Kerala Ayurvedic Beauty Center
Get heal with herbal medicine and ayurvedic therapies...�
12/07/2024
06/12/2022
ආයුර්වේද ය හා රූපලාවණ්‍ය කලාව 4
ස්වභාවික ද්‍රවය .....
මෙම ස්වභාවික ද්‍රව්‍යයෝ ආසාත්මිකතා ඇති නොකරයි. ප්‍රතිකාරය ලබන්නා හට මනසේ ප්‍රීතිය හා නින්ද ඇති කරයි.බ්ලීචින් වැනි සම දවාලන ද්‍රව්‍ය වලින් තොර බැවින් ටික කාලෙකින් මුහුණ කළු වීමක් සිදු නොවේ. Hydrocarbon සංයෝග හා කනිජ තෙල් අඩංගු නොවන බැවින් පිළිකා අවදානමක් නැත.
බොහෝ දෙනා සිතනුයේ අප හමට ගලවන ආලේප බාහිරට පමණක් සිමා වන බවය.නමුත් ඒවා රුධිරය ට එකතුවේ.සාමාන්‍ය තෙල් වර්ගයක් රුධිරයට එකතු වීමට ගතවන්නේ තත්පර 160 කි.රුධිරය මගින් ශරීරය පුරා සංසරණය වේ,කෘතීම හිසකේ කළු කරන ද්‍රව්‍ය(diy) බාවිතයෙන් ඇස් පෙනීම දුර්වල වනුයේ එබැවිනි.
දෑස පෙනී පෙනී කරුවලේ යා යුතු නොවේ,එනම් කෘතීම ද්‍රව්‍ය භාවිතයෙන් සම /මුහුණ පැහැපත් කරගැනිම
අතහැර,
ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කොට මුහුණ /සම පිරිසිදුව හා කාන්තිමත් ව තබා ගැනීමට උත්සහ
කරන්න.සොබාදහමට ලංවූ තැන ආයු,වර්ණ ,සැප ,බල ලැබේ.
ආයුර්වේදය හා රුපලාවන්‍ය කලාව ලිපි පෙළ නිම වුවත් ඉදිරියේදී ඔබගේ රු සපුව වනසා ලන හමේ රෝග හා ඒවායෙන් වැළකෙන අයුරු /ප්‍රතිකාර පිළිබද ලිපි පෙලකින් නැවත ඔබ හා සම්බන්ධ වෙමි.
06/12/2022
ආයුර්වේදය හා රුපලාවන්යප කලාව 3 - මුහුණු සත්කාරය (Herbal Facial ) හා ස්වභාවික ආලේපන.
අතීතයේ සිටම මුහුණු සත්කාරය සදහා යොදා ගනු ලැබුවේ ස්වභාවික ද්‍රව්‍යයෝය.
අප මුහුණු සත්කාරය සදහා ස්වභාවික ද්‍රව්‍යයෝ යොදාගත යුත්තේ ඇයි?
01.ස්වභාවික ද්‍රව්‍යයෝ බොහොමයක්ම විසබීජ නාශක හා රක්තය පිරිසිදු කිරිඉමේ ගුණයෙන් යුක්තය.
සුදු හදුන් රත් හදුන් ආදිය ගලගෑම සදහා නිවසේ පිරිසිදු ගලක් තිබිනි.කුරුලෑවක්,බිබිලක් ආවිට හෝ සතෙක් සපා කෑ විට,එය ඉතා ප්‍රයෝජනවත් විය.
02.බොහොමයක් ද්‍රව්‍යයෝ සම පෝෂණය කරයි.
අලිගැටපේර මදය ඔලිව් තෙල් සමග ගෑමෙන් සමේ කොරල හා වියලි බව දුරුකරයි.
කඩල පිටි-සමේ සිදුරු මකාලයි.
03.සමේ කැළැල් මකයි
තුල්සි කොළ ,ආමන්ඩ් තෙල්,තල තෙල්,පොල් කිරි, ,වදකහ.
04,සමෙහි කුණු දුහුවිලි පිරිසිදු කරයි
කොත්තමල්ලි,සාදික්කා
05.සම එකනෙහි පැහැපත් කරයි/දීප්තිමත් කරයි
කුංකුමප්පු,කහ
06.හමේ ප්‍රතිශක්තිය වඩවයි
ලෙමන්,කොහොඹ,වැල්මැදට
07,සමේ දාහය දුරලයි
බාර්ලි,කුබුක්,කොලොන් කොළ,නෙලුම් මල්
08.සිරවූ රෝම කුප විවෘත කර අනවශ්‍ය මේදමය කොටස් ,දහදිය ඉවත් කරයි
වෙනිවැල්,නෙල්ලි,සැවැන්දරා
09.සම වසස්ගත වීම වළකා තරුණ බව ලබාදේ
රෝස වතුර,දොඩම්
10.සමේ ගැඹුරින් ක්‍රියාකර අපද්‍රව්‍ය බැහැරට පමුණුවයි.
මැටි
මෙම ස්වභාවික ද්‍රව්‍යයෝ යොදා මුහුණු සත්කාරය කිරීමේදී අප පියවර 6ක් අනුගමනය කරයි.මේ සදහා පැය 2.5-3ක පමණ වෙලාවක් ගත වේ.
මෙහිදී ප්‍රථමයෙන් සම පරිසිදු කිරීමට පිරිසිදු කාරක යෝගයෝ භාවිතා කරයි,(1.Cleancing),එය විනාඩි 10 පමණ මුහුණේ රදවා තබා ගනි,හොදින් පිරිසිදු වූ සමට උද්වර්තනය(Scrubbing) සදහා උද්වර්තන යෝගයෝ භාවිතා කරයි,මේ පියවර විනාඩි 15 පමණ වේ.එය ඉවත්කර සම්බාහන තෙලක්(3.Herbal oil ) බාවිතයෙන් මුහුණ සම්බාහනය කොට ස්වේද (4.Steam)කිරිමක් සිදු කරයි .
එම පියවර සදහා විනාඩි 20 පමණ ගත වේ.
ඉන්පසු මුහුණේ රැදී තෙල් කොටස උණුවතුරෙන් සෝදා සම පෝෂණය කරන ද්‍රව්‍ය ආලේප(5.Pack) කරයි,එම ද්‍රව්‍ය විනාඩි 20 පමණ කාලයක් තබා සෝදා හැර තෙතමන කාරකයක් (6. Moisturiser)ආලේප කරයි.රෝස වතුර ආලේපයෙන් පසු මුහුණු සත්කාරය අවසන් වේ.
ඉන්පසු මුහුණේ රැදී තෙල් කොටස උණුවතුරෙන් සෝදා සම පෝෂණය කරන ද්‍රව්‍ය ආලේප(5.Pack) කරයි,එම ද්‍රව්‍ය විනාඩි 20 පමණ කාලයක් තබා සෝදා හැර තෙතමන කාරකයක් යොදන්න
ආයුර්වේදය හා රුපලාවන්‍ය කලාව 2..-- සම සුරැකීම හා සොබාදහම
අතීතයේ සිට යහපත් අහාර කලාවකින් පරිපූර්ණ වූ ප්‍රෞඩ ජාතියකට හිමිකම් කියන අප , වර්තමානයේ කාර්යබහුල දිනචර්යාව නිසා , ආහාර රටාව ,අවුල් කොට ගෙන ඇත. අප පරිභෝජනයට ගන්නා අහාර නැවුම් ,පිරිසිදු ,වස විස වලින් තොර ඒවා විය යුතුය.බර අහාර නිතර නොගත යුතුය, කිරි- මාළු වැනි විරුද්ධ ආහාර නොගත යුතුය. අප ගන්නා ආහාර සමට එක එල්ලේ බලපායි..ආසාත්මිකතාවකදී සමෙහි පලු මතු වී එන්නේ එබැවිනි.
සම අභ්‍යන්තරව පෝෂණය සදහා කොළ කැද පානය ප්‍රශස්තය,මේ සදහා ලුනුවිල,ගොටුකොල,මුගුණුවැන්න,හාතවාරිය,ඉරමුසු ඉතා යහපත්ය,තේ කොපි වැනි උත්තේජක පාන වෙනුවට බෙලිමල්,රණවරා ,පොල්පලා,ගන්සුරිය දළු තේ ,වද මල් වැනි ඔසු පැන් පානයට හුරු වීම සම ලස්සන කරගැනීමට සිතන සියලු දෙනාටම වැදගත්ය..
පුරාතන මිනිසා උදෑසන අවදි වූ විට බසින්නේ උදුපියලිය ගොල්ලටය ,,,එය ශරීරයට සිසිලසක් ගෙන දේ.අද අපට වෙරළක ,ගුරු පාරක ,හරිත නිල්ලක අවිදීමට වෙලාවක් නොමැත.
මිනිසාගේ ශරීරයෙන් නිරන්තරයෙන් විෂ පිටකරයි,පාද මගින් එය වැඩි පුර සිදුවේ.පැරැන්නන් ඒ බැව් දැන සිටියෝය.ඔවුන් ගෙවල් බැන්දේ මැටියෙනි.බිමට ගොම මැටි ගෑවෝය,අපගේ පාද මගින් විස කරන විස ගෙබිම උරාගනී,අප දැන් සිටිනුයේ පැය 24ම සෙරෙප්පු හෝ සපත්තු ලාගෙනය..විස පිටවන්නේ නැත.එය ශ්රීර අභ්යනතරයට නැවත පිවිස නොයෙකුත් රෝග උපදාවාලයි.(උදා:වාතරක්ත). අද අප ෂිට් ආදියෙන් නිවාස සෙවලි කරන විට ඔවුන් පොල් අතු යොදා ගත්තෝය.පොල් කොළ පුළුස්සා දුම් පාන විට හමේ ඇති වූ ආසාත්මික තාවෝ ඉක්මනින් පහව යයි.මේ සදහා අමු පොල් කොළ ප්‍රශස්තය.
පාදයේ සම ගන වූ විට ද විස පිට වීම අවම වේ.එබැවින් පාද දාහය ,පැලිම ඇතිවේ. ගැමියන්,නාන තොටුපල වල ,ලිද ලග ගල් වල යටිපතුල අතුල්ලා හොදින් සේදුහ,යටිපතුලේ සම සිනිදු වනවා පමණක් නොව එහි නිල තෙරපී, හොද නින්දක් හා ප්‍රබෝධමත් ගතියක් ලබා දේ.
අද අපි ඉදහිට ගන්නා හර්බල් බාත් ,ඔවුන් නිරන්තරයෙන් ලබා ගත්තෝය.සෙමට නික ,පාවට්ටා,කොහොබ තම්බා ස්නානය කොට කුරුම්බා ගෙඩියක් හකුරු කෑල්ලක් සමග පානය කළහ, සතියකට දවසක් වත් ,ගන්සුරිය,රත්මල් ,වෙනිවැල් ආදී වූ ස්වබාවික ද්‍රව්‍ය තම්බා සම පැහැපත් කරගනු වස් ස්නානය කිරීම යහපත් ය.
මානසික සහනය නොමැති බවයි,,කටෝර ශබ්ද ,,සංගීත තරංග මනස එකම අවුල් ජාලයක් බවට පත් කරයි,,පුරාතන ජන කවිය,ශාන්ති කර්ම,බෙර ශබ්ද වලින් නිකුත් වනුයේ අපගේ සිත සැහැල්ලු කරවන තරංග යෝය.
ස්නානය හා සම අතර සබදතාව ඉතා වෑදගත්ය,පිහිල්ලකින් ගලන සිසිල් ජලය හිසේ නිලස්තාන උත්තේජනය කරයි,හිස්සොරි ,හිසේ ගෙඩි හට නොගනී,අකලට හිසකේ වැටීම ,පැසිම සිදු නොවේ.ගන්දියේ ගිලි නෑම, කරදිය ජලය ස්නානය හමේ ප්‍රතිශක්තිය වඩවයි..කුබුක් ශාක වල පොතු උරච්චි කර ඇග උලා නෑමෙන් ශරීරයෙ අධික දැවිල්ල නවති.නාමල්,නෙලුම් රේණු,අශෝක මල් ඇග ගෑමෙන් සම සුගන්ධ වත් වේ.
ශරීර්ය බාහිරින් පිරිසිදුව තබා ගන්නා ක් මෙන් මල මුත්‍ර විරෙච්නය, මගින් ශරීර අභ්‍යන්තර පිරිසිදු කම ද රැක ගත යුතුය.
06/12/2022
ආයුර්වේද ය හා රූපලාවණ්‍ය කලාව 1
වර්තමාන ලෝකයේ අන් කවරදාටත් වඩා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශරීරයේ මනා පැවැත්ම පිළිබඳව පුදුමාකාර ලෙස උනන්දු වෙති.එනම් රූපලාවන්‍ය කලාව වත්මන් ලෝකය තුළ විශේෂ භූමිකාවක් නිරූපනය කෙරේ.අතීතයේ සිට අපේ ඇත්තෝ සම සුරැකීම සඳහා නෙල්ලි,සුදු හඳුන්,කහ,වැල් මදට,වදමල්,මීපැණි,කිරි ආදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කළහ.තවද පංච කල්‍යාණය යන පරාමිතිය උපයෝගී කොට කාන්තා රූ සපුව ඇගයූහ.

රූපලාවන්‍ය හා ස්වස්ථය(නිරෝගීකම) එකිනෙක අත්වැල් බැඳගත් සාධක දෙකකි.සමේ හා හිස කේ වල නිරෝගී තාවය සුරැකීමෙන් සියළුම කාන්තාවන් හා පුරුෂයන්ට ප්‍රසන්න වූ රූ සපුවක් ලැබෙනු ඇත.
ආයුර්වේදය ස්වභාදමේ විද්‍යාවයි.ස්වභාදහම,අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ භූමිකාවක නිරත වේ.
සම හා වරලස සුවපත් කිරීමට අප වෙත දායද කොට ඇති ස්වභාවික ශාඛ සම්පත් අති මහත් ය.නමුත් අද බොහෝ දෙනා කෘතිම රසායන පසුපස ලුහුබැඳ ගොස් සමේ රෝග හා පිළිකා සදා ගනී.
ස්වභාවික ශාක වල මල්,කොළ ,ගෙඩි,පොතු හා සගන්ධ තෙල් ආදිය නිසිලෙස මිශ්‍ර කිරීමෙන් ස්වභාවික ආලේප සාදා ගත හැක.මෙම ශාක සාර ආලේපන,
1.ස්වභාවික පෝෂ්‍ය ගුණයෙන් සපිරිය.
2.අපද්‍රව්‍ය බැහැරට පමුණවා රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
3.සමේ නැවුම් බව,කාන්තිය,මෘදු බව,පැහැපත් බව ඇතිකරයි.
4.සමේ ප්‍රතිශක්තිය වැඩි කර සමේ රෝග වලින් සුරකී.
5.වයසට යාම පාලනය කිරීම,මනසේ ප්‍රීතිය ඇති කරයි.

(සම පිළිබඳ සත්කාරය මී ලඟ කොටසින් බලාපොරොත්තු වන්න.)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo