Shrushi Ayur

Shrushi Ayur

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shrushi Ayur, Health/Beauty, Kandy.

Photos from Shrushi Ayur's post 02/11/2025

☘️කැඩුම් බිදුම් හන්දි තෙල

🍃සියලුම කැඩුම් බිදුම් වලදි ආබාදිත ස්ථාන සකස්කිරීමට පලමුව මේ තෙල් ගා පිරිමැදීම

🍃අවහන්දි

🍃උලුක්කු

🍃තැලුම්

ස්ථාන වල ගා පිරිමැදීමට යහපත් වේ.

🍂අවස්ථානුකුලව නස්න ,පාන ආදියට යොදාගත හැක.

🌿පපුව රිදුම

🌿ඇගයට තැල්ම

🌿මලබද්ධ ආදියට බීමට යහපත්ය.

අඩංගු ඖෂධ යෝගය

🌱මදටිය

🌱පෝටා

🌱කොටදිඹුලා

🌱කොබ්බෑ

⭐️එලගිතෙල්

⭐️තලතෙල්

⭐️පොල්තෙල්

🌱වැල්මී

Photos from Shrushi Ayur's post 25/10/2025

ලියන්ගස්වගුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ කඨින මහා පුණ්යෝත්සවය සදහා සඝසතුකල කැඩුම් බිදුම් හන්දි තෛලය🙏🙏🙏

සංඝ රත්නයට ඖෂධ පුජාකිරීමේ ආනිසංස

1.දීර්ඝායු සම්පත්තිය ලැබීම

2.ශරීරය ශක්තිමත්වීම

3.ධෛර්යසම්පන්න වීම

4.ශරීරික සැප ලැබිම

5.යහපත් කීර්ති රාවය පැතිරීම

6.පැහැපත් ශරීර වර්ණය ලැබිම

7.උපද්‍රවයන්ට හසුනොවීම

8.දෝෂාරෝපන නොපැවතීම

9.ගෞරවයට ලක්විම

10.තම පවුලේ ඥාතින් අකාලයේ මිය නොයාම

ඔබ සියලුදෙනා මෙය දැකබලා සතුටු සිත් පහදවා උතුම්වු කඨින පිංකමට අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏

Photos from Shrushi Ayur's post 03/10/2025

හතලිස් අටවැදෑරුම් යන්ත්‍ර

Photos from Shrushi Ayur's post 03/10/2025

විසිහයවැදැරුම් යන්ත්‍ර හා ශස්ත්‍රකෝෂ

Photos from Shrushi Ayur's post 30/03/2025

විසකුරු සර්පයින්

Photos from Shrushi Ayur's post 10/02/2025

නේත්‍ර රෝග

Photos from Shrushi Ayur's post 09/02/2025

සර්පවිෂ කැවීම් විෂ බැස්සවීම්

Photos from Shrushi Ayur's post 07/02/2025

අයෝනි මෛථුනය හෙවත් අයථා ශුක්‍ර මෝචනය
ONANISM

කාමුක ඇතැම් තරුණයන් විසින් රහසේ කාම චේතනාවෙන් යුක්තව තමන්ට ප්‍රියවු කිසියම් ස්ත්‍රියක හා සංසර්ගය සිහිකරමින් ස්වකීය ලිගුව අතින් පිරිමැඩ ශුක්‍රමෝචනය කරගනු ලබයි.එයට අයථා ශුක්‍රමෝචනය හෙවත් හස්තොපක්‍රමයයි කියති.
රස ධාතුවෙන් ලේ ධාතුවද ලේ ධාතුවෙන් මංස ධාතුවද මාංස ධාතුවෙන් මේදෝ ධාතුවද මේදෝ ධාතුවෙන් ඇට ධාතුවද ඇට ධාතු වලින් ඇටමිදුලු ධාතුවද ඇටමිදුලෙන් ශුක්‍රධාතුවද හටගන්නේය.
මේ පරිද්දෙන් දුකසේ ලැබියහැකි එම ධාතුව යමෙක් පලමුකී ලෙස ක්ෂය කෙරේනම් ප්‍රථමකොට ඔහුගේ ශුක්‍රධාතුව අඩුවීමෙන් එය සෑදදෙන්නාවු ඇටකුහර තුල පිහිටි මිදුලු ධාතුව හීනකරයි.මෙසේ මිදුලු ධාතුව අඩුවීමෙන් එය සෑදෙන්නට හේතුවු ඇට ධාතුව අඩුකරයි.ඇට ධාතුව හීනවිමෙන් එය සෑදිමට හේතුවු මෙදෝධාතු ක්ෂයවේ.මේදෝධාතුව පිරිහීමෙන් එය සෑදීමට හේතුවු මාංස ධාතුව ඌනකරයි.මාංස ධාතුව ඌනවීමෙන් එය සෑදීමට හේතුවු ලේ ධාතුව පිරිහේ.ලේ ධාතුව පිරිහීමෙන් එය සෑදීමට හේතුවු රස ධාතුව ක්ෂයවේ.මෙසේ ශුක්‍ර,ඇට,ඇටමිදුලු,මේද,මාංස,ලේ,රස යන සප්තධාතුන්ගේ අභාවය හේතුකොට මනුෂ්‍යා ජීර්ණව පතිතවු වෘක්ෂයක් මෙන් විශේෂ වශයෙන් කාස ක්ෂයාදි අනෙක රෝගයන්ට භාජනවීමෙන් අකාල මරණයටද පැමිණෙන්නේය.
තවද මේ හේතුකොටගෙන ආමාශය,අක්මාව,පිලාව,බඩවැල්,ඇට,නහර,මොළය හා මාංෂපේශිද දුර්වලවීමෙන් ව්‍යාකූලත්වයට පැමිණීමද මන්දාග්නිය ඇතිවීමෙන් ආහාර අරුචියද ,කය දුබලව ඇගගැස්මද ආදී සාමාන්‍ය රෝග හටගනී.
1හිස සම්බන්දව හටගන්නා රෝග
තද හිසරදය,අකාලපලිතය,පීනස,තරැණකාලයේ ඇස්පෙනීම අඩුබව,කන්වල ශබ්දපැවැත්ම,සිහිනුවණ අඩුවීම,ඇස්පිහාටු වැටීම,හිසකේ පත්ගිතවීමෙන් හිස මුඩුවීම,සිහින් හිසකේ ඇතිබව,නිදිමත අධිකවීම හිස්සොරි හටගැනීම,රැවුල නැතිවීම,අකාලයේ දත්වැටීම
2ජනික ඉන්ද්‍රියන් සම්බන්ධව හටගන්නා රෝග
ලිගුව හැකිලී ස්වාභාවයට වඩා කුඩාවීම,ලිගුවේ සහ අණ්ඩයේ ගඩුහටගැනීම,බීජකෝෂයේ වේදනාව,ඉබේ ශුක්‍ර පහවීම,මුත්‍රදාහය,බීජකෝෂය ලිහිල්වීමෙන් ස්වාභාවයට වඩා එල්ලී පැවැත්ම,ශුක්‍රාශ්මරී
3 පාචක ඉන්ද්‍රියන් සම්බන්ධ ව්‍යාධි
ආහාර නොදිරවිම,මන්දාග්නිය,ආහාර අරුචිය,බඩේදැවිල්ල,මුත්‍රාතීසාරය,අක්මාවේ රෝග
4 හෘදය සම්බන්ධ රෝග
පපුවේ දැවිල්ල,තිගැස්සිය,හතිය,පෙනහළු සම්බන්ධ රෝග
5 කොදුඇටපෙල සම්බන්ධ රෝග
කොදුඇට මිදුලු ක්ෂයවිමෙන් ඇල්වතුර කොන්දදිගේ වත්කරන්නාක් මෙන් දැනීම,දැවිල්ල,තද වේදනාව

වෙනත් ව්‍යාධි
ඇග හිරිවැටිම,ශරීරය දුර්වලවීම,හන්දිවේදනා,අර්ශස් හටගැනිම,ශරීරය වෑරීම,කෙන්ඩාවල මස්ගොබ ඇඹරෙන්නාක් මෙන් දැනිම,කාස,ක්ෂය,උන්මාද

Photos from Shrushi Ayur's post 01/02/2025
Photos from Shrushi Ayur's post 01/02/2025

ධාත්‍රීභෘත්‍ය හා නාරිවේදීය ශල්‍ය උපකරණ

Photos from Shrushi Ayur's post 01/02/2025

ලංකාවේ විසකුරු සර්පයින් පස්දෙනෙකු හැදිනගැනීම හා සංලක්ෂණ

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy