Pink Diary
පුංචි පුංචි කෙල්ලන්ගේ ලස්සන දවස් වෙනුවෙන්... 🥰🥰🖤
ඩ්ංගි ඩිගිරි ඩිල්ලයා...🤣
08/02/2026
ඔන්න මම අද අරගෙන ආවේ ටිකක් වෙනස්, හැබැයි ප්‍රතිඵල අතින් "සුපිරිම" ගනයේ සත්කාරයක්. 🤩🤫
ඔයාලා දැකලා තියෙනවද අර ඉන්ටර්නෙට් එකේ තියෙන, මූණේ ගාලා වේලුනාම "රබර් පටියක් වගේ" ගලවලා දාන කලු පාට මාස්ක් 😍
ඒවා ගලවද්දී මූණේ තියෙන කුණු, බ්ලැක් හෙඩ්ස් ඔක්කොම ඒකත් එක්කම ගැලවිලා එනවා දැක්කම ආස හිතෙනවා නේද?😃
සැලොන් වල දහස් ගණන් වෙන මේ "ඩීප් ක්ලීනින්" සත්කාරය, අපේ කුස්සියේ තියෙන පොල්කටු අඟුරු සහ කඩෙන් ලේසියෙන් ගන්න තියෙන ජෙලටීන් (Gelatin) පාවිච්චි කරලා ගෙදරදීම හදාගන්න හැටි මම කියලා දෙන්නම්....
මේක හරියටම මූණට කරන "ඩීටොක්ස්" (Detox) එකක් වගේ. 🖤✨
🖤 හමේ යටම තියෙන කුණු දූවිලි උරාගෙන, මූණ වීදුරුවක් වගේ ඔප දමන "මැජික් අඟුරු සහ ජෙලටීන් පීල්-ඕෆ් සත්කාරය" 😱
මේකේ රහස මේකයි..👉
පොල්කටු අඟුරු වලට පුළුවන් කාන්දමක් වගේ මූණේ තියෙන විෂ සහ කුණු ඇදලා ගන්න. ජෙලටීන් කියන්නේ ඇලෙන සුළු දෙයක් නිසා, ඒක වේලුනාම හමේ තියෙන මැරුණු හම සහ බ්ලැක් හෙඩ්ස් තදින් අල්ලගන්නවා. අපි මාස්ක් එක ගලවද්දී ඒ ඔක්කොම එළියට එනවා.
අවශ්‍ය දේවල්...👉
✅ පොල්කටු අඟුරු කුඩු තේ හැන්දක්. (ගෙදර හදාගන්නවා නම්, හොඳටම පුච්චලා, කුඩු කරලා, රෙදි කෑල්ලකින් හලාගන්න. නැත්නම් ෆාමසි වල තියෙන Activated Charcoal කරල් 2ක් ගන්න).
✅ ජෙලටීන් කුඩු මේස හැන්දක්. (සුපර් මාර්කට් වල ගන්න තියෙනවා. පාට/සුවඳ නැති Unflavored එක ගන්න).
✅ උණු වතුර (හෝ උණු කරපු ෆ්‍රෙෂ් මිල්ක්) මේස හැඳි 2-3ක්.
පළමුව මේ කුඩු මිශ්‍රණය සකස් කර ගැනීමයි...🥣
පොඩි වීදුරු හෝ මැටි බෝල් එකකට ජෙලටීන් කුඩු මේස හැන්ද සහ අඟුරු කුඩු තේ හැන්ද දාලා හොඳට කලවම් කරන්න.
ඉන් පසුව ජෙලටීන් දිය කිරීමයි... (වැදගත්ම කොටස) 🔥
දැන් මේ කුඩු එකට, හොඳටම රත් වෙච්ච උණු වතුර (හෝ කිරි) හැඳි 2ක් විතර දාලා ඉක්මනට හැඳි ගාන්න.
ජෙලටීන් කැට නැතුව හොඳටම දිය වෙන්න ඕන. (දිය වෙන්නේ නැත්නම්, මේ බෝල් එක උණු වතුර තියෙන භාජනයක් උඩින් තියලා ඩබල් බොයිල් කරන්න
දැන් ඔයාට ලැබෙන්නේ තද කළු පාට, ඇලෙන සුළු උකු දියරයක්.😱
ඉන් පසුව නිවා ගැනීම සහ ආලේප කිරීමයි 💆♀️
පරිස්සමෙන්👁️🗨️
මේක රස්නෙ පිටින්ම මූණේ ගාන්න එපා! පිච්චෙයි.
නිවෙනකම් විනාඩියක් දෙකක් ඉන්න. ඇඟිල්ලෙන් අල්ලලා බලලා, මූණට දරාගන්න පුළුවන් රස්නයක් ආවම ගාන්න පටන් ගන්න
පින්සලකින් හෝ ඇඟිලි වලින් මූණේ ගාන්න. (ඇස් වටේ සහ දෙ썹 යට ගාන්න එපා. මොකද මේක ගලවද්දී රෝම ගැලවෙන නිසා රිදෙන්න පුළුවන්).
බ්ලැක් හෙඩ්ස් වැඩිපුර තියෙන නහය උඩ, නිකට වගේ තැන්වල ටිකක් ඝනකමට ගාන්න.🤩
ඊට පස්සෙ කරන්නෙ වේලීම සහ ගැලවීමයි😳⏳
දැන් විනාඩි 20ක් 30ක් විතර හොඳටම වේලෙනකම් ඉන්න. (කතා කරන්න, හිනාවෙන්න එපා. මූණ හොඳටම තද වෙනවා දැනෙයි).
හොඳටම වේලුනාට පස්සේ, නිකට පැත්තෙන් හෙමින් පටන් අරන්, උඩ අතට (Upwards) මාස්ක් එක ගලවගෙන යන්න.
ගලවද්දී පොඩ්ඩක් රිදෙයි, මොකද මූණේ තියෙන පුංචි රෝම සහ බ්ලැක් හෙඩ්ස් ගැලවිලා එන නිසා.
ගලවපු මාස්ක් එකේ ඇතුල් පැත්ත බලන්න. ඔයාගේ මූණේ තිබුණු කුණු කන්දරාව දැක්කම ඔයාටම පුදුම හිතෙයි! 😱
අවසානයේ....☺️❄️
මාස්ක් එක ගැලෙව්වට පස්සේ, මූණ ඇල් වතුරෙන් හෝදලා, අයිස් කැටයක් අරන් මූණේ ගාන්න (ඇරුණු සිදුරු වැහෙන්න). ඊට පස්සේ හොඳ මොයිස්චරයිසර් එකක් ගාන්න.🤗
✅ මේකෙන් ලැබෙන වාසි..👉
1..හමේ මැරුණු ස්ථරය සම්පූර්ණයෙන්ම ගැලවිලා යන නිසා, එක පාරින්ම මූණ සුදු වෙලා, දිලිසෙන්න ගන්නවා.
2.. නහය උඩ තියෙන කළු තිත් (Blackheads) වලට මේක තමයි හොඳම විසඳුම.
3..අඟුරු වලින් හමේ යටම තියෙන තෙල් සහ කුණු ඇදලා ගන්නවා.
විශේෂ අවවාද...👁️🧐
කුරුලෑ (Pimples) තියෙන අයට එපා ඔයාගේ මූණේ සැරව පිරුණු කුරුලෑ තියෙනවා නම් මේක කරන්න එපා. ගලවද්දී කුරුලෑ කැඩිලා තුවාල වෙයි.
සතියට එක පාරයි..
මේක ගොඩක් ප්‍රබල සත්කාරයක් නිසා සතියකට සැරයක් (උපරිම දවස් 10කට සැරයක්) විතරක් කරන්න.
ඔන්න එහෙනම් සැලොන් නොයා, ගෙදරදීම මූණ ඩීප් ක්ලීන් කරගන්න හොඳම විදිය. කරලා බලලම වෙනස අත්විඳින්න! 🖤✨
මේ වෙනස්ම අත්දැකීම ගැන නොදන්න යාළුවන්ටත් දැනගන්න Share කරන්නකො...🤓❤️
07/02/2026
26/07/2025
🤣🤣🤣🤣
26/07/2025
දෙබසක්....... 🖤
10/07/2025
සමහර මිනිස්සු ඇත්තටම දන්නේ නෑ
බැඳීමක තියන වටිනාකම...!
මනුස්සයෙක් අවුරුදු ගාණක් මහන්සි වෙලා රැකගත්ත සම්බන්ධතා
තව මනුස්සයෙක් වචනයෙන් දෙකෙන්
නැති කරලා දානවා....
අවුරුදු ගාණක් ආදරෙන් අරං ආපු ජීවිත
මනුස්සයෙකුගේ බොරු ප්‍රචාරයක් නිසා නැත්තටම නැති වෙලා යනවා..
එක පැත්තකින් සම්බන්ධතාවල වටිනාකම් හඳුනන මිනිස්සු
බැඳීම් රැකගන්න මහන්සි වෙද්දි
ඒ ලස්සන බැඳීම් නැති කරලා දාන්න
තව එක්කෙනෙක් පැත්තක මහන්සි වෙනවා....
අවසානෙදි කතාවල ඇත්තක් නැත්තක්
හොයන්නේ නැතුව
වැරදි කරපු මනුස්සයටම දිනුම දෙනවා...
අනිත් මනුස්සයව වැරදිකාරයෙක් කරනවා..
ඔහුට / ඇයට නින්දා කරනවා...
සමහර විට ඔයා දන්නවා ඇති
ඒ මිනිස්සු අතර තිබුණු බැඳීම කොයි තරම් නම් ආදරණීය ද කියලා...
කොයි තරම් නම් විශ්වාසනීය ද කියලා.....
සමහරවිට නොදන්නවා ඇති..
හැබැයි ඔයා නිසා ඒ ලස්සන බැඳීම
කැඩිලා බිඳිලා යනවා නම්....
තව පාරක් හිතන්න....
ඔයාට ඔයා ආදරය කරන කෙනෙක්ගෙන්
මේ වගේ දෙයක් සිද්ධ වුනොත්...
ඔයාට කොයි වගේ දැනෙයි ද...?
ඉතිං කවදාවත් තවත් කෙනෙකුගෙ ලස්සන ජීවිතයක් විනාස කරන්න, කඩාකප්පල් කරන්න වචනෙකින්වත් සහය වෙන්න එපා...
ඒවා ගෙවාගන්න බැරි පව්...
කවිය නූඹ ❤️
28/06/2025
එතකොට වෙන්නෙ හැගීම් බාල්දු වෙන එක.. 🥺🥺🥺
28/06/2025
එයා, ඔයාගේ ආදරය කියලා ඔයා දැනගත්තේ කොහොමද...
මගේ ඔලුවේ තිබුණු ලොකු බරක් නිදහස් උනා වගේ දැනුනා.. මගේ ජිවිතේ අමාරු දවස් බෙදාගන්න කෙනෙක් හම්බුනා කියලා දැනුනා.. එයාට මං වෙනුවෙන් ඉන්න කියලා ඉල්ලන්නේ නැතුවම මං වෙනුවෙන් ඉන්නවා කියලා දැන්නුවා.. මං එනකං කෙනෙක් බලං ඉන්නවා කියලා දැන්නුවා.. තනිකම කියන්නේ මොකක් ද කියන එක මට ටික ටික අමතක කෙරෙව්වා.. මං වෙනුවෙන් ජිවත් වෙන්න කෙනෙක් ඉන්නවා කියලා දැන්නුවා.. මට ජිවත් වෙන්න හේතුවක් දුන්නා..ජිවිතේ මට කොච්චර අමාරු දේවල් දුන්නත්,අව්ල් ජාලා ගොඩක් මැද්දේ උනත් අපි අපිවම තෝරාගත්තා.. ඉතිං එයා මගේ එකම නිදහස් නවාතැන්පල උනා...
ඉතිං එයා මගේ සදාකාලික ආදරය උනා... 😊❤️
✍🏻... By sew... 🌻💫
28/06/2025
🖤🖤🖤
16/04/2025
හුඟක් තැන්වල අවසානෙට
මම තේරුම් ගන්න එකම දේ තමයි,
මිනිස්සුන්ට බෑ අපිව තේරුම් ගන්න
අපිට බෑ මිනිස්සුන්ට අපිව පැහැදිලි කරන්න..!
❤️🩹🕊️
05/07/2024
අපේ හිත් උනත් දැනගන්න ඕනි අයිති නැති තැන් වලින් පිටමං විය යුතු බව. එහෙව් තැන් වලට යළි ආදරය නොදැනිය යුතුය. එහෙව් හිත් කාලය විසින් එකිනෙක මුණ නොගැස්විය යුතුය. මතක වලට ඉඩ නොදි කාලය උවත් සුභ ගමන් නොකියාම යා යුතුය ! 🤍🏷🌱
" ඇතැමුන් අහිමි වන බව දැන දැන ප්‍රේම කරති. "
" එහෙනම් ඇයි මෙච්චර රිදුනේ ? "
" අවසානයේ කවුරුත් අහිමිවෙන්න බලාගෙන ප්‍රේමය නොකරන බව වැටහිනි. "
🧸🤍
*|®Credit...ORIGINAL AUTHOR💗*
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kelaniya