Herb Line

Herb Line

Share

ශාක සාර මුසුකොට තැනූ ස්වභාවික සම සුරකින සත්කාරය.

20/08/2024

අපි කිසිම කෙනෙක් හැම වෙලේම ආදරණීය මිනිස්සු විදියට ජීවත් වෙන්නෙ නෑ.
ජීවිතේ එන එක එක ප්‍රශ්න එක්ක, හැල හැප්පීම් එක්ක, ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට,අපේ සිතුවිලි වල පාලනය අපේ අතින් ගිලිහෙන අවස්ථා ඕනෙ තරම් එනවා.

සමහර වෙලාවට අපි,
අනවශ්‍ය විදියට කේන්ති ගන්නවා.
එක්කො, අනවශ්‍ය විදියට නිහඬ වෙනවා.
හීනෙකින්වත් කියන්න හිතන්නෙ නැති නපුරු වචන වලින් මිනිස්සුන්ට දමලා ගහන වෙලාවල් එනවා.

අපි කවුරුත් ප(ර්)ෆෙක්ට් නොවෙන නිසා,
අපි ඇතුළෙ ඉන්න නපුරු මනුස්සයා එළියට පනින ඒ වගේ අවස්ථා ජීවත් වෙද්දි අපිට උදා වෙනවා.

නපුරු සහ බිඳුණු මිනිස්සු වෙනුවෙන් කාලය නාස්ති කරන්න හුඟක් අය කැමති නැති නිසා, එහෙම වෙලාවල් වලදි අපිට, අපේ වටේ ඉන්න සමහර මිනිස්සු අහිමි වෙනවා.
එයාලා අපිව දාලා යනවා.

ඒත් සමහර මිනිස්සු, අපි ආදරණීය නොවෙන වෙලාවල් වලදි පවා අපි එක්කම ඉන්න තීරණය කරනවා.
දුක, කේන්තිය, සතුට කියන මොන මූඩ් එකකදි වුණත්,
අපිට එක වගේ ආදරේ කරන්න උත්සාහ කරනවා.
එහෙම ඉන්න ගමන්, එයාලම අපිව කූල් ඩවුන් කරන්න ට්‍රයි කරනවා.

සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්ට ආදරේ කරන්න ලේසි වුණාට, කේන්තියෙන් හෝ කළකිරීමෙන් ඉන්න, ෆ්‍රස්ට්‍රේටඩ් මනුස්සයෙක්ට ආදරේ කිරීම ලේසි නැහැ..!

ඒ නිසා,
ඔයාගෙ නරකම සහ නපුරුම තත්පර බෙදා ගත්ත,
ඒ හැමතැනදිම ඔයාව දරා ගත්ත,
ඔයාට නැවත ආදරණීය මනුස්සයෙක් වෙන්න උදව් කරපු මිනිස්සුන්ව, ඔයාගෙ ජීවිතේ ඇතුළෙදි හැමදාම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න..!! 🤍🌻💫

- Purple Vibes by Mekala - මේකලා දහනායක -

19/08/2024

ඇස් වහ යන්න කියලා අතේ බඳින වහ!

අම්මලා තාත්තලා වැඩි ආදරේට ඇස් වහ යන්න අතේ බඳින මේ පබළු වැල් දරුවාව මරණයටම ගෙනියන්න පුළුවන් බව ඔබ දන්නවාද?

පුංචි නූලකින් අමුණපු මේ පබළු ඔබේ කිරිකැටියා අත කටට දාද්දි ගැලවිලා ගියොත් නතර වෙන්නේ පෙනහළු වල. එතනින් එහාට වෙන දේ තවත් කියන්න අවශ්‍ය නෑනේ...

ඒ නිසා ඔබේ දරුවාගේ යහපැවැත්ම වෙනුවෙන් මේ වගේ අනාරක්ෂිත පුරුදු අද සිට නවත්වමු!

-අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවජසූති දැඩිසත්කාර ඒකකයේ පණිවිඩයකි-

27/09/2021
21/09/2021

Herb Line Original නිෂ්පාදන 20%ක වට්ටමක් සහිතව මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න.. තොග සීමිතයි.

19/09/2021

මේක ඇත්ත නේද යාලුවනේ...

14/09/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Bodylotion

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

සෞඛ්‍ය ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක...
දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛

09/09/2021

බහුතර ගෑණු අතර
වටිනා ගැහැණියක් වීමට නම් ❤

🌸අත හැරපු කෙනෙක්ව කිසිම විටක නැවත ජීවිතේට ලංකර ගන්න එපා.

🌸සාක්ෂි නැති කේලම් විශ්වාස කරන්න එපා.

🌸වෙනත් ගැහැණියකගේ සාදාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට මැලි වෙන්න එපා.

🌸මෝඩයො එක්ක වාදෙට යන්න එපා.

🌸සමාජයේදී , මග තොටේදී අසාදාරණයක් වූ විටක නිශ්ශබ්දව ඉන්න එපා.

🌸උගත්කම , බුද්ධිය හෝ මනුස්සකම නැති පිරිසට ලං වෙන්න එපා.

🌸මොළේ නැති මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරන්න වෙහෙසෙන්න එපා.

🌸එකම වරදට දෙසැරයක් සමාව ඉල්ලන්නත් / දෙන්නත් එපා.

🌸තමන්ගෙ රූපය ගැන ලෝකයාගෙන් අදහස් අහන්න එපා.

🌸ආදරය , යාළු කම , සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා.

🌸තනිවෙන්න බයවෙන්න එපා.

🌸අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා. කාගෙවත් පවුල් ජීවිතේකට හවුල් වෙන්න ගිහිං අනිත් ජීවිත අවුල් කරන්න එපා.

🌸ප්‍රසිද්දියේ බොළඳ වෙන්න එපා.

🌸ලේසියෙන් කඳුළු පෙන්නන්න එපා.

🌸විවාහයෙන් පස්සේ තමන්ව නැති කරගන්න එපා.

🌸දෑවැද්ද විදිහට උගත්කම අරන් යන්න අමතක කරන්න එපා.

🌸මිනිසුන්ගෙ ක්‍රියාව මිස වචන වලට විශ්වාස කරන්න එපා .

🌸කසාදය , දික්කසාදය ගැන අනුන්ට උපදෙස් දෙන්න හෝ අනුන්ගෙ උපදෙස් ගන්න එපා.

🌸අනුන්ගෙ පවුල් ජීවිත වලට එබෙන්න එපා, ඔබේ පවුල් ජීවිතයට කිසිවෙකු ලංකර ගන්නත් එපා.

🌸අකමැත්තෙන් කිසිම කෙනෙක්ගෙන් ගුටි කන්න එපා.

🌸වැඩිහිටි වූ පසු උපයන්නෙක් මිස යපෙන්නෙක් වෙන්න එපා.

🌸ජීවිතේ විඳින්න ගැහැණු කම බධවක් කරගන්න එපා.

🌸අන් කිසිම ගැහැණිය කගේ චරිතය වචන වලින් විනාශ කරන්න එපා.

🌸කාටවත් ඔබව පාවිච්චි කිරීමට ඉඩ දෙන්න එපා

🌸දත් තියන කාලෙ ඇති තරම් හිනාවෙන්න අමතක කරන්න එපා.

🌸බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා.

🌸තමන්ට නැති දේවල් බොරුවට මවා පාමින් තමන්වම රවටගන්න එපා.

🌸ගැහැණුකම බොහෝ වටිනා ආඩම්බර ආභරණයක් බව අමතක කරන්න එපා.

🌸57% ක් වන ලංකාවේ ගැහැණු ජනග්‍රහණය අතර කශේරුකාවක් ඇති පෞරුෂවත් ගැහැණියක් වීමට පමා වෙන්න එපා..

Credits goes - අනිශා ජයකොඩි 🖤🌸

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


Main Street
Kandy