Shanthi's "Ayurveda Beauty Care"
. An "ideal beauty" is an entity which is admired, or possesses features widely attributed to beauty in a particular culture, for perfection......
Handmade, natural and organic beauty care done by Mrs Mangalika Rajasekara
සරස්වතී තෛලය. මතක ශක්තිය .ඇතිකරන බලවත් තෙලකි. විශෙෂයෙන් ධාරණ ශක්තිය ලබාගැනීමට එය උපකාර වෙ.පිළිවෙත් අනූව සකසා ඇත . ශාන්ති වෙද මැදුර වෙතින් ලබාගත් හැක
03/11/2025
🌻🌻 #වාත_කණ්ඨක 🌻🌻
⭕ #විලුඹේ_වේදනාව වයස්ගත වීමත් සමගම බොහෝ දෙනෙක් අතර දක්නට ලැබෙන පොදු තත්වයකි.
⭕මෙම රෝග තත්වය සඳහා ප්‍රතිකාර කිරීමෙන් හා ඒ වෙනුවෙන් වූ වත්පිලිවෙත් පිළි පැදීමෙන් සමනය කරගත හැකි නිසා බොහෝ දෙනෙකු දිගින් දිගටම මේ තත්වයෙන් පීඩා විඳිති.
⭕විලුඹ ආශ්‍රිතව වන කැක්කුම මූලික කරුණු කීපයක් මත බලපායි. එය රෝග අවස්තාවක ආරම්භයක්ද වියහැක. සමහරවිට ඔබ ඇවිදින ඉරියව්වෙ වෙනස් වීම, විශේශයෙන්ම වැරදි පාවහන් භාවිතය නිසා ඇතිවිය හැක.
✳️✳️මේ සඳහා මූලික විය හැකි රෝග අවස්තා✳️✳️
1) විලුඹ අස්ථි ආශ්‍රිතව, වැඩිපුර අස්ථි වර්ධනය වීම ( වාත කණ්ඨක/ calcaneal spure)
2) සන්ධි ගත වාත ( Osteoarthritis )
3) විලුඹ ආශ්‍රිතව එක ගෙඩි ( Palantar Fibromatosis)
4) විලුඹ ආශ්‍රිත පටක වල තෙරපීම ( plantar Fascitis )
🚫සන්ධිගත රෝග අවස්තා නිසා වැඩි වශයෙන් මෙම විලුඹ ආශ්‍රිතව අස්ති වේදනා ඇතිවිය හැක.
🚫එමෙන්ම තරබාරුව, වැඩි වේලාවක් සිටගෙන සිටීම නිසා විලුඹ ආශ්‍රිතව වැඩි තෙරපුමක් ඇති වීමද මුලික හේතුවකි.
🚫සමහර විට විලුඹ ආශ්‍රිත පටක ඉරීයාම, ගෙවීයාම සහ මාංසමය ගෙඩි මෙයට බලපායි.
🚫විශම ලෙස වල ගොඩැලි සහිත බිමෙහි පාද තබමින් බොහෝ ඇවිදීමෙදි වාත දෝෂය කෝප වී ගැටය ඇසුරු කර තද වේදනාවක් ඇති කරයි. එය වා කටු හෙවත් වාත කණ්ටකය නමින් හැඳින්වේ.
🚫මෙහිදී බොලැට සන්ධිය මෙන්ම අසල කුඩා සන්ධි ඉදිමී , ඇවිදීමේදී බලවත් පීඩාවක් ඇති වෙයි
🍁 නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ද නිරතුරුවම පීඩනයට ලක් වීමෙන් බොලැටය ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වේ.
✔️අධික තරබාරු පුද්ගලයන්
✔️යටි පතුල පැතලි ව පිහිටා පුද්ගලයන්
✔️අඩි උස පාවහන් පලඳින පුද්ගලයන්
මෙම රෝගයට වැඩිපුර ගොදුරු වේ. එයට හේතු වන්නේ ඔවුන්ගේ විලුඹ නිතර අදික පීඩනයට ලක්වීමයි.
⭕මෙහිදි calcaneus ලෙසින් හැඳින්වෙන බොලැටයේ මෙම තැන්පත් වීම සිදුවේ. එය අස්තියේ පාදස්තානයෙන් සිදුවේ නම් inferior calcaneal supur ලෙසද, Ca තැන්පත් වීම අස්තිය පිටුපස වෙයිනම් posterior calcaneal supur ලෙසද හඳුන්වයි. එක තරමක් විශාල වේ.
🌸🌸🌸 රෝග ලක්ෂණ🌸🌸🌸
🔴එම ස්තානය වටා වේදනාවක් ඇතිවේ.
🔴මෙම වේදනාව විවේකීව සිට එකවර සිටගැනීම හා ඇවිදීවෙම්දි අධිකව දැනේ.
🔴උදෑසන නින්දෙන් අවදි වූ පසු ඇවිදීමෙදි වේදනාව අදිකව දැනේ.
🔴බරක් ඔසවන විට වේදනාව වැඩිවේ.
🔴ඇවිදීමෙදි හා දිවීමෙදි වේදනාව ඇතිවේ.
🌸🌸🌸පිලිපැදිය යුතු කරුණු🌸🌸🌸
⚪ රෝගියා විසින් අදික වෙහෙස දායක ක්‍රියා අත් හල යුතුය
⚪ශරීර බර නියම මට්ටමක පවත්වා ගත යුතුය.
⚪නිවැරදි පාවහන් දැමීම.
⚪වෛද්‍යවරුන් විසින් නියම කරන ව්‍යායාම කිරීම
⚪උණුසුම් ජලය ස්නානය
⚪සමබල ආහාර වේලක් ගැනීම.
✔️ඉදිරිය උල් හැඩති හෝ උස් අඩි පාවහන් ගැලපෙන්නෙ නැත.
✔️පාවහන් යුගලයේ ඇතුලත ඇඟිලි වල සිට විලුඹ දක්වාම කෙලින් තිබිය යුතුය.
✔️ එමෙන්ම එය පැලඳි පසු යටි පතුල සහ සපත්තුවේ අඩිය හොඳින් ස්පර්ශවී තිබිය යුතුය
✔️ඇවිදින විට ලිස්සා නොයා යුතුය.
✔️රළු පොලවක ඇවිදීමට හෝ වැඩි වෙලාවක් සිටගෙන සිටීමට වේ නම්, ශරීරයේ බර හොඳින් දරා ගත හැකි පාවහන් යුගලක් තෝරා ගත යුතුය.
🔴🔴පථ්‍ය හෙවත් හිතකර දේ🔴🔴
🍃පතෝල
🍃එළබටු
🍃ලප්නාරං
🍃මුරුංගා
🍃මිදි
🍃වියළි ඉඟුරු
🍃දිවුල්
🍃සුදුළූණු
🍃කොල්ලු
🍃උඳු
🍃තල
🍃තිරිඟු
🍃පරණ හාල්
🍃බාර්ලි
🍃හීනැටි
🍃පරිප්පු
🍃දොඩං
🍃මසං
🍃හීංනාරං
🍃දෙලුම්
🍃උගුරැස්ස
🍃කිරි
🍃ගිතෙල්
🍃දී කිරි
🍃වෙඬරු
🍃සිනිඳු උනුසුම් බලය වඩන ආහාර
🔴🔴අපථ්‍ය හෙවත් නුසුදුසු ආහාර🔴🔴
🍀විරුද්ද ආහාර පාන
🍀නිදිමැරීම
☘️විෂම ආහාර
☘️අදික වෙහෙස
☘️ඇල්දිය නෑම
☘️ඇත් අසු පිට යාම
☘️කරදර කල්පනා කිරීම
☘️සීතල වැදීම
☘️ආහාර අඩු කිරීම
☘️ලුණු
☘️පිටි ආහාර
☘️කුරක්කන්
☘️කඩල
☘️කරවිල
☘️මෑ කරල්
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
➡️ සටහන ✍️ - ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා
මධුරි මහේෂිකා ගුණසිංහ
(ගම්පහ වික්‍රමාරච්චි දේශීය
වෛද්‍ය විශ්ව විද්‍යාලය [UG] )
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
➡ පෙරලිපි සඳහා පිවිසීමට
ගෘධ්‍රසි
https://m.facebook.com/story.php?story_fbid=681787480615172&id=100063517784205&mibextid=Nif5oz
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
➡️මෙවන් වැදගත් විස්තර දැනගැනීමට අපේ එකටත් 👍 කරන්න❤
➡ඔබ සැමට නිදුක් නීරෝගී සුවය
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
03/11/2025
අදූරැ සම පැහැපත් කරන සිනක්කාරම්. සිනක්කාරම් කුඩූ ආයුර්වේද සත්කාරයන් සදහා බහූලව භාවිතා කරනු ලබන ඹෞෂධයක් විවිධ රැපලාවන්‍ය සත්කාරයන් රාශියක් සදහා භාවිතා කරනු ලබයි.අත් යට කළූවිම බෙල්ල කලූ විම අදූරැ ලප කැලැල් සුව කිරිමට විවිධ ක්‍රම අනූව සකසා ගත හැක.
Celebrating my 12th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
15/11/2023
Glimpses of 4th day Dhanwantari, Pooja at Delhi. Ministry of Ayush, Government of India Sarbananda Sonowal Dr Mahendra Munjpara Tanuja Manoj Nesari
15/11/2023
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
No:107 Ampitiya Road Kandy
Kandy
20000
Opening Hours
| Monday | 13:00 - 18:00 |
| Thursday | 13:00 - 18:00 |