Divya Manjari
100%ක් ස්භාවික නිශ්පාදනයකි.ස්භාවික ශාකසාර මුසුකොට හෙළ වෛද්‍ය විද්‍යාවේ රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත
28/06/2026
🌼 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏☸️
මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම ප්රකාශයෙන් ශ්රී ලංකාව ආලෝකමත් වූ මෙම පින්බර පොසොන් පොහෝ දිනයේ,ඔබගේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත සැනසීමෙන්, කරුණාවෙන්, මෛත්රියෙන් හා සද්ධර්මයේ ආලෝකයෙන් පිරී ඉතිරේවා!
"සිත නිවෙන දහම් මඟින්, යහපත් සිතුවිලි වගා කරමින්, සියලු සත්ත්වයන්ට මෛත්රිය පතමු." 🤍
ඔබ සැමට සාමය, සතුට, නිරෝගී බව සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌼🪔
#පොසොන් #පොසොන්පෝය #පින්බරපොසොන් #පොහොය #මිහිඳුමහරහතන්වහන්සේ #බෞද්ධ #සද්ධර්මය #මෛත්රිය #කරුණාව #නිවන්මඟ
20/06/2026
👨👧 තාත්තාගේ ආදරේ වචනවලට සීමා කරන්න බැහැ... 💙
ඇයගේ අත අල්ලගෙන ජීවිතේ පළමු පියවර උගන්වන,
වැටෙන හැම වෙලාවකම නැවත නැගිටින හැටි කියා දෙන,
නිහඬවම ආදරය කරන හදවතක් තමයි තාත්තා. ❤️
මේ පියවරුන්ගේ දිනයේ, ඔබේ දියණියගේ සිනහව තවත් ලස්සන කරන්න.
මොකද ඇයට ලැබෙන වටිනාම තෑග්ග තාත්තාගේ ආදරයයි. 🌸
#පියවරුන්ගේදිනය
29/05/2026
නිවනින් සැනසෙන, දහමින් බැබළෙන පින්බර වෙසක් මංගල්යයක් වේවා! 🌸💛
බුදු රශ්මියෙන් ලොවම ආලෝකමත් වන මේ උතුම් වෙසක් පොහෝ දිනයේ, මෙත් සිතින් ලෝකය දෙස බැලීමට සැමට ශක්තිය ලැබේවා! 🪔
#වෙසක් #වෙසක්පෝය #පින්බරවෙසක්දිනයක්වේවා #බුදුදහම
28/05/2026
Wishing you and your family a blessed Hajj Mubarak! 🕋
May this holy journey strengthen your faith and bring immense peace, forgiveness, and light into your life. 🤲
30/04/2026
Honoring Strength. Celebrating Unity. ✊
Happy Labour Day! Today, Divya Manjari salutes the tireless spirit of the workforce. Together, we stand for progress, dignity, and the rights of every worker.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
හෙළයේ මහා මංගල්‍යයට දිව්‍ය මංජරී අපෙන් ආසිරි! 🌸
ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු! 🌿
#අලුත්අවුරුද්ද
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
ආහාර පිසීම (ලිප ගිනි දැල්වීම)
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ තලප ද පිළියෙල කර ගැනීම මැනවි.
ඔබ සැමට නිරෝගී මෙන්ම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Opening Hours
| Monday | 04:00 - 23:00 |
| Tuesday | 04:00 - 23:00 |
| Wednesday | 04:00 - 23:00 |
| Thursday | 04:00 - 23:00 |
| Friday | 04:00 - 23:00 |
| Saturday | 04:00 - 23:00 |
| Sunday | 04:00 - 23:00 |
Alerts
Be the first to know and let us send you an email when Divya Manjari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.