The Tale Of Mother Nature

The Tale Of Mother Nature

Share

ත්‍රි .
ස්වභාමවුන්ගේ කතාවෘතාන්තය .✨️

01/04/2025

කුංකුම නොහොත් Saffron ගැන ..🌿💫🌺
==============
දෙවන කොටස දිගහැරුම ..

🍂🌹ආයුර්වේද ඖෂධ සංග්‍රහය අනුව ප්‍රභේද:
1. ආරණ්‍ය කුංකුම
2. වවාගත්
කුංකුම යනුවෙන් දෙකකි.
🍂🌹 ජන්ම ස්ථාන අනුව ප්‍රභේද?
1. යුරෝපීය
2. ඉන්දීය (කාශ්මීර) යනුවෙන් දෙකෙකි.
🍂🌹කාශ්මීර කුංකුම ඖෂධ සඳහා ශ්‍රේෂ්ඨය.

🍂🌹පර්යාය: කාශ්මීරජ, රක්තජ, රුධිර සංකෝච, රක්තචන්‍දන.

🍂🌹 හඳුනාගත් රසායනික සංයෝග: මේදස් මිශ්‍ර තෛල පදාර්ථද තික්ත රසයෙන් යුක්ත ග්ලූකෝස් පදාර්ථ ද ඉටි පදාර්ථ ද අන්තර්ගතය.

🍂🌹ආයුර්වේදයට අනුව
🤜 රස -කටුක, තික්ත,
🤜ගුණ - ලඝු, ස්නිග්ධ
🤜වීර්යය - උෂ්ණ
🤜විපාක - කටුක .
🍂 දෝෂානුරූපකම් - ත්‍රිදෝෂ හර.

කු කුමං කටුකං සස්නිණ්ග්ධං
ශිරොරුග් ව්‍රණ ජන්තුජිත්
තික්තං වමීහරං වර්ණ්‍යං ව්‍යංග දොෂත්‍රයා පහම් (හා)

🍂🌹 වර්ණ ප්‍රසාදක, ශිරෝ රෝග, ව්‍රණ, ක්‍රිමි, වමන නසයි.

කුංකුමං සුරභි තික්ත කටු උෂ්ණ
කාස කළුවාත කණ්ඨ රුජානාසනම් මූඨ ශූල විෂ දොෂ නාශනම් රොචනං ච තනුකාන්ති කාරකං (රා)

🍂🌹තනුකාන්ති(කුංකුමප්පු) ශරීර වර්ණය ඇති කරයි.
🍂🌹 වාජිකරණයෙන් යුක්තයි.
🍂🌹ආමාශයට හිතයි. 🍂🌹නාඩි ව්‍යුහය ශාමක ගුණයෙන් යුක්තයි.
🍂🌹සෘතුශ්‍රාව දෝෂ වලට හිත කරයි.
🍂🌹 ජනනේන්‍ද්‍රිය දුබලතාව, ශ්වෙත ප්‍රදරය, ආධිමාන ශූලය ආදියට ගුණදායකයි. 🍂🌹ඖෂධ ශෝධනයට භාවිත කරති.
🍂🌹මේ ද්‍රව්‍යයෙහි අන්තර්ගතය වාෂ්පශීල පදාර්ථ ආමවාතයට සහ නාඩිව්‍යු හයේ රෝගවලට ගුණදායක විය හැකිය.

30/03/2025

කුංකුම ( කුංකුමප්පු)නැත්තන් හැමෝම හොයන Saffron ගැන ...🌿🌺💫
=================

විද්‍යාත්මක නාමය - Crocus sativus Linn
කුල නාමය - Iridaceae ඉංග්‍රීසි නාමය - Saffron
හින්දි - කේසර
බෙංගාල - කුංකුම්, ජපරාන්
දෙමළ - කකුමප්පු, කුංකු

🍂🌹කුංකුම /Saffron යනු Crocus sativus Linn ශාකයේ මල් රේණු වේ.
වැවෙන රට ජම්බු මලට සමාන මල් රතුපාටින් යුක්තය.
කහ පාට රේණු
ගසේ මරොන් කුංකුමප්පු නමින් ව්‍යවහාර වේ. අඩියක් පමණ උසට රටලුනු ගසට සමාන රටලූනු අලය වැනි අලයක් ඇති Saffron නමැති ඇති වර්ගයක් ද රතු රේණු ඇති වර්ගයක්ද යනුවෙන් රේණුවල පාට අනුව වන විට එක දණ්ඩකින් එක් මලක් පමණ පිපේ. පසු කාලයේ දී දඬු වර්ග දෙකකි. මල් දම් පාටින් යුක්තය. පැළෑටිය පැළවී අවුරුද්දක් ගත දෙකක් හෝ වැඩි ගණනක් හෝ සෑදී මල් වැඩි ගණනක් පිපේ. මේ පැළෑටිය සිටු වීමේ දී අඟල් දහයක පරතරයක් තිබිය යුතුයි. මේ පැළෑටියේ ආයු කාලය අවුරුදු 5කි.

🍂🌹 නියම කුංකුමප්පු විශිෂ්ට සුවඳකින් යුක්ත වන අතර තද රතු මිශ්‍ර කහ වර්ණයෙන් යුක්තය.
බාල වර්ගයේ කුංකුමප්පු පඬුවන්ය.

🍂🌹කුංකුම යනු කොකුම් පොතු නොවේ. කොකුම් ගස ලොකු ගසකි. කුංකුෂි ගැන අවබෝධයක් නැති අය කොකුම් ගසේ මල් කුංකුම යැ යි සැලකූහ. තවත් සමහර වෛද්‍ය පිරිසක් කොකුම් මල් නමින් සඳුන් මල් ගත්හ.

🍂🌹වැවෙන ප්‍රදේශ
කුංකුමවල ජන්ම භූමිය කාශ්මීරය යි. හිමචිල් ප්‍රදේශවල ද දැනට වගා කරනු ලැබේ. පර්ශියාව (ඉරානය), ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය, සිසිලිය ආදි යුරෝපීය ප්‍රදේශවල ද වචනු ලැබේ.

🍂🌹ප්‍රභේද: 1. කාශ්මීරජ
2. බාහලික (බුඛරා ඛුකරා)
3. පාරසික
යනුවෙන් ප්‍රභේද තුනකි. මලේ පාට අනුව ද ප්‍රභේද දෙකකි.
1. රක්ත
2. පීත යනුයි.
මධ්‍යම ප්‍රදේශයේ වගා කරන කුංකුම ගුණයෙන් මධ්‍ය යි. ධන්වන්තරී නිඝණ්ඩුවෙහි තෘණ කුංකුම යයි ප්‍රභේදයක් දැක්වයි

09/02/2025

අතීසාරය , එහෙමත් නැත්තන් මල ද්‍රව ලෙස අධිකව පිටවීම වගේම මලබද්ධය ඒ කියන්නෙ මල පිටකිරීමේ අපහසුව ,

මේ කියන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකටම එකම පලතුරක් ඖෂධයක් වෙනව කිව්වොත් පිලිගන්න පුලුවන්ද ?🌻

ඉතින් මේ කතාව ඒ ශ්‍රී ඵලය ගැන !!!!🌿

Sandali Mapatunage
ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
(කොලඹ විශ්ව විද්‍යාලය )

27/07/2024

මුත්‍රා රෝග සුව කරන ඉකිරිය...

▶️විද්‍යාත්මක නාමය - Hydrophila spinosa
▶️ කුලය - Acanthacea
▶️සංස්කෘත නාමය - ඉක්ශුර , ඉක්ශුගන්ධ ,කෝකිලාක්ශ,ඉක්ශුරක
▶️සිංහල නම - කටු ඉකිරිය

ඉකිරිය පොදු ව්‍යවහාරයේ නීරමුල්ලිය ලෙස හදුන්වන අතර මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් පවති.
*️⃣ නිල් පැහැති මල් සහිත වර්ගය
*️⃣සුදු පැහැති මල් සහිත වර්ගය
උසින් අඩි එකත් එකහමාරත් දක්වා වැවෙන මෘදු කදකින් යුක්ත වන අතර කදේ මුල සිට අග්‍රය දක්වා කද වටා පත්‍ර හටගනියි. පත්‍ර හටගන්නා ස්ථානයේ දිග තියුණු කටු හටගනියි.පැලෑටි අග්‍රය සහ කදේ පත්‍ර හටගන්නා ස්ථාන වල පුශ්ප ඇතිවේ.පත්‍ර අගල් දෙකක් පමන දිග වන අතර සිහින්ය.

🔶කෝකිලාක්ශස්‍ය බීජන්තු ශීත ස්වාදු කශායකම්
තික්තං වෘශ්‍යං ගුරු බල්‍ය ග්‍රාහකං ගර්භ ස්ථාපකම්
රක්ත දෝශංච දාහංච පිත්තං චෛව විනාශයේත්.

ඉකිරිය මධුර ,අම්ල ,තික්ත රසයෙන්ද ශීත වීර්‍යෙන්ද මධුර විපාකයෙන් සහ මුත්‍රල ප්‍රභාවෙන්ද සමන්විතය.
දෝශානුරූපව වාත පිත්ත ශාමක ගුණ සහිතය. ඉකිරි බීජ සහ මුල් මුත්‍රල ය. බීජ වෘශ්‍ය ,බල්‍ය සහ වාජීකරණ ගුණ සහිතය.

🔷මෙම ඔසුව මුත්‍රකාරක බැවින් නොයෙකුත් වූ මුත්‍ර රෝග සදහා විශේෂයෙන්ම මුත්‍රා ගල් , මුත්‍රා අපහසුවෙන් පිටවීම යනාදියට මෙහි පංචාංගය , පංචාංග ක්ශාරයද භාවිතකරයි.
🔶 කැස්ස හා වාතරක්තයේදි කොල උයා කෑම ගුණදායකය.
🔶 ඉකිරි බීජ ඉතා ප්‍රබල වාජීකරණ ගුණයෙක් යුක්ත වන අතර ස්නායු බල කාරක ගුණ වලින්ද යුක්තය.ශුක්‍ර දෞර්බල්‍ය , ස්තන්‍ය ක්ශය වැනි රෝග සදහාද මෙය ඉතා ප්‍රබල ඖෂධයකි.

සටහන ✍️ - Sandali Mapatunage
(ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා)
කොළඹ විශ්ව විද්‍යාලය.

17/06/2024

👉 කංකුං ( Ipomea aquatica) යනු Convulvacea කුලයට අයත් ශාකයක් වේ.
👉සංස්කෘත නාමය වන්නේ කාලම්බී ය.
👉 ශත පර්වී , ශත පර්වා ලෙසද හදුන්වයි.
👉 ප්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස ගන්නා ශාකයක් වුවද ඖෂධීය වටිනාකම් රැසකි.
👉 කාලම්බී ශත පර්වා - තථ්‍යනේ නද්‍ර ගුණයථා
කඵච ස්තන්‍යදා ප්‍රෝක්තා- මධුරා ශුක්‍රධාරිනී
👉මධුර රසයෙන්ද , ශීත ගුරු ගුණයෙන්ද , ශීත වීර්‍යෙන්ද මධුර විපාකයෙන් ද යුත් ශාකයකි.
👉මෙහි ප්‍රධාන වශයෙන් ගැනෙන විශේෂ ගුණ දෙකකි.
1️⃣ ක්ශීර වර්ධක ගුණය.
මෙය ස්තන්‍ය වර්ධනය කරන ආහාරයක් මෙන්ම ස්තන්‍ය පිරිසිදු කරන ආහාරයක් ලෙසද හදුන්විය හැකියි.
ගැමි ව්‍යවහාරයේ නම් තන කිරි වැඩීමට ලබාදිය යුතු ආහාර අතරින් ප්‍රමුඛ තැනක් ගනී. තනකිරි වැඩීම බලාපොරොත්තු වෙන් කංකුං මැල්ලුම හෝ තලතෙලින් , එළගිතෙලින් බැද ආහරයට ලබාදිය හැකිය..
2️⃣ ශුක්‍ර වර්ධක ගුණය.
ශුක්‍ර දෝශ අතරින් ශුක්‍ර අල්පතාව , ශුක්‍ර වල ඝනතාව හීනවීම, උකුගතිය නැතිවීම ,වර්ණය ලා පැහැවීම වැනි අවස්තාවල කංකුං ප්‍රශස්ත ඖෂධ යක් ලෙස භාවිතා වේ.මෙහිදී ශුක්‍ර තරලය ඝනකොට , ද්‍රවතාව අඩුකර , පරිමාව වැඩිකිරීම හේතුවෙන් කංකුං වක්‍රාකාරයෙක් වාජීකරන ඖෂධයක් ලෙස ක්‍රියාකරයි.
👉 අම්ල පිත්තයේදී කංකුං යුශ මේස හැදි හතරට හක් කටු අලු මදට හතරක් දමා පානයට ලබාදිය හැක.
👉 රුධිරය විශවීම් වලදීත් කෘමි අබාධ වලදිත් ප්‍රතිකාරයක් ලෙස යෙදේ.
👉 අර්ශස් සහ දාහ රෝග වලදිත් ගුණදායක වේ.
👉වමන විරේචක ගුණ සහිතය.

✍️ සටහන - Sandali Mapatunage
( ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා)
කොළඹ විශ්ව විද්‍යාලය.

17/04/2024

ගහක් ගැන යමක් 🌱🌱❤
මේ කතාව කලුනික ගැන 😇😇
Sandali Mapatunage
(ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා )
කොළඹ විශ්ව විද්‍යාලය .

13/04/2024
08/04/2024

සිරුරේ රෝග නසන - නික 🌱❤
,
Sandali Mapatunage
(ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා )
කොළඹ විශ්ව විද්‍යාලය .

07/04/2024

විද්‍යාත්මක නාමය - Ficus racemosa
කුලය - Moraceae ( නුග කුලය )
➡️පර්‍යාය පද ලෙස කිරි ඇති ගසක් බැවින් ක්ශීර වෘක්ෂ ලෙසත් ,හැමදාම ගෙඩි ඇති බැවින් සදා ඵල ලෙසත් , මල් නැතිවම ගෙඩි හටගන්නා බැවින් පුෂ්පඵල ,ජන්තුඵල ලෙසත් සිසිල් පොත්තක් ඇති බැවින් ශීත වල්කල ලෙසත් ,මල් නැති බැවින් පුෂ්ප ශුන්‍ය ලෙසත් , සිසිල් ගෙඩි ඇති හෙයින් ශීත ඵල ලෙසත් ,කීටයන් කෝදුරුවන් වසන බැවින් කීට තරු ,කෘමිවෘක්ෂ ලෙසත් , හොදින් හැදී වැඩී පවතින බැවින් සුප්‍රතිශ්ඨිත ලෙසත් ව්‍යවහාර කරයි.
➡️ ප්‍රභේද ලෙස උදුම්බර ,නදී උදුම්බර ,කාකෝ උදුම්බර ලෙස වර්ග තුනකි.ගංගා ඉවුරු ආශ්‍රිතවත් කදු හෙල් ආශ්‍රිතවත් හැම තැන්හිම ව්‍යාප්ත ව පවතියි.
➡️ප්‍රයෝජ්‍ය අංගය - ගෙඩි,පත්‍ර ,පොතු ,කිරි,මුල්
➡️ රසාදී පංචකයට අනුව රසයෙන් මධුර ,කශායත් ,ගුණයෙන් රූක්ශ සහ ශීත වීර්‍යෙන් කටු විපාකයෙන් යුක්තය.
➡️ " උදුම්බරො හිමො රූක්ශෝ ගුරු : කඵපිත්තාස්‍රජිත්
මධුරස්තුවරො වර්ණ්‍යො ව්‍රණ ශෝධන රෝපණ: "
➡️ සෙම් සහ පිත් දෝශ ශමනය කරයි. රක්ත දෝශ නාශනය කරයි. බාහිර වශයෙන් ශෝථහර ( ඉදිමුම් නසයි) වේදනාස්ථාපන ( වේදනාව නැතිකරයි ) වර්ණ්‍ය ( ශරීරයට පැහැයක් ලබාදෙයි) වෘණ රෝපණ ,වෘණ ශෝධන ( තුවාල සහ වණ පිරිසිදු කර සුව කරයි.) අභ්‍යන්තරික වශයෙන් කඵ පිත්තජ රෝග සදහාත් රක්ත සංවහන ව්‍යුවහයෙ රක්ත ශෝධනය සදහාත් රක්තය සහ පිත්ත ශමනය සදහාත් යොදාගනියි.
➡️ සමෙහි ඇතිවන ලප කැලල් සදහාත් විවර්ණතා සදහාත් අත්තික්කා දළු අඹරා ආලේප කල හැක.
➡️ තුවාල සේදීම සදහා අත්තික්කා කොල තැම්බූ වතුර යොදාගත හැකියි.
➡️ උෂ්ණය නිවාරණය සදහා පැසුණු අත්තික්කා පානයක් ලෙස සකසා යොදාගනියි . දේහයෙ පුශ්ටිමත් බව වැඩිකර , සෙම් කැස්ස ද දුරලයි. මනස ප්‍රසාද කරයි.
➡️ දාහය (ඇගෙ ගිනියම ,දැවිල්ල ) සදහා අත්තික්කා මුලකින් ලබාගත් වතුර ඉතා ප්‍රශස්තය. අත්තික්කා මුලකින් වතුර ලබාගන්නා ආකාරය , අත්තික්කා ගසක ලොකු හරස් මුලක් පාදා එයින් ශාඛාවක් කපා හැලියකට ඇතුලු කර ආරක්ශාකාරීව තැබූවිට බින්දු බින්දු ජලය වෑස්සේ.මෙය උදේ හවස බීමට ගත හැකිය. සිරුර දුර්වල වුනු රෝගීන් සදහාත් දියවැඩියා රෝගින් සදහාත් යෝග්‍ය පානයකි.
➡️ මධුමේහය ( දියවැඩියාව වැනිවූ මුත්‍ර අධිකව පිටවන සිරුර ක්ශය වන රෝග) සදහා අත්තික්කා ඇට චූර්ණය මීපැණියෙන් කෑමට දීමෙන් සහ අත්තික්කා වතුර,සූදුරු චූර්ණය සහ සූකිරි සමග බීමෙන්ද සුව වේ.
✍️Sandali
(ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා - කොළඹ විශ්ව විද්‍යාලය )

08/03/2024

ඉගුරු (Zingiber officinale ) Zingiberacea කුලයට අයත් ශාකයකි.නගරයෙහි උපන් බැවින් නාගර නමින් ද දක්ෂින භාරතයෙ බහුලව ඇති බැවින් ශෘංගවේර නමින්ද හදුන්වයි.විශ්වා ,විශ්වෞෂධ ,විශ්ව ලෙසද ව්‍යවහාර කරයි.සියලු රෝගයන්ට ඖෂධය යන්න මෙමගින් ගම්‍යමාන වේ.ඖෂධ වලින් පරම ඖෂධය ලෙස ඉගුරු සලකන බැවින් මහෞෂධ ලෙසද සදහන් කර ඇත. සාමාන්‍යෙන් ඉගුරු අමු සහ වියළි අවස්ථා දෙකම බෙහෙත් පිණිස යොදාගැනෙ.ඉගුරු යුෂ යන තැන්හි අමු ඉගුරු ගෙන පොතු ඉවත්කර වතුරේ හෝ එළකිරේ හෝ බහා මදක් තම්බා වියළාගැනීමෙන් වියළි ඉගුරු පිළියෙල කරගත හැකිය.කුටිල ලෙසත් සිද්දිගුරු ( සකස්කල )ලෙසත් වියළි ඉගුරු වලට ව්‍යවහාර කරයි.රසායනික සංයෝග ලෙස Gingerin , camphene,cineole,phellandrene අඩංගුවේ.
1️⃣✨️ අමු ඉගුරු ( ආද්‍රක )
ශීත වීර්‍යෙන් යුක්තය. බඩගින්න වඩවයි. ආහාර රුචිය ඇතිකරයි. වාතය සහ සෙම නසයි.ශීත වීර්‍යෙන් යුක්තය.ඉගුරු යුෂ ලෙස සදහන් කර ඇති අවස්තාවල අමු ඉගුරු භාවිතා කල යුතුය.උණ රෝග වලදි විවිධ අනුපාන සමග අමු ඉගුරු යොදයි.කුෂ්ට ,පාණ්ඩු ,මුත්‍රකෘච්ච,රක්තපිත්ත ,ජ්වර වලට හිතකරය.
2️⃣✨️වියළි ඉගුරු ( ශුණ්ඨි)
උෂ්ණ වීර්‍යෙන් යුක්තය.රුචිකාරක වේ.ආමවාත,වමන ,ශ්වාස,ශූල,කාස,හ්‍රද්‍ය රෝග,අර්ශස්,ආනාහ ,උදර රෝග සහ වාත රෝග සදහාත් යෝග්‍යවේ ..
👉ත්‍රිදෝෂයටම ඉගුරු ලුණු සංයෝගය ගුණ දේ.
👉කෑම රුචිය සදහාත් අමු ඉගුරු සහිදලුනු ලබාදිය හැකිය.
👉ආම අතීසාරයට ,ඉරිවේරිය අමු ඉගුරු තැම්බූ වතුර ලබාදිය හැකිය.
👉අතීසාරයට නාභිය අවට නෙල්ලි කල්කයෙන් තෝතැන්නක් තනා එහි මැද ඉගුරු යුශ පිරවීමෙන් අතීසාර වේග හීන වේ.
👉කනේ වේදනාවට ඉගුරු යුෂ වලට මීපැණි තලතෙල් සහිදලුනු යන ඒවා ටික ටික දමා රත්කර මද උණුසුමින් පිට කනේ හෙළීමෙන් කන් කැක්කුම සුව කරගත හැකිය.
👉මුඛ ශෝධනයට ඉගුරු යුශ දෙහි යුශ දෙවර්ගය ආලේප කල හැකිය.
👉කාස ,ශ්වාස ,ප්‍රතිශ්‍යා සදහා ඉගුරු යුශ මීපැණියෙන් ලබාදිය හැකිය.
👉උණ රෝග සදහ ඉගුරු සහ රසකිද කශායක් ලෙස සකසා ලබාදිය හැකිය.

✍️සටහන - Sandali Sandali Mapatunage BAMS(ug)UOC

27/02/2024

Acanthaceae පවුලට අයත් ආඩතෝඩා (Adathoda vasica )සංස්කෘතයෙන් වාසක ලෙසද සිංහලයෙන් වංඇපල, අගල් අදර ලෙසද හදුන්වයි. ඝනව වැසී ප්‍රදේශය වසාලන බැවින් වාසා ,වාසක ,වාසිකා ලෙසත් සිංහ මුඛයක් බදු මල් ඇති හෙයින් සිංහී ,සිංහමුඛී, සිංහාස්‍ය ,පංචමුඛී ලෙසත් අශ්වයකුගෙ දත් බදු සුදු මල් සහිත බැවින් වාජීදන්තා ,අශ්වදන්තා ලෙසත් මල් වලින් පැණි වැගිරෙන බැවින් වෘෂ ලෙසත් වෙදමහතුන්ට මවක් මෙන් ප්‍රයෝජනවත් බැවින් භිශග්මාතා ලෙසත් ව්‍යවහාර කරයි. වංඇපල ,අගල් අදර ආඩතෝඩා උද්භිදය වුවද පාවට්ටා ගස වෙනත් උද්භිදයකි.පාවට්ටා පැලෑටිය ( Pavatta indica ) වාසක හෙවත් ආඩතෝඩා නොවේ.ආයුර්වේදයේ ආඩතෝඩා ප්‍රභේද දෙකක් සදහන් ය. ඒවානම් සුදුමල් ප්‍රභේද ය සහ තාම්‍ර මල් ප්‍රභේදයයි. මෙහි පත්‍රවල Vasicine නම් තික්ත උපක්ශාරය ඇත.
1️⃣✨️ සෙම් නසන ගුණ සහ රක්තපිත්ත නාශක ගුණයෙන් ආඩතෝඩා ප්‍රධානවේ.මෙහි මුඛ්‍ය ක්‍රියාව සිදුවන්නේ ශ්වසන සංස්ථාවේය . ආඩතෝඩා සෙම දියකර බැහැරට ඇද හෙළා ශ්වසන නාලිකා ප්‍රසාරණය කරයි. මෙමගින් කැස්ස ,සෙම , ශ්වාස , තමකශ්වාස , ආදී රෝග නිවාරණය කරයි. සෙම ,කැස්ස සදහා ලබාදෙන වාසාවලේහය ,වාසක සිරප් ,ශර්බත් ඒ සෝල් හි ආඩතෝඩා අන්තර්ගත කර ඇත්තේ එබැවිනි.තවද මේ සදහාම ආඩතෝඩා යුශයට තාලිසාදී චූර්ණය දමා මීපැණි සමග ලබාදිය හැකිය. එමෙන්ම ආඩතෝඩා පංචාංගය යොදා සිදගත් ගෘත ද ආඩතෝඩා කොළ අත්තන කොළ සමග වියලා කොටා දුම්වැටි තනා ඉරීමෙන්ද ශ්වාස වේගය ප්‍රශාන්ත වේ.
2️⃣✨️ ආඩතෝඩා සෙම මෙන්ම පිත්ත ද ශමනය කරයි. රක්ත දෝශ නසයි. එමනිසා හ්‍රද රෝග( හ්‍රද්‍ය බැවින්) ,රක්ත ගත අර්ශස් ,රක්ත ප්‍රදර ,රක්ත නිශ්ඨීවන සදහා යෙදිය හැකිය.රක්ත අතීසාර සදහාත් යොදාගනියි. රක්ත ය පිරිසිදු කරයි. රුධිර ගැලීම් අවමකරයි.(රක්ත ස්ථම්භකය.) රක්ත පිත්ත සදහා ආඩතෝඩා ස්වරස සීනි මීපැණි සමග ලබාදෙයි.
3️⃣✨️ ආඩතෝඩා උණරෝග(ජ්වරඝ්න ) නැතිකරයි. දහඩිය දැමීම වැඩිකරන අතර ( ස්වේදජනකය.)මුත්‍රා පිටවීම වැඩ්කරයි.( මුත්‍රල) උණ රෝග සදහා ආඩතෝඩා ,රසකිද සිදගත් තෙල් වර්ග , ආඩතෝඩා යුශ සීනී මීපැණි සමගත් ලබාදිය හැකිය.
4️⃣✨️ බාහිර යෙදීම් සැලකූවිට ආඩතෝඩා විශබීජ නාශක ගුණයෙන්ද , වේදනා නාශක ගුණයෙන් ද කුශ්ට රෝග නාශක ගුණයෙන් ද සමන්විතය.නවීන පරීක්ෂණ අනුව ක්ශය රෝගය ඇතිකරන විශබීජ නාශනය කරන බව සොයාගෙන තිබේ.

✍️සටහන - Sandali Mapatunage BAMS (ug)UOC .

22/02/2024

According to the details of Vedic literature, the birth of Aralu has happened as follows. The nectar obtained by churning the ocean of milk after great effort by the Suras and the Asuras was offered to the Lord of the Gods Shakradivya Rajottamaya to drink. While he was drinking it, seven drops accidentally fell on the ground.
Instead of being shocked when the elixir, which he was drinking with great satisfaction, fell on the ground, Sak Devdun made a great wish. It is a wish that "from those drops of nectar that fell from my hand, something very valuable for the healing of the human mind will come down."As a result of the success of the prayer, seven types of Arula trees were born in this world. The seven types of Arula are Vijaya, Rohini, Puthana, Amruta, Abhaya, Jeevanti and Chetaki. This is not a botanical classification and according to Ayurveda there are seven varieties.
Arula (Terminalia chebula) is a plant belonging to the genus Combretacea and the Sanskrit name is Haritaki. It is used as Haritaki because it kills all diseases, is green in color and is produced by lord sakra. Pranada meaning the creator of life, Jeevanti and Amruta as it was born from Amruta.And it called wayastha because of its anti aging quality .
According to Rasadhi Panchaka, the Pancharasa (sweet, sour, bitter, bitter, astringent) in the taste of Aralu is Laghu Ruksha and Ushna Virya Madhura Vipaka.
👉 With aralu saindhava - pacifies kapha dosha
👉 With raw sugar - pacifies piththa dosha
👉 With Aralu Ghritha - pacifies vatha dosha
👉 With Aralu Guda - destroys tridoshas..
Good for eyes. Increase digestion.good for the brain .Rejuvenative medicine . Cures asthma cough, prameha,hemorrhoids. Cures kushta ( skin diseases ), edema,abdominal diseases. Gulma, Adhmana, Chardi, Hikka, Kandu, Liver diseases, Urethritis, Urethritis( urinary diseases ).
✍️Note - Sandali Mapatunage BAMS (ug)UOC

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo