Salon venus
ALL YOUR BEAUTY NEEDS
17/03/2021
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග...
මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි හෝමෝන වර්ගයක් වශයෙන් තයිරොක්සින් හෝමෝනය හැඳින්වීමට පුළුවන. විශේෂයෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම මෙම හෝමෝනය මගින් සිදු කරන ප්‍රධානතම කාර්යභාර්ය වේ. පුද්ගලයෙකුගේ ශරීරයේ විවිධ අවස්ථාවලදී සිදුවන විපර්යාසයන් සමහරකට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් වීමට පුළුවන. එහෙත් ඇතැම් පුද්ගලයින්ට තම ශරීරයේ ඇතිවන විවිධ රෝග ලක්ෂණවලට මුලික වී පවතින්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුකාරී තත්ත්වයන් යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. ඒ හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනා දැඩි අපහසුකාරී අවස්ථාවන්ට මුහුණ දේ. වැඩිහිටියෙකුට තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවිය හැකි රෝගාබාධයන් මොනවා ද? තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩු වීම සහ වැඩි වීම යන තත්ත්වයන්හි දී මතුවිය හැකි රෝග ලක්ෂණ මොනවා ද? ඒ සඳහා තිබෙන ප්‍රතිකාර විධි මොනවා ද? යන්න පිළිබඳව කොළඹ, ජාතික රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා දැක්වූ අදහස් මෙසේ ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය යනු කුමක්ද ? මෙම ග්‍රන්ථිය මඟින් නිපදවනු ලබන ප්‍රධාන හෝමෝන වර්ග මොනවා ද?
තයිරොයිඩ් ග්‍රන්ථිය යනු ගෙලේ ඉදිරිපස තිබෙන සමනලයෙකු හැඩති ජීවිතයට අත්‍යවශ්‍ය ග්‍රන්ථියකි.මෙයින් හේමෝන වර්ග 02 ක් ස්රාවය වේ. තයිරොක්සින් හෝමෝනය ( T4 ) ප්‍රධාන වන අතර ඊට අමතරව T3 හෝමෝනය අඩු ප්‍රමාණයකින් ස්රාවය වේ.එහෙත් ශරීරයේ වඩා ක්‍රියාකාරී වන්නේ T3 හෝමෝනය වේ.ග්‍රන්ථියෙහි නිපදවෙන T4 හෝමෝනය ශරීරයේ අනෙකුත් පටක මඟින් T3 හෝමෝනය බවට පරිවර්තනය කරනු ලබයි.
තයිරොක්සින් හෝමෝනය මඟින් සිදු කරන කාර්යයභාරය කුමක් ද?
ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම තයිරොක්සින් හෝමෝනය මඟින් ප්‍රධාන වශයෙන් සිදු කරයි.ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් හරියාකාරව ක්‍රියා කිරීම සඳහා මේ හෝමෝනය අත්‍යවශ්‍ය ය. විශේෂයෙන්ම මෙම හෝමෝනය වැඩිහිටියෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය හා හෘදයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය හෝමෝනයකි. එපමණක් නොව මෙම හෝමෝනය මඟින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම, ආහාර මාර්ගයේ නිසි ක්‍රියාකාරීත්වය සිදු කිරීම වැනි අත්‍යවශ්‍ය කාර්යභාර්යන් සිදු කරනු ලබයි.
තයිරොයිඩ් ග්‍රන්ථිය මත අනවශ්‍ය ලෙස උත්තේජන ඇති වන්නේ කෙසේ ද?
තයිරොයිඩ් හෝමෝනය නිපදවීම සඳහා අයඩීන් නමැති සංඝටකය අත්‍යවශ්‍ය හෙයින් අයඩීන් ඌනතාවය ඇති අයගේ ග්‍රන්ථිය ඉදිමීමට එමඟින් උත්තේජනයක් ඇති වේ.
සමහර පුද්ගලයින්ගේ තයිරොයිඩ් ස්වයං ප්‍රතිදේහ ( Thyroid Autoantibody) ඇති වීමෙන් ග්‍රන්ථිය ඉදිමීම, හැකිලීම හෝ ඉදිමීම සමඟ ගැටිති ඇති වීම සිදු විය හැකි ය.
තයිරොයිඩ් හෝමෝන අසමතුලිතතාවක් ඇති වීමට බලපාන හේතු මොනවාද?
අසමතුලිතතාවය ඉහත සඳහන් කළ උත්තේජන හා උත්තේජන නොවන හේතු නිසා සිදු වේ.සුළු කොටසකට ජානමය හේතු සාධක බලපා හැක.
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවාද?
ඕනෑම ග්‍රන්ථියක මෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ද ක්‍රියාකාරීත්වය අඩු වීම සහ වැඩි වීම නිසා එම තත්ත්වයන්ට නිශ්චිත රෝගී තත්ත්වයන් ඇති විය හැකි ය.ඊට අමතරව ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයේ වෙනසක් නොමැතිවත් ග්‍රන්ථිය ඉදිමීම හා ග්‍රන්ථියේ ගැටිති ඇති වීම නිසාත් ග්‍රන්ථියේ ආබාධ ඇති වීමට පුළුවන.ඊට අමතරව ඉහත සඳහන් කළ ඕනෑම වෙනස්කමක් ඇති තයිරොයිඩ් ග්‍රන්ථියක පිළිකා තත්ත්වයන් ඇති වීමද විරල නොවේ.
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්රියාකාරීත්වයෙහි අඩු වීම නිසා ඇති වන තත්ත්වය කුමක් ද? එය හඳුනා ගන්නේ කෙසේ ද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වුවහොත් මන්ද තයිරොයිඩතාව (Hypothyroidism, ) තත්ත්වය ඇති වේ.
තයිරොයිඩ් හෝමෝනය අඩු වීමෙන් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට අනිසි බලපෑම් ඇති වේ.අධික නිදිමත ගතිය,මතකය අඩු වීම, මළබද්ධය,ශරීරයේ බර වැඩි වීම, හමේ වියළි ගතිය,අධික ලෙස හිසකෙස් හැළී යාම,රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම,සීතල දරා ගත නොහැකි වීම, සහ හෘදයේ අකර්මණ්‍යතාවයක් ඇති වීම දක්වා වර්ධනය වීමට පුළුවන.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීම වළක්වා ගැනීම සඳහා දෙනු ලබන ප්‍රතිකාර මොනවා ද?
මෙම තත්ත්වය ඉතා සරල ලෙස මෙන් ම පහසුවෙන් සමනය කළ හැකි රෝගී තත්ත්වයකි. තයිරොක්සින් හෝමෝනය පෙති මාර්ගයෙන් ශරීරයට ලබා දිය හැකි ය.වඩාත් වැදගත් වන්නේ නිසි ආකාරයට එම හෝමෝනය ලබා ගැනීම පිළිබඳ දැනුවත් වීම ය.උදෑසන නිරාහාරව මෙම හෝමෝන පෙති ලබා ගත යුතු අතර ඉන් පසු පැය භාගයක් යන තුරු උදෑසන ආහාර වේල ( ආහාර, තේ , කෝපි) ගැනීම ප්‍රමාද කළ යුතු ය.එසේ වුවත් ජලය පානය කිරීමට පුළුවන.
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්රියාකාරීත්වයෙහි වැඩි වීම නිසා ඇති වන තත්ත්වය කුමක් ද? එම තත්ත්වය හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද?
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය වැඩි වීමේ තත්ත්වය අධි තයිරොයිඩතාවය (Hyperthyroidism)යනුවෙන් හඳුන්වනු ලබයි.මෙහි දී ඉහත සඳහන් කළ ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සමුහයක් දැක ගත හැකි ය.
මෙම තත්ත්වයේ දී අධික ලෙස දහඩිය දැමීම,අධික කුසගින්න දැනීම,අසාමාන්‍ය ලෙස බර අඩු වීම,හෘද ස්පන්ධන වේගය වැඩි වීම,හෘදයේ ගැස්ම දැනීම ( Palpitations) අතපය වෙව්ලීම,ඇස් ඉදිරියට නෙරා ඒම, අධික ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම සහ අධික උෂ්ණත්වය නොරුස්සන ගතිය, ප්‍රධාන වශයෙන් අධි තයිරොයිඩතාවය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ වේ.
සමහර පුද්ගලයින්ට අධික තරහ යාම,රෑට නින්ද නොයාම,සහ පෞරුෂයේ වෙනස්කම් ඇති වීම දක්වා මෙම තත්ත්වය වර්ධනය විය හැකි ය.
තවද විශේෂයෙන්ම ස්ත්රීන්ට ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වීමට පුළුවන.
අධි තයිරොයිඩතාවයේ ප්‍රභේද තිබේද?
කෙටිකාලීනව ඉහත ලක්ෂණ ඇති වී මාස 2-3 කින් සමනය වන තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදනයක් නිසා ඇතිවන (Thyroiditis ) තත්ත්වය වෛරස හෝ ස්වයං ප්‍රතිදේහ නිසා ඇතිවිය හැකි ය.එවිට ග්‍රන්ථිය ඉදිමී වේදනාකාරී තත්ත්වයක් ඇති වේ.ඊට අමතරව ශරීරයේ ඇතිවන උත්තේජන ප්‍රතිදේහ, ( උදාහරණ (TRAb, TPOAb) නිසා ඇතිවන දීර්ඝ කාලීනව බලපාන Graves' නමැති රෝගී තත්ත්වය ඇති විය හැක.මෙය අනික් රෝගී තත්ත්වයන්ට වඩා විශේෂ වන්නේ මෙමගින් ඇස්වල සහ විශේෂයෙන් අතෙහි නියපොතුවල හා ඇගිලි තුඩුවල ඇතිවන වෙනස්කම් , පාදවල සමේ ඇතිවන වෙනස්කම් ඇතිවීම මගින් දීර්ඝ කාලීනව බලපාන හෙයිනි.
අධි තයිරොයිඩතාවය සදහා තිබෙන ප්‍රතිකාර මොනවාද?
ඉහත සදහන් කළ පරිදි මෙම තත්ත්වයේ ප්‍රභේද අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ.තයිරොයිඩ් ඩයිටිස් නමැති තත්ත්වය කෙටිකාලීනව බලපාන අතර ඒ සදහා Prednisolone ඖෂධය සහ වේදනා නාශක ඖෂධත් , හෘදයේ ස්පන්ධන වේගය පාලනය කිරීම සදහා Propranolol නමැති ඔෟෂධ මගින් මෙම තත්ත්වය බොහෝ දුරට පාලනය කිරීමට පුළුවන.
දීර්ඝකාලීන ලෙස බලපාන විශේෂ රෝගී තත්ත්වයක් වන Graves' නමැති තත්ත්වය සඳහා Carbimazole,සහ Propyplthiouracil යන ඖෂධ වර්ග මුලික ලෙස භාවිත කරනු ලබයි. අවුරුදු 2 ක් පමණවත් මෙම ඖෂධ මගින් නිසි පාලනයක් ලබා ගත නොහැකි වුවහොත් ඊළග පියවර වශයෙන් විකිරණ අයඩීන් ප්‍රතිකාරය ( Radio Iodine Treatment) හෝ ශෛල්‍යකර්මයක් මගින් මුළු ග්‍රන්ථියම ඉවත් කළ හැකි ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය හේතුවෙන් පුද්ගලයෙකුට ඇතිවිය හැකි වෙනත් රෝගී තත්ත්වයන් තිබේද?
හෝමෝන අඩු වීම හා වැඩි වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් ප්‍රධාන වන නමුත් හෝමෝනවල ක්රියාකාරීත්වයේ වෙනසක් නොමැතිව ග්‍රන්ථිය ඉදිමීම,ග්‍රන්ථියේ ගැටිති ඇති වීම සහ එලෙස ඇතිවන ගැටිතිවල පිළිකා තත්ත්වයන් ද ඇති විය හැකි ය.
ඉහත සඳහන් කළ සියලු තත්ත්වයන් කාන්තාවන් අතර 9:1 ක් පමණ අනුපාතයකට සුලභ වීම විශේෂිත තත්ත්වයකි.
තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගන්නේ කෙසේ ද?
තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩු වීම හා වැඩි වීම හඳුනා ගැනීම ඉතාමත් පහසු ය.රුධිර පරීක්ෂණයක් මඟින් ග්රන්ථියෙන් නිපදවන හෝමෝන දෙක වන FT4, FT3 හෝමෝන පරීක්ෂණ දෙක සහ තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය පාලනය කරන මොළයේ පිටියුටරි ග්රන්ථියෙන් නිපදවන TSH නමැති හෝමෝන පරීක්ෂණවලින් හඳුනා ගත හැකි ය.
මීට අමතරව ගැටිති අධ්‍යයනය කිරීමට හා පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීමට අල්ට්රා සවුන්ඩ් ( Ultra Sound) සහ කටුවකින් විඳ කොටසක් ලබා ගැනීමෙන් සිදු කරන පරීක්ෂණය ( FNAC) සිදු කරනු ලබයි.
තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳව සමාජයේ පවතින වැරදි මිත්‍යා මත මොනවා ද?
ගෝවා, රාබු වැනි එළවළු වර්ග සම්පුර්ණයන්ම අතහැර දැමීම අනවශ්‍ය වේ.නමුත් අමුවෙන් විශාල ප්‍රමාණවලින් මෙම එළවළු නිතර ගැනීම නිසා හෝමෝන ක්‍රියාකාරීත්වයට යම් බාධාවක් ඇති විය හැකි ය.
මන්ද තයිරොයිඩතාවය විශේෂයෙන් ම උපතින් ඇති වු අයට හා ස්වයං ප්‍රතිදේහ වැඩි සාන්ද්‍රනයක් තිබෙන පුද්ගලයන්ට ජීවිත කාලය පුරාම ඖෂධ ගැනීමට සිදුවන ප්‍රවණතාවය වැඩි වන අතර අනෙක් පුද්ගලයන්ට වසර කිහිපයකින් මෙම තත්ත්වයන් සමනය විය හැකි ය.
තයිරොක්සින් ඖෂධය ශරීරයට විෂ වනවා ද?
විටින් විට පරීක්ෂා කර තමන්ට ගැළපෙන නියමිත මාත්‍රාව ලබා ගතහොත් කිසිදු අහිතකර බලපෑමක් ඇති වන්නේ නැත.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් දැඩි ලෙස බලපෑම මඟින් පුද්ගලයෙකුට මාරාන්තික තත්ත්වයක් ඇති විය හැකි ද?
මන්ද තයිරොයිඩතාවය ඉතා තදබල ලෙස ප්‍රතිකාර නොමැතිව , දීර්ඝ කාලීන ලෙස පැවතුණොත් කෝමා තත්ත්වය ( Myxedema coma ) ඇති වී සිහි විකල් වී මාරාන්තික තත්ත්වයට පත් වීමට පුළුවන.
සාමාන්‍යයෙන් වැඩිමහලු පුද්ගලයින්ට සීත කාලවලදී මෙම තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය වැඩි ය. අධි තයිරොයිඩතාවයට නිසි ප්‍රතිකාර නොමැතිව, ඉතා උත්සන්න තත්ත්වයකට පත් වුවහොත් (Thyroid storm) තත්ත්වය ඇති වී හෘදය අධි ක්‍රියාකාරීත්වයට යොමු වී ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකි තත්ත්වයක් ඇති වී මරණයට පත් වීමට පුළුවන.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සැත්කම් සිදු කරන්නේ කුමන අවස්ථාවලදී ද?
ග්‍රන්ථියේ ගැටිති ඇති වීම හෝ ග්‍රන්ථිය ඉදිමීම නිසා හුස්ම ගැනීමට හා කෑම ගිලීමට අපහසු වන අවස්ථා වලදීත් , FNAC පරීක්ෂාවෙන්, පිළිකාවකට සැක ලක්ෂණ ඇති අවස්ථාවලදී සහ ගෙලෙහි අවලස්සන ගතිය දුරු කර ගැනීම හේතුවෙන් ශෛල්‍යකර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය ක්රමෝපායක් වශයෙන් භාවිතා කරනු ලබයි.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා සුව කළ හැකි ද?
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා අනෙක් පිළිකාවලට සාපේක්ෂකව නිසි ප්‍රතිකාර කිරීමෙන් බොහෝ විට සම්පුර්ණයෙන් සුව කළ හැකි වන අතර එම පිළිකා ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්ට පැතිරී යාම අඩුවෙන් සිදු වේ.විකිරණ අයඩින් ප්‍රතිකාර ක්‍රමය මේ සඳහා උපකාරී වේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ගැටලු ඇති පුද්ගලයින් පිළිබඳව කිව හැක්කේ කුමක් ද?
වර්තමානයේ දී රුධිර පරීක්ෂණ සුලභ වීම හා Ultra- Sound පරීක්ෂණ නිතර සිදු වීම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්ත්වයන් වැඩි වශයෙන් හඳුනා ගත හැකි ප්‍රවණතාවයක් පෙන්වනු ලබයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැනීමෙන් අවම කර ගැනීමට හා සංකූලතා වළක්වා ගැනීමට පුළුවන.
Copied shurdaya page

Copie... shurdaya page
21/02/2021
Face Reshaping Ayurvedic Treatment full Vlog | With Dr.Hasini de Silva | Herbal Treatment Hi I am Nilukshi. Hope you all well .All of you warmly welcome to my You tube Channel. Today I am doing a " Face Reshaping Ayurvedic Treatment full Vlog " ....
01/08/2020
https://m.youtube.com/watch?feature=share&v=uRqhfz5QVn4
නාඩි පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍යතුමිය හසිනි සිල්වා හෙළි කල ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව Exclusive Interview With Hasini Silva Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe. For Copy...
https://m.facebook.com/story.php?story_fbid=10157694181506559&id=721396558
Eye Treatment Akshi tharphana....
100% Natural Treatment...
ඇස් වටා අදුරැ පැහැය ඉවත් කිරීම 100% ආයුර්වේදීය සත්කාරය
සති දෙකක කාලයට සත්කාරයෙන් පසු .. වෙනස බලන්න රැදි ඉන්න
100%ආයුර්වෙිදීය සත්කාරක් වන බැවින් වෙනස අත්විදින්න ....
වීනස් ලේඩි නේචර්
සැලොන් වීනස්
බත්තරමුල්ල
0778319141
17/05/2020
Dear Valuable customers!!🌿🌿
After PHI and MOH Inspection we were given the liscence to carry out the Salon process and we have taken all safety steps to ensure your safety.
As Instructed by the government we have to limit our services to the below mentioned services.
🌿 Cutting and trimming of Hair
🌿 Dyeing of Hair
🌿 Manicure and Pedicure
🌿 Waxing of Arms and Legs
We're open from 9.00am to 5pm.
Call and Book your time slot!
For appoinments Call - 0778319141
🍃 Please wear a face mask when
coming to the Salon
🍃 Wash your hands and santize
before entering the salon.
Welcome Salon Venus
Venus Lady Nature pvt Ltd
Battaramulla.
16/05/2020
Bridal Dressing ....
By salon venus
Hasini
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Battaramulla
Colombo
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 17:00 |