Depression Is not A Joke
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Depression Is not A Joke, Health/Beauty, Colombo.
02/04/2025
ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි !
- "ඔයානම් හැමතිස්සෙම ඇවිද ඇවිද ඉන්න නිසා මොන Depression ද අනේ?"
- "අද බැලුවොත් මෙහෙ, හෙට බැලුවොත් තව කොහෙහරි, ඔයාට මොන ප්‍රශ්නද?"
- "උඹට හැමදාම මොනාහරි event එකක්නෙ බන්, Depressed වෙන්නවත් වෙලාවක් තියෙනවද?"
ඔය ඉතින් මම නිතරම එක එක්කෙනාගෙන් අහන කතා. ජීවිතේ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න පටන් ගත්ත කාලේ ඉඳන් මම මුහුණදුන්න සමහර අභියෝග එකින් එක ජයග්‍රහණය කරගන්න මම ඇතුලෙ ජීවත් උන මනුස්සයට හැකියාව තිබුනත්, සමහර ප්‍රශ්න වලදි මම කොච්චර කඩා වැටුනද කියන්න මමවත් දන්නෙ නැති තරම්. මේ කිසි දෙයක් මට බන්දේසියක තියල ලැබුන දේවල් නෙමෙයි. මේ හැම්දේම පිටිපස්සෙ තියෙන්නෙ පුදුමාකාර කට්ටක්, මහන්සියක්. එළියෙන් හිනා වෙලා හිටියට ඇතුලෙන් මම කොච්චර විඳෙව්වද කියල දන්නෙ මම විතරමයි. සමහර වෙලාවට මම busy වෙන එක ඇතුලෙ තිබ්බෙ මම වැඩ කරන්න තියෙන ආසාවටත් වඩා ප්‍රශ්න වලින් බේරිලා, හැංගිලා ඉන්න තිබ්බ උවමනාවම විතරයි. හැබැයි අදටත් කොච්චර ප්‍රශ්න ඔලුවෙ ඇතුලෙ දිව්වත්, ජීවිතය නැතිකරගන්නව කියන එක option එකක් නෙමෙයි කියන එක මට තේරෙනව.
ඒ මම, හැබැයි මේ ලෝකේ අපි හැමෝම එක වගේ නෑ. අපිට එන ප්‍රශ්න වලට අපි මුහුණ දෙන විදිය සෑහෙන්න වෙනස්. මම දන්නව මම පෞද්ගලිකවම ලඟින්ම ආශ්‍රය කරන යාලුවෝ අතර උනත් කොච්චර ප්‍රශ්න තියෙනවද, ඒවා හංගගෙන කොච්චර ගොඩයන්න දඟලනවද කියල. මේ කිව්ව දේවලුත් එක්ක මට අන්තිමට කියන්න තියෙන්නෙ, ඔයාගෙ පුතා, දුව, සහෝදරයෙක්, සහෝදරියෙක්, යාලුවෙක් ඔයා ළඟට ඇවිල්ල, මම ප්‍රශ්නෙක ඉන්නෙ කියල කිව්වොත්, අනේ කරුණාකරල "උඹලට මොන ප්‍රශ්නද, අපිට ඊට වඩා ප්‍රශ්න කියල" බකපන්ඩිත කතා කියන්නෙ නැතුව, පොඩ්ඩක් නැවතිල එයාට ඇහුන්කම් දෙන්න. මොකද;
"ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි" !
"Depression is not a joke. It’s a silent battle many fight every day."
We should always be kind and supportive because we never know what someone is going through.
02.04.2025
Vinuk ✍️
P.S.: කාලෙකට පස්සෙ ලිව්ව නිසා නොගැලපීම් ගලපගෙන කියවන්න. ❤️
12/10/2024
2021 දී මේ රටේ මිනිස්සුන්ට කන්න ගෙනාපු විෂ සැමන් තොගය සහිත කන්ටේනර් 05ක් ආපසු හරවලා යවන්න ජනාධිපතිවරු දෙන්නෙක් ඉදලත් බැරි වුණා.ගෝඨාභයටවත්,රනිල්ටවත් බැරි වුණා.ආයේ මොනවද කොමිස් සහ මහ පරිමාණ ව්‍යාපාරිකයෝ එක්ක දාපූ ඩීල් නිසා තමයි.
අනුර ජනාධිපති වුණා විතරයි.සැමන් තොගය සහිත කන්ටේනර් 05 ආපසු හරවලා යැව්වා.සත්ව ආහාර සදහාවත් ගන්න අනුමැතිය දීලා නෑ.
තව දෙයක් වෙන්න ඕනේ මේ ආණ්ඩුවෙන්.මෙච්චර කාලෙකට හැදිච්ච නැති ආහාර සුරක්ෂිතතාවය හදන්න මේ ආණ්ඩුව ජනවරම අනූව ක්‍රියාත්මක වීමත් වැදගත්.
ගැනු බාගයක් උනාම සරලයි ප්‍රශ්න නැ ...
31/10/2023
දන්නවද!
ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?
ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ඉන්න, බලාගත්තු අත බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් අපිට වගේම ජීවිතේ කාලයක් තිබිලා ඇති කියලා.
මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින්ම උන්මන්තකයො වෙලා උපදින්නෙ නෑ. ජීවිතේ මුහුණදෙන නනාප්‍රකාර ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක තමයී කෙනෙක් උන්මන්තක වෙන්නෙ.
‼️ හිත් වල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට,
‼️ ගෙදරට යනකොට ඔයාට අඩුම හිනාවකින්වත් ඔයාව පිළිගන්න කෙනෙක් නැතිවෙනකොට,
‼️ හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදාගන්න කෙනෙක් නැතිවෙනකොට,
‼️ සමාජෙන් දිගින් දිගටම දරාගන්න බැරි විවේචන එල්ල වෙනකොට,
‼️ එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියලා දැනෙනකොට,
‼️ එයාට ඇහුම්කන් දෙන්න කව්රුත් නැතිවෙනකොට,
‼️ තමන් තනිවෙලා කියලා තමන්‍ටම දැනෙනකොට,
නිරායාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයො වෙනවා.
පුළුවන් උපරිම කාලයෙක් හයියෙන්ම අල්ලගෙන දාරාගෙන හිටියත්, සමාජෙ ඉස්සරහ හරිම ලස්සනට හිනාවෙලා හිටියත්, යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත්,,, එක්කො ඔහු උන්මනතකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කරගැනීමක්.
🙂🖤
ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් දහස් වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය නොකරන්න.
ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඇහුම්කන් දෙන්න. එක වචනෙකින් හරි ඔබ ඔවුන් සමඟයී කියන දේ දැනෙන්න අරින්න.
තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම, වළක්වාගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවී...
©
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo