Nilwala bimmal bija
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilwala bimmal bija, Health/Beauty, kosgaha owita gedara kadduwa karagoda uyangoda, Colombo.
Nilwala
TJC අඹ වගාව | සරු අස්වැන්නක්,
වැඩි අදායමක් /TJC mango cultivation yields bountiful harvest, increased income
11/10/2025
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වී ප්‍රභේද 04ක් හඳුන්වා දෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2022 වසර තුළ නව වී වර්ග 04ක් මෙරටට හඳුන්වා දී තිබේ.
2022 වසර සඳහා වන කාර්යසාධන වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
ඒ අනුව Ld 376, BG 377, At 378, BG 381 යන වී වර්ග 04 හෙක්ටයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන වී වර්ග වශයෙන් හදුන්වා දී ඇත.
Ld 376 වී ප්‍රභේදය හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4-6 දක්වා අස්වැන්නක් වියලි හා තෙත් කළාපයේ කුඹුරුවලින් ලබා ගත හැකිය.
BG 377 වී ප්‍රභේදය ද වියලි කලාපයේ කුඹුරුවල පහසුවෙන් වගා කළ හැකි අතර හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකිය.
At 378 වි ප්‍රභේදය වියලි හා තෙත් කලාපවල වගා කළ හැකි වී ප්‍රභේදයකි. තෙත් කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.3ක් හා වියලි කළාපයේ කුඹුරුවලින් හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 7.3ක අස්වැන්නක් මෙම වී ප්‍රභේදය වගා කිරීම මගින් ලබා ගැනීමට පිළිවන.
BG 381 වී ප්‍රභේදය ද ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේදයකි. විශේෂයෙන් සහල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා ඉතාමත් සාර්ථකව යොදා ගත හැකි අතර හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 6.5ක අස්වැන්නක් ලබා ගත හැකි වේ.
මේ අතර අපේ රටට ආවේණික වී ප්‍රභේද දෙකක් වන මඩතවාලු හා සුදු හීනටි වී ප්‍රභේද දෙක මගින් අනෙකුත් සාම්ප්‍රධායික වී වර්ගවලට වඩා වැඩි අස්වැන්නක් කාබනික පොහොර යෙදීම මගින් ලබා ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණ අනුව තහවුරු වී තිබේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට අපේ රටට බාස්මතී සහල් ආනයනය සිදු කරන බැවින් අප රටේ වගා කළ හැකි බාස්මතී විශේෂයක් සම්බන්ධව පර්යේෂණ සිදු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
29/11/2024
බිම්මල් වගාව තුළින් ජීවිතය ජයගත් ආශා සඳමාලි
කාන්තාවන් පෙරමුණටම වැඩසටහනේ මූලිකත්වයෙන් “අභිමානි දිරිලිය” ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ පසුගිය වසරවල අභිමානි ජයග්‍රාහිකාවන් ව්‍යවසායකත්ව හැකියාවලින් සවිබල ගැන්වීමේ අරමුණෙනි. එමගින් නව ව්‍යවසායිකාවන් බිහි කිරීමට මෙන්ම දැනට ව්‍යාපාරවල නියුතු වුවන් සවිබල ගැන්වීමටත්, ව්‍යාපාර තවදුරටත් දියුණු කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමටත්, නව ජීවනෝපාය සාර්ථක කිරීම උදෙසා දැනුම ලබාදීම තුළින් දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීමටත් දායකත්වය ලබාදීමට MAS ආයතනයට හැකිවිය. මේ එම වැඩසටහන මගින් හඳුනාගත් දිරිලියක වන Linea Aqua ආයතනයේ ආශා සඳමාලිගේ කතාවයි.
ගැමි පරිසරයක ජීවන රටාවකට හුරු වූ මට ගෙවතු වගාව ගැන කුඩා කාලයේ සිටම ලොකු උනන්දුවක් තිබුණා. නමුත් පසුකලක ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට සම්බන්ධ වීමත් සමඟම මම අවිවේකී වුණා. එහෙත් වැඩ පරිසරයෙන් නිදහස් වූ කාලය තුළ වගාවක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. දිනක් පිළිකා රෝගියෙකුගේ සුවදුක් බලන්නට රෝහලට ගිය වෙලාවක එම රෝගීන් සඳහා විශේෂ වූ බිම්මල් වගාව පිළිබඳ අවධානය යොමු කරන්නට මට හැකිවුණා.
සැහැල්ලු ලී කුඩු ප්‍රධාන මාධ්‍යය කරගත් ආරක්‍ෂිත ගෘහයකින් සමන්විත වූ වගාවක් තුළින් නෙලා ගන්නා ලද බිම්මල් පොකුරක් මඟින් අමතර ආදායම් මාර්ගයක් ලැබෙන අතරම සමාජයට අවශ්‍ය වී තිබෙන පිළිකා කාරකයක් නොවන ආහාරයක් හඳුන්වා දෙන්නටත් මට හැකිවුණා.
ලී කුඩු, සහල් නිවුඩු, කැල්සියම් කාබනේට් හා මැග්නීසියම් සල්ෆෙට් යන ප්‍රධාන ද්‍රව්‍ය හතරක් යොදාගෙන සාදාගන්නා ලද කොම්පෝස්ට් මිශ්‍රණය පොලිතීන් බෑග්වලට අසුරා එම බෑග් කට වැසුණු වාෂ්ප බැරලයක් මඟින් ජීවානුහරණය කරගෙන සිසිල් වන්නට හැර ඊට පසුව බිම්මල් බීජ ඇතුළත් කර දිලීරය වර්ධනය වන්නට තබයි. මසකට පමණ පසුව දිලීර වර්ධනය වූ වගා මලුවල මූඩිය ලඟින්ද කප්පාදු කර බිම්මල් ගෘහය තුළ තැන්පත් කර ජලය ඉසීමෙන් පසුව බිම්මල් හටගැනීම සිදු වේ. මෙම බිම්මල් බෑග්වලට අසුරා වෙළඳපොළට ඉදිරිපත් කිරීම මඟින් මට අමතර අදායම් මාර්ගයක් සදාගැනීමට මට පුළුවන් වුණා.
ඉතාම කෙටි කාලයකින් බිම්මල් වගාව තුළින් හොඳ ආදායමක් ලබන්නට මට හැකියාව ලැබුණා. සාම්ප්‍රදායිකව කරගෙන යන මෙම වගාව තාක්ෂණය එකතු කොට දියුණු කර ගැනීම මගේ අරමුණයි. ගම් සඳහා නව වගා මළු තැබීමට නව බිම්මල් ගෘහයක් සාදා ගැනීම හා ජලය යෙදීමට නව තාක්ෂණය යොදා ගැනීම මඟින් බිම්මල් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් වෙළඳපොළ තුළ ව්‍යාපාර නාමය ජනප්‍රිය කරගැනීමද මාගේ තවත් බලාපොරොත්තුවක්.
“ඉතාම කෙටි කාලයකින් බිම්මල් වගාව තුළින් හොඳ ආදායමක් ලබන්නට මට හැකියාව ලැබුණා.”
Nilwala Mushroom ලී කුඩු ලිප හදාගන්න විදිය
28/11/2024
T
මිරිස් තවාන් පාලනය මිරිස් වගාවේ බීජ ප්‍රතිකාර කීරිමමිරිස් වගාවේ තවාන් පාත්ති ජිවානුහරණය මිරිස් තවාන් පැළ නිෂ්පාදනයට තවාන් තැටි
Chilli Nursery Control Seed Treatment in Chilli Cultivation Nursery Bed Survival in Chilli Cultivation Nursery Trays for Chilli Nursery Seedling Production
மிளகாய் சாகுபடியில் மிளகாய் நாற்றங்கால் கட்டுப்பாடு விதை நேர்த்தி மிளகாய் சாகுபடியில் நாற்றங்கால் படுக்கையில் உயிர்வாழ்தல் மிளகாய் நாற்றங்கால் நாற்று உற்பத்திக்கான நாற்றங்கால் தட்டுகள்
My YouTube channel👍👍 https://www.youtube.com/
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Kosgaha Owita Gedara Kadduwa Karagoda Uyangoda
Colombo
29/11/2024