science with niro
The page is giving information about different science lessons ,practicals & theory
11/09/2025
06/02/2025
11 ශ්‍රේණිය දරුවන්ට කරන්න තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් තමයි අද මේ පාසලේ සිදුකලේ.
🌷ඉහළම ඡායාරූපයේ තියෙන්නෙ පිළිවෙලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ,අයඩින් ද්‍රාවණය ,කොපර් සලෆේට් ද්‍රාවණය
🌷දෙවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ , බත්, බිත්තර සුදු මදය හා පරිප්පු ද්‍රාවණය ට අදාල ප්‍රතිකාරකය දැමූවිට ලැබෙන වර්ණ..
බත් + අයඩින් ද්‍රාවණය = තදනිල් පැහැය
බිත්තර සුදු මදය + NaOH + CuSO4= දම් පැහැය
පරිප්පු ද්‍රාවණය +NaOH+CuSO4 =දම් පැහැය
24/01/2025
ඔන්න දරුවෙනේ හෙට තමයි දවස....එක දවසින් විෂයයන් 3 ක් ආවරණය කරගන්න ඔයත් එන්න යාලුවොත් එක්ක දඹුල්ල ශිල්ප ආයතනයට....❤❤
පාසලේ 6 ශ්‍රේණිය දරුවන් සමග ද්‍රව ප්‍රසාරණය හ ප්‍රායෝගික පරීක්ෂණ
18/01/2025
2025 මගේ 6 පොඩිත්තෝ බරටම වැඩ ❤❤😊
23/12/2023
"වෙනස" විද්‍යා ප්‍රදර්ශනය
මා විසින් සැලසුම් කර මගේ පාසලේ දරුවන් සියලු දෙනා සහ ගුරු මණ්ඩලයේ සහයෝගයෙන් පැවැත්වූ විද්‍යා ප්‍රදර්ශනයයි...
විෂයයට සම්බන්ධ සියලුම නිර්මාණ සිදු වුනේ දරුවන් අතින්. . මිනිස් සිරුරේ පද්ධති, පුංචි ග්‍රහලෝකාගාරයක්, පාංශු ඛාදනය ආදර්ශයක් , ඇතුළු නිර්මාණ රැසක් මේ ප්‍රදර්ශනය ට එක් වුණා ....
ස්වභාවික අමුද්‍රව්‍ය තමයි බොහෝ දුරට අපි භාවිතා කලේ...
දුවේ පුතේ ඔයාලාත් බලන්න මේ "වෙනස" 😊😊😊❤️ අදහස් කියන්න අමතක කරන්න එපා
මිනිස් දේහයේ පවතින අසිරිමත් පද්ධතියක් තමයි දුවේ පුතේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ ... 11 ශ්‍රේණියේ දැරියක් මේ පද්ධතිය හදුන්වා දුන් අපූරුව ඔයාලත් බලන්න .... ❤️❤️❤️
දුවේ පුතේ අද අපි ඉගෙන ගනිමු සංයුක්ත ආලෝක අන්වීක්ෂය ගැන....
ඔයාලත් බලන්නකෝ මගේ 7 ශ්‍රේණියේ දරුවන් දෙදෙනෙක් ඒ ගැන විස්තර කරන අපූරුව ....👇👇❤️❤️
28/07/2023
දුවේ පුතේ ඔන්න අදත් මම අරගෙන ආවා හරි අපූරු පරීක්ෂණයක් ...
8 ශ්‍රේණියේ ඉන්න දරුවන්ටයි මේ පරීක්ෂණය කරන්න තියෙන්නේ...
🍂රසායනික විපර්යාස හදුනාගැනීම යටතේ ලෙඩ් නයිට්රේට් රත්කිරීම තමයි සිදු කලේ...
🍂 කැකෑරුම් නළයකට සුදු පැහැති ලෙඩ් නයිට්රේට් දමා රත් කරන විට දුඹුරු පැහැති වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සහ රතු පැහැති ලෙඩ් ඔක්සයිඩ් අවකේෂපය සෑදීම තමයි සිදු වුනේ...
🍂ඔයාලත් මේ පරීක්ෂණය බලලා දැනුමට යමක් එක් කර ගන්න..😊😊❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala
Kurunegala
-