Dr.Menu Rathnayake

Dr.Menu Rathnayake

Share

Bachelor of Ayurvedic Medicine and Surgery (BAMS)
Consultant Ayurvedic Physician

Dr. Menu Rathnayake is a distinguished Ayurvedic physician with extensive expertise in traditional healing practices and modern wellness approaches. Currently serving as a Consultant Physician at Beam Hela Osu Lanka (Pvt) Ltd, an established Ayurvedic drug manufacturing company.

27/08/2026

පින්බර නිකිනි පොහොය දිනක් වේවා. සැමට තෙරුවන් සරණයි! 🙏🌼

26/08/2026

Reflecting on compassion and community this Eid Milad-un-Nabi.

17/08/2026

ආයුර්වේද ඖෂධයක් ඔබ අතට පත්වීමට පෙර සිදුවන්නේ කුමක්ද?

ඔබ ඖෂධහලකට ගොස් ආයුර්වේද නිෂ්පාදනයක් මිලදී ගන්නා විට, ඔබේ අතට ලැබෙන්නේ ලස්සනට ඇසුරුම් කළ බෝතලයක් හෝ පැකේජයක් පමණක් විය හැකිය.
නමුත් එම නිෂ්පාදනය ඔබේ අතට පැමිණීමට පෙර, එය පිටුපස දිගු ක්‍රියාවලියක්, දැනුමක්, වගකීමක් සහ කැපවීමක් තිබේ.

✨හොඳ ආයුර්වේද නිෂ්පාදනයක් යනු අමුද්‍රව්‍ය කිහිපයක් එකට මිශ්‍ර කළ පමණින් නිර්මාණය වන නිෂ්පාදනයක් නොවේ.
එය ආයුර්වේදීය දැනුම, නිවැරදි අමුද්‍රව්‍ය, නිෂ්පාදන තාක්ෂණය, තත්ත්ව පාලනය සහ වෘත්තීය වගකීම එකට එකතු වන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

1️⃣පළමු පියවර – අමුද්‍රව්‍ය තෝරාගැනීම

හොඳ නිෂ්පාදනයක පදනම වන්නේ එහි අමුද්‍රව්‍යයි.
ආයුර්වේදයේ භාවිත වන ඖෂධීය ශාකයක් හෝ වෙනත් අමුද්‍රව්‍යයක් තෝරාගැනීමේදී එහි නම පමණක් දැන සිටීම ප්‍රමාණවත් නොවේ. එහි නිවැරදි අනන්‍යතාව, ගුණාත්මකභාවය, ලබාගත් ස්ථානය, එකතු කළ ආකාරය, සුදුසු කාලය සහ ගබඩා කිරීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
අමුද්‍රව්‍යයේ ගුණාත්මකභාවය නිෂ්පාදනයේ අවසාන ගුණාත්මකභාවයට සෘජුවම බලපායි.
ඒ නිසා,
“හොද නිෂ්පාදනයක් ආරම්භ වන්නේ හොඳ අමුද්‍රව්‍යයකිනි.”

🌿අද “Natural” සහ “Herbal” යන වචනවලට විශාල ආකර්ෂණයක් තිබේ.
නමුත් ස්වාභාවික බව පමණක් නිෂ්පාදනයක ගුණාත්මකභාවය තීරණය නොකරයි.

එම අමුද්‍රව්‍යය නිවැරදිව හඳුනාගෙන තිබේද? නිවැරදිව පිරිසිදු කර තිබේද?
නිසි ලෙස වියළා තිබේද? සුදුසු ආකාරයෙන් සකස් කර තිබේද?අපවිත්‍රතා වලින් ආරක්ෂිතද?
නිසි තත්ත්ව පාලනයකට යටත් කර තිබේද? මේ සියල්ල වැදගත් වේ.

ඒ නිසා “ස්වාභාවිකයි” යන්න ආරම්භය පමණි; ගුණාත්මකභාවය ගොඩනැගෙන්නේ නිවැරදි ක්‍රියාවලිය තුළිනි.

2️⃣දෙවන පියවර – නිෂ්පාදන ක්‍රියාවලිය

ආයුර්වේද නිෂ්පාදනයකට සම්බන්ධ ආයුර්වේද ඖෂධ වට්ටෝරුවක් තිබේ.
නමුත් එය නිෂ්පාදනය කිරීමේදී නිවැරදි අනුපාත, නිවැරදි උෂ්ණත්වය, නිවැරදි කාලය සහ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.කුඩා වෙනසක් වුවද අවසාන නිෂ්පාදනයේ ගුණාත්මකභාවයට බලපෑම් කළ හැකිය. එබැවින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී සම්ප්‍රදායික දැනුමත්, නවීන නිෂ්පාදන පාලන ක්‍රමත් එකට ගමන් කිරීම ඉතා වැදගත් වේ.

පාරිභෝගිකයා නිෂ්පාදනය දකින අවස්ථාව වන විට, එහි බොහෝ වැඩ කටයුතු අවසන් වී තිබේ.නමුත් නිෂ්පාදන ස්ථානය තුළ, අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම, පිරිසිදු කිරීම, සැකසීම,
නිෂ්පාදනය, අවශ්‍ය පරිදි පෙරීම හෝ සාන්ද්‍රණය කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය පාලනය කිරීම,අවසන් නිෂ්පාදනය පරීක්ෂා කිරීම වැනි පියවර ගණනාවක් සිදු වේ.

මෙම සෑම පියවරකදීම පිරිසිදුකම, නිවැරදි ක්‍රියාවලිය සහ තත්ත්ව පාලනය පිළිබඳ දැඩි අවධානයක් අවශ්‍ය වේ.

✅තත්ත්ව පාලනය – පාරිභෝගිකයා නොදකින වැදගත්ම කොටස

නිෂ්පාදනයක ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන්නේ ලේබලයේ ඇති වචනවලින් පමණක් නොවේ.ඒ පිටුපස ඇති තත්ත්ව පාලන ක්‍රියාවලිය ඉතා වැදගත්ය.නිෂ්පාදනයට අදාළව අවශ්‍ය පරීක්ෂණ, නිෂ්පාදන ක්‍රියාවලියේ පාලනය සහ අවසාන නිෂ්පාදනයේ තත්ත්වය පරීක්ෂා කිරීම වැනි කටයුතු මඟින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට උත්සාහ කරයි.

පාරිභෝගිකයා බෝතලය දකින නමුත්, වෘත්තිකයන් දකින්නේ එම බෝතලය පිටුපස ඇති සම්පූර්ණ ක්‍රියාවලියයි.

ඇසුරුම්කරණයත් ගුණාත්මකභාවයේ කොටසකි.
නිෂ්පාදනය සූදානම් වූ පසු එය සුදුසු ඇසුරුමකට ඇතුළත් කිරීමද වැදගත් වේ.ඇසුරුම්කරණය ලස්සන වීම පමණක් ප්‍රමාණවත් නොවේ.

නිෂ්පාදනයට සුදුසු ඇසුරුමක් තෝරාගැනීම, එය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කිරීම, නිවැරදි ලේබල් තොරතුරු ලබාදීම සහ ගබඩා කිරීමේ උපදෙස් පැහැදිලිව සඳහන් කිරීම වැනි කරුණුද පාරිභෝගික ආරක්ෂාව සමඟ සම්බන්ධ වේ.

ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කිරීම ව්‍යාපාරික ක්‍රියාවලියක් පමණක් නොවේ.එය මිනිසුන්ගේ සෞඛ්‍යය සමඟ සෘජුව සම්බන්ධ වන වගකීමකි.
එබැවින් මට හැඟෙන්නේ වගකීම් සහිත නිෂ්පාදකයෙකු සැබෑ ප්‍රමිතියට අනුකූලව ඖෂධ නිෂ්පාදනය කල යුතු බවයි .

අද ලෝකය ස්වාභාවික සෞඛ්‍ය ක්‍රම සහ ශාකමය නිෂ්පාදන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සිටී.
මෙය ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රයට ද විශාල අවස්ථාවකි.
නමුත් ලෝක වෙළඳපොළට යාමට නම් අපට අපේ සාම්ප්‍රදායික දැනුම පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ.
අපට අවශ්‍ය වන්නේ ගුණාත්මකභාවය, ආරක්ෂාව, පර්යේෂණ, නිවැරදි ලේඛනගත කිරීම, වගකීම් සහගත නිෂ්පාදනය සහ පාරිභෝගික විශ්වාසය යන සියල්ල එකට ගොඩනැගීමයි.

අපේ උරුමය ලෝකයට ගෙන යාමට නම්, එය වඩාත් වගකීමෙන් ඉදිරිපත් කළ යුතුය.

ඊළඟ වතාවේ ඔබ ආයුර්වේද ඖෂධයක් අතට ගන්නා විට, එය බෝතලයක් හෝ පැකේජයක් ලෙස පමණක් නොදකින්න.
එය පිටුපස ඇති දැනුම, අත්දැකීම්, අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය, තාක්ෂණය, පරීක්ෂණ, තත්ත්ව පාලනය සහ වගකීම ගැන සිතන්න.
ආයුර්වේද නිෂ්පාදනයක් නිර්මාණය වන්නේ කර්මාන්තශාලාවක් තුළ පමණක් නොවේ.
එය නිර්මාණය වන්නේ විශ්වාසය තුළය.
එම විශ්වාසය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමකි.

අප ලබා ගත් ආයුර්වේද දැනුම අපේ මතු පරපුරටත් උරුම කිරීම අපේ වගකීමකි. එමනිසා එය ගුණාත්මකව, වගකීමෙන් සහ විශ්වාසයෙන් ඉදිරියට ගෙන යාම අපේ වගකීමයි. ‎

17/08/2026

පුද්ගලානුබද්ධ ප්‍රවේශය හා ත්‍රිදෝෂ සංකල්පය

ආයුර්වේදයේ සුවිශේෂත්වය වන්නේ එය සෑම පුද්ගලයෙකු ම අද්විතීය ලෙස සලකන බවයි. පුද්ගලානුබද්ධ ප්‍රවේශය (Personalized Approach) යනු ආයුර්වේදයේ ප්‍රධාන මූලධර්මයකි.
පුද්ගලානුබද්ධ ප්‍රවේශය යනු ශරීර ව්‍යුහය, මානසික ස්වභාවය, ජීවන රටාව, වයස, කාලගුණය සහ වර්තමාන සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් ඔබට විශේෂිත ප්‍රතිකාර සැලැස්මක් සකස් කිරීමයි.

පුද්ගලානුබද්ධ ප්‍රවේශයේ අංග පිළිබඳව හදුනාගැනීම වැදගත් වේ.
ප්‍රකෘතිය හඳුනා ගැනීම -ආයුර්වේද වෛද්‍යවරයා පළමුව ඔබේ ප්‍රකෘතිය හඳුනා ගනී. ඔබ වාත ප්‍රධාන, පිත්ත ප්‍රධාන, කඵ ප්‍රධාන හෝ මිශ්‍ර ප්‍රකෘතියක් ද යන්න තීරණය වේ.

විකෘතිය හඳුනා ගැනීම -වර්තමාන දෝෂ අසමතුලිතතාවය (විකෘතිය) හඳුනා ගැනෙයි. මෙය රෝග ලක්ෂණ හා හේතු අධ්‍යයනය කිරීමෙන් සිදු කෙරේ.

ආහාර නිර්දේශ -ඔබේ ප්‍රකෘතිය, වයස, කාලගුණය, ඍතුව සහ රෝග තත්වය අනුව විශේෂිත ආහාර නිර්දේශ කෙරේ. උදාහරණයක් ලෙස, වාත ප්‍රධාන පුද්ගලයෙකුට උණුසුම් තෙල් සහිත ආහාර යෝග්‍ය වන අතර, පිත්ත ප්‍රධාන පුද්ගලයෙකුට සිසිල් ආහාර සුදුසුය.

ඖෂධ ප්‍රතිකාර -එක් රෝගයකට පවා විවිධ පුද්ගලයන්ට විවිධ ඖෂධ නියම කළ හැකිය. ඖෂධ මාත්‍රාව, භාවිත කාලය සහ අනුපානය පුද්ගලයා අනුව තීරණය වේ.
ජීවන රටාව සලකා බැලීම -ආයුර්වේදය ඔබේ දිනචර්යාව , ඍතු චර්යාව සහ රාත්‍රී චර්යාව ඔබේ ප්‍රකෘතිය අනුව සකස් කිරීමට උපදෙස් දෙයි.

යෝග හා මෙඩිටේෂන්- පුද්ගලයාගේ ශරීර හා මානසික ස්වභාවය අනුව විශේෂිත යෝග ආසන හා ප්‍රාණායාම ක්‍රම නිර්දේශ කෙරේ.

ආයුර්වේදයට අනුව පුද්ගලානුබද්ධ ප්‍රවේශය ත්‍රිදෝෂ සංකල්පය මත පදනම් වේ.
ආයුර්වේදය පිළිගන්නවා සෑම පුද්ගලයෙකු ම වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ වලින් සමන්විත වී ඇති බව .මෙම දෝෂ වල සමතුලිතතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඔබේ ප්‍රකෘතිය අනුව ඔබේ ශරීරය, මනස සහ හැසිරීම් රටා තීරණය වේ.ඒ අනුව සෑම පුද්ගලයෙකු තුළ ම වාත, පිත්ත, කඵ යන මූලික ජීව ශක්ති තුනක් ක්‍රියාත්මක වේ. මේවා පඤ්ච මහා භූත (පෘථිවි, ජලය, ගිනි, වායු, ආකාශ) වලින් සෑදී ඇත. මෙම දෝෂ වල සමතුලිතතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර, එය ඔබේ ප්‍රකෘතිය (ස්වභාවික ශරීර ව්‍යුහය) වේ.
වාත දෝෂය මගින් චලනය, සන්නිවේදනය සහ ගමනාගමනය පාලනය කරයි. මෙය වායු සහ ආකාශ මහා භූත වලින් සමන්විතය.
වාත දෝෂය මගින් සිදු කරන ශාරීරික කාර්යයන් ලෙස ශ්වසනය හා හෘද ස්පන්දනය ,ස්නායු සන්නිවේදනය ,මාංශ පේශි චලනය ,ආහාර ජීර්ණය හා බැහැර කිරීම ,රුධිර සංසරණය ආදිය හැදින්විය හැක.
වාතය ප්‍රධාන පුද්ගලයන්ගේ ලක්ෂණ ලෙස සිහින් ශරීර ව්‍යුහය ,වියළි සම සහ හිසකෙස් ,සීතල අත් පා ,වේගවත් චින්තනය හා නිර්මාණශීලීත්වය ,අස්ථිර මනස ,අක්‍රමවත් ආහාර රටාව ,කථා බහුල බව ආදිය වේ.
පිත්ත දෝෂය මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා, ජීර්ණය, තාපය සහ බුද්ධිය පාලනය කරයි. ගිනි සහ ජල මහා භූත වලින් සමන්විතය.
ශාරීරික කාර්යයන් ලෙස ආහාර ජීර්ණය සහ පරිවෘත්තීය ක්‍රියා ,ශරීර උෂ්ණත්වය පාලනය ,දර්ශනය ,සමෙහි වර්ණය ,බුද්ධිය හා තීරණ ගැනීම ආදිය සිදු කරයි.
මධ්‍යම ශරීර ව්‍යුහය ,උණුසුම් ශරීරය ,ප්‍රබල ආහාර රුචිය ,හොඳ ජීර්ණ ශක්තිය ,තියුණු බුද්ධිය ,නායකත්ව ගුණාංග ,ඉක්මන් කෝපය ,පැහැපත් සමක් ආදිය පිත්ත ප්‍රධාන පුද්ගලයන්ගේ ලක්ෂණ වේ
කඵ දෝෂය ශරීරයේ ව්‍යුහය, ස්ථායිතාවය, ශක්තිය සහ ප්‍රතිශක්තිය පාලනය කරයි. ජල සහ පෘථිවි මහා භූත වලින් සමන්විතය.
එම දෝෂය මගින් ද විවිධාකාර ශාරීරික කාර්යයන් සිදු කරයි. ශරීර ව්‍යුහය හා ශක්තිය ,සන්ධි ලිහිසි කිරීම ,ප්‍රතිශක්තිය ,සමෙහි තෙතමනය ,මතකය හා ස්ථායී මනස ,ආදරය හා දයාව
කඵ ප්‍රධාන පුද්ගලයන්ගේ ලක්ෂණ ලෙස ශක්තිමත්, බර ශරීර ව්‍යුහය ,මෘදු, තෙතමනය සහිත සම ,මන්දගාමී ජීර්ණය ,හොඳ මතකය ,ඉවසිලිවන්ත, සන්සුන් ස්වභාවය ,මන්දගාමී චලනය ,ශක්තිමත් ප්‍රතිශක්තිය ආදිය වේ.
නිරෝගී පැවැත්ම යනු මෙම තුන් දෝෂ ඔබේ ප්‍රකෘතිය අනුව සමතුලිතව පැවතීමයි.මෙම දෝෂ සමතුලිත කීරීම සදහා ඉහත සදහන් කළ ඍතුව අනුව ආහාර රටාව ,යෝග්‍ය ව්‍යායාම ,මානසික සමතුලිතතාවය ,ආයුර්වේද ඖෂධ ,දිනචර්යාව පිළිපැදීම සිදු කළ යුතුය.
සෑම පුද්ගලයෙකු තුළ ම මෙම තුන් දෝෂ තිබේ. ඒවායේ සමතුලිතතාවය තමයි වෙනස් වන්නේ. ඔබේ දෝෂ ව්‍යුහය දැන ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක පදනම වේ.
ඔබේ ප්‍රකෘතිය හඳුනා ගෙන, සමතුලිත ජීවිතයක් ගත කරන්න!

29/07/2026

පින් සිතුවිලි වැඩෙන, යහපත් බලාපොරොත්තු ඉටුවන ඇසළ පොහෝ දිනයක් වේවා!

29/06/2026

Happy Poson Poya! May every step you take be guided by truth and kindness.

30/05/2026

සැම හදවත් වල දයාව, කරුණාව සහ මෛත්‍රිය දලුලා වැඩෙන සුභ වෙසක් පොහෝ දිනයක් වේවා!

21/03/2026

08/03/2026
04/02/2026

78 වැනි ජාතික නිදහස් දිනය 🇱🇰
අභිමානවත්ව සමරමු !

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo