Chooty
📚_LEARN_CARE_SHARE_✅
🍂🦋එන්න චූටි මිසීගේ ලෝකයට__🌻💊💉 🌎
21/08/2026
අද අපි බලමු කකුල්වල නහර ගැට ගැසී, ඉදිමී, නිල්/දම් පැහැයෙන් පෙනීම එහෙමත් නැත්තං, Varicose veins ගැන.👇
කකුල්වල නහර ඇතුළ තියෙන කුඩා valves (කපාට) රුධිරය හෘදය දෙසට පමණක් ගමන් කිරීමට උපකාර කරනවා. මේ කපාට දුර්වල වීම හෝ නිසි ලෙස වැසී නොයාම නිසා රුධිරය පහළට ආපසු ගලා යාමක් (venous reflux) සිදුවෙන්න පුලුවන්. එතකොට කකුලේ නහර ඇතුළ රුධිරය එකතුවෙලා පීඩනය (venous pressure) වැඩිවෙනවා. එවිට නහර දිගහැරීම හා වංගු වීමක් වෙලා, ගැට ගැසුණු නහර විදිහට පේන්න ගන්නවා.
සාමාන්‍යයෙන්,
🔹 පවුලේ අයට Varicose veins තිබීම.
🔹 වයස වැඩිවීම.
🔹 අධික බර/තරබාරුව.
🔹 දිගු වේලාවක් සිටගෙන සිටීම.
🔹 දිගු වේලාවක් එකම ස්ථානයේ වාඩි වී සිටීම.
🔹 ගර්භණීභාවය හා හෝමෝන වෙනස්කම්.
🔹 ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම.
වැනි හේතු මේ තත්ත්වය ඇතිවෙන්න බලපානවා.
එතකොට කොහොමද අපි මේ තත්ත්වය හඳුනාගන්නේ?🤔
ඒකට නහර ගැට ගැසී ඇති බව පෙනීම පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
වෛද්‍ය පරීක්ෂාව සමඟ Duplex ultrasound scan කියන පරීක්ෂණය මඟින් නහර තුළ රුධිරය ආපසු ගලා යනවාද (reflux), බලපෑමට ලක්වූ නහර මොනවාද කියල හොයා ගන්න පුලුවන්.
අනික් වැදගත් කාරණය තමයි අපි ශල්‍යකර්මයකට යන්නේ කුමන අවස්ථාවේද කියන දේ.
ඇත්තටම නහර ගැට ගැසුණු පමණින් හැමෝටම ශල්‍යකර්මයක් අවශ්‍යවෙන්නෙ නෑ.
කකුලේ වේදනාව, බර ගතිය, ඉදිමීම වැනි සැලකිය යුතු රෝග ලක්ෂණ තියෙනවා නම් හරි, සමේ වෙනස්කම්/වණ (venous ulcer) වැනි සංකූලතා තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත්.
එහිදී බොහෝවිට Duplex ultrasound පරීක්ෂාවක් කරලා, ප්‍රතිකාර අවශ්‍ය නම් සාමාන්‍යයෙන්,
1️⃣ Endothermal ablation – Laser හෝ Radiofrequency
2️⃣ එය සුදුසු නොවේ නම් Ultrasound-guided foam sclerotherapy
3️⃣ මේවා සුදුසු නොවේ නම් Surgery (ligation & stripping වැනි)
කොහොම වුණත් රෝග ලක්ෂණ, reflux ඇති ස්ථානය, ultrasound findings සහ පුද්ගලයාගේ තත්ත්වය අනුව තමයි වෛද්‍යවරයා ප්‍රතිකාර හා ශල්‍යකර්ම කරනවද යන්න තීරණය කරන්නේ.
ඒ වගේම මේ තත්ත්වය අඩු කරගන්න කරන්න පුලුවන් දේවල් ටිකකුත් මං කියන්නම්.
🧘 ශාරීරික ක්‍රියාකාරකම් කරන්න.
⚖️ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගන්න.
🪑 දිගු වේලාවක් එකම ඉරියව්වෙන් වාඩි වී හෝ සිටගෙන නොසිටින්න.
🦵 විවේක ගන්නා විට කකුල් ඉහළට ඔසවා (elevate) තබන්න.
👩 අවශ්‍ය නම් Compression stockings වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.
⚠️ හදිසියේ එක් කකුලක් ඉදිමීම, දැඩි වේදනාව, සම රතු/උණුසුම් වීම, හෝ හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම වැනි තත්ත්ව සාමාන්‍ය Varicose veins ලෙස හිතලා නොසලකා හරින්න එපා. ඒ වගේ වෙලාවට වහාම වෛද්‍ය උපදෙස් කරා යන්න.✅
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
#නහරගැටගැසීම
09/08/2026
හැමෝම අහල තියෙන ඉන්සියුලින් ගැන අද අපි පොඩ්ඩක් දැන ගනිමු.👇
ඉන්සියුලින් කියන්නේ අපේ ශරීරයේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වන හෝමෝනයක්. අපි ආහාර ගත් විට රුධිරයේ ග්ලූකෝස් වැඩි වෙනවා. එවිට ඉන්සියුලින් ක්‍රියා කරලා ග්ලූකෝස් ශරීරයේ සෛල තුළට ඇතුළුවෙලා ශක්තිය ලෙස භාවිතා කිරීමට උපකාර කරනවා.
ඉන්සියුලින් ප්‍රමාණවත් නොවීම හෝ ශරීරය ඉන්සියුලින්වලට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම නිසා රුධිර සීනි මට්ටම ඉහළ යන්න පුලුවන්. ඒම ඉහළ ගිහිං සමහර අයට දියවැඩියාව වගේ තත්ත්වයනුත් ඇතිවෙනවා. ඒ නිසා දියවැඩියාව ඇති අය සඳහා වෛද්‍ය උපදෙස් අනුව ඉන්සියුලින් භාවිතය ඉතා වැදගත්. හැබැයි ඉන්සියුලින් මාත්‍රාව හිතුමනාවට වෙනස් කිරීම හෝ නතර කිරීම කරන්න එපා.✅
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
08/08/2026
"මිසී, අර බඩට විදින බේත අදත් විදිනවද?"
රෝහල් ගතවෙලා ඉද්දි ඔයත් කවදහරි මෙහෙම අහල තියෙනවද? නැත්තං වෙන ලෙඩෙක් අහනවා ඇහිලා තියෙනවද? මොකද්ද මේ බඩට විදින බෙහෙත. එහෙනම් අපි අද ඒ ගැන බලමු.👇
Enoxaparin කියන්නෙ රුධිර කැටි වීම වැළැක්වීමේ ඖෂධයක්. (Anticoagulant) ඒකෙන් කරන්නේ, නව රුධිර කැටි සෑදීම වැලැක්වීම සහ පවතින කැටි තවදුරටත් විශාල වීම වළක්වන එක. මේ බෙහෙතෙන් දැනටමත් හැදිල තියෙන රුධිර කැටි "දියකර" ඉවත් කරන්න බැහැ. ඒකෙන් කරන්නෙ ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට එම කැටිය ක්‍රමයෙන් බිඳ දැමීමට කාලය දීලා, ඒ අතරතුර නව කැටි සෑදීම වළක්වන එක.
මේ Enoxaparin ලබා දෙන්නේ මොන වගේ අය සඳහාද?
✔️ විශාල ශල්‍යකර්මයකින් පසු රුධිර කැටි ඇතිවීම වැළැක්වීමට.
✔️ දිගු කාලයක් ඇඳේ සිටින හෝ ඇවිදීමට නොහැකි රෝගීන්ට.
✔️ කකුල්වල රුධිර කැටි (Deep Vein Thrombosis - DVT) ඇති විට.
✔️ පෙනහලුවලට රුධිර කැටියක් යාම (Pulmonary Embolism) වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීමට.
✔️ සමහර හෘද රෝග තත්ත්වයන් (Acute Coronary Syndrome) සඳහා වෛද්‍ය ප්‍රතිකාරයේ කොටසක් ලෙස.
මේ Injection එක ලබා දෙන්නේ කොහොමද?
Enoxaparin ලබාදෙන්නේ සමට යටින් (Subcutaneous Injection) ය. සාමාන්‍යයෙන් නාභිය වටා උදරයේ දෙපස මේද තට්ටුවට තමයි විදින්නේ.
Injection එක විද්දට පස්සෙ එම ස්ථානය කසන්න, අතුල්ලන්න හොඳ නැහැ. එතකොට ඒ අවට තියෙන කුඩා රුධිර නාලිකාවලින් ලේ පිටවී නිල් පාට ලප (Bruising) ඇතිවීමේ අවදානමක් තියෙනවා.
Enoxaparin භාවිතයේදී සැලකිලිමත් විය යුතු දේ?
🔹 ලේ ගැලීම පහසුවෙන් සිදුවිය හැකි බැවින් දත් මදිද්දී හෝ රැවුල කපද්දී ප්‍රවේසම්වන්න ඕන.
🔹 නාසයෙන් ලේ යාම, මූත්‍රා හෝ මළපහ සමඟ ලේ යාම, අසාමාන්‍ය විශාල නිල් ලප හෝ නතර නොවන ලේ ගැලීමක් තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ඕන.
🔹 වෛද්‍ය උපදෙස් නොමැතිව Aspirin, Ibuprofen, Diclofenac වැනි NSAIDs භාවිතා කිරීමෙන් ලේ ගැලීමේ අවදානම වැඩිවෙන්න පුලුවන්.
🔹 වකුගඩු රෝග ඇති අය, අඩු Platelet ප්‍රමාණයක් ඇති අය සහ ගර්භණී කාන්තාවන් මෙම ඖෂධය භාවිතා කළ යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේ විතරමයි.
Enoxaparin කියන්නේ ජීවිතයක් බේරාගත හැකි වැදගත් ඖෂධයක්. එය භාවිතා කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය සහ හෙද නිලධාරීන්ගේ නිසි ක්‍රියාපටිපාටිය අනුව විතරයි. ස්වයංව ආරම්භ කිරීම, මාත්‍රාව වෙනස් කිරීම හෝ නතර කිරීම අනතුරුදායකයි. එබැවින් නිවැරදි වෛද්‍ය අවවාද අනුව විතරක් මේ ඖෂධය ලබාගන්න ඕන.✅
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
27/07/2026
ඇඟිල්ල විඳලා බලන සීනි පරීක්ෂණය එහෙමත් නැත්තං CBS (Capillary Blood Sugar) පරීක්ෂණය ගැන අපි අද හරියට දැන ගනිමු.👇
සරලව කියනවනම් මේකෙදි කරන්නේ ඇඟිල්ලේ කුඩා රුධිර බිංදුවක් භාවිතා කරලා ග්ලූකෝමීටරයක් (Glucometer) මඟින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉක්මනින් මැන බැලීමක්.
CBS පරීක්ෂණය කරන්නේ ඇයි?
• දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ දෛනික සීනි මට්ටම නිරීක්ෂණය කිරීමට.
• ඉන්සියුලින් හෝ දියවැඩියා ඖෂධවල බලපෑම ඇගයීමට.
• සීනි අඩුවීම (Hypoglycemia) හෝ වැඩිවීම (Hyperglycemia) වැනි හදිසි තත්ත්ව හඳුනා ගැනීමට.
CBS ප්‍රතිඵලය Lab එකෙන් කරන සීනි පරීක්ෂණයට සමානද?
කොහෙත්ම නැහැ. CBS පරීක්ෂණය ඉක්මන් ප්‍රතිපලයක් ලබා ගැනීමට ප්‍රයෝජනවත් වුනාට, එය රෝග විනිශ්චය සඳහා යොදා ගන්නේ නැහැ. රෝග විනිශ්චය සහ තහවුරු කිරීම සඳහා සාමාන්‍යයෙන් රසායනාගාරයේ කරන Venous Plasma Glucose හෝ HbA1c වැනි පරීක්ෂණ තමයි භාවිතා කරන්නේ.
CBS ප්‍රතිඵලය නිවැරදි නොවීමට බලපාන කරුණු මොනවද?
• අත් හොඳින් සෝදා නොතිබීම (සීනි සහිත ද්‍රව්‍ය ඇඟිල්ලේ තිබීම).
• පරීක්ෂණ තීරු (Test strips) නිසි ලෙස ගබඩා නොකිරීම.
• ග්ලූකෝමීටරයේ නිරවද්‍යතාව.
• ආහාර ගත් වේලාව හා පරීක්ෂණය කළ වේලාව.
• අධික හෝ අඩු ශරීර ජල මට්ටම (Hydration).
ඇඟිල්ල විදලා කරන CBS පරීක්ෂණය දෛනික සීනි පාලනය නිරීක්ෂණය කිරීමට ඉතා වැදගත් සහ පහසු ක්‍රමයක්. නමුත් දියවැඩියාව තහවුරු කිරීම හෝ ප්‍රතිකාර වෙනස් කිරීම සඳහා එය සුදුසු නොවන අතර, වෛද්‍ය උපදෙස් සහ අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍යමයි.✅
"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️
අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗
✍️මිලූකා මාන්නප්පෙරුම
#චූටි_page
25/07/2026
වේවා ශාන්ති...නොවේවා කේන්ති..ඒස්වාහ් පුහ්..😁
24/07/2026
බෙදලම ඉවරයි..😪😪
19/07/2026
දැංනම් හොඳ මූඩ්..😇😇😇
19/07/2026
තව තියෙනවා නම් කියාගෙන යං..😑😵
Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉 Lahiru Kapuge, Nadu Palliyage, Niro Shamalee, සඳු සඳුනි, Malki Liyanage, Sansala Geeganage
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo