Corona Fighters NHSL

Corona Fighters NHSL

Share

service and experience with corona

09/12/2025

| බන්ඩාරනායක අරමුදල කාගේද? ඔබ පුදුම කරන ඇත්ත.....

👉බන්ඩාරනායක අරමුදල මගින් ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා රු. මිලියන 250 ක් ආධාර ලෙස ලබාදී ඇත.

📌බන්ඩාරනායක අරමුදල යනු කුමක්ද ?

👉එය පුද්ගලයකු හෝ පවුලක් සතු අරමුදලක් නොවේ.

👉එස් ඩබ් ආර් ඩී බන්ඩාරනායක ජාතික අනුස්මරණ අරමුදල යනු 1975 අංක දෙක පනත මගින් ස්ථාපිත රාජ්‍ය අරමුදලක් වෙයි.

😏මෙම අරමුදලේ කොපමණ වත්කම් තිබේද ?

👉මෙම අරමුදලේ රැ පියල් මිලියන 40, 000 ක් (රැ පියල් මිලියන හතලිස් දහසක මුල්‍ය වත්කම් ඇත)

👉ඒ සා විශාල ධනස්කන්දයක් මේ අරමුදල සතුවන්නේ කෙසේද?

👉බන්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ( BMICH)ආදායම් මෙම අරමුදලට බැර වෙයි.
සමහර වර්ෂ වල BMICH ආයතනයේ වාර්ෂික ආදායම් රුපියල් මිලියන 4000 ඉක්මවා තිබේ.

📌BMIH පාලනාධිකාරිය

👉සභාපති ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපති නිළ වශයෙන් පත්වෙයි

👉විපක්ෂ නායක

👉අගවිනිසුරු
👉විගණකාධිපති

👉බන්ඩාරනායක පවුලේ එක් අයෙකු හෝ දෙදෙනෙක්

📌මෙලෙස බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආදායම් බැර වෙන බන්ඩාරනායක අරමුදලේ පාලනාධිකාරිය පහත දැක්වේ

👉ජනාධිපති

👉විපක්ෂනායක

👉විගණකාධිපති

👉බන්ඩාරනායක පවුලේ කිහිප දෙනකු

📌එසේ නම් බන්ඩාරනායක අරමුදල යනු සම්පුර්ණ රජයේ අරමුදලක් වෙයි.

👉එම අරමුදලේ මුදල් වියදමක් ලෙස කරන්නේ නම් ඊට එහි අධක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වෙයි.

👉එසේ නම් මෙම ආපදා ප්‍රධානය ජනාධිපති , විපක්ෂනායක , ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් වෙයි.

👉බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් 1973 වසරේ නිමවෙන අතර 1974 වසරේ සිට එහි ආදායම් ඉපයීම ආරම්භ වෙනවා.
👉එහි ආදායම බැරකිරීම සදහා 1975 වසරේ මෙම අරමුදලේ පිහිටුවනු ලබනවා.

👉😏😏වත්මන් රජය වසර 75 ක් දේශපාලනයට ශාප කරන නමුත් රජය සතු බන්ඩාරනායක අරමුදලේ මුදල් චන්ද්‍රිකා බණ්ඩාරනායක අතින් අගමැතිනිය වෙත ප්‍රදානය කර එය බන්ඩාරනායක පවුලේ ආධාරයක් ලෙස හුවා දැක්වෙන්නට ඉඩ හැර ඇතිබව පෙනීයනවා.

👉බන්ඩාරනායක ලා වික්‍රමසිංහ ලා වගේම වත්මන් රජයක් එකම දේශපාලන කදවුරක් වන බවටත් පවතින විශ්වාසය ඇත්තක්ද?

👉මෑතකදී පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කර හිටපු ජනාධිපති වරැන්ට නිව් නිවාස අහිමි කල මුත් ඉන් ඉවත්කර ඇත්තේ 😔😔😔මහින්ද රාජපක්ෂ පමණි.
චන්ද්‍රිකා සිරිසේන ඇතුලු ඉතිරි අය තවම එම වරප්‍රසාද අත්විදින බව පැවසෙනවා.ඒ අනුවද මෙම කණ්ඩායම් තනි කදවුරක් බවට විශ්වාස කල හැකියි.

මනෝජ් විජේසේකර

09/12/2025

Viral වෙන්න ඕන දේවල් !

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා. 🙏🤍

ඇත්තටම ලෝකේ සංවේදීම හදවත් ඇති මිනිස්සු ඉන්නේ ලංකාවේ 🙏

09/12/2025

එදා නොවැම්බර් 28.රටටම මහම මහ කාලකණ්නි දවසක්.දැරණියගලත් එහෙමයි.ගංවතුර ගලල ගෙවල් කීපයක් යටවෙලා.උදේ ඇහැරුන ගමන් නිකමට වගේ ෆේස්බුක් එකට ලොග් වෙච්චි වෙලාවෙ සිද්ධිය දන්නෙ රොශාන් චතුරංගගෙ පෝස්ට් එකකින්..හෝ ගාල වැස්ස.ඒත් තවත් බලන් ඉන්න හිතක් නෑ.රොශාන්ට කෝල් එකක් ගත්තෙ විස්තරේ දැනගන්න.
"මචං මාත් කොටුවෙලා ඉන්නෙ.ලක්මාල්ල එහෙම සෙට් එක බෝට්ටුවලින් යටවෙච්චි කට්ටිය අදිනව.ලක්මාල්ට කෝල් කරපන්"
ඊලඟට ගත්තෙ ලක්මාල් අයියට.
"මල්ලි අපි වැඩ.පුලුවන් නම් Ag office එකට පලයං.එතන අවතැන් වෙච්චි අයට කෑම දෙන්න උයන්න සෙට් කරල තියෙන්නෙ."
වෙලාවට 7.30යි.ක්ශනිව ලෑස්ති උනා තේකක් බීල ගියා එතනට.ඒ යනකොට කීපදෙනෙක් ඇවිත් හිටිය.තව ටිකකින් උයන්න පටන් ගන්නව,තව කට්ටිය එයි ටිකකින්.එතන හිටපු කෙනෙක් කිව්ව.
පැය බාගයක් විතර යනකොට සෑහෙන්න කට්ටියක් එකතු උනා වලං මුට්ටි හට්ටි හාල් පොල් කරගහගෙන.ඔය අතර කෙනෙක් හිටිය කහපාට බූට් 2ක් දාගෙන ටී ශර්ට් එකක් ඇඳගත්ත.මං හිතන්නෙ වයස අවු 30ක විතර කොල්ලෙක්.ඒ වෙනකොටත් තෙමිල වතුර පෙරාගෙන එහාට දුව දුව වැඩ.හිටිගමන් සාස්පානක් උස්සන් එනව,හාල් මිටියක් උස්සන් එනව,ආයෙ තෙමීගෙන එහාට මෙහාට දුව දුව වැඩ.මං හිතුවෙ අපි වගේම උදවු කරන්න ආපු කොල්ලෙක් කියල.
කොහොමහරි කට්ටියම එකතුවෙලා කෑම ටික හදල පාර්සල් ගහන්න ගත්ත.ඔය අතරෙ වෙලාවෙ හැමෝම ඒ කොල්ලට කතාකලේ සර් කියල.හැමෝම එහෙම කතාකරන නිසාම මං කෙනෙක්ගෙන් ඇහුව ඒ කවුද කියල..
බලනකොට ඒ දැරණිගල සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාලු..

ඇත්තටම මට මාරම පුදුම හිතුන.මොකද මහ පුටුවල ඉන්න ඇත්තො හැමදාම කලේ කැරකෙන පුටුවල ඉඳන් පහල උන්ට උපදෙස් දීපු එක විතරයි.හැබැයි එතුම එහෙම කලේ නෑ.කාටවත් වැඩ පවරල බලන් හිටියෙ නෑ.කොටින්ම කාගෙන්වත් උදවුවක්වත් ඉල්ලුවෙ නෑ තමන් කරන වැඩේට.කවුරුහරි හිතලම උදවුවට එනකන් එතුමගෙ වැඩේ තනියම පටන් ගත්ත.
කෑම ටික පාර්සල් කරල ඉවර වෙලා එතුමගෙ වාහනේට පටවල උදවුවට කෙනෙක් එන්න පුලුවන්ද අහනකොට මං ඉදිරිපත් උනා.මොකද මට හරිම කුතුහලයක් තිබ්බ එතුමට ටිකක් කිට්ටුකරල බලන්න.ඉතිං එවෙලෙ ඉඳන්ම රෑ වෙනකන්ම මට එතුම එක්ක වාහනේ එහෙ මෙහෙ යන්න උනා.එක තප්පරයක් නිකන් ඉන්න නැතුව ඇති එතුම.වාහනේට කෑම ටික පටවන එකේ ඉඳන්ම හැම බරකම පැත්තක් කර ගැහුවෙ එතුම.කැබ් එකේ පිටිපස්සෙ කෑම ටික..ඉතිං කෑම බෙදන පාරක් ගානෙම වාහනෙන් බැහැල පිටිපසට ගිහින් ඕනි කෑම ටික ගන්න.ඒ මදිවට වැස්සෙ අඩුවකුත් නෑ.ඒත් වාහනෙන් අපි බහිනකන් බලන් හිටියෙ නෑ.එතුමම බැහැල තෙමි තෙමී ගිහින් කෑම ටික අරන් බෙදල ඒ මිනිස්සුන්ගෙ තත්වෙත් අහල බලල ,පරිස්සමෙන් ඉන්න උපදෙසුත් දීල තමයි වාහනේට නගින්නෙ.
ඒ අතරතුර අරෙහෙ යටවෙලා,අරෙහෙ නාය යනව ,අතන මිනිසුන්ට කන්න නෑ කියල ආරන්චියක් ආපු ගමන් ආයෙ ඒ තැන් බලල එන්න යනව.උයන පිහන වැඩ ටික බලල එන්න ආයෙත් බහුකාර්‍ය එකට යනව.යන හැමතැනකම මොකාක් හරි වැඩකට සපෝට් එකක් දීලමතමයි එන්නෙ.ඔන්න ඔහොම හුස්මක් ගන්න වෙලාවක් නැතුව,කොටින්ම කන්නෙ බොන්නෙවත් නැතුව පට්ටම ගේමක් ගහපු හරි අපූරු මනුස්සයෙක් තමයි දැරණියගල සහකාර ප්‍රා.ලේකම් තුමා කියන්නෙ.එතුමන් එක්ක දවසම ගෙවපු කෙනෙක් විදියට මං ඇස් දෙකෙන්ම දැක්ක ඒ අපූරු මනුස්සය ගැන යමක් ලියන්නම ඔනි කියල හිතුන නිසයි මං මේ ටික ලිව්වෙ.මොකද ලොකු ලොකු නිලතල දරන උදවිය බහුතරයක් කවදාවත් මිනිස්සු එක්ක හිටියෙ නෑ.එයාල කලේ අනිත් මිනිස්සුන්ට උපදෙස් දීල බලන් ඉන්න එක විතරයි.එවන් රාජ්‍ය නිලධාරින් අතර හරි අපූරු නිලධාරියෙක් තමයි එතුම....මෙන්න මේ වගේ ආදරණීය මානුශීය මිනිස්සු තමයි වගකිවයුතු මහ පුටුවල ඉන්න ඕනි.නැතුව Ac කාමරවල කැරකෙන පුටුවලට විතරක් සීමා වෙච්චි නිලධාරීන් නෙමෙයි.
ඉතිං...දැරණියගල සහකාර ප්‍රා.ලේකම් තුමනි, ඔබතුමාට සුබ අනාගතයක්...ඔබතුමාට බොහොමත්ම ස්තූතියි❤️❤️

@පුබුදු.

------------
උපුටාගැනීමකි

06/12/2025
02/09/2021
Photos from Sri Lanka Foundation Institute's post 27/02/2021
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Regent Street
Colombo