Divya Manjari
100%ක් ස්භාවික නිශ්පාදනයකි.ස්භාවික ශාකසාර මුසුකොට හෙළ වෛද්‍ය විද්‍යාවේ රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත
30/04/2026
Honoring Strength. Celebrating Unity. ✊
Happy Labour Day! Today, Divya Manjari salutes the tireless spirit of the workforce. Together, we stand for progress, dignity, and the rights of every worker.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
හෙළයේ මහා මංගල්‍යයට දිව්‍ය මංජරී අපෙන් ආසිරි! 🌸
ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු! 🌿
#අලුත්අවුරුද්ද
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
ආහාර පිසීම (ලිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ තලප ද පිළියෙල කර ගැනීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
12/04/2026
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයට තව එක දිනයි! 🌸
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ සුබ මොහොත සමරන්න ඔබත් සූදානම්ද?
දින කිහිපයක සිට අප බලා සිටි ඒ අසිරිමත් අලුත් අවුරුද්ද හෙටින් උදාවනවා. සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දකට අපි සැවොම සූදානම් වෙමු!
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍යකාල චාරිත්‍රයන් හි නිරතවීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
12/04/2026
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තව දින 02 යි! 🌞
මුළු රටම එකම මංගල්‍යයකට සූදානම් වන මේ සුබ මොහොතේ, සතුටත් සාමයත් පිරි අලුත් අවුරුද්දකට අපි සැවොම පෙළගැසෙමු.
🌸 හෙළයේ නිරෝගීම කේශ කල්‍යාණිය ඔබද? 🌸
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව, දිව්‍ය මංජරී (Divya Manjari) වෙතින් පවත්වනු ලබන "හෙළයේ නිරෝගීම කේශ කල්‍යාණිය" තේරීමේ මහා තරගය දැන් ඇරඹුණා! 👸
වයස් භේදයකින් තොරව නිල්වන් දිගු කෙස් කලඹක් හිමි ඕනෑම යුවතියකට මෙයට සහභාගී විය හැකියි.
🎁 ජයග්‍රාහිකාවන්ට හිමි ත්‍යාග:
පළමු ස්ථානය: වසරක් පුරාවට දිව්‍ය මංජරී තෛල සත්කාරය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🧴
අනෙකුත් ජයග්‍රාහිකාවන් සඳහා: වටිනා සැනසිලි ත්‍යාග රාශියක්!
📝 තරගයට සහභාගී වන ආකාරය:
ඔබේ කේශ කලඹේ අලංකාර ඡායාරූපයක් (වීඩියෝවේ පෙනෙන පරිදි) පහත පියවර සමඟින් comment කරන්න:
1️⃣ ඔබේ රුව දැක්වෙන කේශ කලඹේ අලංකාර ඡායාරූපයක් Comment කරන්න. 📸
2️⃣ ඔබේ මිතුරියන්ටත් මෙය දැනගැනීම සඳහා ලෙස comment කර අපගේ Divya Manjari Facebook පිටුව Mention කරන්න. 🏷️
3️⃣ මෙම Video එක ඔබේ Profile එකේ Public Share කරන්න. 🔁
🏆 තෝරාගැනීමේ ක්‍රියාවලිය:
පළමු වටය: මූලික වටයෙන් ජයග්‍රාහිකාවන් 10 දෙනෙකු තෝරා ගැනේ.
දෙවන වටය: විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් හෙළයේ නිරෝගීම "කේශ කල්‍යාණිය" කවුදැයි තීරණය කරනු ලබයි.
දැන්ම ඔබේ නිරෝගී කෙස් කලඹක් හිමි යෙහෙළියන්ව Mention කරමින් තරගයට එක්වන්න! 🌸
අපි Divya Manjari
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Opening Hours
| Monday | 04:00 - 23:00 |
| Tuesday | 04:00 - 23:00 |
| Wednesday | 04:00 - 23:00 |
| Thursday | 04:00 - 23:00 |
| Friday | 04:00 - 23:00 |
| Saturday | 04:00 - 23:00 |
| Sunday | 04:00 - 23:00 |