IMA
Healthy
08/06/2026
Vitamin D
27/05/2026
❤️ Atorvastatin (ඇටෝර්වාස්ටැටින්) ගැන ඔබ දැනගත යුතු වැදගත් කරුණු
ඇටෝර්වාස්ටැටින් (Atorvastatin) යනු රුධිරයේ ඇති කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් බහුලව නිර්දේශ කරන ස්ටැටින් (Statin) කාණ්ඩයේ ඖෂධයකි.
මෙය හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) වැනි බරපතල තත්ත්වයන් වැළැක්වීමට ඉතා වැදගත් වේ.
━━━━━━━━━━━━━━━
⭕ Atorvastatin ගත යුත්තේ උදෑසනද? රාත්‍රියේද?
Atorvastatin උදෑසන හෝ රාත්‍රියේ ගත හැකිය.
නමුත් හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා එකම වේලාවක ගැනීම ඉතා වැදගත් වේ.
සාමාන්‍යයෙන් රාත්‍රියේදී ශරීරයේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වැඩි වන නිසා, සමහර වෛද්‍යවරුන් එය සවස හෝ රාත්‍රියේ ගැනීමට උපදෙස් දෙති.
━━━━━━━━━━━━━━━
⭕ මැග්නීසියම් (Magnesium) සමඟ ගත හැකිද?
මැග්නීසියම් Atorvastatin සමඟ අන්තර්ක්‍රියා කර එහි අවශෝෂණය අඩු කළ හැකිය.
විශේෂයෙන් මැග්නීසියම් අඩංගු:
✔️ Antacids
✔️ විරේචක (Laxatives)
භාවිතා කරන අය සැලකිලිමත් විය යුතුය.
👉 මෙම ඖෂධ දෙක අතර පැය 2–3 ක පරතරයක් තබා ගැනීමෙන් මෙම ගැටලුව අවම කළ හැකිය.
━━━━━━━━━━━━━━━
⭕ ආහාර සමඟද? නැතිවද?
Atorvastatin ආහාර සමඟ හෝ නැතිව ගත කළ හැකිය.
නමුත්,
❌ මේද සහ කොලෙස්ටරෝල් බහුල ආහාර
❌ අධික තෙල් සහිත ආහාර
වැඩිපුර ගැනීමෙන් ඖෂධයේ ප්‍රතිඵල අඩු විය හැකිය.
⚠️ විශේෂයෙන් “මිදි (Grapefruit)” Atorvastatin සමඟ අන්තර්ක්‍රියා කර රුධිරයේ ඖෂධ මට්ටම වැඩි කර අක්මාවට හානි සහ වෙනත් අතුරු ආබාධ ඇති කළ හැකිය.
━━━━━━━━━━━━━━━
⭕ Atorvastatin ගන්නා අතරතුර මත්පැන් පානය කළ හැකිද?
මත්පැන් සහ Atorvastatin අතර සෘජු අන්තර්ක්‍රියා ඇති බවට පැහැදිලි සාක්ෂි නොමැති වුවත්,
⚠️ ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ.
මත්පැන් සහ Atorvastatin දෙකම අක්මාවට බලපාන බැවින්, එකට භාවිතා කිරීමෙන්:
🔸 අක්මා ක්‍රියාකාරීත්වයට හානි
🔸 අසාමාන්‍ය Liver Function Tests
ඇති විය හැකිය.
━━━━━━━━━━━━━━━
⭕ Atorvastatin ගන්නේ කොහොමද?
✔️ වෛද්‍යවරයා උපදෙස් දුන් ආකාරයටම ගන්න.
✔️ සාමාන්‍යයෙන් දිනකට එක් වරක් ගනු ලැබේ.
✔️ ආහාර සමඟ හෝ නැතිව ගත කළ හැකිය.
✔️ සෑම දිනකම එකම වේලාවක ගැනීම වඩාත් සුදුසුය.
━━━━━━━━━━━━━━━
⭕ Atorvastatin අධි රුධිර පීඩනය ඇති කරනවද?
නැහැ.
ස්ටැටින් කාණ්ඩයේ අනෙකුත් ඖෂධ මෙන්ම Atorvastatin රුධිර වාහිනී පටු වීම අඩු කිරීමට උපකාරී වන අතර, සමහරවිට රුධිර පීඩනය අඩු කිරීමටද උපකාරී විය හැකිය.
කෙසේ වෙතත්, සමහර අයට රුධිර පීඩනයේ හදිසි පහත වැටීමක් දැනිය හැකිය.
⚠️ Atorvastatin භාවිතයෙන් පසු අසාමාන්‍ය රුධිර පීඩන වෙනස්කම් දැනේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
━━━━━━━━━━━━━━━
🌸 Atorvastatin ගැන තවත් වැදගත් දේවල්
🔬 ක්‍රියාකාරීත්වය
අක්මාව තුළ කොලෙස්ටරෝල් නිෂ්පාදනයට උපකාරී වන
HMG-CoA reductase නම් එන්සයිමය නිෂේධනය කිරීම මගින්:
✔️ LDL (“නරක කොලෙස්ටරෝල්”) අඩු කරයි
✔️ සමස්ත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි
━━━━━━━━━━━━━━━
🛡️ ප්‍රයෝජන
මෙය විශේෂයෙන් ලබාදෙන්නේ:
✔️ අධික කොලෙස්ටරෝල් ඇති අයට
✔️ දියවැඩියා රෝගීන්ට
✔️ හෘද රෝග අවදානම වැඩි අයට
හෘදයාබාධ සහ මොළයේ ආඝාතය වැළැක්වීම සඳහාය.
━━━━━━━━━━━━━━━
💊 භාවිතය
✔️ වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න
✔️ සාමාන්‍යයෙන් දිනකට එක් වරක්
✔️ ආහාර සමඟ හෝ නැතිව
✔️ මඳ ජලය සමඟ ගිල දැමිය යුතුය
━━━━━━━━━━━━━━━
⚠️ අතුරු ආබාධ
🔹 සුළු අතුරු ආබාධ
▪️ හිසරදය
▪️ මලබද්ධය
▪️ මස්පිඩු වේදනාව
🔴 කලාතුරකින් ඇතිවිය හැකි බරපතල තත්ත්ව
▪️ අක්මාවේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්
▪️ මාංශ පේශි පටක බිඳවැටීම (Rhabdomyolysis)
━━━━━━━━━━━━━━━
🚫 වැදගත් අවවාද
❌ ගර්භනී කාන්තාවන් භාවිතා නොකළ යුතුය
❌ කිරි දෙන මව්වරුන් භාවිතා නොකළ යුතුය
⚠️ පහත ලක්ෂණ දැනේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න:
🔸 අසාමාන්‍ය මාංශ පේශි වේදනාව
🔸 දුර්වලතාවය
🔸 සම හෝ ඇස් කහ පැහැ වීම (සෙංගමාලය)
━━━━━━━━━━━━━━━
📌 ඖෂධයේ නිසි මාත්‍රාව ඔබේ වෛද්‍යවරයා විසින් Lipid Profile වාර්තා සහ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තීරණය කරනු ලැබේ.
25/05/2026
ඔන්න දවසක් අත්තම්මා කෙනෙක් ආවා බෙහෙත් වගයක් ගන්න පොතකු අරන් 😇.. ඊටපස්සෙ
අත්තම්මා ÷පුතේ මේ බෙහෙත් ටික බලලා දෙන්නකො මට
මම÷පොත බැලුවා
අත්තම්මා මේ company එකෙන්මනම් ගන්න නෑ...🙄🙄 කියලා කීවා 🙃🙃
අත්තම්මා ගත් කටට කියාපි 🤣😇
අත්තම්මා ÷කවුද පැණි ඉල්ලුවේ මට ඕනි පෙති ටික ඔච්ච්ර කල් මන් පැණි බීවෙ නෑ මන් බීවෙ පෙති😡
මම ÷හරි අත්තම්මා බෙහෙත් එකේ වර්ගේ වෙනස් උනාට කමන් නැද්ද ඇහැවෙ...
අත්තම්මා ÷අහ් හ් 🤣🤣 කමන්නෑ පුතේ දාලා දෙන්න
24/05/2026
ග්‍රිසෝෆුල්වින් (Griseofulvin) 💊
දිලීර ආසාදනවලට විශ්වාසදායක ප්‍රතිකාරයක්
දිලීර ආසාදන කියන්නේ අද ලෝකයේ බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක්. සමේ කැසීම, හිස්කබලේ ආසාදන, නියපොතු වල දිලීර වගේ තත්ත්වයන් නිසා දෛනික ජීවිතයත් අපහසු වෙන්න පුළුවන්.
මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරු බොහෝවිට නිර්දේශ කරන බෙහෙතක් තමයි ග්‍රිසෝෆුල්වින් (Griseofulvin).
ග්‍රිසෝෆුල්වින් කියන්නේ මොකක්ද? 🤔
ග්‍රිසෝෆුල්වින් කියන්නේ දිලීර නාශක (Antifungal) ඖෂධයක්.
මෙය Penicillium griseofulvum කියන පසෙහි ඇති දිලීරයකින් ලබාගන්නා ඖෂධයක්.
මෙය විශේෂයෙන් සම, හිසකෙස් සහ නියපොතු වල දිලීර ආසාදන සඳහා භාවිතා කරනවා.
මේ බෙහෙත පාවිච්චි කරන්නේ මොන රෝග වලටද? 🦠
✅ මුදු පණුවා (Ringworm)
✅ ජොක් කැසීම (Jock itch)
✅ Athlete’s foot
✅ හිස්කබලේ දිලීර ආසාදන
✅ නියපොතු දිලීර
✅ හිසකෙස් ආශ්‍රිත දිලීර රෝග
ග්‍රිසෝෆුල්වින් වැඩ කරන්නේ කොහොමද? ⚙️
මේ බෙහෙත රුධිරයට ඇතුල් වෙලා සම, නියපොතු සහ හිසකෙස් වල ඇති keratin සෛල වලට බැඳෙනවා.
ඒකෙන් අලුත් සෞඛ්‍ය සම්පන්න සෛල වර්ධනය වෙන අතර දිලීර වර්ධනය නතර කරනවා.
සරලව කියනවා නම් 👇
🛡️ “අලුත් සම සහ නියපොතු දිලීර වලින් ආරක්ෂා කරනවා”
ගන්න විදිහ 🥛
💡 මේ බෙහෙත කෑමත් එක්ක ගත්තොත් හොඳට අවශෝෂණය වෙනවා.
විශේෂයෙන් මේදය තියෙන ආහාර එක්ක ගත්තොත් තවත් හොඳයි 👇
🥛 කිරි
🍦 අයිස්ක්‍රීම්
🧀 චීස්
🍔 බර්ගර් වගේ ආහාර
📌 වතුර වීදුරුවක් එක්ක ගන්න.
📌 වෛද්‍ය උපදෙස් අනුව
දවසට එකවරක්
හෝ
දෙවරක්
ගන්න පුළුවන්.
ප්‍රතිකාර කාලය ⏳
ආසාදනය
ගතවන කාලය
සමේ දිලීර
සති 2–4
හිස්කබලේ දිලීර
සති 4–8
පාදයේ දිලීර
සති 4–8
නියපොතු දිලීර
මාස 6–12
⚠️ රෝග ලක්ෂණ අඩු උනත් බෙහෙත මැදින් නවත්වන්න එපා.
සාමාන්‍ය අතුරු ආබාධ 😵
බොහෝවිට මේවා සැහැල්ලුයි:
🔹 හිසරදය
🔹 කරකැවිල්ල
🔹 ඔක්කාරය
🔹 බඩේ අමාරුව
🔹 පාචනය
🔹 නිදාගැනීමේ අපහසුතාව
🔹 සමේ කැසීම
බරපතල අතුරු ආබාධ 🚨
පහත ලක්ෂණ තිබුණොත් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
❌ සමේ බිබිලි
❌ උණ
❌ මුහුණ / දිව ඉදිමීම
❌ ඇස් හෝ සම කහ වීම
❌ අධික දුර්වලතාව
❌ පහසු තැලීම්
වැදගත් පූර්වාරක්ෂාවන් ⚠️
🍺 මත්පැන් වලින් වළකින්න
ග්‍රිසෝෆුල්වින් + මත්පැන් එකට ගත්තොත්:
හෘද ස්පන්දනය වැඩිවීම
ඔක්කාරය
වමනය
වගේ ගැටලු ඇතිවෙන්න පුළුවන්.
☀️ හිරු එළියෙන් ප්‍රවේශම්
මේ බෙහෙත හිරු එළියට සංවේදීතාව වැඩි කරනවා.
ඒ නිසා: 🧴 Sunscreen භාවිතා කරන්න
👕 ආරක්ෂිත ඇඳුම් අඳින්න
🛑ග්‍රිසෝෆුල්වින් ගත නොහැක්කේ කාටද?
🛑ග්‍රිසොෆුල්වින් සුදුසු නොවේ:
🛑අක්මාව අකර්මණ්‍ය වූ පුද්ගලයින්
පෝර්ෆිරියා ඇති අය
🛑ගර්භනී කාන්තාවන් හෝ ගැබ් ගැනීමක් සැලසුම් කරන අය
👶 අවුරුදු 2 ට අඩු දරුවන්
⚠️ Hormonal birth control වල බලය අඩු වෙන්න පුළුවන්.
වෙනත් බෙහෙත් එක්ක ගන්න පුළුවන්ද? 💊
පහත බෙහෙත් එක්ක ප්‍රවේශම් වෙන්න:
🔸 Warfarin
🔸 Antacids
🔸 Hormonal contraceptives
🔸 Alcohol
බෙහෙත් ගන්න කලින් pharmacist හෝ doctor ට කියන්න.
මාත්‍රා (Dose) 📋
👨⚕️ වැඩිහිටියන්ට සාමාන්‍යයෙන්:
500mg දිනකට
හෝ
තත්ත්වය අනුව 1000mg දක්වා
👶 ළමයින්ට බර අනුව dose එක ගණනය කරනවා.
⚠️ තමන්ම dose වෙනස් කරන්න එපා.
නිතර අසන ප්‍රශ්න ❓
1️⃣ මේක වැඩ කරන්න කොච්චර කල් යනවද?
දින කිහිපයකින් හෝ සති කිහිපයකින් වෙනස පේන්න පටන් ගන්නවා.
2️⃣ Dose එකක් අමතක උනොත්?
මතක් උන ගමන් ගන්න.
හැබැයි ඊළඟ dose එකට ලඟ නම් double dose ගන්න එපා.
3️⃣ මේක steroid එකක්ද?
❌ නැහැ.
මේක antifungal medicine එකක්.
4️⃣ රාත්‍රියේ ගන්න කියන්නේ ඇයි?
කෑමත් එක්ක ගත්තොත් හොඳට අවශෝෂණය වෙන නිසා.
අවසාන වශයෙන් ❤️
ග්‍රිසෝෆුල්වින් කියන්නේ මුරණ්ඩු දිලීර ආසාදන වලට හොඳ සහ විශ්වාසදායක බෙහෙතක්.
හැබැයි සාර්ථක ප්‍රතිකාරයක් සඳහා 👇
✔️ බෙහෙත නියමිත විදිහට ගන්න
✔️ සම්පූර්ණ course එකම finish කරන්න
✔️ අතුරු ආබාධ ගැන අවධානයෙන් ඉන්න
✔️ Doctor / Pharmacist උපදෙස් අනිවාර්යයෙන් අනුගමනය කරන්න
💡 “බෙහෙත හරියට ගත්තොත් දිලීර ආසාදන පාලනය කරගන්න පුළුවන්.”
23/05/2026
හෙල්මට් ගලවන්න කම්මැලි කමට. හදිසියට බෙහෙත් ගන්න එන අයට මොනාද කියන්න තියෙන්නෙ 🤣🤣
22/05/2026
😮💨 “හති පෙත්ත” ඇත්තටම කරන්නේ මොකක්ද...?
Salbutamol ගැන සරලවම බලමු!
හුස්ම ගන්න අමාරු වෙලා...
පපුව හිර වෙලා වගේ...
“හති අල්ලනවා” කියලා දැනෙන වෙලාවක් තියෙනව නේද? 😥
අන්න එහෙම වෙලාවක බොහෝ දෙනෙක්ට ඉක්මනින් සහනයක් දෙන්නේ තමයි Salbutamol කියන බෙහෙත.
මේකට “හති පෙත්ත”, “හති පම්පුව” කියලත් කියනවා 😄
💊 Salbutamol කියන්නේ මොන වගේ බෙහෙතක්ද?
මේ බෙහෙත් එක අයිති වෙන්නේ
Short Acting Beta 2 Agonist කියන කාණ්ඩයට.
අපේ ශරීරයේ “Beta receptors” කියලා receptors වර්ගයක් තියෙනවා.
ඒව වලින් ගොඩක් තියෙන්නේ ශ්වසන මාර්ගයේ 😮💨
Salbutamol කරන්නේ මේ receptors උත්තේජනය කරන එක.
🤔 එතකොට මොකද වෙන්නේ?
හතිය වගේ රෝග වලදී ශ්වසන මාර්ගය ඇතුළේ
✔️ සෙම එකතු වෙනවා
✔️ මාර්ගය පටු වෙනවා
✔️ හුස්ම ගන්න අමාරු වෙනවා
අන්න එතකොට Salbutamol ගත්තම...
👉 ශ්වසන මාර්ගයේ තියෙන මාංශ පේශි ලිහිල් වෙනවා
👉 මාර්ගය පළල් වෙනවා (Bronchodilation)
👉 හුස්ම ගන්න පහසු වෙනවා 😌
ඒකයි මේ “හති බෙහෙත්” ගත්තම ටික වෙලාවකින් සහනයක් දැනෙන්නේ!
⏳ හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා...
Salbutamol කියන්නේ කෙටි කාලයක් වැඩ කරන බෙහෙතක්.
ඒ කියන්නේ
🚫 දිගු වෙලාවක් සහනය දෙන්න බෑ
✅ ඉක්මනින් හුස්ම ගැනීම පහසු කරන එක තමයි වැඩිපුර කරන්නේ
🫁 හතියට විතරද දෙන්නේ?
නෑ 😊
මේ බෙහෙත තවත් රෝග කිහිපයකටත් දෙනවා.
✔️ භාවිතා කරන අවස්ථා
1️⃣ Asthma (හතිය)
2️⃣ COPD – දිගුකාලීන පෙනහළු අවහිරතා
3️⃣ Bronchospasm – ශ්වසන මාර්ගය හදිසියේ සංකෝචනය වීම
ඒ වගේම වෛද්‍යවරු වෙනත් අවස්ථාවලත් භාවිතා කරනවා.
💉 Salbutamol තියෙන ආකාර
💊 Tablet (2mg / 4mg)
🌬️ Inhaler (Pumps)
😶🌫️ Nebulizer solution
🍯 Syrup
💉 Injection
⚠️ Side effects මොනවද?
Salbutamol වල side effects ටික
ටිකක් “බය උනාම වෙන දේවල්” වගේ 😅
Common side effects
✔️ අත් වෙව්ලීම
✔️ හදවත වේගයෙන් ගැසීම ❤️
✔️ ඔලුවේ කැක්කුම
✔️ නින්ද නොයෑම
✔️ මාංශ පේශි වේදනාව
✔️ ලේ වල පොටෑසියම් අඩුවීම
❤️ හදවතේ ලෙඩ තියෙන අය පරිස්සම්!
Salbutamol heart rate එක වැඩි කරන්න පුළුවන්.
ඒ නිසා
👉 හදවතේ රෝග තියෙනවා නම්
👉 pressure / heartbeat ප්‍රශ්න තියෙනවා නම්
අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න.
🦋 Hyperthyroidism තියෙන අයත් සැලකිලිමත් වෙන්න
තයිරොයිඩ් හෝමෝන වැඩි අයට
Beta receptors වැඩි නිසා
Salbutamol වල side effects වැඩියෙන් දැනෙන්න පුළුවන් 😬
ඒ නිසා ඒ ගැන doctor ට කියන්න.
🚫 Salbutamol එක්ක පරිස්සම් වෙන්න ඕන බෙහෙත්
1️⃣ Beta blockers
(Propranolol, Atenolol වගේ)
මේවා Salbutamol එක්ක “විරුද්ධව” වැඩ කරනවා.
2️⃣ Diuretics
(Frusemide, HCT)
එකට ගත්තොත්
⚠️ ලේ වල පොටෑසියම් අඩුවෙන්න පුළුවන්
3️⃣ Antidepressants
(Amitriptyline වගේ)
එකට ගත්තොත්
❤️ heart rate වැඩි වීම
⬆️ pressure වැඩි වීම
වගේ side effects වැඩි වෙන්න පුළුවන්.
📌 අන්තිමට වැදගත්ම දේ
ඔබ දැනට බෙහෙත් ගන්නවා නම්
හෝ වෙනත් ලෙඩ තියෙනවා නම්
ඔබ ගන්න සියලු බෙහෙත් ගැන doctor ට කියන්න 😊
එහෙම කලොත්
ඖෂධ වලින් ඇතිවෙන්න පුළුවන් ගැටලු ගොඩක් අඩු කරගන්න පුළුවන් ❤️
IMA Healthy
27/05/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴Cash on delivery පහසුකම් ඇත.
Category
Website
Address
Dambulla