Insure with Tharaka

Insure with Tharaka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Insure with Tharaka, Health/Beauty, kandy, Kandy.

25/12/2022

❌ රක්ෂණය ❌

රක්ෂණ නියෝජිතයෙක් තමන්ගේ ආයතනයට ආවම මිනිස්සු ඉදිරියේ ම ලැජ්ජාවට පත් කරනව. අපිට ඉන්ශුවරන්ස් ශුවර් නෑ කියනව. අපි ඉන්ශුවරන්ස් දාන්නේ නෑ නේ කියනව.
මට මොකටද මල්ලි Insurance කියනව. අපිට ඉන්ශුවරන්ස් ඕනේ නෑ මොනව හරි උනොත් අපිම බලාගන්නවා කියනවා.මොන ඉන්ශුවරන්ස් ද මල්ලි කන්නත් නැතුව ඉන්නේ කියනවා. පස්සේ බලමු ඈ...කියනවා.

තමන්ගේ යාලුවෙක් ගේ හරි රටේ වෙනත් තැනක හරි (කරුණු හරියට නොදැන) මොනවහරි විශේෂ හේතුවක් නිසා අවුරුදු ගානකට කලින් reject කරපු claim එකක් ගැන කිය කිය අපහාස කරනවා.
රක්ෂණ ආයතන වලට බනිනවා.

ඔව් ඇත්ත... රක්ෂණ නියෝජිතයා ඔයාගේ ඉන්ශුවරන්ස් එක කරලා එයා ප්‍රතිලාභයක් ගන්නවා තමයි.
මොකද ඒක එයාගේ රැකියාව.
දවස් කීපයක් එයාගේ පෙට්‍රල් වියදම් කරන් ඇවිත් එයා ඔයාට ඔයාගේ අවධානම විස්තර කරල දීල ඒකෙන් වෙන්න පුලුවන් පාඩුව කියල දීල ඒකට දෙන්න පුලුවන් හොඳම විසඳුම එයා එයාගේ වෘත්තීය දැනුම පාවිච්චි කරල ඔයාට කරල දෙනවා. ඒකට අවශ්‍ය විශේෂ කාරනා හෙඩ් ඔෆිස් එකට තමන්ගේ ෆෝන් එකෙන් කෝල් අරන් නිරාකරණය කරගන්නවා.ඒකට එයාට ආවස්ථික පිරිවැයක් යනවා. ඔයා කරදරෙන් බේරෙන්න හරි එයාට උදව්වක් විදිහට හරි රක්ෂණය කරගන්නවා කියමුකො.

බලන්න අන්තිමට කවුද ඔයාට උදව් කරල තියෙන්නේ කියලා. කරදරයක් වුන කෙනෙක්ගෙන් වැන්දඹු කාන්තාවක් ගෙන් අහලා බලන්න. පොර ටොක් දුන්න කීදෙනෙක් කරදරයක් වුණාම අසරණ වනවාද කියා.එදාට ඔයාට පණ දෙන්න හිටිය යාලුවෝ, නෑදෑයන්,සහොදරයින් කවුරුත් නෑ.හිටියත් හැමදාම ඉන්නෙත් නෑ. ඉන්නත් බෑ.
ඒ හින්දා,
එයාට respect එකක් දෙන්න එයාත් ඔයා වගේම සමාජයට මෙහෙවරක් කරන කෙනෙක්.

ඔව් සමහර නියෝජිතයො ඉන්නව දැනුම නැති. විස්වාසයක් තියන්න බැරි.

ඔයාගේ අභියෝගය තමා හරිම කෙනා තෝරගන්න එක. අපි අහවලාව දන්නේ අවුරුදු ගානක් නිසා එයාගෙන්ම කරනව කියලා කිව්වට රක්ෂණය කියන්නේ ටිකක් සංකීර්ණ දෙයක්.රක්ෂණය පිළිබඳ හසල දැනුමක් තියන කෙනෙක් ව ඔයා තෝරගන්න ඕනේ,එයාට උදව් කරන්න ඔයාට හරියන solution එක හදල දෙන්න.එහෙම නැතුව රක්ෂණය අවිස්වාශ කරන එක නෙවෙයි .

තමන්ගේ රක්ෂණය කරදරෙන් බේරෙන්න ඕනේ නිසා කරන්න එපා හරිම කෙනා තෝරගෙන ඔයාගේ තොරතුරු හරියට දෙන්න.

ඒකෙන් ඔයාට හරියනම ඉන්ශුවරන්ස් එක කරගන්න පුලුවන්.
ඉස්සර වගේ ආවට ගියාට රක්ෂණ ආයතන වලට ඔයාගේ claim එක reject කරන්න බෑ.. ඔයාට නීතිමය පියවර ගන්න පුලුවන්. කවදාවත් රක්ෂණ ආයතනයක් ඔයා නඩුවක් දැම්මොත් ඒක් පරාජය කරන්න පැහැදිලි සාක්ශි නැත්නම් Claim එක reject කරන්නේ නෑ.

ඔයා ජීවිත කාලෙම මහන්සියෙන් ගොඩ නගාගත්ත හීන ,
විනාශ වෙලා යන්න ඉඩ දෙන්න් එපා.

තමන් විස්වාස කරන පිලිගත් රක්ෂණ ආයතනයක් තමන්ට ගැලපෙන රක්ෂණය හසල දැණුමක් ඇති රක්ෂණ නියෝජිතයකු හරහා කරගන්න.

අසන්නෝ අසත්වා....!
පිලිගන්නෝ පිලිගනිත්වා...!

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy
Kandy