥයන්ගේ අවධානයට ලක්වුනා. 2018දී පළ වූ පර්යේෂණ සමාලෝචනයක් මේ අදහස තවත් ඉදිරියට ගෙන ගියා..
ඒ අනුව, Ötziගේ පච්ච සමූහ 19 අතරින් කණ්ඩායම් නවයක් සාම්ප්‍රදායික චීන acupuncture හෙවත් කටු චිකිත්සක ස්ථාන විදියට අපි දැන් හඳුනාගන්නා ස්ථානවලට ආසන්නව හෝ ඒවා මතම පිහිටා ඇති බව නිරීක්ෂණය වුනා.
මේක ඇත්තටම විස්මයජනක සම්බන්ධතාවයක්. චීන acupuncture ක්‍රමය සහ Ötzi අතර වසර දහස් ගණනක කාල පරතරයක් තියෙනවා. ඒ නිසා “Ötzi කටු චිකිත්සාව කළා” කියලා සරලව නිගමනය කිරීම විද්‍යාත්මකව නිවැරදි වෙන්නෙ නෑ. ඒ වෙනුවට පර්යේෂකයන් ඉදිරිපත් කරන වඩාත් නිවැරදි අදහස වෙන්නේ, ඔහුගේ සමාජය වේදනාව අඩු කිරීමට ශරීරයේ නිශ්චිත ස්ථාන ඉලක්ක කරගත් කිසියම් ක්‍රමවත් ප්‍රතිකාර ක්‍රමයක් දැනගෙන සිටියා වෙන්න පුලුවන් බවයි.
Ötziගේ පච්ච තවත් හේතුවක් නිසාත් වැදගත් වෙනවා. මේ සඳහා, ඔහුගේ සමේ සිහින් කැපුම් සිදුකර ඒවාට කාබන් වර්ණකයක් ඇතුළත් කර තිබූ බව පර්යේෂණවලින් පෙන්වා දෙනවා. ඒ කියන්නෙ, මේවා හදිසියේ සම මත ඇඳපු සලකුණු නෙවෙයි. සම කපා, වර්ණක ඇතුළත් කර, වේදනාව සහ ආසාදන අවදානම මැද සිදු කළ ක්‍රියාවලියක්. ඒ නිසා මේක සිදුකරන කෙනෙකුට යම් තාක්ෂණික දැනුමකුත් අවශ්‍ය වෙනවා.
නමුත් Ötziගේ කතාවේ වඩාත් සිත්ගන්නා කොටස පච්චවලින් පමණක් අවසන් වෙන්නේ නෑ. ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් හමුවුන දේවල් පරීක්ෂා කළ විට, ඔහු සාමාන්‍ය ආහාර පමණක් නෙවෙයි, ඖෂධීය ගුණ තියෙන්න පුලුවන් ශාකත් භාවිත කරලා ඇති බවට සාක්ෂි ලැබුණා.
ඔහුගේ ආමාශයේ මස් සහ වගා කළ ශාක සමඟ ඖෂධීය ගුණ ඇති ශාකත් තිබුණා. ඒ ශාක අතර කැකිල්ල/bracken වර්ගයේ පර්ණාංගය ශාකයකුත් තිබුණා. ඔහුගේ බඩවැල් තුළ පරපෝෂිත බිත්තර තිබීම නිසා, ඒවා පරපෝෂිතයන්ට එරෙහිව යම් අරමුණකින් භාවිත කළා වෙන්න පුලුවන් බව පර්යේෂකයන් යෝජනා කරලා තියෙනවා.
ඊටත් වඩා සිත්ගන්නා සාක්ෂියක් වන්නේ birch polypore නම් දිලීරයයි. මේක Ötzi ගේ ශරීරයේ සම් වලින් සාදන ලද පටියකට බැඳ තිබී හමුවුනා. ඒ දිලීරයට් ප්‍රති-ප්‍රදාහක සහ ක්ෂුද්‍රජීවී විරෝධී ගුණ තියෙන්න පුලුවන් බව සැලකෙනවා. ඒ නිසා ඔහු එය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය බවට අදහසකුත් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඒ අනුව, අයිස් තුළින් අපට හමුවන්නේ දඩයම්කරුවෙකුගේ හෝ සංචාරකයෙකුගේ උපකරණ පමණක් නෙවෙයි. ඔහු සමඟ තිබූ දේවල් දිහා බලන කොට, අවශ්‍ය වුනාම තමන්ගේම සෞඛ්‍යය රැකගැනීමට චිකිත්සාවන් සිදු කරගත්, ශාක සහ ඖෂධීය ද්‍රව්‍ය භාවිත කළ මිනිසෙකුගේ රූපයකුත් එයින් මතුවෙනවා.
පච්ච වල පිහිටීම, ඖෂධීය ශාක, ඔහු සතුව තිබූ මෙවලම් සහ ඔහුගේ ශරීරයේ සුව වූ තුවාල වගේ සාක්ෂි එකට ගත්තම, Copper Age හෙවත් තඹ යුගයේ සමාජය සම්පූර්ණයෙන්ම “වෛද්‍ය විද්‍යාව නොදැන සිටි” මිනිසුන්ගෙන් සමන්විත වූ සමාජයක් නොවෙන බව පැහැදිලියි. ඒ අනුව, වසර 5,000කට පෙර සමාජයේ ජීවත් වුනු ඔවුන්ට රෝග සහ වේදනාව සමඟ කටයුතු කිරීම සඳහා විවිධ ප්‍රායෝගික දැනුම් පද්ධති තිබෙන්නට ඇති බවට ඔට්සි ඉතාම හොඳ සාක්ෂියක්.
ඔවුන්ට ශරීරය පිළිබඳ නිරීක්ෂණ තියෙන්න ඇති. වේදනාව ඇතිවෙන ස්ථාන හඳුනාගෙන තියෙන්න ඇති. ඖෂධීය ශාක පිළිබඳ අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන්න ඇති. ඒ දැනුම විශේෂ පුද්ගලයන් විසින් පවත්වාගෙන ගියා වෙන්නත් පුළුවන්. ඒ අනුව පර්යේෂකයන්ගේ වඩාත් සිත්ගන්නා යෝජනාව වෙන්නෙත් ඔවුන්ගේ මේ සෞඛ්‍ය රැකවරණය අහඹු උත්සාහයක් නෙවෙයි, යම් ප්‍රමාණයකින් ක්‍රමවත් දැනුමක් වෙන්න පුලුවන් බවයි.
කොහොම නමුත් Ötziගේ පච්චවල සැබෑ අරමුණ තවමත් නිශ්චිතවම දන්නෙ නෑ. ඒවා වේදනාව සඳහා කළ ප්‍රතිකාර සලකුණු වෙන්න පුලුවන්. ඒවා සමාජ හෝ ආගමික අර්ථයක් ඇති සලකුණු වෙන්නත් පුළුවන්. නැත්නම් මේ වෙනත් දෙයක් වෙන්නත් පුලුවන්.
Ötziගේ කාලයට අදාළව යුරෝපයේ පච්ච භාවිතය පිළිබඳ වෙනත් සෘජු පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉතා සීමිතයි. ඒ නිසා ඔහුගේ පච්ච ක්‍රමය එදා යුරෝපය පුරා පැතිරුණු වෛද්‍ය ක්‍රමයක් බව කියන්න තරම් සාක්ෂි නෑ. ඒ නිසා Ötzi අපට ඉතිරි කරන්නේ පිළිතුරකට වඩා ප්‍රශ්නයක්.
Ötziගේ ජීවිතයේ අවසානයද ඔහුගේ සිරුරේ පච්ච තරම්ම අභිරහසක්. ඔහුගේ වම් උරහිසට ඊතලයක් වැදී තිබුනු අතර, ඒ තුවාලය ඔහුගේ මරණයට ප්‍රධාන හේතුවක් වුන බව සැලකෙනවා. නමුත් මුලිනුත් කිව්වා වගේ ඔහුගේ ශරීරයේ තවත් තුවාල සහ සෞඛ්‍ය ගැටලුත් තිබුනා.
ඒත් ඔහුගේ මරණය ඔහුගේ අවසානය නෙවෙයි. ඇල්ප්ස් කඳුකරයේ අයිස් ඔහුගේ සිරුර වසර දහස් ගණනක් සඟවා තැබුවා. අද ඔහුගේ සමේ ඇති කළු රේඛා, ඔහුගේ ආමාශයේ ඉතිරි වූ ශාක කොටස්, ඔහුගේ අස්ථි, දත්, ආයුධ සහ ඇඳුම්, මේ සියල්ල එකට එකතු වෙලා අතීතයේ මිනිසෙකුගේ ජීවිතය නැවත ගොඩනඟන අපූරු සාක්ෂි බවට පත්වෙලා තියෙනවා.
ඒ නිසා Ötzi කියන්නෙ හිම තුළින් හමුවුන ශීත මමියක් පමණක් නෙවෙයි. ඔහු අතීතයේ මිනිසුන් දැන සිටි දේවල් ගැන තවමත් අපට කතා කරන කාල කැප්සියුලයක්. ඔහුගේ සිරුරේ ඇති සරල කළු රේඛා 61, අද අපට පෙනෙන්නේ පච්ච විදියට වුනත් ඒවායේ සැබෑ අර්ථය වෙනස් වෙන්න පුලුවන්. සමහරවිට ඒවා ඔහුගේ වේදනාවේ සිතියම වෙන්න ඇති. සමහරවිට ඒවා පුරාණ වෛද්‍යවරයෙකුගේ දැනුමේ සලකුණු වෙන්න ඇති. එහෙමත් නැත්නම් තවමත් අපට කියවාගන්න බැරි වුන පුරාණ භාෂාවක අකුරු වෙන්නත් ඇති
වසර 5,000ක් පුරා අයිස් යට නිහඬව සිටි Ötzi, අදත් අපෙන් අහන්නෙ එකම ප්‍රශ්නය යි..
“ඔබ සිතන්නේ මිනිසාගේ සෞඛ්‍යය පිළිබඳ දැනුම තිබුනේ නූතන මිනිසාට විතරක්ද?”
✍️ Timeline Tales ©
02/09/2026
OTZI T A T T O O GALLERY
Inked by : Di Lan MaDuranga
Whatsapp For Reservations :
0779889524
Location : 📍Pugoda
0779889524
Facebook :
https:// Otzi Tattoo Gallery
Instagram :
https://www.instagram.com/otzi_tattoo_gallery95?igsh=eW42NzEwbGt5a2t0
Tiktok :
https://www.tiktok.com/?_t=ZS-8wvUL8es3OR&_r=1
Category
Website
Address
JK Tattoo Studio & Academy (Pvt) Ltd. : No. 476/8, New Kandy Road, Kaduwela
Biyagama
11650