Ru Rahas
Ru Rahas page provides useful information on beauty culture, sewing, embroidery and many more...
07/07/2026
වියලී ඉරිතැලුණු දෙපා සුවපත් කරන කෝමාරිකා වලින් කළ හැකි සත්කාර.
රාත්රී නින්දට පෙර දෙපා මඳ උණුසුම් ජලයේ දමා ඔබ මිලදී ගෙන ඇති ෆුට් ස්ක්රබ් එකකින් ස්ක්රබ් කර ගන්න.
ඉන් පසුව දෙපා වියලාගෙන කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
පසුව කොට්න්, සුව පහසු මේස් යුවලක් පැළඳගෙන නින්දට යන්න.
උදෑසන මඳ උණුසුම් ජලය භාවිතා කර සෝදා දමන්න.
25/06/2026
රෝස පැහැති දෙතොලකට සත්කාර
පිපිඤ්ඤා යුෂ ආලේප කිරීම.
පිපිඤ්ඤා සිහින්ව කපා තොල් මත තබාගන්න. එම juice එක තොල්වලට හොඳින් උරාගන්න දෙන්න. දිනපතාම විනාඩි පහක් මෙය කරන්න.
ලෙමන් යුෂ සහ සීනි වලින් Scrub කිරීම.
ලෙමන් ගෙඩියක් පෙති කපා එය මතට සීනි ඉසින්න. එය තොල් මත scrub කරන්න.
මී පැණි ප්රතිකාර
මී පැණි, යෝගට්, සහ කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්ර කර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු විස්සම් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනකට එක් වර බැගින් සිදු කරන්න.
18/06/2026
ඇඳුමට ගැළපෙන ලිප්ස්ටික් එක තෝරමු.
නිල්, අළු හෝ රිදී වගේ සීතල (Cool-toned) ඇඳුම් – මේ වගේ ඇඳුම් ඇන්දම කූල් (Cool) හෝ නියුට්රල් (Neutral) ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න.
රතු, කහ, තැඹිලි වගේ උණුසුම් (Warm-toned) ඇඳුම් – මේ වගේ ඇඳුම් වලට වෝම් (Warm) ලිප්ස්ටික් පාටවල් හරිම ලස්සනට දිදුලන පෙනුමක් දෙනවා.
කළු, සුදු හෝ නිවුඩ් (Neutral) ඇඳුම් – මේ වගේ ඇඳුම් අඳින වෙලාවට ඔයාට ඕනෑම පාටක් පාවිච්චි කරන්න පුළුවන්.
11/06/2026
මුහුණේ පැහැපත් බව සිරුරටත්
දුඹුරු සීනි සහ ජොජෝබා තෙල් මිශ්ර කර සිරුරට ආලේප කිරීම
දුඹුරු සීනි මගින් සම පැහැපත් කරන අතර සමේ මැරුණු සෛල ඉවත් කරයි.ඒ වගේම දුඹුරු සීනි මගින් සම දීප්තිමත් කර සමට හොඳ තෙතමනයක් ලබා දෙමින් සමෙහි ඇති කැළැල් ඉවත් කරනවා
ජොජෝබා තෙල් මගින් සමට තෙතමනය ලබා දෙන අතර , සමෙහි රළු ස්ථාන සුමුදු කරනවා.ඒ වගේම සමෙහි දීප්තිමත් බව වැඩි කරමින් රැළි වැටීම් අවම කරනවා.
04/06/2026
blackheads ඉවත් කර ගමු.
බිත්තර සුදු මදයක් ගෙන හොඳින් බීට් කර ගන්න. එයට ලෙමන් යුෂ බින්දු දෙකක් හෝ තුනක් එකතු කර ගෙන නැවත බීට් කරගන්න. ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති තැන තබා ෆේශල් බ්රෂ් එකක් ආධාරයෙන් සකස් කරගත් බිත්තර සුදු මදය ආලේප කරන්න. එය විනාඩි පහළොවක් පමණ වියළීමට තබා සම තද බව දැනෙන විට ටිශූ කඩදාසිය ඉවත් කරන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න.
30/05/2026
අව්වට දුර්වර්ණ වූ සමට ප්රතිකාර
කඩල පිටි කෝප්ප බාගයක් සහ යෝගට් තේ හැඳි තුනක් හොඳින් මිශ්ර කරන්න.
සමේ දුර්වර්ණ ස්ථාන වල ආලේප කරන්න.
මිනිත්තු තිහකට පසු සීතල වතුරින් සෝදා හරින්න.
අව්වේ යාමෙන් සමේ ඇති වන කැළැල් වලට සහ දුර්වර්ණතා වලට ගැලපෙනම ආලේපයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo