nirogya.lk
Nirogya is the Leading Website in Sri Lanka to Obtain Health Information
28/06/2022
ගර්භණී මවුවරුන්ගේ අවධානය සඳහා
දැනට ලංකාව තුළ පවතින අවිනිශ්චිත සමාජීය, ආර්ථික තත්වයන් සහ ප්‍රවාහන සේවාවේ ගැටලුකාරී තත්ත්වය නිසා දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ඕනෑම මවකට ඒ සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය වනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනාමත්, ඔවුන්ගේ පවුල්වල අයත් පහත කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වීම ඉතා වැදගත් වනු ඇත.
පළමුවෙන්ම මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ඕනෑම තත්ත්වයක් යටතේ දී, දරු ප්‍රසූතියක් සඳහා සුදුසුම ස්ථානය රෝහලක් බවයි. පරිණත දැනුමක් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලයක් සිටින අවශ්‍ය පහසුකම් ද සහිත ස්ථානය රෝහල බැවින් කිසිවිටෙකත් නිවෙස් ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ නොකරන අතර එවැනි තත්ත්වයක් සිදුනොවීම සඳහා ගර්භනී මව්වරුන් තම ප්‍රදේශයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග කල් ඇතිව සාකච්ඡා කොට සුදුසු සැළසුම් සකසා ගත යුතු වනවා.
නිවෙස් තුළ සිදුවන දරු ප්‍රසූති වල දී මවගේ ජීවිතයටත් අලුත උපන් දරුවාගේ ජීවිතයටත් සංකූලතා ඇති වීමේ අවදානම බොහෝ ඉහළයි. දරු ප්‍රසූතියෙන් අනතුරුව (පසු ප්‍රසව) අධි රුධිර වහනය වැනි සංකූලතා හරහා මවගේ ජීවිතයට සහ විෂබීජ ශරීරගත වීම සහ ශ්වසන අපහසුතා හරහා අලුත උපන් දරුවාගේ ජීවිතයට වුව ද බරපතල අවදානම් තත්වයන් ඇතිවිය හැකි බව අප හොදින් මතක තබා ගත යුතුයි. දැනට ලංකාවේ සිදුවන දරු උපත් වලින් 99.9% ක්ම රෝහල් තුල සිදු වීම, ඉහත කී සංකූලතා බොහෝ සෙයින් වලක්වාගනිමින් , මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස නිරන්තර ඇගයීමට ලක්වීමට හැකි වන මට්ටමට ලඟා වීමට විශාල පිටුබලයක් වී තිබෙනවා.
පවතින වාතාවරණය නිසා හදිසි අවස්ථාවක දී රෝහලක් වෙත ගමන් කිරීම ගැටළුවක් වනු ඇතැයි සැකයක් වේ නම්, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා/ තුමිය සමඟ සාකච්ඡා කොට දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනට පෙර වුව ද රෝහල්ගත වී අදාල සේවාවන් සපයා ගැනීමට යොමුවිය හැකියි.
මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් වනුයේ ගර්භනී කාලය තුලදී කිසිදු සංකූලතාවයක් නොපෙන්වන මවකට වුව ද ප්‍රසූතිය සම්බන්ධ සංකූලතා ඕනෑම අවස්ථාවක දී ඇතිවිය හැකි බවයි. එම නිසා එවැනි හදිසි අවස්ථාවක රෝහල් ගත වන ආකාරය පිළිබඳව තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ පවුලේ අනෙක් අය සමග සාකච්ඡා කොට සුදුසු ක්‍රියාදාමයක් මුල සිටම පිළියෙල කර තබා ගැනීම වැදගත් වනු ඇති.
ගර්භනී මව්වරුන් දරු ප්‍රසූතියේ ලක්ෂණ සහ ඇති විය හැකි සංකූලතාවල ලක්ෂණ පිළිබඳව ඉතා හොඳින් දැනුවත් විය යුතුයි. මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර මෙවැනි අවදානම් තත්ත්වයක ලක්ෂණ පහළ වූ විගස හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතු අතර තමාට ප්‍රවාහන සේවා සපයා ගත නොහැකි අවස්ථාවක දී සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි දුෂ්කර අවස්ථාවක දී තවදුරටත් කාලය අපතේ නොයවා හැකි ඉක්මනින් 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ වීමට කටයුතු කිරීම ඉතා වැදගත්. පැය 24 පුරාම මෙවැනි හදිසි අවස්ථාවක දී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බැවින්, ප්‍රමාදයකින් තොරව රෝහලට යොමු වුවහොත් අදාල සේවාවන් නොඅඩුව ලබාගත හැකි වනු ඇති.
පෙර කී පරිදි ම, අනාදිමත් කාලයක සිට ආසියාවේ අඩුම මාතෘ සහ ළදරු මරණ අනුපාතිකයක් සහිත විශිෂ්ටතම ළමා හා මාතෘ සේවාවක් සැපයීමට නම් දැරා ඇති ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව මෙම දුෂ්කර කාල පරිච්ඡේදය තුළදීත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහය වීම අප සියලු දෙනාගේම වගකීමක් වන අතර ලංකාවාසි ඔබ සියලු දෙනාගේම සහාය ඒ සඳහා අපට විශාල ශක්තියක් වනු ඇති බව මේ මොහොතේ අප අවධාරණය කරනවා.
07/06/2021
working from home එහෙම නැත්තං නිවසේ සිට වැඩ කිරීම සහ මානසික ආතතිය ගැන ඔයා දන්නවද?
++++++++++++++++++++++++
ඇතිවෙච්ච ගෝලීය කොවිඩ් 19 වසංගතයක් එක්ක ගොඩක් අය අන්තර්ජාලය භාවිතා කරලා ගෙදර ඉඳන් වැඩ කරන්න පුරුදු වුණා, එහෙම නැත්නම් පුරුදු කළා කිව්වොත් ගොඩක් හරි. මේකට කියන්නේ "telework" කියලා.
ගොඩක් අයට මේක තමන්ගේ පවුලේ අයත් එක්ක වැඩි වෙලාවක් ගත කරන්න ජීවිතේ ටිකක් නිදහස ගන්න අවස්ථාවක් වුණා. හැබැයි අද මං කතා කරන්න යන්නේ නිවසේ සිට වැඩ කිරීම නිසා ඇතිවන මානසික ආතතිය සහ ඒක වලක්වගන්න විදිය ගැන.
ගොඩක් අය පුරුදු වෙලා තිබ්බේ ජීවිත කාලෙම වගේ තමන්ගේ වැඩ කරන තැනට ගිහිල්ලා අනිත් අයත් එක්ක කතාබහ කරල බොහොම සාමාජීය විදිහට වැඩ කරන්න. එයාලගේ අවට පරිසරය නිතරම වගේ වෙනස් වුණා.
හැබැයි මේ නිවසේ සිට වැඩ කිරීම නිසා එයාලට ගොඩක් වෙලාවට පරිගණකයක් ඉදිරියේ එහෙම නැත්නම් smart දුරකථනයක් ඉදිරියේ දවසේ වැඩි වේලාවක් ඩිජිටල් තිරයක් දිහා බලාගෙන වැඩ කරන්න සිදුවුණා. ප්‍රශ්න මතුවෙන්න ගන්නෙ මෙතෙන්දි.
එයාලා නුහුරු පරිසර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. වෙනදා තිබ්බ සමාජශීලී පරිසරය වෙනුවට තමන්ට පැවරිලා තියෙන වැඩ ටික හැමදාම එකම කාමරේකට වෙලා එකම තැනක ඩිජිටල් තිරයක් දිහා බලාගෙන තට්ට තනියම කරන්න සිදු වුණා.
නිවසේ සිට වැඩ කිරීම මානසික ආතතියකට හරි විශාදයට හරි හේතුවක් වෙන්න පුළුවන්ද?
ඔව්, ඒක හේතු කීපයක් හින්ද වෙන්න පුළුවන්.
එකක් තමයි කාමරයක් වගේ වට වෙච්ච තැනක එක දිගට දීර්ඝකාලීනව වැඩ කිරීමට සිදු වුණාම මනසට හිරවුණු ගතියක් ඇති වීම.
වෙනදා වැඩ කරන විට තමන්ගේ කාර්යාලීය හෝ වැඩබිමේ සගයන් සමග අවශ්‍ය විටෙක විහිළු තහළු කරමින්, තවත් වෙලාවක තමන්ට නොතේරෙන දෙයක් තව කෙනෙක්ගෙන් අසා ගනිමින් කාර්යාලයේ තියෙන සම්පත් උපරිමයෙන් භාවිතා කරමින් තමන්ගේ රාජකාරිය සිදුකළ අයට තමන්ගෙ නිවසේ කාමරයකට හිර වෙලා සීමාකාරී සම්පත් වලින් අවම අන්තර්ජාල සම්බන්ධතාවලින් වැඩ කරන්නට සිදුවීම නිසා හිතට දැනෙන පීඩාව වැඩි වීම තවත් හේතුවක්.
ඩිජිටල් තිරයක් දිහා බොහෝ වේලාවක් බලාගෙන ඉන්න වෙනකොට ඇස් වලට ඇතිවෙන පීඩාව හිසරදයකට වගේම මානසික ආතතියකට හේතු වෙන්න පුළුවන්.
තමන්ගෙ නිවසේ දරුවන්ගේ වැඩකටයුතුවලට යොමුවීමට සිදුවීම නිසා සහ බාධා කිරීම් නිසා රාජකාරි වැඩ අතපසු වෙන්න පුළුවන්.
ඉතින් මේ වගේ ගොඩක් හේතු නිවසේ සිට වැඩ කිරීමේදී මානසික ආතතිය වගේම විෂාදය ඇති වීමටත් හේතුවෙනවා.
මොකක්ද මේ මානසික ආතතිය කියන්නේ?
ඔබට අවට පරිසරයෙන් වගේම සිරුර තුළ සිදුවන රසායනික හෝ හෝමෝනමය වෙනස්කමක් නිසා සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසා මානසිකව ඔබට ඇතිවන අපහසුතාවය මානසික ආතතියක් කියල සරලව කියන්න පුළුවන්.
මේක විභාගයක් වගේ අවස්ථාවක් ගත්තොත් ධනාත්මකව බලපෑමක් ඇති කරනවා. හැබැයි තමන්ගේ පෞද්ගලික ජීවිතේ හරි රාජකාරි ජීවිතයේ හරි ගැටලුවකට ඔබට නිවැරදිව නිසි වේලාවට පිළිතුරු හොයාගන්න බැරි උනොත් ඒ ඇතිවෙන මානසික ආතතිය ඔබට සෘණාත්මකව බලපෑම් ඇති කරනවා. මේක විශාදය දක්වා බරපතල වෙන්න පුළුවන්.
මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේදී ඔයාගේ මොලයේ, හයිපොතැලමසයේ වගේම අධිවෘක්ක ග්‍රන්ථි වල රසායනික සහ හෝමෝනමය වෙනස්කම් සිදුවෙනවා.
මේකෙ ප්‍රතිඵලයක් විදිහට adrenaline හෝමෝනය වැඩි වීම සිදුවෙනවා. එතකොට,
# හෘද ස්පන්දන වේගය වැඩි වීම
# හුස්ම ගැනීමේ වේගය වැඩිවීම
# මොලේට ලේ සැපයීම වැඩි වීම
# සමට සහ ආහාර මාර්ගයට ලේ සැපයීම අඩුවීම
# කටේ කෙළ සිඳී යාම වගේ වෙනස්කම් සිදුවෙනවා.
මේකෙ තියෙන අනෙක් අහිතකර බලපෑම් තමයි
# රුධිර පීඩනය වැඩිවීම
# හෘදයාබාධ සහ මොළයේ ලේ නහර පිපිරීම යෑම
# හිසරදය
# නින්ද නොයෑම
# විශාදය
# ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
වගේ දේවල් සරලව සඳහන් කරන්න පුළුවන්.
ඔයා මානසික ආතතියෙන් හරි විෂාදයෙන් හරි පීඩා විඳිනවා කියලා දැනගන්නේ කොහොමද?
මේ රෝග ලක්ෂණ කීපයක් ඔයා තුළ දකින්න පුළුවන්.
# හේතුවක් පැහැදිලි කරන්න බැරි දිගුකාලීන අතපය වල හරි උදරයේ ඇතිවන වේදනාවන්
# නින්ද නොයෑම
# ලිංගිකත්වයට ඇති රුචිය අඩුවීම
# ආහාර දිරවීමේ ඇතිවන සංකූලතා
# ආහාර රුචිය අඩුවීම හෝ වැඩිවීම
# මතකය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම
# නිතර විඩාපත් බව දැනීම
# නිතර නිතර කේන්ති යෑම
# සමාජයට මුහුණ දීම අවම වීම
# වෙනදා ඔබට සතුට ගෙනදුන් කාර්යයන් කෙරෙහි ඇති ඇල්ම අඩු වීම
ඉතින් අපි අද කතා කලා නිවසට වී වැඩ කිරීම නිසා මානසික ආතතිය ඇති වෙන්නෙ කොහොමද, එය හඳුනාගන්නේ කොහොමද කියන කාරණා. ලිපිය ගොඩක් දිග උනා.
අපි ඊලඟ දවසෙ කතා කරමු මේ මානසික ආතතිය අවම කරගෙන උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්නෙ කොහොමද කියල.
මේ වගේ ලිපි නිතර කියවන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
ජය වේවා…
මම Dr. නාමල්
Working from home - එහෙම නැත්තං නිවසේ සිට වැඩ කිරීම සහ මානසික ආතතිය ගැන ඔයා දන්නවද?
ඇතිවෙච්ච ගෝලීය කොවිඩ් 19 වසංගතයක් එක්ක ගොඩක් අය අන්තර්ජාලය භාවිතා කරලා ගෙදර ඉඳන් වැඩ කරන්න පුරුදු වුණා, එහෙම නැත්නම් පුරුදු කළා කිව්වොත් ගොඩක් හරි. මේකට කියන්නේ "telework" කියලා.
ගොඩක් අයට මේක තමන්ගේ පවුලේ අයත් එක්ක වැඩි වෙලාවක් ගත කරන්න ජීවිතේ ටිකක් නිදහස ගන්න අවස්ථාවක් වුණා. හැබැයි අද මං කතා කරන්න යන්නේ නිවසේ සිට වැඩ කිරීම නිසා ඇතිවන මානසික ආතතිය සහ ඒක වලක්වගන්න විදිය ගැන.
ගොඩක් අය පුරුදු වෙලා තිබ්බේ ජීවිත කාලෙම වගේ තමන්ගේ වැඩ කරන තැනට ගිහිල්ලා අනිත් අයත් එක්ක කතාබහ කරල බොහොම සාමාජීය විදිහට වැඩ කරන්න. එයාලගේ අවට පරිසරය නිතරම වගේ වෙනස් වුණා.
හැබැයි මේ නිවසේ සිට වැඩ කිරීම නිසා එයාලට ගොඩක් වෙලාවට පරිගණකයක් ඉදිරියේ එහෙම නැත්නම් smart දුරකථනයක් ඉදිරියේ දවසේ වැඩි වේලාවක් ඩිජිටල් තිරයක් දිහා බලාගෙන වැඩ කරන්න සිදුවුණා.
ප්‍රශ්න මතුවෙන්න ගන්නෙ මෙතෙන්දි.
එයාලා නුහුරු පරිසර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. වෙනදා තිබ්බ සමාජශීලී පරිසරය වෙනුවට තමන්ට පැවරිලා තියෙන වැඩ ටික හැමදාම එකම කාමරේකට වෙලා එකම තැනක ඩිජිටල් තිරයක් දිහා බලාගෙන තට්ට තනියම කරන්න සිදු වුණා.
නිවසේ සිට වැඩ කිරීම මානසික ආතතියකට හරි විශාදයට හරි හේතුවක් වෙන්න පුළුවන්ද?
ඔව්, ඒක හේතු කීපයක් හින්ද වෙන්න පුළුවන්.
එකක් තමයි කාමරයක් වගේ වට වෙච්ච තැනක එක දිගට දීර්ඝකාලීනව වැඩ කිරීමට සිදු වුණාම මනසට හිරවුණු ගතියක් ඇති වීම.
වෙනදා වැඩ කරන විට තමන්ගේ කාර්යාලීය හෝ වැඩබිමේ සගයන් සමග අවශ්‍ය විටෙක විහිළු තහළු කරමින්, තවත් වෙලාවක තමන්ට නොතේරෙන දෙයක් තව කෙනෙක්ගෙන් අසා ගනිමින් කාර්යාලයේ තියෙන සම්පත් උපරිමයෙන් භාවිතා කරමින් තමන්ගේ රාජකාරිය සිදුකළ අයට තමන්ගෙ නිවසේ කාමරයකට හිර වෙලා සීමාකාරී සම්පත් වලින් අවම අන්තර්ජාල සම්බන්ධතාවලින් වැඩ කරන්නට සිදුවීම නිසා හිතට දැනෙන පීඩාව වැඩි වීම තවත් හේතුවක්.
ඩිජිටල් තිරයක් දිහා බොහෝ වේලාවක් බලාගෙන ඉන්න වෙනකොට ඇස් වලට ඇතිවෙන පීඩාව හිසරදයකට වගේම මානසික ආතතියකට හේතු වෙන්න පුළුවන්.
තමන්ගෙ නිවසේ දරුවන්ගේ වැඩකටයුතුවලට යොමුවීමට සිදුවීම නිසා සහ බාධා කිරීම් නිසා රාජකාරි වැඩ අතපසු වෙන්න පුළුවන්.
ඉතින් මේ වගේ ගොඩක් හේතු නිවසේ සිට වැඩ කිරීමේදී මානසික ආතතිය වගේම විෂාදය ඇති වීමටත් හේතුවෙනවා.
මොකක්ද මේ මානසික ආතතිය කියන්නේ?
ඔබට අවට පරිසරයෙන් වගේම සිරුර තුළ සිදුවන රසායනික හෝ හෝමෝනමය වෙනස්කමක් නිසා සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසා මානසිකව ඔබට ඇතිවන අපහසුතාවය මානසික ආතතියක් කියල සරලව කියන්න පුළුවන්.
මේක විභාගයක් වගේ අවස්ථාවක් ගත්තොත් ධනාත්මකව බලපෑමක් ඇති කරනවා. හැබැයි තමන්ගේ පෞද්ගලික ජීවිතේ හරි රාජකාරි ජීවිතයේ හරි ගැටලුවකට ඔබට නිවැරදිව නිසි වේලාවට පිළිතුරු හොයාගන්න බැරි උනොත් ඒ ඇතිවෙන මානසික ආතතිය ඔබට සෘණාත්මකව බලපෑම් ඇති කරනවා. මේක විශාදය දක්වා බරපතල වෙන්න පුළුවන්.
මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේදී ඔයාගේ මොලයේ, හයිපොතැලමසයේ වගේම අධිවෘක්ක ග්‍රන්ථි වල රසායනික සහ හෝමෝනමය වෙනස්කම් සිදුවෙනවා.
මේකෙ ප්‍රතිඵලයක් විදිහට adrenaline හෝමෝනය වැඩි වීම සිදුවෙනවා. එතකොට,
# හෘද ස්පන්දන වේගය වැඩි වීම
# හුස්ම ගැනීමේ වේගය වැඩිවීම
# මොලේට ලේ සැපයීම වැඩි වීම
# සමට සහ ආහාර මාර්ගයට ලේ සැපයීම අඩුවීම
# කටේ කෙළ සිඳී යාම වගේ වෙනස්කම් සිදුවෙනවා.
මේකෙ තියෙන අනෙක් අහිතකර බලපෑම් තමයි
# රුධිර පීඩනය වැඩිවීම
# හෘදයාබාධ සහ මොළයේ ලේ නහර පිපිරීම යෑම
# හිසරදය
# නින්ද නොයෑම
# විශාදය
# ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
වගේ දේවල් සරලව සඳහන් කරන්න පුළුවන්.
ඔයා මානසික ආතතියෙන් හරි විෂාදයෙන් හරි පීඩා විඳිනවා කියලා දැනගන්නේ කොහොමද?
මේ රෝග ලක්ෂණ කීපයක් ඔයා තුළ දකින්න පුළුවන්.
# හේතුවක් පැහැදිලි කරන්න බැරි දිගුකාලීන අතපය වල හරි උදරයේ ඇතිවන වේදනාවන්
# නින්ද නොයෑම
# ලිංගිකත්වයට ඇති රුචිය අඩුවීම
# ආහාර දිරවීමේ ඇතිවන සංකූලතා
# ආහාර රුචිය අඩුවීම හෝ වැඩිවීම
# මතකය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම
# නිතර විඩාපත් බව දැනීම
# නිතර නිතර කේන්ති යෑම
# සමාජයට මුහුණ දීම අවම වීම
# වෙනදා ඔබට සතුට ගෙනදුන් කාර්යයන් කෙරෙහි ඇති ඇල්ම අඩු වීම
ඉතින් අපි අද කතා කලා නිවසට වී වැඩ කිරීම නිසා මානසික ආතතිය ඇති වෙන්නෙ කොහොමද, එය හඳුනාගන්නේ කොහොමද කියන කාරණා. ලිපිය ගොඩක් දිග උනා.
අපි ඊලඟ දවසෙ කතා කරමු මේ මානසික ආතතිය අවම කරගෙන උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්නෙ කොහොමද කියල.
මේ වගේ ලිපි නිතර කියවන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
ජය වේවා!
මම Dr. නාමල්
කලින් දාපු posts කියවන්න click කරන්න :
03/03/2021
දියවැඩියාව නිසා පාද විනාශ වෙන්න ඉඩ දෙන්න එපා!
https://www.facebook.com/101427888670486/posts/107516074728334/?d=n
දියවැඩියාව ඔබේ පාදවලට අනතුරුදායක විය හැකි අතර කුඩා කැපුමක් පවා බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකිය.දියවැඩියාවට ඔබේ පාදවලට රුධිරය පැමිණීම අඩු කළ හැකිය. තුවාලයක් සුව කිරීම හෝ ආසාදනයට එරෙහි වීමට නම් ඔබ නිවැරදි සපත්තු යුගලක් තෝරා ගත යුතුය.දියවැඩියාව සහ පාදයේ ගැටළු සඳහා ඔබේ සෞඛ්‍යය ඉතාමත් වැදගත් වේ. ඔබේ ඇඟිල්ල, පාද හෝ කකුල් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් Inotch Foot Care සපත්තු පළඳින්න.
ඇණවුම් කරන්න:
* කාන්තා සැන්ඩල් (බෙදා හැරීමේ ගාස්තු සමඟ රු. 3200 /=)
* පිරිමි සැන්ඩල් (බෙදා හැරීමේ ගාස්තු සමඟ රු. 3600 /=)
* යුනිසෙක්ස් සැන්ඩල් -1 (බෙදාහැරීමේ ගාස්තු සමඟ රු. 4600 /=)
* යුනිසෙක්ස් සැන්ඩල් -2 (බෙදාහැරීමේ ගාස්තු සමඟ රු. 4600 /=)
දිවයින පුරා බෙදා හැරීමේ සේවාව ..
ඔබේ පාවහන් යුගලය දැන්ම ඇණවුම් කරන්න ......0704087277
* විශේෂ පීඩන ඉවත් කරන පාවහන්
22/01/2021
ජීවිතයේ ලස්සනම දවසක් විහිළුවකින් බොඳ කරන්න එපා
24/07/2020
කිසිදා අමතක නොකල යුතු.. සදා ඇගයියයුතු ජාතික වීරයා..❤️🙏 නිහතමානීව ඔහු කල දේ අගයමු..🇱🇰
15/07/2020
කොරෝනා රෝගයේ ආරම්භයත් සමගම වසංගත තත්වය මෙන්ම භයානක ලෙස සාවද්‍ය තොරතුරු ලොව පුරා ඉතාමත් දරුණු ලෙස පැතිරයාමට ආරම්භ විය.
පහත පත්‍රිකාවේ දක්වා ඇති තොරතුරු ලොව පුරා විවිධ භාෂා වලින් සංස්කරණය කරමින් ප්‍රචාරය වීම මීට මාස කිහිපයකට පෙර සිටම නිරීක්ෂණය කරන ලදී.
මෙවැනි විද්‍යාත්මක පසුබිමක් නොමැතිව ප්‍රචාරණය වන තොරතුරු නිසා බොහෝ පුද්ගලයින් ඉතා අපහසුතාවයට පත්වේ.
එම නිසා මෙම කොරෝනා වසංගත කාලය පුරාවට විශ්වාසවන්ත තොරතුරු ලබාදෙන ආයතන මගින් නිකුත් කරන තොරතුරු වලට පමණක් යොමු වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම අප ඉල්ලා සිටිනවා.
www.hpb.health.gov.lk
www.epid.gov.lk
www.gic.gov.lk
23/03/2020
IDH පමණක් නොව සියළු රෝහල් වල සියළු කාර්‍ය මණ්ඩල වලට අපගේ උත්තමාචාරය!
17/03/2020
14/03/2020
ලොව පුරා COVID -19 වෛරස් රෝගය පැතිර යාමේ ප්‍රධානතම ක්‍රමවේදය වූයේ මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන හරහා විසබීජ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම මගිනි.
කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ බොහෝමයක් රටවල් එම පාලනය ලබා ගත්තේ පොදු ස්ථානවල සෙනග එක්රොක් වීම අවම කිරීමෙනි.
අනවශ්‍ය ලෙස සෙනග රැඳී සිටින ස්ථානවල ගැවසීමෙන් කෙනෙක් විසින් අනතුරේ හෙළන්නේ, තමා පමණක් නොව තම පවුලේ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවයි, විශේෂයෙන් වැඩිහිටි මව්පියන්ගේ!
රෝගය අධික ලෙස පැතිර ගිය රටවල් මෙන් මෙම තීරණය ගැනීමට පසුබට නොවී ඉතා ඉක්මනින් මෙම තීරණයට යොමුවීම රටක් ලෙස අප සියලු දෙනාම ලැබූ ජයග්‍රහණයකි.
14/03/2020
වැදගත්! ඉරිදා උදේ 10ට TV බලන්න!
ෆේස්බුක් ඇඩ්මින්වරුනි, කොරෝනා සම්බන්ධයෙන් වන ජාතික වගකීමට ඔබත් දායකවන්න.
"කොරෝනා පිළිබඳ ඇත්ත සහ බොරුව" විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉරිදා උදේ 10ට විකාශය වනවා ඇති.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සජීව වැඩසටහන ඔබ පිටුවේ පළ කිරීමට කාරුණික වන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00100
24/03/2020