Skin Goals

Skin Goals

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Skin Goals, Skin Care Service, Hokandara South.

Cosmetic, aesthetic medical clinic for your hair and skin care located in Thalawathugoda.We treat patients of all ages on skin issues ranging from teenage acne, skin issues, pigmentation & beard/hair growth treatments

30/07/2026

🤔 Did You Know ?

✨ ඔයාගෙ සමේ ප්‍රශ්න 90% ක් විසදෙන්නෙ ඔයාගෙ Plate එකෙන්!

✨පිරිපුන් සමක් , දිදුලන සමක් , ශක්තිමත් කොන්ඩයක් , ඕන නම් පිටතින් ගාන Cream වලට වඩා ඇතුලෙන් කන දේ වැදගත් 💚

▪️1. විටමින් C - දීප්තිමත් සමට
✓ සම දීප්තිමත් කරයි
✓ කොලජන් වැඩි කරයි
✓ නිදහස් අංශුවලින් ආරක්ෂා කරයි
✓ දුර්වර්ණ කැළැල් අඩු කරයි
*ආහාර:* දොඩම්, කිවි, බ්‍රොකොලි, ස්ට්‍රෝබෙරි🥦

▪️2. විටමින් E - සම ආරක්ෂාවට
✓ සම තෙතමනය රඳවයි
✓ UV කිරණවලින් ආරක්ෂා කරයි
✓ රැළි ඇතිවීම අඩු කරයි
✓ සම පුනරුත්පාදනය සහාය කරයි
*ආහාර:* ආමන්ඩ්, නිවිති, අලිගැටපේර🥑

▪️3. විටමින් A - සම පුනරුත්පදනය සඳහා
✓ සෛල පුනරුත්පාදනයට සහාය වේ
✓ සම රැළි වැටීම අවම කරයි
✓ කුරුලෑව අඩු කරයි
✓ සමට ඒකාකාරී දීප්තියක් ලබා දෙයි
*ආහාර:* කැරට්, නිවිති, බතල🥕

▪️4. විටමින් D - සිරුර එළියේ බලයෙන්
✓ සම සෞඛ්‍යය වැඩි දියුණු කරයි
✓ සතුට/මානසික ප්‍රාණය වැඩි කරයි
✓ කුරුලෑව ඇතිවීම අඩු කිරීමට සහාය වේ
✓ කොණ්ඩය ගැලවීම් අඩු කරයි
*ආහාර:* බිම්මල්, කිරි, බිත්තර කහ මදය🍳

▪️5. බයෝටින් B7 - කොණ්ඩය සහ නියපොතු සඳහා
✓ කොණ්ඩ වර්ධනයට සහාය වේ
✓ නියපොතු ශක්තිමත් කරයි
✓ සම සෞඛ්‍යය වැඩි දියුණු කරයි
✓ කැඩීම් අඩු කරයි
*ආහාර:* ආමන්ඩ්, බිත්තර, බීජ🥚

▪️6. විටමින් B3 - සම සුමට කරන බලය
✓ සම ආරක්ෂක පටලය ශක්තිමත් කරයි
✓ රතු පැහැය ගැන්වීම අඩු කරයි
✓ කුඩා කුරු රන්ඩ්‍රස් අඩු කරයි
✓ සමේ පැහැය ඒකාකාරී කරයි
*ආහාර:* මුං ඇට, සැමන්, රටකජු 🥜

27/07/2026

✨ ඔබගේ සමට නව දීප්තිමත් බවක් ලබා ගන්න

▪️ වයසට යාම පාලනය කර ඔබ සැමවිටම සිහින මැවු ඒ සුන්දර හා දිප්තිමත් සම ලබා ගැනිමට ඔබත් කැමති ද ? 🤩

▪️RF MICRONEEDLING ප්‍රතිකාරය සමග සමේ අඩුපාඩු වලට සමු දී , නැවුම් හා තරුණ පෙනුමක් ලබාගන්න 🤗🩷

▪️ RF Microneedling ප්‍රතිකාරය, අති නවීන තාක්ෂණය භාවිතයෙන් ඔබේ සම තුළ ස්වභාවික කොලජන් (collagen) නිෂ්පාදනය උත්තේජනය කරයි ✨

▪️ RF Microneedling තෝරා ගන්නේ ඇයි? 🤔

✨ සිනිඳු බව සහ මනා පෙනුම: සියුම් රැලි සහ ගැඹුරු රැලි කැපී පෙනෙන ලෙස අඩු කරයි.
✨ පැහැපත් සහ සමබර සම: කුරුලෑ කැළැල් සහ සමේ ස්වභාවය (texture) වැඩිදියුණු කරයි.
✨ තද බව (Tightening): සමේ සිදුරු (pores) කුඩා කර සිනිඳු පෙනුමක් ලබා දෙයි.
✨ තද බව (Tightening): සමේ සිදුරු (pores) කුඩා කර සිනිඳු පෙනුමක් ලබා දෙයි.

22/07/2026

✨ Unlock Your Skin’s Natural Glow with Micro-needling! ✨

▪️ඔයාත් කුරුලෑ ලප කැලැල් (Acne Scars) හෝ Pigmentation නිසා පීඩා විඳිනවාද? සමේ තරුණ පෙනුම සහ දීප්තිය නැති වෙලාද? 😟 මෙන්න ඒ හැමදේටම සාර්ථකම විසඳුම!

💕Micro-needling සත්කාරයේ සුපිරිම වාසි මෙන්න:

▪️Collagen උත්තේජනය: සම ඇතුළාන්තයෙන්ම අලුත්වැඩියා කර තරුණ පෙනුම රැක දෙයි. 🧬

▪️කුරුලෑ කැලැල් සුව කිරීම: Acne scars ක්‍රමයෙන් නැති කර සම මෘදු කරයි.

▪️Pigmentation අඩු කරයි: සමේ අඳුරු ලප ඉවත් කර එකම පැහැයක් ලබා දෙයි.

සමට Glow එකක් ලබා දෙයි: Instant, long-lasting radiant glow එකක්! ✨😍

Safe වගේම 100% ප්‍රතිඵල සහිතයි ✨

TopFan

17/07/2026

50% off..
✨ Get that ultimate glow in just a few minutes! 50% OFF ✨

Looking for the perfect skin refresh? Bloom Skin Clinic එකෙන් ඔයාලට මෙන්න super offer එකක්! Get an EXCLUSIVE 50% OFF on our premium Carbon Laser Treatment right now! 😍✨

💵 Regular Price: 20,000/- LKR
🔥 Promo Price: Only 10,000/- LKR!

📅 Offer valid until 31st July 2026 වෙනකම් විතරයි! So don't wait, slots ඉක්මනින්ම full වෙන්න කලින් ඔයාගේ appointment එක අදම book කරගන්න.

📞 For Appointments:
• 011 280 7074
• 070 374 0000

📍 Location: Bloom Skin Clinic, Thalawathugoda.

16/07/2026

😮 LASER TRETMENT වලට ඔයත් බයයි ද?
🚫 ඔයාගෙ සමටත් (Instant Glow ) එකක් ගන්න කැමති ද ?
📌කාබන් ලේසර් ප්‍රතිකාරය (Carbon Laser Treatment) මගින් වඩාත් පැහැපත් සමක් 👳‍♀💕

▪️දීප්තිමත් සහ තරුණ පෙනුමක් සහිත සමක් ලබාගන්න!
▪️කිසිම වේදනාවක් නොමැතිව ක්ෂනික දිප්තියක් ලබා දෙන (Instant Glow )
▪️කාබන් ලේසර් යනු සම ගැඹුරින් පිරිසිදු කරන, සමේ සිදුරු (pores) පිරිපහදු කරන සහ ක්ෂණික දීප්තියක් ලබා දෙන, ශරීරයට හානියක් නොවන (non-invasive) ප්‍රතිකාරයකි.
▪️සමේ පැහැය දිප්තිමත් විම සහ ඒකාකාරි වීම නිසා සමෙහි තෙල් පාලනය වි කුරුලෑ සහ කුරූලැ ලප කැලැල් අඩු වීම
▪️කාබන් ලේසර් ප්‍රතිකාරයේ වාසි:
V සමේ පැහැය දීප්තිමත් සහ ඒකාකාරී කරයි V කුරුලෑ සහ බ්ලැක්හෙඩ්ස් අඩු කරයි
සමේ සිදුරු සහ අතිරික්ත තෙල් ගතිය අවම කරයි
▪️සමේ ස්වභාවය සහ දීප්තිය වැඩි දියුණු කරයි
▪️තරුණ පෙනුමක් සහිත සමක් ලබා ගැනීමට උපකාරී වේ
▪️ඔබේ සමේ අලංකාරය සහ දීප්තිය ඉහළ නංවා ගැනීමට සූදානම්ද?
▪️කාබන් ලේසර් හි ඇති අපූර්වත්වය සමඟ ඔබේ සමේ දීප්තිය විහිදුවන්න💖

16/07/2026

☀️ සම රැකගන්න හරියට Sunscreen පාවිච්චි කරමු! ☀️

ලංකාවේ අපිට අව්වෙන් බේරෙන එක ලේසි නැහැ. ඔයත් තාම මේ වැරදි කරනවා නම් අදම නිවැරදි කරගන්න! 🛑

✅ මතක තියාගන්න:

SPF 50+ ම අනිවාර්යයි.

ගෙදර හිටියත් Sunscreen ඕනෑමයි.

එළියට යන්න විනාඩි 20 කට කලින් ගාන්න.

ඇඟිලි 2ක ප්‍රමාණයක් පාවිච්චි කරන්න.

සම ලස්සනට තියාගන්න නම් sunscreen කියන්නේ Option එකක් නෙවෙයි, අනිවාර්ය දෙයක්! 🧴✨

💖

15/07/2026

මිස් කරගත්තොත් අපරාදෙ හිතෙන post .. 😌
මොයිස්චරයිසර් කතන්දරේ හරියට දන්නෙ නැත්තන් ගාන්න එපා හොදේ..🙈

ඔයාට ගැලපෙන Moisturizer එකක් තෝරා ගන්නේ මෙහෙමයි.. 💦

මේ රස්නේ කාලේ අපේ සම ඉක්මනින්ම වේලෙන්න බලනවා. 💨
ඒ නිසා moisturizer එකක් භාවිතා කරන එක වයස් භේදයකින් තොරව අපි හැමෝටම වැදගත් දෙයක්. 👩‍🦰🧑‍🦱

ඉතින් අද ස්කින් ගෝල්ස් මේ ලිපියෙන් අරගෙන ආවේ ඔයාගේ සමට වඩාත් ගැලපෙන moisturizer එකක් තෝර ගන්නේ කොහොමද කියල.

ඊට කලින් අපි ඔයාට තියෙන්නේ මොන වගේ සමක් ද කියලා දැන ගෙන ඉමු. 👇

වියළි සම (Dry Skin)
ස්වභාවයෙන්ම තෙල් ගතිය අඩුයි. මෙවැනි සමක් තද ගතියකින්, රළු පෙනුමකින් සහ පොතු ගැලවෙන ස්වභාවයකින් යුක්ත වෙන්න පුළුවන්.

තෙල් සහිත සම (Oily Skin)
තෙල් ගතිය වැඩි නිසා දිලිසෙන සුළුයි. මෙවැනි සමක සිදුරු (pores) විශාල වෙන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ (acne) ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා.

සාමාන්‍ය සම (Normal Skin)
තෙල් හෝ වියළි බවක් නැති, සමබර සමක්. තද ගතියක් හෝ රළු ස්වභාවයක් දැනෙන්නේ නැහැ.

මිශ්‍ර සම (Combination Skin)
T-zone එක තෙල් සහිතයි.අනෙක් ප්‍රදේශ වියළි

ඉතින් මේ එක් එක් සමට ගැලපෙන moisturizer එකක් මෙන්න මේ විදිහට තෝරා ගන්න පුළුවන්.

1. වියළි සම සඳහා

වියළි සමට වැඩි තෙතමනයක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා, ඝනකම වැඩි (thick) සහ oil-based moisturizer එකක් තෝර ගන්න එක සුදුසු වෙනවා.
Shea butter, Hyaluronic acid, Glycerin, Ceramides, Lactic acid
මේවා සමට ගැඹුරින් තෙතමනය ලබා දී, ඒ තෙතමනය රඳවා ගන්න උදව් කරනවා.

2. තෙල් සහිත සම සඳහා

තෙල් සහිත සමට “oil-free” සහ “non-comedogenic” (සමේ සිදුරු අවහිර නොකරන) යනුවෙන් සඳහන් කර ඇති, water-based හෝ gel-based එකක් වගේ lightweight moisturizer එකක් තෝරා ගන්න.
Salicylic acid, Niacinamide, සහ Hyaluronic acid වැනි සංඝටක අඩංගු moisturizer, සමේ තෙල් පාලනය කරමින් සමට අවශ්‍ය තෙතමනය රඳවා ගන්න උදව් කරනවා.

3. සාමාන්‍ය සම සඳහා

සාමාන්‍ය සමට, සමබර තෙතමනයක් ලබා දෙන, සැහැල්ලු lotion එකක් 🧴 තෝරා ගන්න පුළුවන්.
Hyaluronic acid, Glycerin සහ Vitamin C වැනි පොදු සම ආරක්ෂා කරන සංඝටක අඩංගු moisturizer එකක් තෝරන්න.

4. මිශ්‍ර සම සඳහා (Combination Skin)

මිශ්‍ර සමට, T-zone එකට තෙල් නැති වන ලෙසත්, වියළි ප්‍රදේශවලට අවශ්‍ය තෙතමනය ලැබෙන ලෙසත් සමබරතාවයක් ඇති කරන, gel-based moisturizer එකක් හොඳයි. 🧴
නැත්නම්, තෙල් සහිත ප්‍රදේශ සඳහා gel එකකුත්, වියළි ප්‍රදේශ සඳහා cream එකකුත් වෙන වෙනම පාවිච්චි කරන්නත් පුළුවන්.
ඒක ටිකක් කරදර නිසා all skin types තියෙන moisturizer එකක් use කරන්නත් පුළුවන්. 🤝🙂

ඒ වගේම තමයි ඔයාගේ සම වඩාත් සංවේදී නම්, වැඩි සුවඳ හෝ රසායනික ද්‍රව්‍ය අඩු, “hypoallergenic” යනුවෙන් සඳහන් කර ඇති moisturizer එකක් තෝරා ගන්න එක වැදගත් වෙනවා.
මොකද රසායනික ද්‍රව්‍ය සහ අධික සුවඳ නිසා ඔයාගේ සම irritate වෙලා rashes වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

ඔයා දවල් කාලයේ පිටතට යනවා නම්, හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීම සඳහා SPF 30 ට වඩා වැඩියෙන් තියෙන moisturizer එකක් ඔයාට භාවිතා කරන්න පුළුවන්. 🧴

ඉතින් මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා ඔයාට පුළුවන් ඔයාගේ සමට ගැලපෙන හොඳ moisturizer එකක් තෝරා ගන්න.

ඇඟ සෝදා ගෙන ඇවිත් ගොඩක් වෙලෙනකම් ඉන්න එපා moisturizer එක ගාන්න,
සෝදලා ඇවිත් පිහිදලා ටක් ගාලා මේක ගාන්න ඕනේ වේලෙන්න කලින්😁

🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲🔲

ඉතින් මේ දේවල් කියවලා අනිත් අයටත් දැනගන්න share කරන්න.💖

✍Skin Goals

සිංහලෙන් කියන්නම් කොපි කරලා තමන්ගේ වගේ දාගන්න එපා 📌

14/07/2026

SKIN GOALS ❤️✨"

✨ ඔබේ සමට ක්ෂණික පැහැපත් බවක් සහ නීරෝගී පෙනුමක්! ✨

සම වියළි වෙලා, තෙල් ගතිය වැඩි වෙලා, නැත්නම් දීප්තිමත් බව නැති වෙලාද? 💆‍♀️ එකම එක HydraFacial සත්කාරයකින් ඔබේ සමට පුදුමාකාර වෙනසක් එකතු කරගන්න දැන්ම ලෑස්ති වෙන්න!

HydraFacial සත්කාරයෙන් ඔබට ලැබෙන වාසි රැසක්:
🌟 Deep Cleansing & Exfoliation: සම මතුපිට ඇති කුණු සහ මැරුණු සමේ සෛල සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.
🌟 Painless Extraction: කළු ලප (Blackheads) සහ සුදු ලප (Whiteheads) කිසිදු වේදනාවකින් තොරව ඉවත් කරයි.
🌟 Intense Hydration: සම ඇතුළාන්තයටම අවශ්‍ය පෝෂණය සහ තෙතමනය (Hydration) ලබා දී සම මෘදු කරයි.
🌟 Anti-Aging Benefits: සිහින් රැළි (Fine lines) පාලනය කර සමට තරුණ පෙනුමක් ලබා දෙයි.
🌟 Instant Glow: කිසිදු අතුරු ආබාධයකින් තොරව සත්කාරය අවසන් වූ සැණින් ක්ෂණික පැහැපත් බවක්!
ඕනෑම සමේ වර්ගයකට (All skin types) ගැළපෙන මේ අපූරු සත්කාරය ඔබත් අදම ලබාගන්න 💖

✨ Unlock Your Ultimate Glow with HydraFacial! ✨
Tired of dull, dry, or congested skin? Give your skin the ultimate reset it deserves with our premium HydraFacial treatment! 💆‍♂️✨ In just one session, watch your skin transform into its radiant, healthy self.

Why your skin will love HydraFacial:
🌟 Deep Cleansing: Gently exfoliates and removes dead skin cells.
🌟 Painless Extractions: Clears out stubborn blackheads and clogged pores with absolute comfort.
🌟 Deep Hydration: Infuses the skin with nourishing serums, antioxidants, and hyaluronic acid.
🌟 Improves Texture & Tone: Reduces fine lines, wrinkles, and uneven skin tone.
🌟 Zero Downtime: Walk out with an instant, red-carpet glow—no redness, no peeling!

Perfect for all skin types. Treat your skin to the best 💕

13/07/2026

💖 Beauty Quiz Time!

🌸 ඔබේ සමේ වර්ගය මොකක්ද?

🩷 A. Dry Skin (වියළි සම)

💛 B. Oily Skin (තෙල් සහිත සම)

💚 C. Combination Skin (මිශ්‍ර සම)

💙 D. Normal Skin (සාමාන්‍ය සම)

👇👇👇👇👇 👇 ඔබේ පිළිතුර A, B, C හෝ D ලෙස Comment කරන්න!

💕 ඔබේ සමට ගැළපෙන Beauty Tips ඊළඟ Post එකෙන් අපි බෙදාගන්නම්.

📲 තවත් ස්වභාවික Beauty Tips සඳහා Skin Goals Follow කරන්න.

Goals

Want your business to be the top-listed Beauty Salon in Hokandara South?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Hokandara South