Ayushjeeva Virtual Health Care Assistant
Dr. Anuradhika Jayasundara
BAMS(Hons)
Medical officer
20/02/2023
ඔබගේ රෝග සදහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සදහා විමසන්න.
03/02/2023
31/01/2023
ආයුර්වේදය
ආයු: සහ වේද යන පද දෙක සන්ධි වීමෙන් ආයුර්වේද යන වචනය බිහිවී ඇත. ' ආයු ' යන්නෙන් ආයුෂය ද 'වේද ' යන්නෙන් විද්‍යාව හෙවත් දැනුම ද නිරූපණය වේ. එනම් ආයුෂය පිළිබඳව වූ විද්‍යාව හෙවත් දැනුම ආයුර්වේදය ලෙස හැඳින්විය හැකිය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික අරමුණු දෙකක් පිළිබඳව සදහන් වේ.
1. නිරෝගී අයගේ නිරෝගී බව රැකගැනීම
2. රෝගී වූවන්ගේ රෝග සුව කිරීම
ලෙස එම අරමුණු හැඳින්විය හැකිය.
රෝගී වූවන්ගේ රෝග සුව කිරීමට වඩා ඉතා වැදගත් වන්නේ නීරෝගී බව ආරක්ෂා කරගැනීම බව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සදහන් කර ඇත. බුදුදහමේ ' ආරෝග්‍ය පරමා ලාභා' ලෙස හදුන්වා ඇත්තේ එයයි. පවුලක් සුඛිත මුදිත ලෙස ජීවත් වීම සදහා වඩාත්ම අවශ්‍ය වන්නේ එම පවුලේ සියලු දෙනා නිරෝගීව ජීවත් වීමයි.
යම් පුද්ගලයෙක් කායික, මානසික සහ ආධ්‍යාත්මික ලෙස යහ පැවැත්මක් ගතකරයි නම් එම පුද්ගලයා නීරෝගී පුද්ගලයෙක් වේ.මෙලොව ජීවත්වන සියලු දෙනාහට නිරෝගීව ජීවත් වීමට ආයුර්වේදයෙන් ලැබෙන්නේ මනා පිටුවහලකි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 30, Samanpura, Dambulla Road
Kurunegala
60000