Menstrual cups Sri lanka
Womens health care..
26/08/2026
🙏🙏Menstrual cups - Sri lanka ඔබව සාදරයෙන් පිලිගනිමු..ඔබගේ අදහස් මෙහි දක්වන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.🙏🙏
❤️❤️ඔබ දිනපතා ඉවත දැමිය යුතු සනීපාරක්ෂක තුවා ඉවත් කර නැවත භාවිතා කල හැකි,තිරසාර, සහ සුවපහසු Menstrual cup එකට පිවිසීමට කාලයයි.❤️❤
No.01 පැකේජය :-
✅ Menstrual cup එක,
✅කුඩා පොත් පිංච,
✅කුඩා Pouch එකක් නොමිලේ,
No.02 පැකේජය :-
✅ Menstrual cup එක,
✅ Sterilizer cup එක,
✅කුඩා පොත් පිංච,
✅කුඩා Pouch එකක් නොමිලේ,
එය ප්‍රමාණයන් දෙකකි,
💠 Small size :- 🌸දරු උපතක් සිදු නොකරන ලද විවාහක කාන්තාවන් සදහා,🌸සිසේරියන් සැත්කම් කල කාන්තාවන් සදහා,
💠 Large size :- 🌸අධික රුධිර ප්‍රවාහයක් ඇති විවාහක කාන්තාවන් සදහා,🌸සාමාන්‍යය දරු උපතක් සිදුකල කාන්තාවන් සදහා
,
💰 අනිවාර්යයෙන් ඔබ Menstrual cup එකක් භාවිතා කල පසු, ඔබ කිසිම දිනක සනීපාරක්ෂක තුවා හෝ ටෑම්පෝන් වෙත මාරු නොවනු ඇත..
♻️සෑම Menstrual cup එකක්ම වසර 10 සදහා නැවත නැවත භාවිතා කල හැක.(නිසි ලෙස රැකබලා ගන්නේ නම් ඊට වඩා වැඩි කාලයක් වුවත්)
💰පෑඩ්ස් හෝ ටෑම්පෝන් සදහා වසරකට 2000/= පමණ වැය වන අතර, ඔබට , Menstrual cup එක 1000/= ලබා ගෙන එය වසර 10 පමණ භාවිතා කල හැකියි..
✅FDA අනුමත කර තිබේ.✅
✅ ඔබට ඔසප් කාලය තුල පවා පිහිනීම,දිවීම,බයිසිකල් පැදීම,කදු
නැගීම,කිමිදීම,යෝග ආදිය කල හැකි වීම.
✅ දුර්ගන්ධය සහ අපිරිසිදු කසල නැත.
✅ඔසප් වීම අමතක කර සුවපගසුව නිදා ගැනීමට හැකියාව ලැබීම.😴😴❤️
✅ ආසාදනයන් සහ රෑශ් පැල්ලම් නොමැත.
💃💃ඔබේ ඔසප් කාලය තුළ නිදහස් කාන්තාවක් වන්න.💃💃
WHATSAPP :- 0771016272
28/07/2026
https://www.facebook.com/share/p/1F4EyUKXa3/
අද ලිපියෙන් ඔයාලා මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් නිතරම කියන හිසේරදය සම්බන්ධවයි. මෙතනදි මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා Migraine කියන රෝගී අවස්ථාව සම්බන්ධව .ඉතින් මේ රෝගයයි ඔසප් වේදනාවයි අතර ඉතා බොහෝම සමීප සම්බන්ධතාවයක් පවතිනවා .
ඔයාලට මතක ඇති අපි කලින් කතා කරපු එන්න endometriosis කියන රෝගී තත්ත්වය ගැන.endometriosis තියෙන කාන්තාවකට migraine රෝගය වැළඳීමේ ප්‍රවණතාවය endometriosis නැති කාන්තාවකට වගේ දෙගුණයක් බව තමයි නවීන පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නේ .
ඉතින් වසර දහයකට වඩා වැඩි මගේ සායනික අත්දැකීම් තුලින් මම දැකල තියෙන්නේ කාන්තාවන් බොහොමයක් ඔසප් වේදනාව සම්බන්ධව කියනකොට මේ සමඟම හිසේ රදේ ඇතිවන බව කියනවා.බොහොමයක් කාන්තාවන් පවසන්නේ ඔසප් වෙන්න දින කීපයකට කලින් පටන් ගන්න මේ හිසේරදය ඔසප් චක්‍රය නතර වෙන තුරුම පවතිලා ඒක එහෙම්මම නැවතිලා නැවත වරක් ඊළඟ ඔසප් චක්‍රයේදී මතුවෙනවා කියලා. ඉතින් සමහර වෙලාවට මේ කාන්තාවන් කියනවා මේ හිසේ කැක්කුම දරා ගත නොහැකි මට්ටමට දරුණුය් කියලා .සමහර කාන්තාවන් කියනවා මාසෙ පුරාම නොයෙක් අවස්ථාවල වරින් වර මෙසේ හිසේ කැක්කුම ඇතිවෙලා ඔසප් දිනවලදී දරුණු වෙනවා කියලා .ඒ වගේම සමහර වෙලාවට ඩිම්බ මෝරන කාලයේදීත් හිසේ කැක්කුම වෙනදට වඩා වැඩිපුර දැනෙනවා කියලා කාන්තාවන් කියනවා .
අපි හැමෝම දන්න දෙයක් තමයි මේ මිග්‍රේන් රෝගයෙන් පීඩා විඳින කාන්තා හෝ පුරුෂයෙකු හෝ වේවා මේ රෝගය යම් යම් කාරණා නිසා වැඩිවෙනවා කියලා . උදාහරණයක් විදිහට කෝපි වගේ කැෆේන් අඩංගු ද්‍රවයක් ගැනීමෙන්, ඊටත් අමතරව ස්ක්‍රීන් එකේ ගොඩක් වෙලා බලාගෙන ඉඳීම නිසා ,අව්වේ හුඟක් වෙලා ගමන් කිරීම වගේ දේවල් වලදී රෝගය උත්සන්න වෙනවා .
migraine රෝගය වගේම endometriosis රෝගී තත්ත්වයාත් ශරීරය හෝමෝන් සමග සමීපව සම්බන්ධතාවයක් පවතින නිසා මේ රෝග දෙකම හෝමෝන වෙනස් වන විට හෝමෝන උච්ඡාවචනය වෙන අවස්ථාවලදී එකවර ඇතිවෙන්න පුළුවන් .අද මම වැඩි පුර කතා කරන්න යොමු වෙන්නේ සාමාන්‍යයෙන් migraine රෝගී තත්ත්වයක් පවතින කෙනෙකුට වඩා endometriosis සහ ඔසප් වේදනාවෙන් පෙළෙන කෙනෙකුගේ මේ තත්ත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන.ඉතින් මේ රෝගී තත්ත්ව දෙකටම ඊස්ට්‍රජන් කියන හෝමෝන් එකේ විචලනය තදින්ම බලපාන නිසා මේ දෙකම එකට ඇතිවීම ඉතාම බහුලය්.ඒ නිසා endometriosis රෝගී තත්ත්වයට හෝ නැත්නම් ඔසප් චක්‍රයේදී අධික වේදනාව පවතින කාන්තාවකට මෙම හෝමෝන සමතුලිතතාවය ඇතිවෙන්න ඒ වගේම වේදනාව සම්බන්ධව ප්‍රතිකාර කිරීමේදී බොහෝ දුරට මේ හිසේ රදේ තත්ත්වය සමනය වෙලා යනවා .
ඒ වගේම මෙතනදි අපි සැලකිලිමත් වෙන්න ඕනේ තව තරුණු කරුණු කීපයක් තියෙනවා. ඒක තමයි කෙනෙකුට හිස් කබල ආශ්‍රිතව සෙම තත්ත්වයක් ඇතිවීම, අපේ සාමාන්‍ය ව්‍යවහාරයේදී sinusitis කියලා හඳුන්වන රෝගයේදීත් හිසේ කැක්කුමක් ඇතිවෙන්න පුළුවන් .සමහර වෙලාවක ඒ හිසේ කැක්කුම සාමාන්‍ය එසේ කැක්කුමකට වඩා දරුණුව දැනෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් ස්නායු යම් යම් ආබාධ තත්ත්වවලදීත් හිසේ රදයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඉතාම කලාතුරකින් මොලය හා සම්බන්ධ රෝග තත්ත්ව වලදිත් හිසේ රදය ඇතිවෙන්න පුළුවන් .ඉතින් මෙවැනි අවස්තා migraine රෝගය සමඟ හරියට වෙන්කර ගැනීමට වෛද්‍ය උපදෙස් පතීම තමයි මම නිර්දේශ කරන්නේ .
විශේෂයෙන්ම මේ ලිපියෙන් මට කාන්තාවන්ට දෙන්න ඕනේ පණිවිඩය තමයි ඔබ ඔසප් වේදනාවකින් පෙළෙන කෙනෙක් නම් මුල් කාලයේදී ඉතාම කුඩාවට දැනෙන හිසේරදය නොසලකා හැරීම නොකළ යුතු බවයි. ඒ වගේම ඔබ එන්න endometriosis රෝගයෙන් පෙලෙන කෙනෙක් නම් ඒ සඳහා ප්‍රතිකාරි ගැනීමෙන් හිසේ රදය එන එන්න වැඩි වෙන එක වලක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා .සමහර විට හිමින් හිමින් පටන් ගන්න හිසරදය endometriosis රෝගය වැළඳීමේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන් .
- ස්තූතියි...
Dr. Danushka Grero
BAMS (Hons) Colombo
MSc (Evidence-Based Health Care) – Reading
University of Oxford
Consultation +94775975927
20/07/2026
20/08/2025
ඔබට වැදගත් වන ලිපියකී
CSC No
Nation lanka පිටුවෙන් උපුටාගත්තකි
🌹ඔබේම උතුම් වූ අම්මා
🌹ඔබේ ප්‍රිය බිරිඳ
🌹ඔබේම ආදරණීය දියනිය
💀😭මිහිපිට වූ දරුණුම පිළිකාවෙන්
100% ක්ම බේරා ගන්න….
කියවන්න…... දැනුවත් වෙන්න
ක්‍රියාත්මක වන්න…..
ආසියාකරයේ කාන්තාවන්ට සෑදෙන දරුණුම ප්‍රධානතම….පිලිකාව ගැබ් ගෙල පිලිකාවයි ….පිලිකා තත්වය උත්සන්න වූ විට...ගර්භාෂයේ පහල කොටස…..යෝනී මාර්ගයේ ඉහළ කොටස…. මුත්‍රාශය...මහ බඩවැලේ පහල කොටස...යනාදී අවයව ඉටි මල් පොකුරක් ගින්නට ඇල්ලුවා සේ එකට ඇලී එ්වායේ ක්‍රියාකාරිත්වය...බරපතල ලෙස අකර්මණ්‍ය වෙයි…. බොහෝවිට හදුනා ගන්නා විටත් උත්සන්න තත්වයට පත්වී ඇති ගැබ් ගෙල පිළිකාව….මුත්‍රා පිටවීම අවහිර කර දරුණු වේදනා ගෙන දෙයි….. මලපහ පිටවීම අවහිර කර දරුණු වේදනා ගෙන දෙයි…...බොහෝවිට උදරයේ සිදුරක් සාදා මුත්‍ර බටයක් දැමීමට සිදුවෙයි…. යෝනි මාර්ගයෙන් රෝගියාට ද ඉවසා ගත නොහැකි දුගදක් තරලයක් වහනය වෙයි...සමහර විට පිලිකාව නිසා ගුදයත්...යෝනියත්...මුත්‍රා මාර්ගයත් තුවාලවී එකිනෙක සම්බන්ධවී...යෝනී මාර්ගයෙන් මුත්‍රා හෝ අශූචි පිට වීමට පටන් ගනී….උදරයේ පහල ඇතිවන වේදනාව මිහිපිට මිනිසෙකුට විස්තර කල නොහැකි තරම් දරුණු වෙයි...ශරීරයේ අනෙකුත් කොටස් යහපත්ව පැවතියදී…..සිහි කල්පනාව...තිබියදී….උදරයේ යට කොටස...ගිනි වතුරට අල්ලන්නා සේ වේදනා ගෙන දෙයි…..ලෝදිය වත් කරන්නා සේ දැනෙයි…..ඉකිලි ප්‍රදේශයේ වසා ගැටිති වලට පැතිරී…වසා තරලය අවහිර වී….. කකුල් දෙක...බරපතල ලෙස ඉදිමී...ඊයම් බරු එල්ලුවා සේ දැනෙයි...ඇවිදීම අපහසු කරයි….අසීමිත වේදනා ගෙන දෙයි…පන පිටින් සිටියදී….උදර අභ්‍යන්තරය කුණු වීමට ලක් වුනාට දෙවනි වන්නේ නැත….අධික...ආහාර අරුචිය…වේදනාව නිසාම..නින්ද නොයෑම….මිහිපිට ගැහැණියක් විදින…..දරුණුම දීර්ගකාලීන වේදනාව ගැබ් ගෙල පිලිකාව මගින් ඇතිකරයි…...තම මව..තම බිරිඳ….එම වේදනාවෙන් පීඩා විදිනු දුටු අයෙකු කිසිදිනක….එවැනි දුකක් ...කිසිම ගැහැනියක විදිනවා දැකීමට ඇසීමට ප්‍රිය නොවනවා ඇත…එම විදවීම එතරම්ම බිහිසුණුයි.....තම දියණියට….තම ලේලියට….එවන් දුකක්...නොවේවායි... ලක්ෂ වාරයක් පතනු ඇත………
😀එහෙත් අහෝ….පුදුමයකි…... එතරම් දරුණු වූ පිලිකාව…..100%ක් සමස්ත කාන්තා පරපුරන් තුරන් කිරීමටද හැකිය පහසුය….
දෙවියනේ…..එය මොන තරම් අස් වැසිල්ලක්ද…??????..කාන්තාවක් පනපිටින් නරකාදියකට ඇද දමන ආසියාවේ ම අංක එකට ගැහැනුන් පීඩාවට පත් කර මරණය කරා ගෙන යන ගැබ්ගෙල පිළිකාවෙන් අපේ ආදරණීයයා, අම්මා…. බිරිඳ…. දියණිය….100%ක් බේරා ගත හැකි වීමත් ආශ්චර්යයකි……
කුමක්ද කල යුත්තේ…….?????
❤️වයස අවුරුදු දහය පිරුණු ඔබේ දියණිය... ගැබ්ගෙල පිළිකාවට එරෙහිව විශේෂ එන්නතක් මගින්…..100%ක් ආරක්ෂා කර ගත හැකිය…. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ පිලිගත් පිලිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුයකු හමු වන්න…
♥️.වැඩි වියට පත් ඔබගේ දියනිය විවාහයට පෙර….. ප්‍රථම ලිංගික ක්‍රියාවට පෙර….මේ විශේෂ එන්නත ලබා දෙන්න…..
♥️විවාහ වු අයවලුන්…,,
👉සුවනාරී සායන👈 වෙත යොමු වී අදාල කාල පරාස තුල 👉පැප් පරීක්ෂාව👈 කර ගන්න…..
👉"පැප් පරීක්ෂාව" 👈නිසා ලංකාවේ කතුන් විශාල සංඛ්‍යාවක්…..පිලිකා වේ මූලික අවශ්තාවේදීම පිලිකා හදුනාගෙන සුලු ශල්‍යකර්මයක් මගින්…...🌹🌹100%ක් පිලිකා වෙන් සුවය ලබයි…... මේ නිසාම ආසියාවේ අංක එකට ඇති මේ අති දරුණු පිලිකාව….ලංකාව තුල දෙවන තැන දක්වා පහත දමා ඇත…. එතෙකින්...නොනවතිමු….දැනුවත් වෙමු….දැනුවත් කරමු…. ඉදිරිපත් වෙමු...කාන්තාවන් දසවධ දී මරණය කරා ගෙන යන මේ දරුණු පිලිකාව...අපේ අම්මා බිරිඳ….දියනිය වෙනුවෙන්…. ශ්‍රීලංකාවෙන් තුරන් කර දමමු…..සත්තයි….එය අපට කල හැක…... ඔවූන්ට.....සියලු නිදුක් නිරෝගී සුව ලැබේවා...අපට අපේ අම්මා, බිරිඳ දියනිය රැක ගත හැකයි…..එය උතුම් ක්‍රියාවක්ද වෙයි……..
🌹දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හය වසර දියණියන් වෙනුවෙන් එන්නත ක්‍රියාත්මකයි.....
වෛද්‍ය රංජිත් අබේවර්ධන
දරුවන් වෙනුවෙන් අනාගත මව්වරුන් රකිමු දැනුවත් වෙමු.
මෙය බොහෝ අයගේ නෙත් ගැටීමට බෙදා හරින්න.🙏🙏🌹
උපුටාගැනිමකී
ස්තුතියි
31/03/2025
අපගේ සේවාව පිලිබදව සතුටු වූ යෙහෙළියක්♥️♥️
31/03/2025
අපගේ සේවාව පිලිබදව සතුටු වූ අපේ යෙහෙළියක් ❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Kandy
20400