Ceylon Aura Ayurveda Wellness

Ceylon Aura Ayurveda Wellness

Share

Genuine Ayurveda Wellness and Panchakarma Treatments with Yoga Meditation and authentic Natural herbal products.

Traditional Ayurveda Doctors to relax your body and mind with professional service staff.

21/06/2022

විළුඹ කැක්‌කුම - Plantar Fasciitis
අද නිතර කතා බහට ලක්‌ වන රෝග අතර විළුඹ කැක්‌කුමද ඉතා විශේෂ තැනක්‌ ගනී. ඔබ දවසේ වැඩ කටයුතු නිමා කොට ඉතා සුව නින්දකට යහන්ගත වූවත් එම සුව යහනින් අවදිවන්නේ ඉතාමත් කණස්‌සල්ලෙන් බව කිවහොත් ඔබ එකඟ වනු ඇත.

හිමිදිරි උදෑසන අවදි වී පය බිමට තබා පියවර කිහිපයක්‌ තබනුයේ ඉතාමත් වේදනාකාරීව හා අසීරුවෙන් බව කිව යුතුය. එහෙත් විනාඩි 15 ත් 20 ත් අතර කාලයක්‌ ඇවිද ගිය විට එම අසීරු බව පහව ගොස්‌ සාමාන්‍ය පරිදි ඇවිදීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. නැවත මොනයම් අවශ්‍යතාවයකට පැයක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ එක තැන වාඩි වී සිට නැවතත් ගමන් කිරීමේදී පෙර පරිදි වේදනාව දැනෙනු ඇත.

මෙම රෝගී තත්ත්වයට බලපානු ලබන්නේ තම පාදයේ යටි පතුලේ තිබෙන්නා වූ පටකයකි. එම පටකය නවීන විද්‍යාව අනුව ප්ලාන්ටා ෆැසියා (Planta Fascia) නමින් හඳුන්වනු ලබයි. මෙම පටකය නිර්මාණය වී ඇත්තේ ඝන කෙඳි විශේෂයකිනි. මෙම පටකය පාදයේ පිටුපසින් විළුඹ අස්‌ථීයටත් ඉදිරියෙන් පාදයේ මැද කොටසේ අස්‌ථීවලටත් සම්බන්ධ වී ඇත.

මෙම රෝගයේදී එම පටකයේ ඇති වැදගත්කම නම් පාදයේ යටි පතුලේ වක්‍ර හැඩය පවත්වා ගැනීමටත්, බර වගේම කම්පනය දරා ගැනීමටත්, එය උපකාරී වේ. මෙම පටකය වරින් වර සිද්ධ වන තැලීම්, ඉරීම්, වැනි හානි නිසා මේ පටකය විළුඹ ඇටයට සම්බන්ධ වන ස්‌ථානයේදී ප්‍රදාහයට (ඉදිමුමට) ලක්‌ වීම නිසා මුලින් සඳහන් කළ වේදනාව ඇතිවිය හැකිය.

මෙම රෝගී අවස්‌ථාවේදී දීර්ඝ කාලයක්‌ එක දිගට සිටගෙන සිටීම, වැඩිපුර ඇවිදීම, කුෂන් රහිත පාදයේ වක්‍ර හැඩයට නොගැළපෙන පාවහන් පැළඳීම හා ශරීරයේ අධික බර නිසා විළුඹ පිටුපසින් ඇති බල නහරය ප්‍රමාණවත් තරමට ලිහිල් නොවීම ආදී හේතු සාධක බලපානු ඇත.

මෙම රෝගී තත්ත්වය වර්තමානයේ සුලබ තත්ත්වයක්‌ වන අතර ජනගහණයෙන් දසදෙනෙකුගෙන් එක්‌ අයෙකුට ජීවිත කාලයෙන් එක්‌ වරක්‌ හෝ මෙම රෝගයෙන් පීඩා විඳීමට සිදුව ඇත. වයස අවුරුදු 40-60 ත් අතර වයස්‌ කාණ්‌ඩ වල අය අතර මෙම රෝගය සුලබව දැකිය හැකිය. එයින් කාන්තාවන් මෙම රෝගයට බඳුන්වන ප්‍රමාණය වැඩිය.

තවද මෙම රෝගයට සමාන මෙවන් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගයක්‌ පිළිබඳ දැන සිටීම වටී. එම රෝග තත්ත්වය තුළ මෙවැනි රෝග ලක්‍ෂණ පහල වූවත් එය මීට වඩා පීඩාකාරී රෝගයකි. එහිදී සිදුවනුයේ අපගේ යටි පතුලේ විළුඹ අස්‌ථීයට යම්කිසි සුළු වශයෙන් හෝ හානියක්‌ වීම එහිදී විශේෂයෙන් ශාරීරික අභ්‍යාසවල නියෑළෙන අයවලුන්, ක්‍රීඩකයන් නිතර විළුඹ බිම වදින ලෙස කාර්යයන් කරන අයට බව කිව යුතුය.

මෙහිදී විළුඹ අස්‌ථියට දරා ගැනීමට නොහැකි පීඩනයක්‌ මගින් එම අස්‌ථිය සුළු ප්‍රමාණයකින් කඩතොලු තත්ත්වයට පත් වූවහොත් කාලයත් සමග කඩතොලු වූ ස්‌ථානයෙන් පැන්සල් තුඩක්‌ සේ බාහිරට ලියලා වැඩීමයි. (කැල්සියම් තැම්පත් වේ) එය ඉහත කී පටක පීඩාවට පත්වූවාට වඩා වේදනාකාරී වේ.

පටක ඉරීම් සහ තැලීම් ඇති රෝගීන් තම පාදය පීඩාවට පත් නොකර සිටීම තුළින් එය කාලයත් එක්‌ක සුවවන අතර නමුත් එවිට බොහෝ කාලයක්‌ ගතවනු ඇත. එම නිසා එයට නිසි ප්‍රතිකාර ගත් විට ඉක්‌මනින් සුව කර ගත හැක. එහෙත් විළුඹ අස්‌ථියට යම් සුළු හානියක්‌ හෝ වීමෙන් හටගන්නා වේදනාවට ඖෂධීය පොට්‌ටනිවලින් තවා තෙල් ගා මැල්ලුම් හා පත්තු බැඳීම කළ යුතුය.

We do wellness service and Ayurvedic Panchakarma treatment for foot "Plantar Fasciitis" fast recovery.

Home visit service availableavalabal in Colombo, Sri Lanka.

More Info, Call us today:
Message | WhatsApp | +94 (74) 2424 205
We are open from 9.00am to 10pm.

21/06/2022

අංශභාග රෝගියෙකු උපරිම ලෙස යථාතත්වයට පත් කර ගැනීම සඳහා භෞත චිකිත්සාව සහ අයුර්වේද සම්භාහන බෙහෙවින් උපකාරී වේ. අංශභාගය වැළඳීමෙන් පසු ඇති විය හැකි සංකූලතා අවම කරගැනීම සඳහා භෞත චිකිත්සාව ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
පුනරුත්ථාපන ක්‍රියාවලියට කාලයක් ගත විය හැකි නමුත්, රෝගියෙකු පූර්ණ සුවය ලබන තුරු ඔහු ට සාමන්‍ය ජිවිතයේ කටයුතු කරගෙන යෑම සඳහා සැලකිය යුතු දිරිගැන්වීමේ ප්‍රතිඵලයක් ලබා දේ. සුවය ලැබීම රඳා පවතින්නේ යම් පුද්ගලයෙකු අංශභාගය වැළඳී ඇති ආකාරය මත ය.
Ayurveda Therapy and Physiotherapy can greatly help a patient of paralysis by making him/her independent to the maximum extent. Physiotherapy also plays an important role in negating potential complications after a paralysis. Although the process of rehabilitation can take time, it produces significantly encouraging result for a patient to continue with it until full recovery. The recovery depends on the type of paralysis a person has undergone.
Notably, there are four types of paralysis:
01. Hemiplegia
02. Quadriplegia
03. Paraplegia
04. Monoplegia
Role of Physiotherapy-
The process of physiotherapy should resume as soon as the patient is stabilized. It not only helps in relaxing muscles, but also helps in smooth blood circulation. Long-term therapy can ensure muscle tone and overall well-being of an individual.
In the case of an external injury related to the brain, physiotherapy can speed up the recovery and reduce swelling to a significant extent. Some of the benefits are-
Physiotherapy can help a person regain the highest possible mobility.
Physiotherapy can increase the respiratory function of a person.
It helps the person in bringing down blood pressure and contracture.
A physiotherapist also focuses on unaffected area and works on them to ensure that the unaffected part of the body, in no way, loses mobility and retains the natural strength.
Physiotherapy also helps to manage a paralyzed bladder.
A physiotherapist suggests proper wheelchair, splint, braces, orthosis etc. These help a person to reintegrate quickly after the paralysis.
Physiotherapy lifts the morale and motivation of a patient by addressing post-traumatic experiences such as denial, anger, hostility, depression and anxiety.
It also serves as a perfect guide for the family of the patient.
Exercises that a Physiotherapist Suggests-
Aerobic Exercise: This is a set of physical exercises that lets the muscle tissues exchange oxygen at a rapid rate. The goal is to enhance the function of the motor neuron and the aerobic capacity of a patient. Support straps and gain belts might be required for a patient to stand on feet. A handrail helps to walk during this phase.
Physical Conditioning: Balance, stability, and coordination is the motive of any physical program for a paralyzed individual. Passive or active motion exercises help an individual to regain function of the limbs. Passive exercise also helps to regain strength. A physiotherapist rotates the thumb of a patient in such a way that the back of his hand faces forward.
Leg Rotations: One common exercise that is tried by a physiotherapist is to make the patient lie down on a mat with his/her legs straightened. Supporting the knee joint and the ankle, the right leg is moved outward and pulled backward. This is again repeated with the other leg. If you wish to discuss about any specific problem, you can consult a Ayurveda and physiotherapist and ask a free question.
We bring our various services into your home to help overcome some of the challenges any individual and less mobile patients face. Our carefully selected specialists will help you or your loved one to remain independent and get the most out of life.
For Appointments, call us on +9474 2424 225

21/06/2022

දියවැඩියාව කල්තියා හදුනා ගනිමු.
(ප්‍රථම භාගය)
සාමාන්‍ය භාවිතයේදී කෙටියෙන් දියවැඩියාව (Diabetes Millitus) යනුවෙන් හදුන්වන අතර මදුමේහය යන නමින්ද ප්‍රකටය. ශරීරයේ පරිවුර්තීය කියාවන් හී අක්‍රමිකතාවක් නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහල යාම නිසා ඇතිවන රෝගී තත්වයකි.
මෙය ඇති වන්නේ සිරුර තුල ඉන්සියුලින් නැමති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිගතාවය එම හෝමෝනය කෙරෙහි දේහයේ ප්‍රතිරෝදය නොමැතිව උවද ඇතිවිය හැක. මෙහි ආවේනික රෝග ලක්ශනයක් වන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල යාම නිසා ඇතිවන රෝග තත්වයන්ය.(පෙර ලියා ඇති සටහන කියවන්න) දියවැඩියාවට ප්‍රතිකාර නොකලහොත් කිටෝ ඇසිඩෝසීස්(kito Acidosis) සහ කීටෝටික නොවන හයිපසෝමලර් (Hyperosmoler) ඇතිවිය හැකි දරුනු ගනයේ සංකූලතා වේ. හර්දයාබාද, වකුගඩු අකර්මණ්‍යතාව, පාදයේ ඇතිවන තුවාල, ඇස් වලට ඇතිවන බලපෑම්, යන ඒවා දියවැඩියාව නිසා ඇතිවන දිගු කාලින බරපතල රෝග වේ.
දියවැඩියාව යනු කුමක්ද
සෑම පුද්ගලයෙකුටම රුධිරයේ යම්කිසි සීනි ප්‍රමාණයක් ඇත. මෙය අසාමාන්‍ය ලෙස ඉහල යාම දියවැඩියාව ලෙස හැදින්වේ
FBS - 60 - 110/ Mg /dl
PPBS 80 - 140/ Mg/dl
රුදිරයට සීනි ලැබෙන්නේ කෙසේද
අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීරනය වී ග්ලූකෝස් නැමති සරල සීනි බවට පත් වීමෙන් පසු අපේ රුධිරය උරා ගනී
සීනි අපට අවශ්‍ය ඇයි
අපට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ සීනි වලිනි. රුධිරයේ ඇති මෙම සීනි අපගේ සිරුරේ ඇති සෑම සෛලයක් වෙතම ලබා දේ.
රුදිරයේ සීනි මට්ටම ඉහල යන්නේ ඇයි
මෙම සීනි රුධිරයේ සිට සෛල වලට ඇතුල් කිරීමට ඉන්සියුලින් අවශ්‍යයි. මෙම සීනි අඩංගු සෛල තුලට ඇතුලු වන්නේ එහි ඇති දොරටුවකින් නම් ඉන්සියුලින් යන එම දොරටුව විවුර්ත කිරීමට අවශ්‍ය යතුර වේ. එම යතුර නොමැති විට සීනි සෛල තුලට නොයන අතර ලේ වල සීනි මට්ටමද ඉහල යයි.
දියවැඩියාවෙහි රෝග ලක්ශන මොනවාද
ලේ වල සීනි සාන්ද්‍රණය ඉහල යාම නිසා
මූත්‍රා පිට වීම වැඩි වීම
අධික පිපාසය
සෛල වලට සීනි නොලැබුනු විට
තෙහෙට්ටුව
නිතර බඩගිනි දැනීම
නිදි මත ගතිය
සමහර විට මෙම රෝග ලක්ශන නොමැතිව උවද දියවැඩියාව තිබිය හැකිය. පවුලෙ දියවැඩියාව රෝගින් සිටී නම් රුධිර සීනි පරීක්ශාවක් කර ගත යුත්තේ ඒ නිසයි.
දියවැඩියා වර්ග
පලමු වර්ගය (Typy 1 )
මෙහිදී අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම අඩු වීම හෝ හෝමෝන නිපදවන්නේ නැත. බොහෝ විට මේ තත්වය ඇති වන්නේ කුඩා දරුවන්ට හෝ තරුන අයටයි. ප්‍රතිකාරයට ඉන්සියුලින් එන්නත් කල යුතුයි.
දෙවන වර්ගය ( Type 2)
මෙහිදී සිදු වන්නේ ඉන්සියුලින් තිබුනද ඒවා සෛල මගින් භාවිතා නොකිරීමයි. මෙම තත්වයට ආහාර පාලනය මගින් හෝ ඖශද මගින් ප්‍රතිකාර කල හැකි අතර සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයීමද අවශ්‍ය වේ.
ගර්බනී අවස්ථාවේ ඇති වන දියවැඩියාව
ගර්බනී අවදියේදී රුදිර ගත සීනි මට්ටම වැඩි විය හැක
දරු ප්‍රසූතියෙන් පසුවද රුධිර සීනී මට්ටම වැඩිවී තිබිය හැක. පසු කලකදී එය දියවැඩියාව ඇති වීමට හේතු කාරනා වේ.
හොද රුධිර සීනි පාලනයක් ඇති වන්නේ ඇයි
රුධිරයේ සීනි මට්ටම අදික වීම ශරීර ඉන්ද්‍රීයනට විශාල ලෙස හානි ඇති කිරීමට හේතු වෙයි. මෙම අතුරු ආභාද කෙටි කාලින හෝ දිගු කාලීන විය හැක.
කෙටි කාලින බලපෑම්
සීනි තත්වයේ වෙනස්කම්
විජලනය
විවිද ආසාදන වලට ලක්වීම්
දුර්වල සීනි මට්ටම පාලනය හේතුවෙන් දිගු කාලීනව ඇති වන බලපෑම්
හර්දය
හර්දයාබාද හා පාද වලට දුර්වල රුධිර සැපයීම
ස්නායු පද්දතිය
දෙපා හිරිවැටීම
තුවාල වල සංවේදීතාවය අඩු වීම
ඇස
සුද ඇතිවීම
අන්ද භාවය ඇති වීම
වකුගඩු
මූත්‍රා ආසාදන
වකුගඩු ක්‍රියා විරහිත වීම
මෙම සංකූලතා වලින් වැලකිය හැක්කේ කෙසේද
හොද රුදිර සීනි පාලනයක් පවත්වාගෙන යාම
අධි රුදිර පීඩන රෝගයෙන් පෙලෙයි නම් හොද රුධිර පීඩන පාලනයක් පවත්වා ගෙන යාම
රුධිර ගත කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම
ආහාර හා ව්‍යායාම සමග උසට සරිලන බර පවත්වාගෙන යාම
ක්‍රමානුකූලව සායනයකට පැමිනීම හා සංකූලතා පරීක්ශා කර ගැනීම
දියවැඩියාව එකම එක තත්වයේ පවතින රෝගයක් නොවේ. කාලය සමග දියවැඩියාවට වඩ වඩාත් තීව්‍ර තත්වයට පත්වේ.

12/06/2022

That uses Ayurvedic Treatments by Home Visit in Colombo 1-15 Sri Lanka. By Qualified Traditional Ayurveda Doctors and Professional Therapists,

දැන් ඔබට අවශ්‍ය සියලුම ආයුර්වේද ප්‍රතිකාර හා සේවාවන් ඔබගේ නිවසට පැමින එම ස්ථානයේදීම සිදු කරගෑනීමට අප අවස්ථාවක් සලසා දි ඇත.

🔘 Back Pain Relief Ayurveda Treatments
🔘 Foot Pain Relief Ayurveda Treatments
🔘 Removing unwanted Body fat Ayurvedic treatment
🔘 Body Weight Loss Ayurvedic treatment
🔘 Body and Mind Relaxing Ayurveda Abhyanga
🔘 Ayurveda Head Pain Relief Ayurveda Treatments
🔘 Ayurveda Foot Pain Relief Ayurveda Treatments
🔘 Foot Reflexology
🔘 Ayurveda Face Care Ayurveda Treatments
🔘 Ayurveda Abhyangas for Body Pain Relief Treatments
🔘 Ayurveda Cleanup
🔘 Ayurveda Facial
🔘 Ayurveda Body Scrub Ayurveda Treatments

We are "Ceylon Aura Ayurveda & Wellness"
♡ Done by Traditional Ayurveda Doctors and Qualified Therapists
♡ Home Visits Available in Colombo 1-15

More Info
Message | WhatsApp | +94 (74) 2424 225

02/06/2022

අපි අංශභාගය ඉක්මනින් සුවකිරීම සඳහා භෞත චිකිත්සාව සමඟ ආයුර්වේද ශාකසාර ඹෟෂධ තෙල් ප්‍රතිකාර කරන්නෙමු.
We treat ayurvedic herbal oils with physiotherapy to cure paralysis quickly

The temporary inability to move one’s own limbs or speak is known as paralysis. Paralysis is triggered by problems with the body’s nervous system and affects the functioning of muscles all over the body. This condition can affect a single limb, the right or left side of the body, or the complete body.

A paralytic attack is often caused by a stroke or damage in the nervous system. It can also be caused by exposure to radiation or toxins, autoimmune diseases, tumours and spinal cord trauma. Recovery from a paralytic attack depends on the causes and the extent of the injury that triggered it. With some types of paralysis, partial or even complete, recovery is possible.

Paralysis Treatment with Ayurvedic Medication
Ayurveda is an alternative system of medicine that can be quite effective when it comes to treating paralysis.
This Ayurveda system of the medication does not look only at the physical symptoms but also the mental and spiritual well-being of the patient as well.

also we do Ayurvedic Treatment for paralysis for fast recovery.
Booking and More Info, Call us today:
Message | WhatsApp | +94 (74) 2424 205

We are open from 9.00am to 10pm.
available in Colombo, Sri Lanka.

31/05/2022

අංශභාගය තත්වය සෑදුණු පසුව රෝගියෙකු නිසි ආකාරයව පුනරුත්ථාපන ( Rehabilitation ) කිරන්නේ කෙසේද?
මේ සදහා ප්‍රථිකාර විධි කිහිපයක්ම පවතී. මේවා එකිනෙක බැදුනු ක්‍රියාවලීන් ලෙසද මෙන්ම තනි තනි ක්‍රියාවලීන් ලෙසද පවතී .
1. ඖෂධ හා ශල්‍යකර්මයන් මගින්
2. භෞත චිකිත්සක ප්‍රථිකාර ක්‍රම මගින්
✅ඖෂධ මගින් හා ශල්‍යකර්මයන් මගින්
සිදුකරනු ලැබූ පරීක්ෂණ වාර්ථා අනුව රුධිර කැටියක් ( Blood Clot ) මස්තිස්ක රුධිර වාහිනියක් තුළ සිරවී ඇත්දැයි නිගමනය වූ විට එම රුධිර කැටිය දියකර හැරීම සදහා ඖෂධ (Clot Busting Medication) ලබාදේ. මෙහිදී මස්තිස්ක රුධිර වාහිනියක් අධික රුධිරය පීඩනය නිසා පුපුරා ගොස් ඇත්නම්, ශල්‍යකර්මයක් සිදුකරයි.
රෝගියා තුළින් පෙර සදහන් කරනු ලැබූ අවදානම් ලක්ෂණ (Warning Signs) හදුනාගත් වහාම පැය හතරක් වැනි කාලයක් තුළදී රෝගියා රෝහල් ගත කිරීම මගින් රෝගියා අනාගතයේදී ආබාධිත නොවී රෝගියාගේ ගුණාත්මකභාවය (Quality Of Life) රැකගැනීමට හැකිවේ.
✅භෞත චිකිත්සක ප්‍රථිකාර ක්‍රම මගින්
අංශභාගය තත්වය සහිත රෝගීන් දීර්ඝකාලීනව එක්තැන් වීම අවම කරමින්, ඔවුන්ගේ ආබාධිත තත්වය සම්පූර්ණයෙන්ම හෝ යම්තාක් දුරට සුවකරමින් රෝගී පුනරුත්ථාපන (Rehabilitation) සදහා භෞත චිකිත්සක ප්‍රථිකාර උපකාරී වේ.
මෙහිදී ප්‍රධාන කොටස් 03 ක් යටතේ ප්‍රථිකාර කිරීම සිදු කරනු ලැබේ.
1. භෞත චිකිත්සාව (Physiotherapy)
2. කථන චිකිත්සාව (Speech therapy)
3. වෘත්තීය චිකිත්සාව (Occupational therapy)
🔹භෞත චිකිත්සාව
අංශභාගය රෝගීන්ට නිතැතින්ම පවතින අත් පාද වල ආබාධ තත්වයක් පවතී. මෙම ආබාධිත ඉරියව්ව දීර්ඝකාලීනව පැවතියේ නම්, එය වර්ධනය වී නැවතත් මුල් නීරෝගී තත්වයට අත් සහ පාද ගැනීමට නොහැකි වේ.
එමනිසා භෞත චිකිත්සකවරයා විසින් රෝගියා නිවැරදි ඉරියව් වල තැබීම සහ රෝගියා භෞත චිකිත්සක ව්‍යායාම වල නිරත කරවයි. එහිදී රෝගියාගේ සන්ධි වල ඇති සංවේදක ග්‍රාහක මගින් ස්නායු උත්තේජනය කර සන්ධි හා මාංශ පේශි වල තද භාවය සහ දරදඩු භාවය අවම කරයි.
මෙම ප්‍රථිකාර විධියේ අවසාන ප්‍රථිඵලය වන්නේ, නිවැරදි චලනයන් සහ සමබරතාවයන් ගොඩනැගීමයි.
🔹කථන චිකිත්සාව
ආඝාතය රෝගය මස්තිස්කයට බලපාන ප්‍රදේශය අනුව රෝඉගීන්ගේ කථන හැකියාවට ඇති කරන බලපෑම තීරණය වේ. සමහර රෝගීන්ට කථනය අපැහැදිලි, වචන පැටලෙන ස්වාභාවයක් පැවතුනත් සමහර රෝගීන්ගේ කථනය සම්පූර්ණයෙන්ම අඩාල වේ. එමනිසා, රෝගියාගේ දුර්වල කථනය නැවතත් යථා තත්වයට පත් කිරීම සහ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රම නැවතත් නිවැරදි තත්වයට පත්කිරීම මෙහිදී සිදුකරයි.
🔹වෘත්තීය චිකිත්සාව
ස්වාධීනව තමන්ගේ වැඩ සිදුකර ගනිමින් එදිනෙදා දින චර්‍යාව සදහා පුරුදු වීම සහ තමන්ගේ රෝගී තත්වයට ගැලපෙන උපකරණ භාවිතා කිරීම මෙහිදී පුරුදු කරවයි.
ඔබට අවශ්‍ මෙවැනි වටිනා සෞඛ්‍යය උපදෙස් හා අනෙකුත් තොරතුරු දැනගැනීමට අපගේ ලිපි කියවන්න අපගේ මෙම පේජ් එකට ලයික්කර එකතුවන්න.
මෙම කරුණු තවත් කෙනේකුගේ ජීවිතය ට වටිනාකමක් එක්කල හැකියැයි.. ඔබට සීතේනම් පමනක් ශේයාකිරිමෙන්.. නොමිලේ ම දායක විය හැකිය..

18/05/2022
02/05/2022

ඔබත් දීර්ඝකාලීන දණහිස් වේදනාවෙන් හෝ පාදයේ වේදනාවෙන් දුක් විඳිනවාද.. පාරම්පරික නිල ප්‍රතිකාර මගින් හා ආයුර්වේද පංචකර්ම බාහිර ප්‍රතිකාර මඟින් පූර්ණ සුවය සලසා දිය හැකියි විමසන්න.

Traditional maruma and Ayurveda Panchakarma treatment.

We are "CeylonAura Ayurveda Resort"
Flexible on Customer Requirements,

♡ Ladies / Gens and Couples.
♡ Done by Qualified Male & Female Therapists
♡ Home / Hotel Visits Available

Booking and More Info.
Message | WhatsApp | +94 (74) 2424 225

30/04/2022

We do Genuine Ayurvedic treatment only.

We are "CeylonAura Ayurveda Resort"
Flexible on Customer Requirements,

♡ Ladies / Gens and Couples.
♡ Done by Qualified Male & Female Therapists
♡ Home / Hotel Visits Available

Booking and More Info
Message | WhatsApp | +94 (74) 2424 225

14/04/2022

ඔබ සැමට සාමය හා ප්‍රීතිය සපිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවායි "සිලොන් ඔරා ආයුර්වේද රීසොට්" අප ආයතනයේ හැම හදවතකින් ම පැතුම් එක්කරනවා...

"Ceylon Ora Ayurveda Resort" wishes you all a peaceful and happy Sinhala and Hindu New Year with all our hearts ...

10/03/2022

Janu Vasti Ayurvedic Treatment
ජානු වස්ති ප්‍රතිකාරය
දණහිසේ ආබාධ හා අභ්‍යන්තර තුවාල සඳහා අප ආයතනය මගින් සිදූකරනු ලබන විශේෂ වු කේරලීය ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාරයකි.

ජානු වස්ති යනු විශේෂිත ආයුර්වේද ප්‍රතිකාරයක් වන අතර එය දණහිසේ සන්ධිය වටා හෝ දැවිල්ල හෝ තුවාල වූ ස්ථානය වටා විශේෂයෙන් සාදන ලද කුටිරයක් තුලට ඖෂධීය තෙල් එකතු කිරීම මගින් ප්‍රතිකාර ය සිදුකරයි. ඔස්ටියෝපොරෝසිස්, ටෙන්ඩොනයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, රූමැටොයිඩ් ආතරයිටිස්, ලිගයමන්ට් ඉරීම වැනි විවිධ මාංශ පේශි ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රම ය භාවිතා කළ හැකිය.

♡ ජානු වස්ති ප්‍රතිකාරයේ ප්‍රතිලාභ

• දණහිස් සන්ධිය ලිහිසි කරයි
• දණහිසේ සන්ධි සංචලනය වැඩි කරයි
• දණහිස් සන්ධිය අවට මාංශ පේශී, අස්ථි සහ ස්නායු පෝෂණය කර ශක්තිමත් කරයි.
• රුධිර සංසරණය වැඩි කරයි.
• දණහිසේ සන්ධි සහ පැටවා අවට ඇති වේදනාව, කැක්කුම, තද බව සහ දැවිල්ල සමනය කරයි.
• දණහිස් සන්ධිවල කාටිලේජ ගැලවී යාමෙන් ආරක්ෂා කරයි.

♡ ජානු වස්ති සඳහා පැමිණීමට පෙර මතක තබා ගත යුතු කරුණු

• පැමිණීමට පෙර මලපහ හා මුත්‍රා වැනි ශරීර කෘත්‍ය සිදුකරගෙන පැමිණීම
• පූර්ව කර්ම ලෙස සිදු කරනු ලබන ඖෂධීය තෙල් සහිත ආයුර්වේද සම්බාහනය අවශ්‍ය වේ.
• මිනිත්තු 10 සිට 15 දක්වා සම්බාහනය කිරීමෙන් පසු සම්මත වාෂ්ප ස්ෙව්දය හෝ NADI-SWEDANA සිදු කර තිබීම .
• ප්‍රතිකාර අත අතරතුර කිසිම ආකාරයක අනවශ්‍ය ලෙස බර එසවීමෙන් වැළකී සිටිය යුතුයි.
• ඔබේ වාඩි වී සිටින සහ සිටගෙන සිටින ඉරියව් නිවැරදි කරගතයුතු ය.

අප ආයතනය ඔබගේ අවශ්‍යතාවය සඳහා උදව් කිරීමට කැමැත්තෙන් සිටින්නෙමු කරුණාකර ඉන්බොක්ස් මගින් හෝ අපගේ වට්ස්ඇප් අංකය මගින් ඔබගේ ගැටලුව ඉදිරිපත් කර දිනයක් වෙන් කරවා ගත හැකිය.

We are "Ceylon Ayurveda Resort"
Flexible on Customer Requirements,

♡ Done by Qualified traditional ayurvedic doctors & Therapists
♡ Home / Hotel Visits Available

Booking and More Info
Message | WhatsApp | +94 (74) 2424 205

10/03/2022

The Benefits of Kati Basti
Kati Basti is a soothing lower back treatment where a generous quantity of herbal oils are retained on the back to heal pain, inflammation, and stiffness. The warm herbal oil allows absorption into muscles, ligaments, and tendons, thereby relaxing the back and healing any underlying conditions, calming pain and stiffness. The treatment additionally de-stress the entire body.

Sooth Pain in Lower Back & Limbs
The herbal oil penetrates deeply into the muscles and helps address pain in the lower back.

Relieves Stiffness in Lower Back & Limbs
In addition to relieving stiffness, the therapy helps restore the alignment of the spine.

Strengthens Lower Back
The herbs in the medicated oil have healing properties that strengthen the back from within.

Soothes Nerves
The oil and the massage that follows has a therapeutic effect that soothes the nerves

Enhances Blood Supply
Promotes better circulation by removing stagnant blood, fluids, and toxins from the lower back area.

Improves Movements
The musculoskeletal therapy aids in promoting cellular memory of the muscle tissue thus improving movements.

We are "Ceylon Ayurveda Resort"
Flexible on Customer Requirements,

♡ Ladies / Gens and Couples.
♡ Done by Qualified Male & Female Therapists and Traditional Ayurveda Doctors.
♡ Home / Hotel Visits Available

Booking and More Info
Message | WhatsApp | +94 (74) 2424 225

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Galle Road, Dehiwala-Mount Lavinia
Colombo
10370

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00