Hashan Malindu
Living my story ✍️ | Sharing thoughts & moments.
16/02/2026
🏏 ලකුණු පුවරුවට එහා ගිය ශ්‍රී ලංකාවේ "ආර්ථික" ජයග්‍රහණය
ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැත්වෙන තරගයක් කියන්නේ ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තම ගැටුමයි. නමුත් මේ තරගය කොළඹදී පැවැත්වීම ක්‍රීඩාවටත් වඩා අපේ රටේ අනාගතයට ලැබුණු දැවැන්ත ආයෝජනයක්.
මෙම තරගය හරහා ශ්‍රී ලංකාව ලබාගත් සැබෑ වාසි කිහිපයක් මෙන්න:
💵 1. විදේශ විනිමය ගලා ඒම (Forex Boost)
දහස් සංඛ්‍යාත විදේශිකයන් ලංකාවට පැමිණ ඩොලර් වියදම් කිරීම අපේ සංචිත ශක්තිමත් කිරීමට සෘජු දායකත්වයක් ලබා දෙයි. හෝටල් ගාස්තු සිට කුඩාම වෙළඳසැල දක්වා විදේශ විනිමය ගලා යයි.
🏨 2. සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීම
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හෝටල් කාමර සියල්ලම පාහේ වෙන් වී අවසානයි. මෙය සංචාරක කර්මාන්තය මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සාක්කුවට සෘජු ආදායමක් ගෙන එන "සජීවී" අවස්ථාවකි.
🚕 3. ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාරවලට පණක්
ටැක්සි රියදුරාගේ සිට වීදි ආහාර අලෙවිකරුවා දක්වා වූ දේශීය ව්‍යාපාරිකයන්ට මෙය රන් අස්වැන්නක් නෙලාගත හැකි කාලයකි. ප්‍රවාහන හා සේවා අංශවල ඉල්ලුම ඉහළ යාමෙන් දේශීය ආර්ථිකය සක්‍රීය වේ.
🌍 4. ජාත්‍යන්තර විශ්වාසය සහ ප්‍රතිරූපය (Brand Image)
මෙවැනි දැවැන්ත තරගාවලියක් සාර්ථකව පැවැත්වීමෙන් ශ්‍රී ලංකාව යනු ආරක්ෂිත, සත්කාරශීලී සහ ඕනෑම ජාත්‍යන්තර උත්සවයක් පැවැත්විය හැකි රටක් බව ලෝකයටම තහවුරු වේ. මෙය ඉදිරි ආයෝජන සඳහා හොඳම සහතිකයයි.
අවසාන විග්‍රහය:
ක්‍රිකට් පිටියේ ජයග්‍රහණය ඉන්දියාවට හෝ පකිස්තානයට හිමිවිය හැක. නමුත් මෙම තරගය සංවිධානය කිරීමෙන් සහ මෙහෙයවීමෙන් ලැබෙන සැබෑ ආර්ථික ජයග්‍රහණය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.
මෙන්න මේවා තමයි රටක් විදිහට අපි ගහන්න ඕන සුපිරිම මැච්! 💜🇱🇰
16/02/2026
තාක්ෂණය පරදා 'උකුසු ඇස' දිනූ වගයි:
ධර්මසේන නම් ලාංකික සන්නාමය අපේ රටට ආඩම්බරයක් ❤️
ඉන්දියාවයි පකිස්තානයයි කියන්නේ ක්‍රිකට් පිටියේ "සදාකාලික සතුරෝ". මේ දෙගොල්ලෝ මුණගැහෙන මැච් එකක් බලන එක ප්‍රේක්ෂකයන්ට ආතල් එකක් වුණාට, පිටිය මැද ඉන්න විනිසුරුවරුන්ට ඒක හරියට ගිනිකන්දක් උඩ ඉන්නවා වගේ වැඩක්. හැබැයි අද ඒ ගිනිකන්ද මැද හිමකැටයක් වගේ කූල් එකේ හිටපු අපේ කුමාර් ධර්මසේන මුළු ලෝකෙම අවධානය දිනාගත්තා!
ඇයි ධර්මසේන අද 'විශේෂ ' වුණේ?
අද මැච් එකේ තීරණාත්මක අවස්ථාවල ධර්මසේන ලබාදුන් තීරණවලට එරෙහිව කණ්ඩායම් දෙකම DRS (Reviews) වලට ගියා. සාමාන්‍යයෙන් තාක්ෂණය ඉස්සරහා අම්පයර්ලාගේ තීරණ වැරදෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා.
හැබැයි අද දවස ධර්මසේනගේ!
අද තරගයේ ඉන්දියාවයි පකිස්තානයයි ගත්ත සෑම Review එකක්ම අවසානයේ පරාජය වුණේ ධර්මසේනගේ තීරණය නිවැරදි බව තහවුරු කරමින්.
සුපිරි කැමරා 20-30ක් දාලා බලන රිප්ලේ එකෙන් දකින දේ, ධර්මසේන තත්පරයකින් තමන්ගේ පියවි ඇසින් දැක්කා.
ලෝකයේ වැඩිම පීඩනයක් තියෙන මැච් එකක, කිසිම කලබලයක් නැතුව "Unshakable" තීරණ දෙන එක සුපිරි හැකියාවක්. ඒක මම ධර්මසේනගේ උපතින්ම ගෙනා දක්ෂතාවයක් කියලයි මට හැඟෙන්නේ ඔහු ක්‍රිකට් ලෝකයට අභිමානයක්
ක්‍රීඩකයෙක් විදිහට ලෝක කුසලානය දිනලා, පස්සේ ලෝකයේ හොඳම විනිසුරුවරයාට හිමි සම්මානයත් දිනාගත්ත ධර්මසේන, අද පෙන්නුවේ තමන් තාමත් ලෝකයේ අංක එකේ" විනිසුරුවරයා බවයි.
තාක්ෂණයටත් වැරදෙන්න පුළුවන් වුණත්, ධර්මසේනගේ "උකුසු ඇසට" වරදින්නේ නැති බව අද ඔප්පු වුණා.
මැෂින් වලටත් වඩා තියුණු අපේ රටේ ධර්මසේන! ජයෙන් ජයවේවා
සටහන සම්පත් දිල්ලිමුණි
Kumar Dharmasena
ඇත්ත🥹🫶🏻
゚viralシfypシ゚ ゚viralシ
Oi😂
゚viralシfypシ゚ ゚viralシ
අනේ 🥹🫶🏻
゚viralシfypシ゚ ゚viralシ ゚
🥹🫶🏻
゚viralシfypシ゚ ゚viralシ ゚
30/12/2025
නිකමට හිතන්න, ඔයා මහන්සි වෙලා, නිදි මරාගෙන, ගඩොලින් ගඩොල තියලා ලස්සන මාලිගාවක් හදනවා. ඒ මාලිගාව හැදුවට පස්සේ, දවසක් ඒකේ ඉන්න අනිත් අය එකතු වෙලා ඔයාව ඒ මාලිගාවෙන් එළියට ඇදලා දානවා. "මේක දැන් ඔයාගේ නෙවේ, ඔයා යන්න" කියලා දොර වහනවා.
ඔයාට මොකද හිතෙන්නේ? පපුව පැලිලා මැරෙන්න තරම් දුකක් දැනෙයි නේද?
මේ මනුස්සයාට වුනේ හරියටම ඒක.
මෙයා එයාගේ යාළුවෙක් එක්ක එකතු වෙලා පොඩි ගරාජ් එකක බිස්නස් එකක් පටන් ගත්තේ. එතකොට මෙයාට වයස අවුරුදු 20 යි. මෙයාගේ තිබුණු අසීමිත කැපවීම නිසා අවුරුදු 10ක් යද්දී මේ පොඩි බිස්නස් එක ඩොලර් බිලියන 2ක වටිනාකමක් තියෙන, සේවකයෝ 4000ක් වැඩ කරන මහා සමාගමක් වුණා. මෙයා මුළු ලෝකෙම ජයගත්තා කියලා හැමෝම හිතුවා.
ඒත් හරියටම එයාට වයස අවුරුදු 30 සම්පූර්ණ වෙන දවස්වලම ලොකු ප්‍රශ්නයක් ආවා. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කළා "මෙයා මේ සමාගමට ගැලපෙන්නේ නෑ" කියලා. එයාලා තීරණය කළා මෙයාව අස් කරන්න.
ඔව්, ඔයාට ඇහුණා හරි. එයා පටන් ගත්තු, එයා නම දාපු, එයා හදපු සමාගමෙන් එයාවම පන්නලා දැම්මා.
එයා පහුවදා පත්තරේ දැක්කේ "තමන්ගේ සමාගමෙන් එළියට විසි වුනු ව්‍යාපාරිකයා" කියන හෙඩිම. මුළු ලෝකෙම එයා දිහා බලලා හිනා වුණා. එයාට හිතුණා "මම පැනලා දුවන්න ඕන, මම ලොකු ෆේලියර් එකක්" කියලා.
ඒත් එයා එහෙම කළේ නෑ. එයා ආයෙත් මුල ඉඳන් පටන් ගත්තා. ඊළඟ අවුරුදු 5 ඇතුළත එයා අලුත් සමාගම් දෙකක් හැදුවා. එකක් NeXT. අනිත් එක Pixar. ඔයාලා ආසාවෙන් බලපු "Toy Story" කාටූන් එක හැදුවේ මේ Pixar සමාගමෙන්.
මේ අතරේ අර මෙයාව එලවපු පරණ සමාගමට මොකද වුනේ? මෙයා නැතුව ඒ සමාගම දවසින් දවස වලපල්ලට ගියා. බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයාලා තේරුම් ගත්තා එයාලට කරගන්න පුළුවන් එකම දේ ඒ "පිස්සු මනුස්සයාව" ආයේ ගෙන්න ගන්න එක කියලා.
එයාලා ඇවිත් මෙයාගේ කකුල් දෙක ළඟ වැඳලා කිව්වා "අනේ ආපහු එන්න" කියලා.
එයා ආපහු ගියා. ගිහින් ලෝකයම වෙනස් කළා. අපි අද පාවිච්චි කරන iPhone එක, iPad එක, MacBook එක ලෝකෙට දුන්නේ එයා.
ඔව්, තමන්ගේම සමාගමෙන් එළියට දාපු, පස්සේ ඒ සමාගමම බේරගන්න ආපු ඒ වීරයා තමයි... ස්ටීව් ජොබ්ස් (Steve Jobs).
ස්ටීව් ජොබ්ස් මැරෙන්න කලින් අපූරු කතාවක් කිව්වා. "එදා මාව Apple එකෙන් එලවපු එක තමයි මගේ ජීවිතේ සිද්ධ වෙච්ච හොඳම දේ. සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමේ බර පැත්තක තියලා, ආධුනිකයෙක් විදිහට සැහැල්ලුවෙන් හිතන්න ඒක මට උදව් වුණා."
ඉතින් මගේ යාලුවනේ, අද ඔයාව කාට හරි එපා වෙලාද? ජොබ් එකෙන් අස් කළාද? කෙල්ල දාලා ගියාද? දුක් වෙන්න එපා. සමහර විට ඒක ඔයාගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න ලැබුණු හොඳම අවස්ථාව වෙන්න පුළුවන්. වර්තමානයේ සිද්ධ වෙන නරක දේවල් අනාගතයේදී හොඳ දේවල් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අද ඔයාට පේන්නේ නෑ. ඒ නිසා විශ්වාසය නැති කරගන්න එපා. දිගටම යන්න.
සමහර විට බෙහෙත තිත්තයි තමයි, හැබැයි ලෙඩේ හොඳ වෙන්න නම් ඒක බොන්නම වෙනවා!
17/12/2025
ලොතරැයි දිනූ 20 හැවිරිදි තරුණිය ඩොලර් මිලියනයක් එපා කියයි!🤪🤪
අවුරුදු 20ක ලොතරැයි ජයග්‍රාහිකාවක් හැමෝම පුදුම කරමින්, ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 309ක්) ගන්න එක ප්‍රතික්ෂේප කරලා, ඒ වෙනුවට ජීවිත කාලය පුරාම හැම සතියකම ඩොලර් 1,000ක් ගන්න තීරණය කරලා.
බ්‍රෙන්ඩා කියන විදියට, එකවර විශාල මුදලක් (lump sum) ගන්නවට වඩා, මේ විදියට නිරන්තරයෙන් ආදායමක් ලැබෙන එක ඇයට දිගු කාලීනව වඩා ආරක්ෂිතයි කියලා දැනුණලු.
ඒ වගේම විශේෂඥයන් කියන්නේ, ඇය ජීවත් වන කාලය අනුව, ඇයට ඇත්තටම ඩොලර් මිලියනයකට වඩා ගොඩක් වැඩි මුදලක් අවසානයේ ලැබෙන්න පුළුවන් කියලා.
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Homagama
10200