Health & Beauty tips
Hi, Welcome to Health & beauty Tips Page On Facebook. Publishing videos of Guidelines on Fitness, Health Care, Skin Care, Hair Care, Home Remedies and more.
I hope you like my Page, there will be many more videos to come for your help.
15/03/2020
15/03/2020
බර අඩුකරගන්න හීනය අද කොයිකාගේත් හීනය.ටිකක් මහත්වුනත් ඒ ගැන හරියට හිතනවා.ඇඟ ටිකක් මහත් වෙනවා කියන්නේ ලෙඩ-රෝග රැසක් ඇතිවෙනවා කියන එකයි බහුතර මතය.ඒකෙ ඇත්තක් නැතුවම නෙවෙයි.නමුත් ඉතින් ඇඟ ටිකක් මහන්සි කරලා ව්‍යායාම කරලා,කෑම-බීම ටිකක් පාලනය කරලා,සෞඛ්‍යාරක්ෂිත කෑම වේලක් කනවා නම් මහත්වෙන එකට බය වෙන්න දෙයක් නැහැ.නමුත් ඉතින් ඇඟට ටිකක් දාඩිය දානකන් මහන්සිවෙන්න අකමැති,ටිකක් කම්මැලි අයත් අපි අතරේ ඉන්නවනේ.ඔන්න ඒ අයට කනබොන දේවල් ටිකක් පාලනය කරලා බර අඩු කරන හැටි කියලා දෙන්නයි අපි මේ හදන්නේ.
01. ඔයාට ඇත්තටම බඩගිනිද? නැත්තං තිබහද?සමහරවෙලාවට අපිට තිබහත් දැනෙන්නෙත් පොඩි බඩගින්නක් වගේ.අන්න ඒ නිසා මේ දෙක හරියට අඳුරගන්න එක හරිම වැදගත්.තිබහට මොනා හරි කාලා නිකන් බර වැඩි කරගන්න ඕනි නැහැනේ.ඒ නිසා ඊළඟ පාර මේ වගේ හැඟීමක් ආවම බඩ පිරෙන්න සීතල වතුර එකක් බොන්න.ඊට පස්සෙත් බඩගිනි නම් ඇත්තටම ඔයාට දැනිල තියෙන්නේ බඩගින්නක්.
02. පොඩිම පොඩි කෑම වේල්: බර අඩුකරගන්නවා කියන්නේ හැමවෙලේම කෑමවේල එහෙම්-පිටින්ම කපලා දාන එක නෙවෙයි.කාටවත් පුළුවන් ද මිදි ගෙඩි තුනක්, සැල්දිරි අත්තක් කාලා ඉන්න.ඒ නිසා කෑම හිතුමනාපෙට අඩුකරන්න එපා.ඔයා සාමාන්‍ය කන විදියට කන්න.හැබැයි ඉස්මුරුත්තාවට එනකං නෙවෙයි.ඔයා ෆුල් කියලා දැනුන ගමන්ම කෑම නවත්තන්න.කෑම ටික ගානට දිරවගන්න එක ඔයාගේ ඇඟ කරාවි.
03. උදේ කෑම නම් අමතකකරලා බැහැ:දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න නම් උදේ කෑම අත්‍යාවශ්‍යයි.දවසේ පැය ගණනාවක් නින්දේ ගතකරන ඔයා ශක්තිය ආපහු හොයාගන්න නම් උදේට හොඳට කන්නම ඕනි.බඩගින්න වදදෙනකම් ඉන්නේ නැතුව නියමිත වෙලාවකට උදේ කෑම ගන්නවානම් තමයි වඩා හොඳ.
04. හොඳට කන්න: මේ කියන්නේ බඩ පැලෙන්න කන්න කියලානම් නෙවෙයි.ඔයාගේ ඩයට් එක නියමිත පෝෂණයෙන් තියෙනවද කියලා බලලා කෑම කන එක.මේදය අධික,සීනි සහිත,කොටින්ම කියනවානම් ඇඟට සනීපයක් නොදැනෙන කෑම කනවා වඩා හොඳ ගුණදායක කඩල කෝප්පයක් කන එකෙන් ඔයාට ලැබෙන වාසිය කියලා නිම කරන්න බැහැ.පළතුරු,එළවළු,ප්‍රෝටීන් ශක්තියත් එක්ක හොඳ කෑම වේලක් ඔයාගේ ඇඟට ලැබෙනවානම් බර අඩුකරගන්න අමුතු මහන්සියක් ගන්න අවශ්‍ය නැහැ.
15/03/2020
නිරෝගී පුරවැසියන් යනු ඕනෑම රටකට තිබිය හැකි විශාලතම වත්කමයි. - "වින්ස්ටන් එස්. චර්චිල්"
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00400