Your Physio

Your Physio

Share

Physiotherapy and rehabilitation for Orthopaedic, Neurological, Cardiac, Repiratory, Paediatric and sport conditions.

29/03/2020

Physiotherapist ❤️❤️🖤
😭

"මගේ පුංචි පුතාට තාම අවුරැදු 01 මාස 08 යි. Curfew දාලා තියෙද්දිත් එයාගෙ තාත්ති එයාව බලන්න ආවේ ඇයි කියලා එයා තාම දන්නෑ...තාත්ති ආවේ එයාව බලන්න අන්තිම වතාවටයි කියල දන්නවනම් ආපහු යන්න දෙන්නේ නැති වෙයි....තාත්ති හෙට වැලිකන්ද හොස්පිටල් එකේ ICU එකේ වැඩට යන්න ඉන්නේ.....මගේ job එකේ, Chest Physiotherapy කියන්නේ (Sputum) සෙම එක්ක කරන job එකක්. එ කියන්නේ කෙලින්ම Covid 19 එක්ක Face to Face. There is n ways to Survive.
තාම පටන් ගත්තා විතරයි...දැන්වත් හැදියල්ලා...පරිස්සම් වෙයල්ලා....අවදානම දැන දැනම අපි අපේ job එක කරන්නෙ....."

05/08/2019

🛑 Don't sit on your money_ Years of on your wallet could misalign your and put pressure on the !

Photos from Your Physio's post 05/08/2019

ඔබ චුට්ටක්වත් හිතුවද ඔබේ පර්ස් එකට ජීවිතකාලයටම වුනත් වේදනාදෙන කොන්දෙ කැක්කුමක් ගෙනවිත්දෙන්න පුලුවන් කියා??

ඔබේ කලිසම පිටුපස සාක්කුවේ පර්ස් එක දැමීම හරියට එක කකුලක සපත්තු දමා සහ එක කකුලක සපත්තු නොදා ඇවිදිනව හා සමානයි කියලයි කියන්නෙ. ඒකම හිතන්නකො ඉතින්..

මේ හරහා ඔබේ ශ්‍රෝණිය නැතිනම් උකුල් ප්‍රදේශය ඇති සයටික් ස්නායුව (sciatic nerve)ගමන් කරන කපොල්ලක් වැනි ස්තානයට (sciatic notch) හා ඒ අසල මාන්ශපේශියට (piriformis muscle) ඇතිකරන පීඩනය අතිමහත්.

ඒ වගේම එම උකුල් ප්‍රදේශයේ මාන්ශපේශිවල අසමතුලිත බාවයක් ඇතිකරනව (muscular imbalance)වගේම ශරීරයේ ඇති හැඩය( Biomechanical alignments)හා බරගමන් කිරීමේ පථය( weight bearing system)සම්පුර්නයෙන්ම වෙනස්කරවනව.

තවද කොදුඇටපෙල පහල පෙදෙස්වලටද පීඩනය මේනිසා වැඩිවන අතර සයටික් ස්නායුව තෙරපීම මගින් අන්න අර ඔබට ඔබේ පවුලේ කෙනාට හිතවතාට ඇති කොන්දෙ කැක්කුම ඒත් කකුල දිගටත් කැක්කුම ගැලීම නැත්තම් හිරිවැටීම එහෙමත් නැත්තම් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සයටිකා sciatica නම් රෝග තත්වය ඇතිවෙනව.

ඉතින් දන්න හැමෝටම මේ පනිවිඩය කියන්න. ඔබේ පර්ස් එක ඉස්සරහ සාක්කුවක හරි වෙනයම් තැනක දාගන්න. පර්ස් එකේ බිල් එක පර්ස්එක නිසාම ඇතිවන ලක්සගානක වේදනානාශක, එක්ස්රේ, mri , විවිද පරීක්ශන වලට වැයකිරීම නවත්තගන්න.

තවත් මෙවැනි වටිනාලිපි කියවන්න අපේ page එකට like එකක් දාන්න... ❤️❤️❤️

04/08/2019

Text Neck Syndrome

නිරන්තරයෙන් ,දිගු වේලවක් ඔබගේ ජංගම දුරකතනය හෝ අනෙකුත් විද්‍යුත් උපාංග ( tablet,note books ) දෙස බෙල්ල පහත් කරගෙන බැලීම නිසා ඇතිවන බෙල්ලේ අපහසුතාවයයි.

වර්තමානයේ බහුලව දැකිය හැකි තත්වයක් බවට පත්වෙමින් ඇති මෙම තත්වයේදී බෙල්ල හා බෙල්ල අවට මාංශ පේෂීන් ඇදීමකට ලක්වේ. ඊට අමතරව කශේරුකා වල පිහිටීමේ වෙනස්කම්ද ඇතිවිය හැකි අතර දිගු කාලීන බෙල්ලේ අමාරු තත්වයක් කරා වර්ධනය වීමටද පුලුවන. තවද ජීවිතකාලය පුරා පීඩාකාරී කොන්ද වේදනාවක් දක්වාවුවද මෙය වර්දනය විය හැක.

රෝග ලක්ෂණ
1. බෙල්ලේ පවත්නා වේදනාව හා අපහසුතාව.
2. උරපතු( scapula) අතර හා ඊට ඉහල ප්‍රදේශයේ පවත්නා වේදනාව.
3. උරහිස් ( shoulders ) හා ඒ අවට වේදනාව .
4. බෙල්ල හා බෙල්ල අවට මාංශ පේශී තද වීම.
5.අතදිගට හිරියක් හෝ වේදනාවක් ගලායාම.
6.හිසරදය

මෙම තත්වය අවම කර ගැනීම සදහා පහත සදහන් ක්‍රම අනුගමනය කල හැක.

1. ජංගම දුරකතනය ඇස් මට්ටමින් භාවිතා කිරීම .
2. භාවිතයේදී දීර්ඝ වේලාවක් භාවිතා නොකර කෙටි විවේක ලබා ගැනීම .
3. කාර්යාලයේදී පරිගණකය ඇස් මට්ටමින් භාවිතය.
4. විනාඩි 20කට වරක්වත් ගෙල ආශ්‍රිත කෙටි ව්‍යායාම කීපයක නිරතවීම ( මේ ගැන සවිස්තර තොරතුරු අප Physio kandy පේජ් එකේ පරිඝනක බාවිතයට අදාල ලිපියේ වැඩිදුර සදහන් කර ඇත.
5.හැකිසෑමවිටම නිවැරදි සෘජු ඉරියව්වක කොන්ද ගෙලපවත්වාගැනීම

වැඩිදුර විස්තර විමසා දැනුවත් වීමට හා ප්‍රතිකාර සදහා සුදුසු වෘතියමය භෞතචිකිත්සවරු හමුවන්න.

ඔබේ සමීපතමයින් මේ රෝගයෙන් අත්මුදවාගන්න දැනුවත්කරන්න ශෙයා කරන්න

අදත් ඔබේ ජීවිතයට වටිනා කරුනු වලින් ඔබව දැනුවත්කල අපි
Physio kandy physiotherapy and sports rehabilitation centre
665/1 ,William Gopallawa Mawatha,Kandy
081 3 130 130

27/07/2019

Farewell Lasith Malinga.
In his last speech he mentioned "Physiotherapists ල කියන්නෙ දෙවිවරු"
Thank you for the appreciation
Legend 99 Love u ❤️❤️❤️❤️

Photos from Your Physio's post 24/07/2019

පරිඝනක ක්ශේත්‍රයේ රැකියා කරන ඔබ ඔබේ පරිඝනකය නිසාම ඇතිවන රෝගාබාධ ගැන දැනුවත්ද???

අද අප මේ ගතකරන තාක්ශණික ලෝකයේ පරිඝනකය කියන්නෙ අපිගන්නා කෑමක් බීමක් තරම්ම අපිට සමීප නිරන්තරයෙන් අපි සමග ඉන්න යාලුවෙක් වගේ දෙයක් බවට පත්වෙලා.ඉස්සරහට මේ තත්වය තවත් වැඩිවෙනව මිසක් අඩුවීමක් වෙන්නෙනම් නෑ. ඉතින් ඔබ හිතන්න විවේක කාලයෙදි අන්තර්ජාලයට යන්න නැතිනම් පේස්බුක් වගේ සමාජජාල වලට පිවිසෙන්න විතරක් නෙමේ චිත්‍රපටියක් බලන්න යොමුවන ඔබ ඔබේ රාජකාරියෙදිත් කම්පියුටර් එක නැත්තම් පරිඝනකය ඉදිරියෙ වාඩිවුනොත් කොහොමට හිටීද. ඔව් ඔබ හිතාවි ඒක ඉතාම ප්‍රියජනක දෙයක් කියල. නමුත් සාමාන්‍යයෙන් වැඩකරන පැය 8ක් ඒ වගේ සතියට දවස් 5ක් හො 6ක්. ඊටපස්සෙ මාසයක් අවුරැද්දක් අවුරැදු ගනනාවක් ඔය ඩිජිටල් තිරය එක්ක සන්කීර්න රාජකාරියක නිරතවෙන ඔබට ඇත්තටම ඉතාම අපහසු කාරනාවක් වෙනව පමණක් නොවෙයි ඔබ නොහිතන නොපතන රෝගාබාද ගනනාවකට ඔබව ගොදුරැ වෙන්න තියන ඉඩකඩ වැඩී.

හිතන්නත් අපහසුයි නේද.. හොදයි අපි එහෙනම් අද බොහොම සරලව කියල දෙන්නම් මොනවද ඔබට ඇතිවිය හැකි රෝගාබාද මෙන්ම කොහොමද ඇතිවෙන්නෙ කොහොමද ඒවයින් වැලකෙන්නෙ කියල. මේක බොහොම සරල කාරනා ටිකක් වගේ පෙනුනට මේ ලිපිය හරහා කියල දෙන ඉතාම වැදගත් කරැනු ටික හරියට ජීවිතයට එක්කරගත්තොත් ඔබට ලැබෙන ප්‍රතිපල නම් මිලකල නොහැකියි. මොකද අපගේ රෝහල් වල සායනයන්ට පැමිනෙන ඔබ වැනිම ඔබේම රැකියා කරන රෝගීන් සිටිනව දවසම වේදනාවෙන් පසුවන ඒනිසාම හරිහැටි නින්දක් නැති අක්මාව,වකුගඩු වැනි අවයව වලට වියහැකි හානිගැන නොතකා වේදනානාශක අහුරැ පිටින් ගිලදාන,ලක්ශ ගනනින් අර රිපෝට් මේ රිපෝට් බේත් හේත් වලට ශල්‍යකර්මවලට මිල මුදල් වැයකරපු, ඒත් නිසි සුවයක් නැති කමින් රැකියාවෙන් පවා ඉවත්වීමට සිදුවුනු. ඉතින් චුට්ටක් හිතන්න රෝගවලට ප්‍රතිකාර ගන්නවට වඩා රෝග වලක්වා ගැනීමයි ඔබ තරයේම හිතටගතයුත්තේ. ඒනිසා මම ඔබට සහතික කරනව ඔබට කෙදිනකවත් අසන්නට නොලැබුනු ඉතාම වටිනා කාරනාගනනාවක් මේ ලිපිය අවසානයේදී ඔබට ජීවිතයට එකතු කරගන්නට ඉඩ ලැබෙනබවට.

දැන් මුලින්ම ඔබ ඔබගෙන්ම අහල බලන්න මේ වගේ ලක්ශන ඔබටත් දැනෙනවද හෝ දැනිල තියනවද කියල.එහෙනම් ඔබ අද අපි කියල දෙන කරුනු හා සරල ක්‍රියාකාරකම් හෙට ඉදන්ම කරන්න පටන්ගත්තොත් හොදයි. මොකද ඔබේ ශරීරයේ මාන්ශපේශි විඩාවට පත්වෙලා පත්වෙලා මාසගානක් අවුරැදු ගානක් දුර්වල උනාම තමයි මේ රෝගාබාද බරපතලව ඔබට දැනෙන්න ගන්නෙ. ප්‍රදානවම අපට බහුලව හමුවන රෝගාබාද කීපයක් ගැන අප මුලින්ම දැනුවත් කරන්නම්.

+ඔබට පරිඝනකය භාවිතා කරද්දි නිරන්තරයෙන්ම හිසරදයක්,ඉරැවාරදයක් (migraine),ඇස්වල රිදීමක්,මනසට විඩාවක්,නින්ද නොයෑමේ ගතියක් දැනෙනවද?

මෙයට හේතුගනනාවක් තිබිය හැකි වුවත් ඇස් වලට සම්බන්ද මාන්ශපේශින් වෙහෙසකර තත්වයට පත්වී පේශි හානියට පත්වීම හේතුවෙන්න පුලුවන්. ඒ වගෙම මොලයේ නින්දට හේතුවන රසායනික සන්යෝගවල ක්‍රියාකාරීත්වය අඩපන වීම, බෙල්ල ආශ්‍රිත මාන්ශපේශින් දුර්වල වී හිරගතියක් දැනීම, කාර්යල ස්තානයේ ඇස්වලට අහිතකර අදික එලියක් පැවතීම හෝ අදුරැගතිය, පරිඝනක තිරයේ අදික දීප්තිය වැඩිවීම හා තිරය අපිරිසිදු වීම වගේ කාරනා රැසක් බලපාන්න පුලුවන්. මෙයට පිලියම් විදිහට බෙල්ල හා ඇස ආශ්‍රිත සරල පිසියොතෙරපි ව්‍යායාම්වල නිරතවීම, සෑම පැය දෙකකට වරක් අඩුතරමේ විනාඩි 10ක 15 විවේකයක් ඇස්වලට ලබාදීම, එහෙම අපහසුනම් අඩුතරමෙ විස්සයි විස්සයි විස්ස ක්‍රමය [20-20-20]ඒ කියන්නෙ සෑම මිනිත්තු 20කට වරක්ම අඩි විස්සක් දුර ඇසට පහසු වස්තුවක් දෙස තත්පර 20ක් බලාසිටීමේ ක්‍රමය අත්හදා බලන්න. අනිවාර්යෙන්ම මෙතෙක් ඔබ දැන නොසිටි මෙම ක්‍රම හා සරල කාරනා වලින් ඔබේ කාර්යාල ජීවිතයට පමනක් නොව ඉන්පිටත ගතකරන කාලයද සුන්දරව ගතකරන්න පුලුවන්. තවත් කීවොත් අදුරැත් නැති අදික දීප්තියත් නැති ඇසට පහසු ආලෝකකරනයක් රාජකාරි කාමරයට යොදාගන්නට අමතක කරන්න එපා. ඒ වගේම පරිඝනක තිරයේ දීප්තිය අදික නිල්පැහැ නොවන ලෙස බ්‍රයිට්නස් අඩුකර සකසාගන්න. නැතිනම් දීප්තිය අඩුකර පෙන්වන ස්ටිකර් එකක් පරිඝනක තිරයට අලවන්න.තිරය නිරන්තරව කුනු දූවිලි ඉවත්කර පිරිසිදු කරගන්න. පුලුවන්නම් ආයතන ප්‍රදානියාට කියල අද නූතන ලෝකයේ කාර්යාල වල භාවිතවන පරිදි මනස සන්සුන් කරන සන්ගීතයක් (Relaxation Music)හීමිට ඇහෙන්න සලස්වාගන්න.
මෙන්න මේ ටික කරල ටික කාලයකින් ඔබේ හිසරදයට අතෘප්තිකර ගතියට විඩාවට උද්යෝගය අඩුගතියට මොකදවුනේ කියල ඔබෙන්ම අහල බලන්න.

+ ඔබට ගෙල ආශ්‍රිත වේදනාවක් හෝ නැතිනම් බෙල්ලේ සිට අතක් දිගේ කැක්කුමක් හෝ හිරියක් ගලාගෙන ගතියක් දැනෙනවද..

ගොඩක් කීබෝඩ් එක(key board) හා මවුස් (mouse) එකෙන් වැඩකරන්නන් වන තොරතුරු තාක්ශන වෘතිකයින්, බැංකු නිලදාරීවරු, පරිඝනක ඉන්ජිනේරුවරු, පරිඝනක ක්‍රීඩා නිපදවන්නන් හා ක්‍රීඩකයන්, පිලිගැනීමේ නිලදාරීන්, ආරක්ශක අන්ශවල තොරතුරු තාක්ශන හා සන්නිවේදන නිලදාරීන් මෙන්ම වැඩිපුර ලිවීමට සිදුවන ගුරුවරුන්, ශිෂ්‍යයිනුත් මේ තත්වයට ගොදුරු වෙන්න ඉඩකඩ වැඩියි. බෙල්ල හිරකරගෙන මවුස් එකට හා යතුරුපුවරුවට අතත් වෙහෙසවන ගමන් දීර්ඝකාලීනව වැඩකිරීමේදි බෙල්ල ආශ්‍රිත කොදුඇටපෙලේ වෙනස්කම් ඇතිවීම නිසා ස්නායු තෙරපීම තුලින් තමයි cervical spondylosis නම් මෙම රෝගය හැදෙන්නෙ. තවද මෙම රෝගයයැයි වරදවා වටහාගත්තත් බෙල්ල ආශ්‍රිත මාන්ශපේශි තදවිම හිරගතිය දුර්වලවීම මෙන්ම නොයෙකුත් ඉරියව් වල වැරදි නිසා ගෙල ආශ්‍රිත කොදුඇටවල,කාටිලේජවල ගෙවීම්,හැඩය වෙනස්වීම්, ඔසියොපයිට්ස් නම් කැල්සියම් අස්ථිබවනය වීම් මෙන්ම ඔස්ටියොපොරෝසිස් තත්වයන්ද නොයෙක් ආකාරයේ බෙල්ල අමාරුද සමහරවිට ශල්‍යකර්මවලට පවා යොමුවිය යුතු රෝගාබාදවලටත් මෙම වෘතිකයින්ට ඇතිවීමේ ප්‍රවනතාව වැඩියි.ඉතින් හිතන්න කොච්චර සන්කීර්නද අපි සුලුවට හිතුවට කියල.

+ ඔබට මැනික්කටුව (wrist) ආශ්‍රිත කැක්කුමක් හිරියක් නිරන්තරයෙන්ම වගේ දැනෙනවද.

එහෙනම් ඔබට කාපල් ටනල් සින්ඩ්‍රෝම් (carpal tunnel syndrome) රෝගී තත්වය ඇතිවෙලා වෙන්න පුලුවන්. මීඩියන් ස්නායුව (Median nerve) කාපල් ටනල්නම් මැනික්කටුව ආශ්‍රිත පෙදෙසේදි තදවීමකට බදුන් වීම නිසා මේ තත්වය ඇතිවෙන්න පුලුවන්.බොහෝවිට මවුස් එක භාවිතාකරන කොට අප කරන වැරදි මේ පීඩාකාරී රෝගීතත්වයට අතවැනීමක්. පිසියොතෙරපි ප්‍රතිකාර වලට යොමුවීම හෝ ශල්‍යකර්මයට යොමුවීමට මේ නිසා සිදුවෙන්න පුලුවන්. ඒවගේම නැතිනම් මැනික්කටුව ආශ්‍රිත වේදනාවන් (wrist pain) ඇතිවෙන්නත් ඉඩකඩතියනව.

+ ඔබට අත්ල දිගහරිනවිට වැලමිට අල්ලනවිට වැලමිට ආශ්‍රිතව කැක්කුමක් එනවද..

බොහෝවිට ඔබට ටෙනිස් එල්බෝ (Tennis elbow) නම් රෝගය වෙන්න පුලුවන්. ඒනම් එකදිගට එකම අතනමන දිගහරින චර්යාවල නිරතවීමේදී වැලමිට ආශ්‍රිත මාන්ශපේශි හානියට පත්වීම නිසා මෙම රෝගීතත්වය ඇතිවෙන්න පුලුවන්.(extensor carpi radialis bravis & extensor carpi radialis longus muscles). මෙම තත්වය කලින්ම වලක්වා නොගත්තොත් පිසියොතෙරපි ප්‍රතිකාර, ඉන්ජෙක්ශන්,ශල්‍යකර්ම වගේ තත්වයන්ට පවා යන්නට සිදුවෙන්න පුලුවන්.

+ ඔබට රාජකාරී කරනවිට හෝ ඉන්පසුව කොන්ද ආශ්‍රිත වේදනාවක් හෝ කකුල දිගට හිරියක් වේදනාවක් එනවද

බොහෝවිට ඔබ දීර්ඝවෙලාවක් වාඩිවී සිටීම හා වැරදි අයුරින් වාඩිවී සිටීම නිසා කොන්ද ආශ්‍රිත මාන්ශපේශි හා කොදුඇටවලට ඇතිවන පීඩනය වැඩිවීම මීට හේතුවන්නට පුලුවන්. කොදුඇටපෙල විවිදාකාර ලෙස ඇදවීම(lumbar lordosis,kyphotic posture,scoliosis), අන්තර්කශේරුක මඩල ලිස්සීම හා නෙරායෑම(disc prolapse,disc protusion) කොදු ඇට ගෙවීම හා දිරායෑම (disc degeneration, osteoporosis ) සයටික් ස්නායුව තදවීම නිසා කකුල දිගේ හිරියක් වේදනාවක් ගලායාම (sciatica) කොදුඇටපෙල පහලම කොටසේ වේදනාව(coccydynia) සාමාන්‍ය මාන්ශපේශි ඇදීම් හා හානිවීම් නිසා ඇතිවන කොන්ද වේදනාවන් (lumbar muscles sprains and strains), පිට මැද ඉහල කොටසේ කැක්කුම( Rhomboid muscle pain), තට්ටම ආශ්‍රිත වේදනාව (piriformitis) ස්පොන්ඩිලෝසිස්, ස්පොන්ඩිලෝලිස්තෙසිස් වැනි රෝග ගනනාවක් පරිඝනක ආශ්‍රිත රැකියාකරන ඔබට ඇතිවෙන්න පුලුවන්.

තවද උරහිස් කැක්කුම් , උරහිසින් අත එසවීම අපහසුව(frozen shoulder) වැනි උරහිස ආශ්‍රිත රෝග ගනනාවක්, දනහිස් ආබාධ, ඔස්ටියොආතරයිටීස්,විලුඹ ආශ්‍රිත ආබාධ, පාදවල මාන්ශපේශිවල වේදනා වැනි රෝග රැසක් ඔබට උරුමකරල දෙන්න ඔබගෙ ඔය පුන්චි පරිඝනකයට හෝ ලැප්ටොප් එකට පුලුවන්.

දැන් බලමු අපි කොහොමද මේවයින් වැලකෙන්නෙ කියල.කලිනුත් කීව වගේ හැදුනම දුක්විදිනවට වඩා කලින්ම වලක්වා ගන්න පුලුවන්නම් අන්න ඒක තමයි හොදම දේ.

මේ රාජකාරී ස්තානය තුල පරිඝනක ආශ්‍රිත රැකියාකරන ඔබට මේ රෝගාබාද වලින් වැලකෙන්න හොදම මාර්ගයක් තමයි ස්මාට් (SMART)කන්සෙප්ට් එක.දැන් අපි බලමු මොකක්ද මේ කියල

S- stretch
ඒ කියන්නෙ මාන්ශපේශි ඇදගැනීම නැත්තම් දිග හැරීමේ පිසියොතෙරපි ව්‍යායාම් ක්‍රමයක නිරතවීම. සෑම විනාඩි 20 සිට පැයකට වරක් හෝ ඇගිලි මැනික් කටුව වැලමිට උරහිස බෙල්ල කොන්ද යන ස්තානවලට තුන්හතර පාරක් 3-4 මෙම ව්‍යායාම සිදුකරන්න. තත්පර 20ක් පමනවත් ඇදගැනීමට පුලුවන් නම් හොදයි. මීට අදාල පින්තූර පහලින් ඔබට දැකගන්නට ලැබේවී. වඩාත් හොදයි මේක ඒ කාලසීමාවේදීත් කඩ කඩ වගේ කරන්න පුලුවනිනම්. ඔබට රාජකාරී බහුලත්වය එක්ක මෙය අමතකවෙනවනම් කම්පියුටර් ස්ක්‍රීන් එකේ ටයිමර් එකක් දාගන්න රිමයින්ඩ් කරනවිදිහට ඒ වෙලාව ආවම.

M - Move
පොඩි විවේකයක් ලැබුනු ගමන් රාජකාරී ස්තානයේ මදක් ඇවිදින්න. වෙහෙසුනු මාන්ශපේශිවලට හොදින් ලේගමනාගමනය කරන්න ඉඩදෙන්න.කිසිම කෙනෙක්ට නිරෝගිව ඉන්න බෑ දිර්ඝකාලයක් එක දිගට ඉදගෙනම හිටියොත්. විදුලි සෝපනයෙන් යන්න වෙන ගමන් පඩිපෙලෙන් යන්න. ඒ ඇවිදින කොටත් කොන්ද උරහිස් අත් චුට්ටක් තමුන් රාජකාරී කරනකොට ගොඩක්ම භාවිතාකරන පැත්තට ප්‍රතිවිරැද්ධ පැත්තට ඇදගන්නට අමතක කරන්න එපා.

A- Add it up
රාජකාරියට හැමවෙලේම විවිදත්වයක් එකතු කරන්න. පෝන් කෝල් එකකට ගියත් ඩොකියුමන්ට් එකක් කියෙව්වත් මීටිමකට ගියත් හැමතිස්සෙම අර ස්ට්‍රෙචින් හා සරල ව්‍යායාමයක් කරන්න අමතක කරන්න එපා. දවසකට විනාඩි 20ක් 30ක්වත් ඔබේ ඇදීමේ ව්‍යායාම හා අනෙක් ව්‍යායාම් රාජකාරී ස්තානය තුලින්ම සම්පුර්න කරගන්න.මෙක මෙහෙම බලද්දි අමාරුයි වගේ හිතුනම පුරුදුවුනාම බොහොම පහසුයි.කරල බලන්නකො.

R- Reduce strain
ඔන්න මේක තමා අනිත් වැදගත්ම දේ. නිවැරදි ඉරියව් ඔබ වැඩකරන ගමන් පවත්වාගැනීම

: ඔබ වාඩිවෙන පුටුව ගොඩක් නම්‍යශිලි නොවිය යුතු අතර කොන්දෙ ස්වභාවික වක්‍රතාව ආරක්ශාවන පරිදි නිමවී තිබිය යුතුය. ඔබ පුටුව සකසාගතයුත්තේ හොදින් පුටුවට පිට හේත්තුවන පරිද්දෙන් හා අනවශ්‍ය චර්යාවලට කොදුපෙදෙස යොමුනොවන පරිද්දෙනුයි.

: ඔබගේ තට්ටම් පෙදෙස ආසනයට හොදින් සරිලන පරිදි නිවැරදිව වාඩිවිය යුතු අතර පාද පොලවට සමාන්තරව හෝ පුට්රෙස්ට් එක මත තබාගතයුතුය. දනහිස හා උකුල අන්ශක 90 -100නැවෙන පරිදි තබාගැනීම යෝග්‍ය අතර අත්දෙක පුටු ඇන්ද මත සුවපහසුව ශරීරයට ලගින් තබාගැනීම සිදුකරයුතුය. තවද උරහිස් සැමවිටම සැහැල්ලුවෙන් තබාගතයුතු අතර වැලමිට අන්ශක 90-100 නැමෙන සේද අත්ල මැනික්කටුව සෑමවිටම පොලවට සමාන්තරව තබාගතයුතුය. මවුස් එක යම් ආදාරකයක් හෝ පොතක් මත තබා එම සමාන්තර කිරීම සිදුකල හැක.

: පරිඝනක තිරය හා ඔබ අතර සාමාන්‍යයෙන් 65-75cm දුරක් පැවතිය යුතු අතර ඇස්මට්ටම පරිඝනක තිරයට කෙලින් හෝ ඇස්හරවා පහසුවෙන් තිරය පහල බැලිය හැකි මට්ටමකින් තබාගතයුතුය. තවද මවුස් එක එබීමට පහසු අඩු පීඩනයකින් යුතු සන්වේදීතාවයෙන් වැඩි එකක් වියයුතුඅතර කීබෝඩ් එක හා මවුස් එක බෙල්ල ඉදිරියට ගෙනයාමට අවැසි නොවන පරිදි ශරීරයට ආසන්නව පැවතිය යුතුයි.

: ඔබේ උපකරන ඩොකියුමන්ට් හෝල්ඩර්ස් යනාදිය ඇස්මට්ටමට සමාන්තරව තිබිම වඩා යෝග්‍ය අතර සෑමවිටම මැනික්කටුව පොලවට සමාන්තරව පවත්වාගැනීමට wrist pad එකක සහය ලබාගැනීමට හැකිනම් සුදුසුය.

: තවද ඔබ රාජකාරියේදි පරිඝනකය ආශ්‍රිතවම සිටින නිසා හැකිතාක් නිවසේදී පරිඝනක භාවිතය අවම කිරීමට වගබලා යුතුය.

T -Talk to us
අපි කලින් කීවාක්මෙන් ලෙඩරෝග හැදීමට පෙර වලක්වාගැනීමයි වැදගත්වෙන්නෙ. ඉතින් හොදම දේ තමයි ආයතන ප්‍රදානියා හා කතාකර ergonomics කාර්යාලයේ නිවැරදි චර්යා ගැන ඔබව දැනුවත් කිරීමට සුදුසුකම් සහිත භෞතචිකිත්සකවරයෙකුගේ උපදේශනය හෝ වැඩමුලුවක් පවත්වා ඔබ හා රාජකාරී කරන සගයන් අප ඉහත සදහන් කර රෝගාබාද වලින් බේරාගැනීමට කටයුතුකිරීම. මොකද ලෙඩවුනොත් රාජකාරී ස්ථානයට අහිමිවන ඔබගේ කාර්යක්ශමතාව මේ ගැන දැනුවත් කිරීමට හෝ කෙටිවිවේක වලින් අහිමි වන දේට වඩා වැඩිනිසා. අනිත් කාරනය තමයි ඔබට තවදුරටත් ඔබේ චර්යා ඉරියව් නිවැරදිව පවත්වාගන්නෙ කෙසේද යන්න දැනගැනීමට උපදෙස් ලබාගැනීමත් සිදුකරන්න පුලුවන්. වැදගත් තවත් කාරනයක් වන්නේ ඉහත ලෙඩරෝගවල එකක හරි මුලික ලක්ශන අත්දැක්කොත් කල් යනකන් රෝගය උත්සන්න වනතෙක් නොසිට මුල්අවස්ථාවේම පිසියොතෙරපි ප්‍රතිකාර සුදුසුකම් සහිත භෞතචිකිත්සකයෙකුගෙන් ලබාගන්න පැකිලෙන්න එපා. මොකද ඔබේ නොසැලකිල්ල නිසා ඔබේ,ඔබ පවුලේ,රැකියාස්ථානයේ සතුට මිලමුදල් කාලය ශ්‍රමය සියල්ල අඩපන කිරීමට තරම් ඔබේ ආදරනීය පරිඝනකයම හේතුවිය හැකිනිසා.

වැඩිවිස්තර සදහා හා ප්‍රතිකාර සදහා අමතන්න
081 3 130 130
Physio Kandy physiotherapy andSports Rehabilitation centre
665, William Gopallawa Mawatha,kandy

Photos from Your Physio's post 23/07/2019

ඔබ රගර් ක්‍රීඩකයෙක්නම්, රගර් ක්‍රීඩාවෙන් තමපාසල ක්‍රීඩා සමාජය ජයගන්නා තෙක් බලාසිටින්නෙක් නම්, දරුවෙක් හිතවෙතෙක් මිතුරෙක් රගර් ක්‍රීඩාකරනවානම්,රගර් ක්‍රීඩාවට ආදරය කරන අයෙක්නම් මෙම ලිපිය ඔබට කලාතුරකින් හමුවන බොහො වැදගත් ලිපියක්වේවී.

මෙම ලිපිය ටිකක් දීර්ඝ වේවී මොකද මෙම උපදෙස් කාරනා ඔබට හොදින් හා වඩා පැහැදිලිව ඒත්තුගැන්විය යුතු නිසාත් සමහරවිට මේ කාරනා පිලිබද ඔබ කියවන එකම හා පලමු ලිපියත් මෙය වන්නට පුලුවන්.

ඔබ හිතුවද ඔබ ඔබේ පාසල ක්‍රිඩා සමාජය රගර් ක්‍රිඩාවට කෙතරම් දක්ශවුවත් ලකුනෙන් දෙකෙන් පරාජය වීමට දක්‍ශතා මදිවීමට ඔබ නොහිතන හේතු රාශියක් ඇතිබව. සැබවින්ම අතිදක්ශ කෝච්ලගෙ සේවය නිසා ඔබ දක්ශතා දක්වනවා ඇති. නමුත් වර්තමාන හා අනාගත ක්‍රීඩාව තුල ඔබ අනතුරැ වලින් වැලකී ක්‍රිඩා කිරීම අතිශය වැදගත්. නැතිනම් ඔබට ආසාව උවමනාව කොපමන තිබුනත් 100% කන්ඩායම වෙනුවෙන් දීමට හැකිවෙන්නේ නෑ. අනික ඔබ කොතෙක් අමතක කලත් මනසින්ම ඔබ ඔබේ උපරිමය දීමට මැලිවෙනව බියවෙනව ඔබේ අඩුවු සුවවු ඉන්ජරිය නැතිනම් අනතුර නැවත එයි කිය.එමනිසා අනතුරැ වලක්වා ගැනීම රගර් ක්‍රීඩාවෙදි ප්‍රදානතම කාරනාවක්. ඔබ ජ්‍යාතන්තර හො ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු වීමට බලාපොරොත්තු වෙනවානම් එය ඔබ පාසලේ මුලින්ම රගර් ක්‍රීඩාවෙ යෙදෙන දාපටන් පුරැදු පුහුනුවිය යුත්තක්. මොකද අනතුරැ සදාගැනීමෙන් වැලකීම හැදුනට පසුව ප්‍රතිකාර ගැනීමට වඩා වැදගත්නිසා.

අපි අද ප්‍රදාන ව්‍රශයෙන් රගර් ක්‍රීඩාවෙ වියහැකි අනතුරැ පිටිය තුල හදීසි ප්‍රතිකාර ක්‍රම රගර් ක්‍රීඩාවෙදී අත්‍යවශ්‍යම පිසියොතෙරපි ප්‍රතිකාර හා දක්ශතා වර්දනයට අවශ්‍ය ඔබ නොහිතන කරැනු ගැන සැකවින් කතාකරන්නයි බලාපොරොත්තුවෙන්නෙ.

ඔබ හිතනවද 2003දී වොලබීස්ලගෙන් කප් එක පේමස් ඩ්‍රොප් කික් එකෙන් උදුරල ගත්තු එන්ගලන්තෙ ජොනි විල්කින්සන්ට හරි ප්ලෙක්සිබිලිටියක් නොතිබුනානම් හොද හැම්ස්හා කොඩ්ස් මසල් ස්ට්‍රෙන්ත් එකක් දසමෙකින් හරි අඩුවුනානම් අර කික්එක වැරදිලා කප් එක ඔසීල ගෙනියනව. අන්න එහෙමයි ජ්‍යාතන්තර ගේම් එක. වෙනම තැනක තියෙන්නෙ. ඒකට ගොඩක් කැපවෙන්නඕන. අවුරැදුගානක්

ඔබඅහලතියනවද ඕල්බ්ලැක්ස්, වොලබීස්,ස්ප්‍රින්බොක්ස්ල වැනි ප්‍රදාන කන්ඩායම් වල පිසියොතෙරපි කියන්නෙ ගහයි පොත්තයි වගේ දෙයක් . ඒ විතරක්ද බයෝ මෙකැනිකල් ඇනලයිසස්ල , පෝශනවේදීන්, මානසික උපදේශකවරැ, වෛද්‍යවරැ, ව්‍යායාම උපදේශකවරැ කොපමන ප්‍රමානයක් දිවා රෑ නැතුව ඔවුන් වෙනුවෙන් වෙහෙසෙනවද කියල. ඉතින් මේ තමයි නූතන ක්‍රීඩාව.

ඔබට පිටිය පුරා හරියට දුවන්නට කාඩියො රෙස්පිරේටරි එන්ඩියුරන්ස් එකක් නැතිනම් හතිනම් ටකල් කරනවිට බේරෙන්නට ඇජිලිටි ට්‍රේනින් එකක් හා මාන්ශපේශිවල නම්‍යතාවයක් නැතිනම්, ටකල් එකකදි හෝ වෙනයම් අවස්තාවක නොවැටී අනතුරැ නොවී බෙරීමට මානශපෙශි ශක්තිමත් නැතිනම් පාස් එකක් අල්ලන්නට දාන්නට බෙල්ල ක්ශනිකව දශම ගනනක කාල අඩුවකින් තොරව හැරෙනනෙ නැතිනම් අත්ශක්තිමත් නැතිනම් කොතනින් දිවියයුතුද කෙලෙස මුලාකරයුතුද කියල ක්ශනිකව හිතන්නට කෝඩිනේශන් හැදිල නැත්තන් හරියට පාස් එක අල්ලන්නට බැලන්ස් එක හැදිල නැතිනම් ඉන්ජරියක් නිසා ඔබටත් හොරෙන් සීයට සීය දෙන්න ඔබෙ හිත බයනම් ටේප් එකක් ගහන් ඉන්නවිට ඔබ දුර්වල අනතුරැවු අයෙක් බව දැන අනෙක්පිල ඔබව ඉලක්ක කරනවනම්, ඔබ නිසි පරීදි ජලය ස්පෝට් ඩ්‍රින්ක් ආහාරවේල් තරගයට පෙර හා අතරමැද මැනේජ්කරල නැත්තම් ඔබේ මේ මිස්ටේක් වලින්
ඒ දශම ගානට අඩු කාලයකින් ඔබ වගේම දක්ශ අනෙත් කන්ඩායම පොයින්ට් එක තියල ඇති.

දැන් හිතන්න ඔබ,ඔබේ පාසල, ක්‍රීඩාසමාජය තියා ශ්‍රිලන්කාව මේවයින් කොපමනක් හරියට ක්‍රියාත්මක කරනවද ඉතින් ඔබ දුර්වල වීම හෝ ඔබේ නියම දක්ශතාව එලිදැක්වීම නොහැකි වීමට හේතුවී ඇතිදකියා. දැන් තෙරැම්ගන්න මොඩ්න් ගේම් එක කියන්නෙ දක්‍ශාවය විතරක්ම නෙමේ බොහෝ කාරණා මෙයට බලපාන බව. අපේ ක්ලිනික් එකට ආව නුවර ප්‍රදාන පාසලක දැන් කැම්පස් ටීම් එකක රග්බි ප්ලෙයර් කෙනෙක් ඇවිදගන්නම බැරිවෙලා.කොටින්ම එයා ඉන්ජරිවලට ගහන කයිනීසියො ටේප් එක දන්නැ. ඔන්න ලන්කාවෙ රගර්වල තත්වෙ.

ඔබ දන්නවාද රගර් ක්‍රීඩාව පාපන්දු වලට වඩා තුන්ගුනයක් අනතුරු වලින් බහුල බව?
ඔබ දන්නවාද සාමාන්‍ය රගර් ශෙසන් එකක් තුල ක්‍රීඩකයින්ගෙන් 4න් 1ක් පමන කුමක්හෝ අනතුරකට බදුන්වනබව?
ඔබ දන්නවද වැඩිම අනතුරැ 10-18 අතර වයස්වලදී සිදුවන බව හා 25-34රගර් ක්‍රිඩකයන් අනතුරැඇතිවීමට හයි රිස්කි ප්ලෙයර්ස්ල බව?
ඔබ දන්නවද සාමාන්‍යයෙන් වැඩිම අනතුරැ වන්නේ ටකල් කිරීමේදි හා ඉටලක්වීමේදී බව හා තරගයක් තුල tackles 15-40 පමන සිදුවිය හැකිබව?
ඔබ දන්නවද පලමු පෙල ක්‍රීඩකයන්ගෙන් 25%ක් කුමක්හෝ බෙල්ල ආශ්‍රිත ආබාද වලට ගොදුරැවෙන බව?
ඔබ දන්නවද 57%ක් අනතුරැ සිදුවන්නෙ ට්‍රේනින් වලදි නොව තරගය අතරතුරදී හා එයිනුත් බහුලවම දෙවනි අර්ධය තුලදී බව??
ඔබ දන්නවාද විලුඹ ආශ්‍රිත අනතුරැ ankle sprains රගර ලෝකයේ බහුලම අනතුර වන අතර එය මුලු අනතුරැ වලින් 7න් එකක් බව?
ඔබ දන්නවාද 10-18 වයස්අතර ක්‍රීඩකයිනගෙන් 34% අස්ථි බිදීම් fracutres වලට ලොවපුරා ගොදුරැවෙන බව?
ඔබ දන්නවද රගර් ක්‍රිඩාව තුල flankers and hookers බහුලවම අනතුරැවලට ගොදුරැවෙන අතර ඉදිරිපෙල ක්‍රීඩකයන් වැඩිපුර අනතුරැ වලට ගොදුරුවනඅතර Scrum වලදී වැඩිපුරම මුහුන හා කන ආශ්‍රිත අනතුරු සිදුවන අතර රගර්ක්‍රීඩාවෙ 40% අනතුරැ මාන්ශපේශි ස්ප්‍රේන්ස් වැනි අනතුරු වන බව?

දැන් තේරෙනවනෙ නියම පිරිමින්ගෙ ක්‍රීඩාවෙදී කොපමන අනතුරැ වෙන්න පුලුවන්ද ඉතින් පිසියොතෙරපි ප්‍රතිකාර හා අනතුරු වලක්වා ගැනීම කෙතරම් වැදගත්ද කියා..

දැන් අපි බලමු රගර් ක්‍රිඩාවෙදි විය හැකි ප්‍රදාන අනතුරැ කීපයක් හා ඉන් බේරෙන්නෙ කොහොමද කියා...

දනහිස් අනතුරු
රගර් ක්‍රිඩාවේ ප්‍රදානම අනතුරැට පත්වන ප්‍රදේශයක් තමයිමේ. *මෙයිනුත් Acl (anterior cruciate ligament injury) බොහෝ සුලබයි. සමහරවිට මාස 9ක් අවුරැද්දක් හෝ ඉටත් වැඩිකාලයක් නිසි පිසියොතෙරපි ප්‍රතිකාර නොකලහොත් සර්ජරියෙන් පසුව සදාකාලික ක්‍රීඩාවෙන් ඈත්වීමට පමනක් නොව දනහිස් ආබාදයෙන් කල් ගෙවන්නකු වෙන්නට තරම් දරැනු තත්වයක් මෙය. ඉතින් කුමක්ද කලයුත්තෙ කැඩෙන්න කලින් hamstring qudricep මාන්ශපේශි හදාගන්න. ශක්තිමක් කරන්න. Ecentric exercises වගේම high speed high velocity exercise මේකට අවශ්‍ය වෙනව. ස්කොට් ඩෙඩ්ලිප්ට්, ලන්ජස් වගේම හැම්ස්ට්‍රීන් කර්ල්ස් වගේම තවත් ව්‍යායාම,සරල වගේම සන්කීර්න ව්‍යායාමත්. ඩ්‍රිල්ස් රනින් වගේ ඒවත් මේකට ඇඩ්වෙන්න ඕන. නිසි සුදුසුකම්ලත් පිසියොතෙරපිවරයෙකුගේ උපදෙස් මත කරගෙන යන්න. මොකද එක්කෙනෙක්ට හරියන ව්‍යායාමයක් තව කෙනෙකුට ගැලපෙන්නෑ.. ඇගෙ හැඩය ඇවිදීමේ ක්‍රම චලනයන් හැමදේම අද්‍යයනය කරල නිවැරදිම ක්‍රම ක්‍රියාත්මක කිරීම කලයුතුයි.

උරහිස් අනතුරැ..
අපි කලින් ලිපියකදි කීව මතකද කොන්දෙ අමාරැවට අදිපති දෙවියා කොඩ්රේටස් ලම්බෝරම් මාන්ශපේශිය කියල. ඒ වගේම තමයි රගර් වලට නැත්තම් රගර් ටැකල් වලට අදිපති කෙනා තමා ලැටිසිමස් ඩෝසයි කියන shoulder extension කරන මාන්ශපේශිය. ඉතින් අපි ටැකල් එකකට යන්නනම් වගේම ඒකෙන් බෙරෙන්නම් නම් එයාව ස්පෙසිපිකලි හොයල අරන් ශක්තිමත් කරන්න ඕන. ඒක ඔබේ ටිම් එකේ ඉන්න නැත්තම් ඔබ ප්‍රතිකාරගන්න තැන ඉන්න පිසියොතෙරපිස්ට්ගෙන් අහගන්න. පුල්අප්ස් ඩෙඩ්ලිප්ට් කරාමත් මෙයාව ශක්තිමත් කරගන්න පුලුවන්. තව mobility and control movement ගැනත් මෙහිදි සැලකිල්ලට ගන්නම ඕන. මෙයා හොදට වැඩ කලොත් කොන්ද උකුල වේදනාවෙන් වැලකෙනව වගේම ඔබ සුපිරි රගර් ක්‍රීඩකයෙක් වෙන එක නවත්තන්න කාටත් බෑ. ආය තමයි ශොල්ඩර් රොටෙටර් කප් මාන්ශපේශි ටික.
ඔය සෙට් එක ශක්තිමත් නොකරපු ටීම් එකේ කට්ටිය තමයි හොද පවර්පුල් ඇටැක් එකකදි උරහිසින් අතපැන්න කියන්නෙ. ඉතින් ආයෙ හදාගත්තත් මාසගානක ප්‍රතිකාර කරත් ආයෙ ආයෙ පනිනව සමහර අයගෙ. ඉතින් ආයෙ අර බයනිසා ආයෙ කොහොමද හරි tackle එකක් දාන්නෙ.ඉතින් වෙන්න කලින් supraspinatus infraspinatus subscapularis teres minor major කියන මේ සෙට් එක හදාගන්න.

විලුඹ හා බතකෙන්ද අනතුරැ
ඇග තිබ්බටම ඇග හැදුවටම බෑ කකුල හැදුවෙනැත්තම් දුවන්නෙ කෝමද. Gastrocnemius soleus නැත්තම් කාප් මසල් ටික
ගින්දර වගේ තිබ්බෙ නැත්තම් දුවන්න බෑ. ඉදිරිපෙල අයගෙ වැඩියෙන්ම අනතුරැ වෙන්නෙ මේවගෙ. ඉතින් නියම ගැලපෙන කාප් ස්ට්‍රෙන්තනින් ප්‍රෝගැම් එකක් වගේම බැලන්සින් ප්‍රොපියොසෙප්සන් රනින් ට්‍රේනින් එකක් යන එක අත්‍යවශ්‍යයි මෙතනදි.

මෙ වගෙම තමා බෙල්ල කොන්ද වගේ තැනුත් අපි ශක්තිමත් කරන්නම ඔනි. නැත්තම් ඒ තත්පරෙන් ප්‍රතිවාදි පිල ඉස්සර වෙනව.

රගර් ක්‍රීඩාකරන ඔබට ඇතිවිය හැකි අනතුරැ කීපයක් ඔබට දැන් කියන්නම්.ඔබම තේරැම්ගන්න ඔබට මේව හැදුනෝත් මොකද කරන්නෙ හැදිලි තියෙනම් මොකද කරන්නෙ ඔබම හිතන්න ඔබ ජ්‍යාත්‍යන්තර ප්‍රමිතියෙ ක්‍රීඩකයකු වන්නටනම් පෙරැම්පුරන්නෙ ඔබේ දැනුමයි ඔබ වගෙම වෙනරටක ක්‍රීඩකයෙකුගෙ දැනුමයි කොහොමද තියෙන්නෙ කියල. ඔබම රගරිවලට ඔබ දීඇති අවදානය තීරනය කරන්නකො.

දනහිස් අනතුරු
acl pcl injury meniscus tears ligament injuries pattella tendinitis patella femoral syndrome plica syndrome chondromalasia patella osgood schatter bursitis arthritis it band syndrome

විලුඹ ආශ්‍රිත අනතුරු
ankle sprains retrocalcenioul bursitis ligament injuries dislocations fractures tendonitis

පාදවල අනතුරු
hamstring strain thigh strain hip pain hip arthritis groin pain achillis tendonitis rupture calf tear pain shin splints

විලුඹ අනතුරු
plantar fasiitis metatarsalgia mortons neuroma flat feet

කොන්ද ආශ්‍රිත අනතුරු
scaitca bulging disc back pain pinched nerve spondylolisthesis spondylolysis si joint pain degeneration joints facet syndrome

උරහිස ආශ්‍රිත අනතුරු
fractures dislocation clavical damage bursitis tendinitis rotator cuff lesion implingemenet

තවද මාන්ශපේශි බෙල්ල ඇගිලි ඇතුලු ශරීරයේ ඕනෑම තැනක් අනතුරැට ලක්වියහැකියි. ඉතින් ක්‍රීඩකයෙකු ලෙස මේවගේ දෙයක් වුනොත් මෙකක්ද කරන්නෙ. හිතන්න ඔබ කොතැනද

දැන් අපි බලමු ක්‍රීඩාපිටියෙ අනතුරක් වූවොත් මොකද කරන්නෙ කියල..
Price ප්‍රින්සිපල් එක බාවිතකල හැකි

P protection අනතුර සිදුවු වහාම ක්‍රිඩාපිටියෙන් ඉවත්වී වැඩිදුර ඩැමේජ් වීම වලක්වා ගැනීම.

R rest අනිවාර්යෙන්ම අනතුර පුර්න සුවයලබන කනකන් ආයෙ තරගකිරීමට ඔබට නොහැකි. ඔබ කරොත් ඔබට දීර්ඝකාලයක් ක්‍රීඩාකරන්න වෙන්නෑ. දුර බලන්න ඕන අපි. උදාහරනයක් කියනවනම් අච්චර ෆෝම් එකේ හිටිය ඉනිදියන් ක්‍රිකට් බැට්ස්මන් බැට්ස්මන් ශිකර් දවාන් සෙමියටවත් ගත්තෙ නෑ.වර්ල්ඩ්කප් එකෙන් අයින්වුනත්. එහෙම තමා ඉන්ජරිනම්. අනාගතය ගැන හිතන්න ඕන.

I ice අයිස්වලින් තමයි තවන්නෙ. උනුවතුර නෙමේ හොදද. හොදට මතකතියාගන්න. ඉන්ජරි එකක් වුනාද පැය2කට වරක විනාඩි 15ක් අයිස් තියන්න මුල් දවස් කීපයෙ.

C compression බැන්ඩේජ් කරන්න ටේප් කරන්න වගේ පුලුවන් මොබයිල් නොවී පරිස්සමට තියාගන්න

E elevation හාට් එකෙ මට්ටමට ඉහලින් තියාගන්න කියල තමයි කියන්නෙ.

ඕන්න ඔය ටික පුරැදුවෙන්න. තව හොදට වෝම් අප් කූල් ඩවුන් තරගයෙන් පෙර හා පසුව කරන්න අඩුම විනාඩි 20ක්. එහෙම නැතුව ක්‍රීඩාකරනව කියන්නෙ අනතුරැ වලට අතවැනීමක්.

දැන් ලෝකයේ අලුත්ම ටෙක්නික් යූස් වෙන්නෙ. ඔබේ පර්පෝමන්ස් 40% පමන වැඩිකරන්න පිසියොතෙරපි වලින් පුලුවන්. ස්පෙසිපිකලි එක්සයිසස් ට්‍රේනින් මෙතඩස් ඉනිජරි ප්‍රිවෙන්ශන් මෙතඩස් වගෙම ඩ්‍රයිනීඩ්ලින් කෆින් ඉලෙකට්‍රො මෙතඩස්
මයෝපැශියල් රිලීසින් අයිස් බාතින් මැනුවල් මසාජින් ස්ටීමින් බයො මැකැනිකලි ඇනලයිසින් වගේ ලෝකෙ හොදම ටෙක්නික් දැන් අපටත් යොදාගන්න පුලුවන්. ලන්කාවෙත් දැන් එහෙම තැනක දෙකක විතරක් ක්‍රියාත්මක වෙනව. එහෙම නැතුව අපට ඉස්සරහට යන්න බෑ. ඉතින් අදම ඔය උපදෙස් පිලිපදින්න හොදට මතක තියාගන්න. දන්න හැමෝටම කියන්න. පාසල ක්ලබ් එක ක්‍රීඩකයො ගොඩදාගන්න හෙල්ප් කරන්න. රටේම රගර් උස්සමු අපි එකට එකතුවෙලා.තවත් වටිනාලිපි සදහා Your Physio පේජ් එකට ලයික්කරන්න.වැඩිදුර ප්‍රතිකාර හා උපදෙස් අවශ්‍යනම් කතාකරන්න
ඔබව දැනුවත් කල අපි
0813 130 130 ,0713870538 ,0712574217
Physiokandy physiotherapy and sports rehabilitations centre
665, William Gopallawa Mawatha,kandy
(Next to Royal Mall shopping complex)
-

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00700