රූAyur

රූAyur

Share

රූපලාවන්‍යයට වෛද්‍ය මග පෙන්වීමක්.....

Photos from රූAyur's post 19/12/2021

💚 From රූAyur 💚
Anti-dandruff Herbal Hair Oil ☘️ 🌿🍀
Made by a special formula dandruff & gives healthy scalp #100% Natural

19/12/2021

රූAyur
• ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි.ලස්සන ගැන කතා කරද්දි හිස කෙස් කළඹ කියන්නේ කතා කර යුතුම මාතෘකාවක්.නමුත් බොහෝ දෙනෙක් හිස කෙස් පිළිබඳ ගැටලු ගොඩකින් පීඩා විඳිනවා.ඒ අතරිනුත් හිස්හොරි කියන්නේ ඉතාමත් සුලබ කාරණයක්.හිස්හොරි ඇති වෙන්න හේතු මොනවද, එය වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද, හිස්හොරි වලට සමාන වෙනත් රෝග තත්ත්වන් තියෙනවාද, එසේ නම් ඒ මොනවාද යන දේවල් අද සමාජයේ ගොඩක් දෙනා දන්නෙ නැති කාරණා කියල මන් හිතනවා.ඉතින් ඒ නිසා අද මේ ලිපියෙන් ඒ පිළිබඳව යමක් කියන්න මන් හිතුවා.

• හිස්හොරි ඇති වෙන්නෙ කොහොමද?
🌿 සාමාන්‍යයෙන් සෑම දින විසි අටකට වරක්ම අපේ සම මගින් සම මත පවතින්නා වූ මැරුණු සෛල ස්ථරය ඉවත් කරනු ලබනවා.මෙසේ සිදු වන්නා වූ ක්‍රියාදාමය අක්‍රමවත් ලෙස සිදු වීම නිසා තමයි හිස්හොරි ඇති වෙන්නෙ.

• හිස්හොරි ඇති වෙන්න හේතු මොනවාද?
🌿 හිස්කබල අධික ලෙස වියළීම- නිතරම හිරු එළියට නිරාවරණය වීම, අධික උෂ්ණත්වක් සහිතව හිස කෙස් වලට සිදු කරනු ලබන ක්‍රියාකාරකම් හා උණුසුම් ජලය ස්නානය ආදිය මේ සඳහා උදාහරණ ලෙස සඳහන් කරන්න පුළුවන්.
🌿 හිස්කබලෙහි ඇති වන ස්‍රාවයන් නිසි පරිදි ඉවත් නොවීම- හිස්කබලෙහි සම ආශ්‍රිතව සීබම් නම් වූ ස්‍රාවයක් නිපදවෙනු ලබනවා.මේ හේතුවෙන් හිස්කබලෙහි සම තෙල් සහිත ස්වභාවයක් ගනු ලබනවා.ඉතින් එදිනෙදා එකතු වෙන කුණු, දූවිලි ආදිය මේ තෙල් සමඟ එකතු වීම හේතු කොට ගෙන හිස්හොරි ඇති වෙන්න පුළුවන්.
🌿 හිසකෙස් සඳහා භාවිතා කරනු ලබන විවිධ රසායනික නිශ්පාදන- මේ දේවල් නිසා කුණු, දූවිලි හිස්කබලෙහි තැන්පත්වෙනවා සේම හිස්කබලෙහි සම වියළී යාමත් සිදු වෙන්න පුළුවන්.
🌿 මෙයට අමතරව හෝර්මෝන අසමතුලිතතා,මානසික පීඩනයන් හා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ඇතිවන දුර්වලතා හිස්හොරි ඇති වීම සඳහා හේතු වෙන්න පුළුවන්.

• හිස්හොරි වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද?
🌿 දිනපතා ස්නානය.
🌿 උණුසුම් ජලය ස්නානය කිරීමෙන් වැළකීම.
🌿 විවිධ ෂැම්පු,කන්ඩිෂනර් වර්ග නිතර භාවිතයෙන් වැළකීම.
🌿 හිසකෙස් සඳහා විවිධ රසායනික නිශ්පාදන නිතර භාවිතයෙන් වැළකීම.
🌿 හිසකෙස් සඳහා කිසියම් නිශ්පාදනයක් භාවිතා කලේ නම් පසුව එය හොඳින් සෝදා ඉවත් කිරීම.
🌿 හිස කෙස් සඳහා අධික උෂ්ණත්වක් ලබා දෙන ක්‍රියාකාරකම් සිදු නොකීරීම.
🌿 පෝෂ්‍යදායක ආහාරවේලක් ලබා ගැනීම.
🌿 භාවනා, යෝග, ප්‍රාණයාම ආදී මනස සැහැල්ලු කරනු ලබන ක්‍රියාකාරකම් වල නිරත වීම.

• හිස්හොරි වලට සමාන වෙනත් රෝග තත්වයන් මොනවාද?
🌿 මෙහිදී හිසකබලෙහි ඇතිවන පොතු කබර තත්වයන්, seborrheic dermatitis නම් වූ ක්ෂුද්‍රජීවී විශේෂය ආසාදනය වීමෙන් ඇතිවන තත්ත්වන් හිස්හොරි වලට සමාන ලක්ෂණ පෙන්නුම් කරනු ලබනවා.

ඉතින් මීළඟ ලිපියෙන් අපි බලමු මේ රෝගී තත්වයන් හිස්හොරි වලින් වෙනස් කර හඳුනාගන්නේ කෙසේද කියලා.....

✍️සටහන
ආයුර්වේද වෛද්‍ය ලක්ෂිකා එම්. මල්ලිකාආරච්චි.
(B.A.M.S.Hons.University of Kelaniya)

Want your business to be the top-listed Beauty Salon in Dambulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Dambulla