Herb line beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line beauty, Beauty, cosmetic & personal care, Polabeygoda, Aranayaka, Colombo.
24/10/2025
‘’ගොඩ දවසක ඉඳලා මට ලොකූ ඕනකමක් තිබුණා මාවම වෙනස් කරගන්න…..මේ ඉන්න මමට මම ආසම නෑ…එහෙම මට වෙනස් වෙන්න ඕන කියලා හිතුවට වෙනස් වෙන්නේ නෑනේ….අම්මට කිව්වා අම්මට තේරෙන්නේ නෑ…තාත්තට කිව්වා තාත්තත් කියන්නේ ඔයා හිතලා වෙනස් වෙන්න කියලා…අක්කට කිව්වාම අක්කා කිව්වේ ඔන්න ඔය ඉන්න විදිහ හොඳයි එහෙම ඉඳපන් සුදූ කියලා…මිතුරියක් සමඟ කතාකළාම ඒකීත් කියන්නේ මට ඔය අප්‍රබ්‍රංශ තේරෙන්නේ නෑ බං කැමති දෙයක් කරගනින් කියලා…අවසානයට මම තේරුම් ගත්තා මේක මේ එහෙම කාගෙන්වත් ටියුෂන් අරන් කරගන්න පුළුවන් දෙයක් නෙමේ කියලා….වෙනස් වෙනවානම්, වෙනස්වෙන්න ඕන මමම හිතලා තමයි…අනිත් පැත්තෙන් මම හිතුවා එකපාර මහ ලොකු දේවල් වෙනස් කරගන්නත් බෑනේ මුළින් පොඩි පොඩි දේවල් වෙනස් කරගන්න පටන් ගන්නවා කියලා…
ඉතින්,
👩🏻🦰මම ඇඳුමින් වෙනස් වුණා. නරකම නෑ. කට්ටියත් කතා වුණා. ‘වෙනස්වෙලා..’ ඒක මට සතුටක්.
👩🏻🦰මගේ එදිනෙදා ජීවිතය ටික ටික මම වෙනස් කරගත්තා. පාන්දර හතරට ඇහැරුණා. ඒකත් මට මාරම ෆිට් දෙයක් වුණා. නරකම නෑ.
👩🏻🦰උදේ පැයක් එක්සසයිස් කරගන්න ගත්තා. හොඳ ෆිට් එකක් ආවා. ඈලි මෑළි ගතිය දැන් නෑ. ලස්සනත් වෙන්න ගත්තා.
👩🏻🦰හෙයා ස්ටයිල් එක මට ඇල්ලුවේ නෑ. ඉතින් හෙයා ඩ්‍රෙසර් කෙනෙක් හම්බවෙලා ඒකත් වෙනස් කරගත්තා.
👩🏻🦰මගේ ඇඳුම් අල්මාරියම මම පැත්තක ඉඳලා වෙනස් කරගෙන ගියා. ආයෙත් සමහර ඇඳුම් අඳින්නේම නෑ කියලා හිතුවා. අලුත් ඇඳුම් ටිකකුත් ගත්තා.
👩🏻🦰සමහර අය හිටියා මට මාරම ඇණයක් වෙච්ච. කතාවට කියන්නේ ටොක්සික් පීපල්ස්ලා කියලා. එහෙම හය හත් දෙනෙක්ව හිමිහිට අතෑරලා දැම්මා. ඇඟට පතට නොදැනී.
👩🏻🦰තවත් කීප දෙනෙක් උන්නා කතාකළත් සනීපයි. එයාලා එක්ක වැඩියෙන් කතාකළා. ගමන් ගියා. ජීවිතේ ගැන ටික ටික කතාකළා.
👩🏻🦰මම හිතන විදිහේ ලොකු අවුලක් තිබුණා. හැමදාම මම හිතුවේ අසුබවාදී විදිහට. ඒක මට හරියන්නේ නෑ..මට ඒක බෑ…මට කරන්න අමාරුයි. මේක එක්ක බෑ..එහෙම. ටික ටික මම හිතන්න ගත්තා මට පුළුවන් කියලා. හිත වෙනස් කරගත්තා. ආකල්ප එක්ක මට මාරම ශක්තියක් ආවා. සමහර බෑම කියලා හිතපු දේවල් මම නිකං අමු කජු කනවා වගේ කළා. ඉතින් හිත තිබුනේ අහසේ…අනන්තේ. හැපී.
👩🏻🦰තවමත් මම මාව වෙනස් කරගෙන යනවා. මේ වෙනසට මම ආසයි.
මම ඔයාලටත් කියන්නේ, වෙනස් වෙන්න ඕනනම් වෙනස් කරගන්න බයවෙන්න එපා. අදම ඒක පටන් ගන්න.
🌺ජීවිතේ ලස්සන වෙනස් වෙද්දී. මේක එක විදිහට යන එක හොඳ නෑ. අපි යහපත්ව පාර මාරුවෙන්න ඕන
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Polabeygoda, Aranayaka
Colombo