Monaragala News
නිවැරදි තොරතුරු වාර්තා කරනය
06/09/2023
06/09/2023
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට අයත් ආයතනවල සංචාරක ආදායම මෙම වසරේ මුල් මාස 06 තුළ රුපියල් මිලියන 2148ක්
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට අයත් වන ජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යන දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම 2023 වසරේ මුල් මාස 06 තුළ පමණක් රුපියල් මිලියන 2148.6ක් ලෙස වාර්තාවේ.
එම දෙපාර්තමේන්තු තුනෙහි වාර්තාවලින් මේ බව තහවුරු වේ.
දෙස් විදෙස් සංචාරක පැමිණිමෙන් මෙම ආදායම උපයා ඇත.
ඉකුත් 2022 වසරේ සමස්ත ආදායම රුපියල් මිලියන 2501.64ක් වන අතර මේ වසරේ සමස්ත ආදායම පසුගිය වසරව වඩා අගයක් ගතහැකි බව එම දෙපාර්තමේන්තු ප්‍රධානීහු පෙන්වා දෙති.
ඒ අනුව මෙම වසරේ ජූනි දක්වා වනජීවී දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 1612ක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම පිළිවෙලින් රුපියල් මිලියන 99.9ක් සහ රුපියල් මිලියන 436.7ක් වේ.
ඉකුත් වසර පුරාම වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම් පිළිවෙලින් රුපියල් මිලියන 1864ක්, රුපියල් මිලියන 102.55ක් සහ රුපියල් මිලියන 535.09 ක් විය.
වනජීවී දෙපාර්තමේන්තු ඉදිර වර්ෂය තුළ සිය ආදායම වැඩිකරගැනීමට බුන්දල,නකල්ස් හා සිංහරාජ ජෛවගෝල රක්ෂිත මෙන්ම උඩවලව ජාතික උද්‍යානය තුළ සොබාදහම පදනම් කරගත් සංචාරක සැලසුම් සකස් තර ඇත.
එමෙන්ම නව පුහුණු මධ්‍යස්ථාන යොදාගනිමින් විදේශ රටවල් සමඟ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් පැවැත්වීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සිය ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් පාරිසරික උද්‍යාන(eco park) ඇති කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඒ අනුව දැනට පාරිසරික උද්‍යාන ලෙස නම් කර ඇති ගලවිල,ගල්ඔය සහ හුරුළු පාරිසරික උද්‍යානවලට අමතරව තවමත් පාරිසරික උද්‍යාන ලෙස නම්කර නැති සිංහරාජ වනාන්තරය, කන්එළිය රක්ෂිතය, උඩවත්ත කැළේ රක්ෂිතය, ඇල්ල රක්ෂිතය යන රක්ෂිතවලටද ගොස් පරිසර සුන්දරත්වය විදීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවකාශ සළසා ඇත.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවද දැනට සත්වෝද්‍යාන සතුව සිටින සතුන්ට අමතරව නව සතුන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර නරඹන්නන්ට විනෝදාස්වාදය පිණිස නව අංග හඳුන්වාදීමටද ක්‍රියාකර ඇත.
එමෙන්ම පින්නවල අලි අනාථාගාරය තුළ සිටින අලි පැටවුන්ට සහ සත්වෝද්‍යන සතු අනෙකුත් ස්ථානවල සිටින සතුන් සඳහා සත්ත්ව සවිය මාපිය කැපකරු ක්‍රමය හඳුන්වා දී ඇත.
#ලංකා Tv
05/09/2023
බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව ඔහු කියනවා.
“2030 වසර වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන කේෂ්ත්‍රය පොසිල ඉන්ධන භාවිතයෙන් තොර වන බවට වූ ලෝක සම්මුතිය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.
බස්නාහිර පළාතේ ධාවනය වෙනුවෙන් විද්‍යුත් බස් රථ 200ක් ගෙන්වීමට ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙන ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දිනවල ආයතනවලින් අභිලාෂයන් කැඳවා තිබෙනවා. දේශීය හා විදේශීය වශයෙන් හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එසේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන හෙවත් Charging Point ස්ථාපිත කිරීම සඳහාත් එම ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තියෙනවා.
බස් රථ ධාවනයෙන් ලැබෙන ආදායමෙන් ආයෝජකයාගේ ආයෝජන ප්රාග්ධනයට සාධාරණයක් ඉටු කරනවා. නිශ්චිත කාලයක් තුළ ආයෝජකයාගේ ආයෝජිත මුදල ගෙවීමෙන් පසුව බස් රථවල අයිතිය රජයට හිමි වෙනවා. මේ සඳහා ආයෝජනය කිරීමට ලෝකයේ ඕනෑම රටකට ද අවස්ථාව තිබෙනවා.
2030 වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, විදුලියෙන් ධාවනය කරන තත්ත්වයට පත් කළ යුතුයි කියා ලෝක සම්මුතියක් තිබෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට කාබන් වෙළෙඳාමට සම්බන්ධ අය මේ සඳහා ආයෝජනය කරනවා. විද්‍යුත් බස් රථ මගින් පරිසරයට විශාල අගයක් ලැබෙනවා. එම අගයට ලෝකයේ විවිධ සංවිධාන ඉහළ මිලක් ගෙවනවා” යි අමාත්‍යවරයා සඳහන් කරනවා.
#ලංකා Tv .com
01/09/2023
CEYPETCO ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
සිට
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්
දැක්වෙනවා.
පෙට්‍රල් 92 - රු.13 කින් (නව මිල රු.361)
* පෙට්‍රල් 95 - රු.42 කින් (නව මිල රු.417)
* ඔටෝ ඩීසල්
රු.35 කින් (නව මිල රු.341)
* සුපර් ඩීසල් - රු.1 කින් (නව මිල රු.359)
*
භූමිතෙල් - රු.5 කින් (නව මිල රු.231)
28/08/2023
පොළොන්නරුව අලි මිනිස් ගැටුම් විසඳීමට කඩිනම් පියවර
වන අලි ගම්වැදීම වැළැක්වීමට අලිවැට තවමත් ඉදි නොකළ තැන් සොයාබලා එම ස්ථානවල හැකි ඉක්මනින් අලිවැට ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දෙයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික් මහජන නියෝජිතයන්, ප්‍රාදේශිය නියෝජිතයන් ඇතුලු එම ප්‍රදේශයේ ප්‍රජාව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේදී 2023/08/23 දින හමුවූ මොහොතේදීය.
එහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේ අලිවැට නඩත්තුව ඇතුලු කටයුතු සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට නියමිත බහුකාර්යය සංවර්ධන සේවකයන් හැකි ඉක්මනින් අනුයුක්ත කරගන්නා බවත් ඉන් අනතුරුව විදුලිවැට නඩත්තුව ඇතුලු කටයුතු නිසි පරිදි සිදු කිරීමට හැකි වන බවත්ය.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පොළොන්නරුව කලාපයේ සමස්ත වනජීවී රක්ෂිත හා වෙනත් රක්ෂිත තුළින් අලි ගම්වැදීම වැළැක්වීමට කිලෝමීටර් 800කට වඩා දිගින් යුක්ත විදුලි වැට පද්ධතියක් ඉදිකර ඇති බවයි.
මේ වනවිට විදුලිවැට පද්ධතිය නඩත්තු කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 350ක් යොදවා ඇති බවත්, විදුලි වැට නඩත්තු සහයකයින් වශයෙන් බහුකාර්යය සංවර්ධන සේවකයන් 400ක් අනුයුක්ත කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව විදුලි වැට නඩත්තු කටයුතු දහවල් කාලයේදී නඩත්තු කිරීමේ කාර්යභාරය බහුකාර්ය සංවර්ධන සේවකයනට පැවරෙන අතර රාත්‍රී කාලයේදී විදුලි වැට ආරක්ෂා කිරීමේ හා නඩත්තු කිරීමේ වගකීම සිවිල් ආරක්ෂක බලකායේ භටයනට පැවරේ.
එමෙන්ම බහු කාර්යය සංවර්ධන සේවකයන් සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි නොපැමිණෙන බැවින් එම සේවකයන් දෙපාර්තමේන්තු පාලනය යටතේ අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට වැඩ පිළිවෙලක්ද සකස් කර ඇත.
මීට අමතරව මාසිකව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් අලි වෙඩි 7000ක් පමණ නිකුත් කරන අතර වරින්වර ගම්මානවලට පැමිණෙන වන අලින් නැවත රක්ෂිත තුළට පළවාහැරීම සිදු කරමින් පවතී.
විදුලි කුටි ආරක්ෂාව සහ රාත්‍රී කාලයට වන අලි විදුලි වැටට හානි කිරීම වැළැක්වීම සඳහා රාත්‍රියට සේවකයන්ට නැවතීමට හැකි මුරකුටි සෑම විදුලිකුටියක් ආසන්නයේම ඉදිකර ඇත.
මේ වන විට
17/08/2023
බලංගොඩ සීලෝගමට සෞඛ්‍ය මධ්‍යස්ථානයක්...
ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 90 ක මුදලක් වැය කරමින් ඉදි කළ බලංගොඩ සීලෝගම සෞඛ්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරිනි.
එම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Monaragala
Colombo