Covid19 prevention and discussion

Covid19 prevention and discussion

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Covid19 prevention and discussion, Health/Beauty, Anuradhapura, Colombo.

SL Rajarata King🤴 - YouTube 26/04/2024

Hello my dear face book friend please subscribe my YouTube channel and give me surpport for me

SL Rajarata King🤴 - YouTube SANDHARU MAXX CREATION

Viraj Nalin on TikTok 26/04/2024

https://www.tiktok.com/?_t=8lqjdyN3Ee8&_r=1

Viraj Nalin on TikTok 117 Followers, 711 Following, 80 Likes - Watch awesome short videos created by Viraj Nalin

Photos from Covid19 prevention and discussion's post 03/04/2020

Please share this

Photos from Covid19 prevention and discussion's post 03/04/2020

Please share this 🙏

01/04/2020

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 143ක් වෙයි

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(31) රාත්‍රී 11.20 වන විට වාර්තා වූ නව ආසාදිතයා සමඟ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 21 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා විය.

ඊයේ රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බවට තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 124 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේ ඇතුලු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පල කරන තවත් රෝගීන් 173 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02ක්.

01/04/2020

අද සිට එකම වේලාවක පිරිත් සජ්ඣායනා කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු විහාරස්ථානවලින් ඉල්ලයි
පවතින වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අද(01) සිට සතියක කාලයක් පිරිත් සජ්ඣායනා කර රටටත් ජනතාවටත් ආශිර්වාද කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය දිවයිනේ සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් සිදු කරයි.

එමෙන්ම රජයේ උපදෙස් පිළිපදිමින් නිවසේ සිටම මෙම ආධ්‍යාත්මික වැඩසටහන සමඟ සම්බන්ධවන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද සිට අප්‍රේල් 07 වැනිදා තෙක් සතියක කාලයක් රාත්‍රී 7 සිට 8 දක්වා පැයක්, ජනතාවට ආශිර්වාද කිරීම සඳහා එක්වන්නැයි නිවේදනයක් නිකුත් කරමින් මහනාහිමිවරු ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ සියලු විහාරස්ථානවලින් ඉල්ලා සිටියි.

සියලු විහාරස්ථානවල ඝන්ඨාර නාද කර, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, බුද්ධ වන්දනාව සිදුකර රතන සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය ඇතුළුව පිරිත් දේශනා කර ජනතාවට සෙත් පතා සියලු විහාරස්ථානවල එකම වේලාවක එනම් රාත්‍රී 7.55ට සත්‍ය ක්‍රියා කරන ලෙස එහි දැක්වෙයි.

මේ අතර පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ගිහි ජනතාව ද රජය විසින් ලබාදෙන නිවේදන අකුරටම පිළිපදිමින් නීතිගරුකව සිය නිවෙස්වල සිට මේ උතුම් ක්‍රියාවට සම්බන්ධවන ලෙසයි.

01/04/2020

ඇඳිරි නීතිය ඉවත් කරාට සමෘද්ධි බැංකුවලට යන්න එපා
sinhala.adaderana.lk Logo
ENGLISH
தமிழ்
ඇඳිරි නීතිය ඉවත් කරාට සමෘද්ධි බැංකුවලට යන්න එපා

ඇඳිරි නීතිය ඉවත් කරාට සමෘද්ධි බැංකුවලට යන්න එපා
April 1, 2020 06:38 am

අද(01) දින ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලැබු ප්‍රදේශවල ජනතාවට සමෘද්ධි බැංකුවලට යෑම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කරයි.

එසේ බැංකුවලට ගිය ද ආධාර ලබා ගැනීමට ‍හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

සමෘද්ධි ආධාර මුදල ලබා දීමට සමෘද්ධි නිලධාරීනිය හෝ නිලධාරියා නිවසටම පැමිණ මුදල් බාර දෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ(31) පැවති කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි පොලී රහිත ‍රුපියල් 5000 ණය මුදල පවුල් 948000 ක ප්‍රමාණයකට නිකුත් කර ඇති බවත් අමාත්‍යවරිය පැවසීය.

ඒ සඳහා වු මුදල් රුපියල් මිලියන 4700 අදාළ බැංකු වෙත මේ වන විට මුදා හැර ඇති බවත් හෙට හෝ අනිද්දා වන විට එම මුදල් සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සියලු පවුල‍් වෙත ලැබෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්යාතප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධි ලභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සංමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ මෙම අත්තිකාරම් මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවයි.

එහි පළමු අදියර යටතේ රුපියල් 5000ක දිමනාමක් සමෘද්ධිලාභින් සඳහා මේ වන විටත් ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.

සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ.

මෙම සහන මුදල සඳහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සඳහා මාස 18ක කාලයක් හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

01/04/2020

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(01) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ.

එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිටයි.

එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබේ.

අදාළ කාලය තුළ එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ, පැය 8ක කාලයක් පමණයි.

එම කාලය තුළ කලුතර දිස්ත්‍රික්කයට වාර දෙකක් ඇදිරි නීතිය ඉවත් කරනු ලැබූ අතර සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට වාර 5ක් ඇදිරි නීතිය ඉවත් කර තිබේ.

ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟයි.

පසුව පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හදුනා ගැනුණි.

31/03/2020

Request for the media from our page

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Anuradhapura
Colombo
500000