Kumara Enterprise

Kumara Enterprise

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumara Enterprise, Beauty, cosmetic & personal care, Kelaniya.

07/02/2025

Getmelanka.lk

Kumbiyo | "කූඹියො" නාටයට අයත් නැති කාලවකවානුවක ජෙහාන් සහ ප්‍රියන්ත 14/12/2023

Kumbiyo | "කූඹියො" නාටයට අයත් නැති කාලවකවානුවක ජෙහාන් සහ ප්‍රියන්ත Kumbiyo | "කූඹියො" නාටයට අයත් නැති කාලවකවානුවක ජෙහාන් සහ ප්‍රියන්ත අපට ඔබ වෙනුවෙන් ආපසු දීමට කිසිවක් නැත. සියල්ල අපට දුන...

04/10/2023

Girl......❤😍

08/08/2023
04/09/2022

ගම්මන්පිල කියනව උඩුගම් බලා පීනනවලු? එයා නැග්ග බස එක වැරදිලු ඒත් ගමන යනවලු? මී හරක් තවත් ඉන්නවානම් ඒ බසයට නැගල උඩුගම් බලා ගමන් කල හැකිය.

03/09/2022

ගැහුවෙ කල් ඉකුත් වූ කඳුළු ගෑස් බව පොලීසිය පිළිගනී

විරෝධතාකරුවන්ට කල් ඉකුත්වූ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බව කියමින් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළේ කුමක පදනමකින් දැයි ලිඛිතව දැනුම් දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අද ශ්‍රී ලංකා පොලීසියට නියෝග කළේය.

ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාලව වන තොරතුරු ඉල්ලීමක් ලෙස කර ඇති මෙවැනි තොරතුරු ඉල්ලීම්වලට පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව නඩු පැවරීමට පවා සිදුවනු ඇති බව කොමිෂන් සභාව අවධාරණය කළේය.

කල් ඉකුත්වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාලව තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කළ අභියාචනයක් අද (1) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභාවේදී විභාගයට ගත් අවස්ථාවේ කොමිසම එම නියෝග කළේය.

අභියාචනය අද විභාගයට ගත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ නීතිඥ ජගත් ලියන ආරච්චි යන මහත්වරුන් ඉදිරියේදීය.

අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනා පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු පිරිසක් ද, අභියාචනා විභාගය නිරීක්ෂණය කිරීම සඳහා රොහාන් සිල්වා පියතුමා, බ්‍රිටෝ ප්‍රනාන්දු, කසුන් පුස්සවෙල, තරිඳු උඩුවරගෙදර, රේඛා නිලුක්ෂි, මරීසා සිල්වා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් සැපයුම් කොට්ඨාසයේ, පොලිස් නීති කොට්ඨාසයේ සහ පොලිස් මානවම හිමිකම් කොට්ඨාසයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

අද අභියාචනය කැඳවූ අවස්ථාවේදී මූලිකව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු පනතට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව පොලිසියෙන් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ලිඛිතව දැනුම් දී තිබුණේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කල් ඉකුත් වූ කඳුළුගෑස් එල්ල කිරීම, එලෙස එල්ල කිරීමට වසර ලබාදුන්නේ කවුරුන්ද යන්න ආදී තොරතරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බැවින් මුදා හැරීමට නොහැකි බවයි. එම තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කරන ලෙස කොමිසම පොලිසියට දැනුම් දුන්නද ඒ බව තහවුරු කිරීමට පොලිසිය අපහොසත් විය.

එමෙන්ම 2010 වසරේ සිට 2022 දක්වා කඳුළුගෑස් මිලදී ගැනීමට අදාල ටෙනඩර් ලියවිලි ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අදාලව පොලිසිය ලිඛිතව ලබා දී තිබුණේ පොලිසිය වසර පහෙන් පහට නඩුවලට අදාල නැති ලේඛන විනාශ කරන්න නිසා එම තොරතුරු ලබා දිය නොහැකි බවයි. එම පිළිතුර සත්‍යයක් නම් ගෙවුණු වසර පහ තුල කඳුළු ගෑස් මිලදී ගෙන නැති බව හැ`ගෙවන බවත්, එසේ නම් පොලිසිය එල්ල කර ඇත්තේ වසර පහකට පෙර මිලදී ගත් කල් ඉකුත් වූ කඳුළුගෑස් බව හැඟී යන බවත් අභියාචනය කළ මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වූ අතර ඒ ගැන කොමිසම පොලිසියෙන් ප්‍රශ්න කළේය.

තොරතුරු පනත අනුව වසර 12ක් දක්වා වූ තොරතුරු ආරක්ෂා කළ යුතු බවත්, ඒ බව පොලිසියෙන්ම චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, එසේ තිබියදී එම තොරතුරු විනාශ කළ බව පොලිසිය කියන්නේ නම් තොරතුරු පනත උල්ලංඝණය කිරීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන බවත්, පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත්, ඊට අදාලව වසර දෙකක් දක්වා සිර දඬුවම් ලබාදීමට පනත අනුව හැකියාව ඇතිබවත් කොමිෂන් සභාව පෙන්වා දුන්නේය.

ඒ අදාල තොරතුරුවලින් කොටසක් ලබාදීමට පොලිසිය එකඟ විය. සෙසු තොරතුරු සම්බන්ධයෙන් ලබන 10 වැනිදාට පෙර ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙස පොලිසියට දැනුම් දුන් කොමිෂන් සභාව අභියාචනා විභාගය ලබන 14 වැනිදාට කල් තැබීය.

ශ්‍රී ලංකා පොලිසිය පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇතැයි කොමිෂන් සභාව අවධාරණය කළේය.

සටහන - මාධ්‍යවේදී Tharindu Iranga

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kelaniya
11850