Hiru RMES

Hiru RMES

Share

Hiru RMES

14/04/2026

සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා.............

17/02/2026

උපුටා ගැනීමකි.......

සිරිලක ලොව දිනූ යකඩ ගැහැණු ❤

මීට වසර කිහිපයකට පෙර මුළු රටම "ලොක්ඩවුන්" කරලා, හන්දියක් හන්දියක් ගානේ තුවක්කු අතැති අපේ ආරක්ෂක අංශවල කොල්ලො කෙල්ලන් මුර කරද්දී, හැමෝම තමන්ගේ පණ බේරාගන්න දොරවල් වසාගෙන ගෙවල් ඇතුළට වී සිටි ඒ අඳුරු දවස් මතක් කරලා බලන්න.

රූපවාහිනී තිරයෙන් දිනපතා ඇසෙන මරණ සංඛ්‍යාව දෙස බලමින් මුළු ජාතියම මරණ බයෙන් වෙවුලද්දී, ඒ අදෘශ්‍යමාන වෛරසය සමඟ රසායනාගාර ඇතුළේ හුදෙකලා වී, අපේ රටේ මිනිසුන්ගේ හුස්ම ටික බේරාගන්න වැඩ කළ ඒ අභිමානවත් හෙළ විද්‍යා දියණිය ඔබට මතකද?

ඇය මහාචාර්ය නීලිකා මලවිගේය!

නීලිකා මලවිගේ යනු උපතින්ම සහජ දක්ෂතාවලින් පිරිපුන් තැනැත්තියකි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් තම කණ්ඩායමේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස රන් පදක්කම් රැසක් දිනාගනිමින් ඇය වෛද්‍යවරියක් ලෙස පිටවූයේ පීඨයේ ඉහළම ගෞරවය දිනාගනිමිනි.

නමුත් ඇය සාමාන්‍ය වෛද්‍යවරියක ලෙස පෞද්ගලික රෝගීන් බැලීමට වඩා පර්යේෂණ ක්ෂේත්‍රයට යොමු වූවාය. ඒ ගමනට ප්‍රධානතම හේතුව වූයේ 2001 වසරේදී ඩෙංගු රෝගයෙන් කුඩා දරුවන් සිව්දෙනෙකු එකවර මියයෑමේ සංවේදී පුවතයි. එදා ඇතිවුණු ඒ මහත් වේදනාව ඇයව යොමු කළේ "වෛරස් ප්‍රතිශක්ති විද්‍යාව" පිළිබඳ පර්යේෂිකාවක වීමටයි.

ඇය ලොව ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත්තාය. එම උපාධියෙන් පසු ඇය 2008 වසරේදී, එනම් ලංකාවේ දරුණු යුද්ධයක් පවතින අවධියක නැවත මව්බිමට පැමිණියාය.

"අපේ රටේ පර්යේෂණ ක්ෂේත්‍රය අපිම ගොඩනැගිය යුතුයි" යන අධිෂ්ඨානයෙන් ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය බිංදුවේ සිට ගොඩනැගුවාය.

ආපසු පැමිණි මුල් කාලයේදී යුද්ධය සහ අරමුදල් හිඟකම නිසා පර්යේෂණ කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වුවත් ඇය පසුබට නොවූවාය.
මහාචාර්ය ග්‍රැහැම් ඕග් වැනි ඇගේ ගුරුවරුන්ගේ සහ ජාත්‍යන්තර සබඳතාවල සහය ඇතිව ඇය සිය පර්යේෂණ ඉදිරියට ගෙන ගියාය. 2011 වසරේදී ඩෙංගු වෛරසය සම්බන්ධයෙන් ලබාගත් ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය ඇගේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය.

කොවිඩ්-19 වසංගතය පැමිණි විට ඇය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම කළ මෙහෙවර සුවිශේෂී වේ:

​ලංකාවේ පැතිරුණු ආසාදිතයන්ගෙන් 90%ක්ම "ඩෙල්ටා" වෛරසය බව මුලින්ම හඳුනාගත්තේ ඇය ඇතුළු කණ්ඩායමයි.

​ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා (A701S, R24C) සහ නව උප පෙළපතක් (AY.28) පවා ඔවුන් ලෝකයට හෙළි කළේය.

​සයිනොෆාම් සහ ස්පුට්නික් V එන්නත් ලබාගත් ලාංකිකයන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම පිළිබඳ පර්යේෂණ පවත්වා ඒවා තහවුරු කළාය.

​මේ සුවිශේෂී දක්ෂතාව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුළු ලෝකයෙන්ම තෝරාගත් විශිෂ්ටතම විශේෂඥයන් 10 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක ලෙස ඇයව පත්කර ගනු ලැබීය.


ඇය සිය විද්‍යාත්මක අවංකභාවය ප්‍රදර්ශනය කළේ 2021 ජූලි මාසයේදීය. මෙරට එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේදී විද්‍යාත්මක පදනම ගිලිහෙන බව දුටු විට, ඇය රජයේ එන්නත් උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වූවාය. තනතුරට වඩා ඇයට වැදගත් වූයේ තමන් උගත් විද්‍යාව සහ ජනතාවගේ ආරක්ෂාවයි.

මහාචාර්ය නීලිකා සිය සිසුන්ට ඔක්ස්ෆර්ඩ් වැනි ලොව ඉහළම විශ්වවිද්‍යාලවලට ගොස් අධ්‍යාපනය ලැබීමට මඟ පෙන්වන අතර, අඩු ආදායම්ලාභී රටවල පර්යේෂකයන්ට ඇතිවන බාධක ගැන ජාත්‍යන්තර වේදිකාවල හඬ නඟයි.

ඇය පවසන්නේ විද්‍යාවේ ගුණාත්මකභාවය මිස එය නිපදවන රටේ ධනය ඒ සඳහා මිනුම් දණ්ඩක් නොවිය යුතු බවයි. අද ඇය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නම් කළ ලෝකයේ ඉහළම විද්‍යාඥයන් 2% අතරට තේරී පත්වී ඇත.

​අප අතර ජීවත්ව සිටින මෙවැනි අභිමානවත් චරිත අගය කිරීම ජාතික යුතුකමකි. ලෝකය දිනූ මේ හෙළ විද්‍යා දියණියට මුළු රටේම ප්‍රණාමය පුද කරමු! 🇱🇰❤️

රට අතහැර යන යුගයක, රට වෙනුවෙන් ආපු ඇය ගැන ලෝකයටම කියමු. මේ වගේ වටිනා මිනිස්සුන්ව ජීවතුන් අතර ඉද්දීම අගය කරමු.

රටේ වටිනාකම් දකින, සැබෑ වීරයන් අගය කරන ඔයා වගේ කෙනෙක් අපේ පේජ් එකේ ඉන්න එක අපිට ගෞරවයක්. දිගටම රැඳී ඉන්න Follow කරන්න.
​Share කරලා හැමෝටම බලන්න සලස්වන්න. 🔄
​Comment එකකින් ඔබේ ගෞරවය පුද කරන්න. 💬

ඉම් තෙර FB පිටුවෙන් උපුටාගැනීමකි
🙏

24/01/2026
30/12/2025

උපුටා ගැනීමක්

බුලත්විට

වයස අවුරුදු 31ක් වුනු සුන්දර යුවතියක් දවසක් මා හමුවට ආවා ප්‍රතිකාර සඳහා.රෝග නිර්ණයට පෙර රෝගියා පරික්ෂාවේදි මා දැනගත්තා ඇය බුලත් විට කෑමට ඇබ්බැහි වූ කාන්තාවක් බව.ඇය දිනකට බොහෝ වාර ගණනක් බුලත් විට හපන බව සහ ඇය එය නැවැත්වීමට අකමැති බව මා හට පැවසුවෙ ඇගෙ ස්වාමියා විසින්.ඒක හරි වෙනස් කතාවක්. බොහෝ විට අපිට සමාජයේ මුණ ගැහෙන්නෙ මේ කතාවෙ දෙපැත්ත මාරු වෙලානෙ නේද,ඒත් මේ කතාව එහෙමයි. එදා මට තේරුම් ගිය දෙයක් තමයි තවමත් සමාජය මේ ගැන හරියට දැනුවත් නැහැ කියන කාරණාව.ඉතින් එනිසයි අද මේ විදියට මේ ලිපිය ලියන්න අදහස් කළේ.

වර්තමානය වන විට පිළිකා නිසා ලොව පුරා සිදුවන මරණ ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒවා අතරින් මුඛ පිළිකාවට ලංකාවේ බොහෝ දෙනෙක් බහුලවම ගොදුරු වනවා. ලංකාවේ මුඛ පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ බුලත් විට කෑම, දුම්පානය, මත්පැන් පානය, සහ මත් පුවක් වර්ග භාවිතා කිරීම යි. ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් අතුරින් දුම් පානය, මත්පැන් පානය, සහ මත් පුවක් භාවිතය සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවන් බව සමාජගතව තිබෙනවා. එම නිසා ඒවා වැලැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. නමුත් බුලත් විට කෑම අහිතකර ක්‍රියාවක් බව තවමත් සමාජගතව නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනෙකු දැන හෝ නොදැන අධික ලෙස බුලත් විට කෑම මඟින් මුඛ පිළිකාවලට ගොදුරු වෙනවා.

👉බුලත් විටක අඩංගු වන ද්‍රව්‍ය

ලංකාවේ සැලකිය යුතු පිරිසක් දෛනිකව බුලත් විට කෑමට පුරුදුව සිටිනවා. එම නිසා බුලත් විට කඩ අප රට තුළ සුලභව දක්නට ලැබෙනවා. කඩවල විකිණීමට තිබෙන බුලත් විටක අඩංගු වන්නේ බුලත්, පුවක්, හුණු, සහ දුම්කොළ යන ද්‍රව්‍යය හතර යි. සාමාන්‍යයෙන් බුලත් විටක් අඩු මිලට ලබාගත හැකි නිසා ඒවා භාවිතයට පුරුදුව සිටින සමහර උදවිය දිනකට කිහිප වතාවක් බුලත් විට කන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

බුලත් විට කෑම වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටින්නේ අඩු ආදායම් සහිත රැකියාවල නිරතව සිටින උදවිය යි. ඔවුන්ට බුලත් විට කෑම නිසා ඇතිවන හානිය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා එය පුරුද්දක් ලෙස පවත්වාගෙන යනවා විය හැකියි. ඔවුන් දැන හෝ නොදැන පිළිපදින පුරුද්ද නිසා අකාලයේ මුඛ පිළිකාවලට ගොදුරු වීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.

👉 බුලත් විට පිළිකා කාරකයක් වන්නේ ඇයි?

බුලත් කොළයේ නැටිවල අඩංගු වන සැෆ්රෝල් නම් රසායනිකය මිනිස් සිරුරෙහි පිළිකා ඇති කිරීමට හේතු වන බව මෑත දී කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන තිබෙනවා. පැරණි මිනිසුන් බුලත් විට කෑමට පෙර බුලත් කොළයේ අග සහ මුල කඩා දැමීමට පුරුදුව සිටියා. ඒ එහි විෂ තිබෙන බවට ඔවුන් අතර මතයක් පැවති නිසා යි. එලෙස බුලත් කොළයේ නැටිවල අහිතකර රසායනික ද්‍රව්‍යය අඩංගු වන නිසා බුලත් කොළ සීමාවක් නැතිව ආහාරයට ගැනීම පිළිකා ඇතිවීමට හේතුවක් වනවා. බුලත්වලට අමතරව බුලත් විටක පුවක් ද වැඩි වශයෙන් අඩංගු වනවා. පුවක් ද පිළිකා කාරකයක් වන බව මෑත යුගයේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පුවක්වල අඩංගු වන්නේ ඇල්කොලයිඩ් නම් රසායනික කාණ්ඩය යි.එමඟින් මුඛයේ දී සහ ආමාශයේ දී සිදුවිය හැකි රසායනික සංයෝජන හේතුවෙන් පිළිකා සෑදීමට තිබෙන ඉඩ වැඩියි.

හුණුත් සමග බුලත් කන විට කටේ ඇතුළු පැත්ත තුවාල වනවා. එසේ තුවාල වීම නිසා පුවක්‌ හා දුම්කොළවල අඩංගු පිළිකාජනක රසායනික ද්‍රව්‍ය උරාගැනීම පහසු කරනවා. ඊට අමතරව පුවක්‌වල තිබෙන ඇල්කොලයිඩ් සංයෝගවල තිබෙන පොලිෆීනෝල් ශ්ලේෂ්මල සෛල මත ක්‍රියා කිරීම හේතුවෙන් ජානමය විකෘතිතාවයන් ඇති වීමේ හැකියාව තිබෙනවා. දුම්කොළවල පිළිකාජනක සංඝටක 28ක් පමණ අඩංගු වනවා. දුම්කොළ වැවීමේ දී විශාල වශයෙන් කෘමිනාශක ඉසිනු ලබනවා. එසේම දුම්කොළ පදම් කිරීමේ දී විවිධ රසායනික ද්‍රව්‍ය යොදනවා. දුම්කොළ වේළීම සඳහා භාවිතා කරන දුම්ගැසීමේ ක්‍රියාවලිය ද එතරම් හිතකර එකක් වන්නේ නැහැ. එම නිසා බුලත්විට කෑමේ දී මිනිස් සිරුරට ලැබෙන වඩාත්ම අහිතකර පිළිකාකාරක ද්‍රව්‍යය වන්නේ දුම්කොළ යි.

👉 මුඛ පිළිකාවක ලක්ෂණ

සාමාන්‍යයෙන් මුඛ පිළිකාවක් ඇතිවීමට පෙර පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරනවා. එම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ හඳුනාගැනීමට හැකියාව ලැබුණොත් පිළිකාවේ මූලික අවස්ථාවේ දී ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි. පහත දක්වා තිබෙන්නේ එම මූලික ලක්ෂණ කිහිපය යි.

1) මුඛය තුළ කල්පවතින සුදු ලප ඇතිවීම
2) මුඛය තුළ රතු හෝ සුදු ගැටිති සහිත ලප ඇතිවීම
3) මුඛය තුළ රතු පැහැති මතුපිටක් ඇති ප්‍රදේශ දක්නට ලැබීම
4) දිව නැමීමට සහ මුඛය විවෘත කිරීමට අපහසු වීම
5) මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් ඇතිවීම

ඉහත රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු නිසි පරිදි ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු යි. එසේ නොවුණොත් අනිවාර්යෙන්ම මුඛ පිළිකාවකට ගොදුරු විය හැකියි. මුඛ පිළිකාවක් වැළදුණු පුදගලයෙකු තුළ පහත සඳහන් ලක්ෂණ කිහිපය දක්නට ලැබෙනවා.

1) මුඛයේ ඉදිමීමක් දක්නට ලැබීම
2) මුඛයේ සුව නොවන තුවාල දක්නට ලැබීම
3) මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම
4) පිළිකාව වටා ඇති දත් සෙලවීම
5) තොල් හිරිවැටීම
6) මුඛයේ හකු ප්‍රදේශයේ විවර ඇතිවීම

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකුට මුඛ පිළිකාවක් වැළඳී ඇති බව නිගමනය කළ හැකියි. එවිට එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයාව හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුකර ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. පිළිකාව දරුණු අන්දමට පැතිරී නැත්නම් රෝගියාව ඉන් මුදවාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මුල් අවධියේ දී එය හඳුනාගැනීමට නොහැකි වුණොත් රෝගියාව බේරාගැනීම සඳහා වෛද්‍යවරුන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනවා. එම නිසා මුඛ පිළිකාවේ පූර්ව ලක්ෂණ මතුවුණු විගස වෛද්‍යවරයෙකුගෙන් නිසි ප්‍රතිකාර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු යි.

මුඛ පිළිකාවෙන් ආරක්ෂා වීම සඳහා කළ හැකි දේවල්
වර්තමානයේ දී ලංකාවේ සිටින පිරිමි පුද්ගලයන් සුලභවම මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටිනවා. එලෙස මුඛ පිළිකාවලට ගොදුරු වන පුද්ගලයන්ගෙන් පිරිසක් මරණයට පත්වනවා. එම අවාසනාවන්ත තත්ත්වය පාලනය කිරීම සඳහා පහත දැක්වෙන දේවල් කළ හැකියි.

1) බුලත්විට කෑම නැවැත්වීම
2) එක්වරම බුලත්විට කෑම නැවැත්වීමට අපහසු නම් ක්‍රමයෙන් බුලත්විට කන වාර ගණන සීමා කිරීම
3) බුලත්විට කටේ තබාගෙන හපන කාලය අඩු කිරීම
4) බුලත්විට කෑමෙන් පසුව හොඳින් මුඛය සේදීම
5) හුණු, පුවක්, සහ දුම්කොළ භාවිතය අඩු කිරීම
6) පූර්ව මුඛ පිළිකා ලක්ෂණ මතුවුණු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම

දැනුවත්ව හෝ නොදැනුවත්ව බුලත් විට කන්න ඇබ්බැහි වුනු කෙනෙක් නම් ඔබ දැන්වත් මෙහි භයානකකම තේරුම් ගෙන එයින් මිදීමට වහ වහා කටයුතු කරන්න.මොකද ඔබෙ නිරොගිකම අපේ එකම සතුටයි.

සුවබර දිගු දිවියක්

29/12/2025

උපුටා ගැනීමකි.........
ශ්‍රී ලාංකීය ගායිකා වංශ කතාවේ සතර මහා මුදුන් මුල්..!!!

එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ බිහි වූ අද්විතීයම ගායනවේදිනියන් ලෙස ලතා වල්පොල,සුජාතා අත්තනායක,ඇන්ජලින් ගුණතිලක සහ නන්දා මාලිනි ශිල්පිනියන් අවිවාදිතව හැඳින්විය හැකිය. රුක්මණි දේවිය වැනි ජ්‍යෙෂ්ඨ ගායිකාවන්ට පසුව මෙම සතර මහා මුදුන් මුල් මත ගායිකා වංශ කතාව පෝෂණය විය.

ස්වර්ණමය සිනමා යුග වන 60,70,80 දශක වල පසුබිම් ගායනය සඳහා "ගායිකා ත්‍රී මූර්තියක්" ලෙස ලතා, සුජාතා,ඇන්ජලීන් ප්‍රමුඛ විය. ප්‍රධාන නිළියන් සඳහා පසුබිම්
ගායනයට මේ හඬවල් තුන හැර වෙනත් හඬවල් යොදා ගත්තෙ ඉතාමත් අල්ප ලෙසයි. මෙහිදී ලතා පුරෝගාමී වන්නෙ එවකට දකුනු ඉන්දියානු ගායිකාවන් සතුව තිබූ සිංහල සිනමා පසුබිම් ගායනය තම අණසකට ගත් ගායිකාව ලෙසයි.

සිනමා ගායනයෙන් බැහැරව, ගුවන් විදුලිය මූලික කොටගත් සරල සහ ශාස්ත්‍රීය ගීතයන් තුළ සුජාතා සහ නන්දා ඉතාමත් ප්‍රබල විය. ගුවන් විදුලියේ වැඩිම ගීත ගණනක් පටිගත කළ ගායිකාවන් ලෙස පළමුව සුජාතාවන් සහ දෙවනුව නන්දාවන් ශ්‍රේණිගත වන්නෙ එම කරුණ සපථ කරමිනි. ඊට අමතරව ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස සුජාතාවන් සහ දෙවන සිනමා සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස නන්දාවන් වාර්තා අතරට එක්වන්නෙ ගායිකා වංශ කතාව තවත් ශක්තිමත් කරමින්.

මෙම ගායනවේදිනියන් සතර දෙනාගෙන් තොරව ශ්‍රී ලාංකීය ගායිකා වංශ කතාවක් පිළිබඳව සිතීම පවා කළ නොහැක්කකි. මන්දයත් පසුකාලීනව බිහිවුණු ගායන ශිල්පිනියන් පවා අඩු වැඩි වශයෙන් මේ මහා සතර ගායන ශිල්පිනියන්ගේම දිගුවක් වීමය. එම නිසා ශ්‍රී ලාංකීය ගායිකා වංශ කතාව ගොඩනැගී තිබෙන්නෙ මේ මහා මුදුන් මුල් සතර මත බව අවිවාදිත කරුණකි.

හෙළ සංගීත කෙත මියුරු ස්වරයෙන් ප්‍රභාමත් කළ මහා පහන් තරු සතරෙන්, පහන් තරු ද්විත්වයක් අද වන විට නිවී ගොස්ය. ඇන්ජලින් ගුණතිලක සහ ලතා වල්පොල මහා ගායනවේදිනියන් දෙපලට ඔවුන් පැතූ අයුරින් මෝක්ෂ සම්පත්තිය ලැබේවා!!!

නන්දා මාලිනි සහ සුජාතා අත්තනායක මහා ගායනවේදිනියන් දෙපලට චිර ජීවනය සහ නීරෝගී දිර්ඝායුෂ ලැබේවා!!!

ශ්‍රී ලාංකීය සංගීතයට සහ රසිකයින් වෙනුවෙන් කළ මෙහෙවරට මේ මහා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියන්ට අප ස්තූතිවන්ත වන්නෙමු..!!!

(මෙම ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරනු ලැබූවකි
මුල් ඡායාරූප කර්තෘ අයිතිය - Dayan Witharana මහතා)

Photos from Hiru RMES's post 24/12/2025

Merry christmas
සුබ නත්තලක් වේවා...!

06/10/2025

මේ අහිංසක පුන්චි බලු රාල🐶 ඉන්නේ *නුවරඑළිය pizza hut* එක ඉස්සරහා. දැන් එලියේ උශ්නත්වය 14°c.🥶 අපිටත් එලියේ ඉන්න අමාරුයි. එයා අපි ලගට ආවේ හරියට උනුසුම බලාපොරොත්තුවෙන් වගේ.💔 අනේ පුලුවන් කවුරු හරි එයාට පිහිට වෙන්න.
ලොකු පිනක්.🙏🏻 පුළුවන් නම් අපේ පේජ් එකක් දාගෙන යන්නලකා with Ireland boys

ඔබගේ උදව්ව, එයාට ලොකු උණුසුමක් වෙයි. ❤️ උදව් කරන්න බැරි නම් නුව නුවරඑළිය පැත්තේ පේජ් වලට මේක ශෙයා කරලා දෙන්න ඔයාලට ගොඩක් පින්

වැඩි විස්තර අමතන්න
📞0714306672

fansGayathri DiasLanka FashionNadee floraPradeepa LakshmiDilini PriyangikaThanuja ThilanthiniCharuka Wickramasekaraඑස්. කේ. හෝම් සෙන්ටර්Manjula PrabathSachitra Wijewardanaපුත්තරයාMi NoChanya HerathLassana SalonWije TVPiumi HansamaliMahendra Pereraපාරමි පාරමිSrilanka

Photos from Hiru RMES's post 28/08/2025

ලෝක උරුම ඉපැරණි ඇලහැර අමුන
මහා වංශයට අනුව වසභ රජු ( ක්‍රි.ව 65 - 109) ඡලය මහවැලි ගගේ අතු ගංගාවක් වන අඹන් ඟගේ ස්වාභාවික පර්වතයක් හරස්කරලයි මෙි විශ්මිත අලීසාර ඇල ඇලහැර අමුන ඉදිකරල තියෙන්නෙ. පලමු වෙනි සියවස ආරමිභයේදී ම ඉදිකර ඇති මෙි වාරි කර්මාන්තය අපේ අතීත වාරි ඉන්ජිනේරු තාක්ශණයත්, භූගෝලීය දැනුමත් විදහා දැක්වෙන අගනා නිමැවීමක්. ආසන්න වශයෙන් සැතපුමකට අගලක බෑවුමකින් යුතු වන ඇළ මාර්ගය සැතපුම් 56ක් පමණ ගලාගෙන යමින් කවුඩුල්ල මින්නේරිය හා ගිරිතලේ හා වැවි දක්වා ජලය ගෙන ගොස් තිබෙනවා. මින්නේරිය වැවෙන් කන්තලේ වැවටද දියවර සැපයෙනව. මහසෙන් රජු ( ක්‍රි.ව 274-301) විසින් ඇලහැර අමුණ තවත් උස්කොට නිර්මාණය කිර ඇතයි සදහන්. ඇලහැර සිට දියබෙදුම දක්වා වන මෙම ඇළේ මුල් කොටස දිගින් සැතපුම් 20.75ක්. දියබෙදුමේ පිහිටි අමුණකින් ඇළ මාර්ගය කොටස් දෙකකට බෙදෙනවා. වර්තමානයේ ඒ ඇළ හඳුන්වන්නේ ‘තල්වතුර ඔය’ නමින්. ඇලහැර ඇලෙන් මුවෙල විහාරයට ඡලය සැපයූ අතර මෙහි දිය බද්ද වසභ රජු විසින් තිස්වඩමන්හි මූචෙල විහාරයට පිදූ බව සඳහන් වෙනවා. ( මූවෙල විහාරය දැනට කවුඩුල්ල වැව අසල නටඔුන් වූ විහාරස්ථානය ලෙස සැලකෙනව.) දෙවන අග්ගබෝධි ( ක්‍රි.ව 604 - 614) විසින් නිර්මාණය කරන ලද ගිරිතලේ වැවට ජලය ලබාගැනීමට ඇලහැර අමුණ යලිත් ශක්තිමත්ව ඉදිකරවන්නට ඇති බව පෙනෙනවා

පැරණි අමුණ ටොන් 4 – 5 හෝ ඊට වැඩි බර දැවැන්ත කලු ගල් කුට්ටි යොදාගන ඉතා ශක්තිමත්ව ඉදිකරල තියෙන්නෙ. පාදමෙි පාෂාන තටිටුවට ගැලපෙන ලෙසට කලුගල් කුටිටි කපාගෙන‍, ඒවා කුස්තූර සමගින් එකිනෙකට පුරුද්දා සවිකොට ඇත. මෙහි හිස්තැන් සඳහා හුණුගල් වලින් බදාමයක් සකස් කර තිබී ඇති අතර පිටත කොටස් ගඩොල් භාවිතයෙනුයි. (ගල් කුටිටි එකිනෙක බැඳීමට යොදාගත් හුණුමිශ්‍ර බදාමය මී පැනි, ශාඛ සාර, පත්‍ර වල යුෂ, සිප්පි කටු හා හුනුගල් ආදියෙන් පිලියෙල කරඇති බව සොයාගෙන තියෙනව. ) සමහර තැන්වල ශේෂ වී ඇති මේ බදාමය සෙ. මී. 20-30 ක් වගේ ඝනකමින් යුක්තයි. දැනට ඉතිරිව ඇති බැම්මේ උපරිම උස මී. 4.60ක් වෙනවා. විස්මිත වාරි ණිර්මානයක් වන මෙහි අතීතයේදී බැමිමෙි මුදුනත පලල මීටර 180 ක් පමණ පලලට කලුගල් කුටිටි එකිනෙක ඈදා සුක්ෂමව ඉදිකර ඇත. අප රටෙි මෙතෙක් සොයාගෙන ඇති විශාලතම හා උසම පුරාණ ගල් අමුණේ දකුණු කොටසේ විශාල ප්‍රමාණයක් දැනට ශේෂ වී තියෙනව. ශේෂවූ පැරණි කොටසේ දිග මී. 62ක් පමන. මුලු දිග මීටර් 185 ක් පමන විය හැකි බවට මත පලවෙනව. අමුනේ බැමිමෙි ඇති සෑම ගල් කුටිටියකම පාහේ සංකේතයක් දකින්න පුලුවන්. පුරාණ වේල්ල සම්බන්ධ කරන ඉවුරු දෙක, සදපනාව ලෙස හැඳින්වෙන ගල් පවුරකින් ශක්තිමත් කර ඇති අතර, එය පුරාණ ජලාශවල බැම්මක රලපනාවට සමාන කාර්යභාරයක් ඉටු කරනව. දකුණු ගං ඉවුරේ සදපනාව අදත් පැහැදිලිව දකින්න පුලුවන්.

1942 දී ඩී එස් සේනානායක මහතාගේ කාලයේදී කොන්ක්‍රීට් යොදා අලුත් අමුණ නිර්මාණය කරල තිබෙනවා. ඊට ආසන්නයෙන්ම පැරණි අමුණ දැකගන්න පුලුවන්. නැරඹීමට එන සංචාරකයන් මහා මාර්ගය අසලින් ඇත්තෙ පැරනි අමුන ලෙසින් වරදවා වටහාගෙන ඇත්තේ, පසු කාලීනව ඉදිකල පාර ආසන්නයේ ඇති ඇනිකටි එකයි.
පැරණි බැම්ම හෝ එහි පිහිටීම ගැන සඳහන් පුවරුවක් හෝ නැති අතර, ඇනිකට් එක කෙලවරින් යායුතු ය. ඒ ස්ථානයේ අලි ඇතුන් බහුලව ගැවසෙන බව සඳහන් පුංචි බෝඩ් එකක් දකින්න පුලුවන්.
මේ ඇනිකට් එක හරහා තවත් මීටර් 500 ක් වගේ දුරිනුයි ලෝක උරුම ඇලහැර අමුනේ නටඔුන් පිහිටන්නේ. අලි ඇතුන් ගැවසෙන නිසාත්, අමුන ගැන සියළු තොරතුරු දැනගන්නටත් මග පෙන්වන්නෙක් ඉන්නවනං වඩාත් සුදුසුයි.
නිවැරදි කිරීමි ඇතොත් පෙන්වාදෙන මෙන් ඉල්ලමි.
අපේ ඉපැරනි තාක්ෂනය ගැන තොරතුරු බෙදා දිම සහ එම චාරිකා වලට එකතුකරගැනීම වෙනුවෙන් Dr Harsha Harsha Madhawa Ariyaratne ( Orthopedic surgeon ) Dr Manoj Medagama ( Consultant Anesthesia ) හද පිරි ස්තූතිය.

උපුටා ගැනීමකි
ස්තූතියි මුල් හිමිකරුට ❤

10/08/2025

උපුටා ගැනීමකි.

බොමුද තේ එකක්.............!
🛑🛑🛑මෙම නවෝත්පාදන පෙළට,
01.Ceylon Tea Whisky
02. Ceylon Tea Gin
03. Ceylon Tea Vodka
04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.

Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.

අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo