Raadhi
Daily fuel for lifestyle.
03/09/2026
Good Morning ☀️
30/08/2026
අද දවස ආරම්භ කළේ මෙන්න මේ වගේ.
ගොඩක් අය අලිගැටපේර මේ විදියට කන්න ආස නැති වුනත් මගේ නම් ආසම විදිය මේක. 🥑🥗
13/08/2026
නිහඬ රැකවරණය සහ නොනිමෙන සිනහව - අයියා සහ මල්ලිගේ ආදරය
අයියා සහ මල්ලි අතර තියෙන්නේ වචනයෙන් විස්තර කරන්න අමාරු, ඒත් හරිම ලස්සන ආදරයක්. ඒක නිකම්ම නිකම් සහෝදරකමකට එහා ගිය, යාළුකමකුයි, ආරක්ෂකයෙකුයි එකතු වුණු බැඳීමක්.
පොඩි කාලේ ඉඳන්ම සෙල්ලම් බඩුවලට, පුංචි පුංචි දේවල් වලට රණ්ඩු වෙන එක මේ ආදරේ ප්‍රධානම ලක්ෂණයක්. ඒත් පිටස්තරයෙක්ගෙන් මල්ලිට පොඩි හරි කරදරයක් වුණොත්, ඉස්සරහින්ම හිටගන්නේ අයියා. "මගේ මල්ලිට අත තියන්න එපා" කියන ඒ නිහඬ බලය අයියාගේ ඇස්වල හැමතිස්සෙම තියනවා.
මල්ලිට අයියා කියන්නේ ජීවිතේ පළමු වීරයා. අයියා කරන හැමදේම කොපි කරන්න, අයියා යන තැනක යන්න , මල්ලි ආස කරන්නේ ඒ නිසයි. අයියා තමන්ගේ හැඟීම් එළිපිට නොපෙන්වුවත්, මල්ලි වැටෙන හැමවෙලාවකම අත දීලා නැගිට්ටවන්න, මල්ලිගේ සාර්ථකත්වයේදී පිටිපස්සෙන් ඉඳන් නිහඬව සතුටු වෙන්න අයියා දෙපාරක් හිතන්නේ නැහැ.
කාලයත් එක්ක දෙන්නා ලොකු මහත් වෙද්දී, සෙල්ලම් රණ්ඩු වෙනස් වෙලා ජීවිතයේ බර බෙදාගන්නා ලොකු බැඳීමක් බවට පත්වෙනවා. හිතේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් බයක් නැතුව කියන්න පුළුවන් හොඳම යාළුවා වෙන්නේ තමන්ගේ සහෝදරයාමයි.ඒක ඕනෑම වෙලාවක "මම ඔයත් එක්ක ඉන්නවා" කියන විශ්වාසයෙන් ගොඩනැගුණු අද්විතීය බැඳීමක්.
රාධි ❤️
゚viralシviralシfypシ゚viralシalシ
11/08/2026
08/08/2026
සතුටින් සිටින සෑම කෙනෙකුම සතුටින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ හැම දෙයක්ම නිවැරදිව සිදුවන නිසා නොවේ, ඔවුන් ජීවිතයේ සෑම දෙයක් දෙසම බලන ආකල්පය නිවැරදි නිසාය.
fans
08/08/2026
දැන් ඉස්කෝලේ නිවාඩු කාලේනේ.හැබැයි මේ කාලේට ගෙදර කුස්සියට නම් කිසිම නිවාඩුවක් නෑ.හැමතිස්සේම දුවලා පැනලා සෙල්ලම් කරලා ඇවිත් අපේ පොඩ්ඩෝ නිතරම කියන දෙයක්නේ 'අම්මේ මට බඩගිනී'
ඉතින් මේ වෙලාවට ඉක්මනටම දෙන්න පුළුවන් ලේසිම දේ කඩෙන් ගේන පැකට් කළ Junk Food එකක් වුණත්, ඒ වෙනුවට දරුවන්ගේ ඇඟට පෝෂණය ලැබෙන ස්වාභාවික Healthy Food එකක් දෙන්න පුළුවන් නම් අම්මා කෙනෙක් විදියට ඒක හිතට ලොකු ජයග්‍රහණයක්..
කුඩා කාලයේදී දරුවන්ට ලැබෙන පෝෂණය තමයි එයාලගේ ශාරීරික වර්ධනයට සහ මතක ශක්තියට කෙළින්ම බලපාන්නේ. ස්වාභාවික කෑම වර්ග වලින් ලැබෙන විටමින් සහ ඛනිජ ලවණ මගින් දරුවන් නිතර ලෙඩ රෝග වලට ගොදුරු වීම වළක්වනවා.
ඒ වගේම කඩෙන් ගේන කෑම වල තියෙන අධික සීනි සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය නිසා දරුවන් අධික ලෙස නොසන්සුන් වීම (Hyperactive) හෝ ඉක්මනින් මහන්සි වීම සිදුවෙනවා. ඒ වෙනුවට Healthy Food මගින් දවස පුරාම එක දිගට ශක්තිය ලැබෙනවා.
කුඩා කාලයේදීම පැකට් කළ කෑම, අධික තෙල් සහ සීනි සහිත කෑම වලට හුරු වුණොත් අනාගතයේදී තරබාරුකම, දියවැඩියාව වගේ සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි.
ඒ නිසා අපේ පොඩ්ඩන්ට පුංචි කාලෙදීම හොඳ කෑම රටාවක් හුරු කරන එක එයාලට අපෙන් ලැබෙන වටිනාම තෑග්ගක්. එකපාරටම හැමදේම වෙනස් කරන්න අමාරු වුණත්, Junk food වෙනුවට එක Healthy කෑම වේලකින් හරි පටන් ගනිමු. ඒ ගන්න පුංචි උත්සාහය දවසක එයාලගේ නිරෝගී, සතුටුදායක අනාගතයට ලොකු අඩිතාලමක් වේවි! ❤️
රාධි ❤️
07/08/2026
පැණි රස කන්න හිතෙන එක නතර කරන්නේ මෙහෙමයි! 🧁🚫
ගොඩක් වෙලාවට කෑම කෑවට පස්සේ, නැත්නම් හවසට තේ එකක් බොන වෙලාවට, වැඩක් කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට, නැත්නම් කරන්න වැඩක් නැතිව කම්මැලිකමේ ඉන්න වෙලාවට මගේ හිත ඉල්ලන්නෙම මොනවාහරි පැණි රස කෑමක් කන්න කියලා.හැබැයි ඉතින් ඒ වෙලාවට කන ටොෆි, චොක්ලට්,බිස්කට් වලින් වෙන්නේ ටික වෙලාවකට විතරක් energy එක වැඩි වෙලා, ඊට පස්සේ ඊටත් වඩා පැණි රස කන්න ආසාවක් එන එක විතරයි (Sugar Crash). ඊට පස්සෙ ඉතින් රටේ නැති ලෙඩ..
පැනි රස කියන්නේ ඉතින් නිතර කන්න හොද දෙයක් නෙවේනේ. ඒ නිසා මම Sugar Craving එක ලේසියෙන්ම පාලනය කරගත්ත විදිය ඔයාලට කියන්නම්.
මුලින්ම මම කලේ පැණිරස කන්න හිතෙන හැම වෙලාවෙම හොදට වතුර බොන්න පුරුදු වුනා.ගොඩක් වෙලාවට අපිට තිබහ වුනාමත් මොළයෙන් දෙන්නේ "බඩගිනියි" නැත්නම් "පැණි රස ඕනේ" කියන සිග්නල් එක. පැණි රසක් කන්න හිතුණු ගමන් ලොකු වතුර වීදුරුවක් බීලා විනාඩි 10ක් ඉඳලා බලන්න. ඒ ආසාව මගහැරිලා යනවා.
පැණි රසම කන්න ඕනේමයි කියලා හිතුන වෙලාවට කෙසෙල් ගෙඩියක්, රටඉඳි, රටකජු ටිකක්, නැත්නම් පැපොල්/අඹ කෑල්ලක් වගේ ස්වාභාවික පැණි රස තියෙන දෙයක් කන්න පුරුදු වුණා..එතකොට ඇගට අහිතකර සීනි නිතර නිතර කැවෙන එක පාලනය වෙනවා.
ප්‍රධාන ආහාර වේල් වලට ප්‍රෝටින් වැඩිපුර තියන කෑම එකතු කර ගත්තා.බිත්තර, මස්, මාලු, ඇට වර්ග, එළවළු සහ කොළ වර්ග එකතු කරගත්තාම ඒකෙන් එකපාරටම සීනි මට්ටම අඩු වෙන්නේ නැති නිසා ගොඩක් වෙලා යනකල් බඩගිනි දැනෙන් නැති වෙනවා. ඒ නිසා පැණිරස ආසාව අඩුවෙනවා.
අනිත් මම කරපු ලොකුම දේ තමයි ගෙදර නිතර දකින තැන්වලින් පැණි රස කෑම අයින් කරලා තිබ්බා. ඒ වගේම නිතර ගෙදර ඒ වගේ කෑම ගේන එක අඩුකලා.ඒවා ඇස් දෙකට නොපෙනී යද්දී හිතටත් අමතක වෙලා යනවා. ඉතින් මේ විදියට තමයි මම නිතරම පැණිරස කෑම කන්න හිතෙන එක අඩු කර ගත්තේ.
ඒත් පැණි රස මුළුමනින්ම නතර කරන්න නම් අමාරුයි හැබැයි මේ විදියට හෙමින් හෙමින් එදිනෙදා කන පැණිරස ප්‍රමාණය අඩු කර ගන්න පුලුවන් !
රාධි ❤️
゚
fans
06/08/2026
Good Night 🥰
06/08/2026
කොච්චර උත්සාහ කලත් Diet එකක් දිගටම කරන් යන්න බැරිවීම ගැන ගොඩාක් අය හිතන්නේ කට පාලනය කරගන්න බැරිකම කියලා. ඒත්
ඇත්තටම Diet එක මැදින් නතර වෙන්නේ "එකපාරටම කෑම පාලනය කරන්න ගියාම ඔයාගේ ශරීරයේ හෝමෝන සහ මොළය ක්‍රියාත්මක වෙන විද්‍යාත්මක ආකාරය" නිසයි
අපේ බඩගින්න සහ පිරුණු බව පාලනය කරන්නේ Ghrelin (බඩගිනි කරවන හෝමෝනය) සහ Leptin (බඩ පිරුණු බව අඟවන හෝමෝනය) මගිනි. එකපාරටම කැලරි ප්‍රමාණය ගොඩක් අඩු කළාම
* Ghrelin මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යනවා.
* Leptin මට්ටම පහළ බසිනවා.
මේ නිසා මොළයට "කන්න" කියන සංඥාව ලැබීම නිසා අධික බඩගින්නක් සහ කෑම ආශාවක් (Cravings) ඇතිවෙනවා.
ඔයා එකපාරටම කෑම ඉතා අඩුවෙන් කන්න ගත්තාම, ඔයාගේ ශරීරය හිතන්නේ ඔයා "දුර්භික්ෂයකට" (Starvation Mode) මුහුණ දීලා ඉන්නවා කියලා.එවිට ශරීරය ජීවත් වීම සඳහා ශක්තිය ඉතිරි කර ගැනීමට තම Basal Metabolic Rate (BMR) එක අඩු කරනවා.
මේ හේතුව නිසා කෑම අඩුවෙන් කෑවත් බර අඩු වීම නතර වීම (Weight Loss Plateau) සහ අප්‍රාණික බව දැනෙනවා.
අප ආස කරන රසවත් කෑම (විශේෂයෙන් සීනි සහ තෙල් සහිත) කෑවාම මොළයෙන් Dopamine කියන "Happiness Chemical" එක නිකුත් වෙනවා.
එකපාරටම මේ සියල්ල නවතා දැමූ විට මොළයේ Dopamine මට්ටම පහළ යයි.
මේ හේතුවෙන් මොළය විසින් නැවතත් ඒ "සතුට" ලබා ගැනීමට සීනි/කාබෝහයිඩ්‍රේට් ඉල්ලා බල කරනවා.
අධික ලෙස කැලරි සීමා කිරීම ශරීරයට විශාල මානසික සහ ශාරීරික Stress එකක්.මේ නිසා Cortisol (Stress Hormone) ශ්‍රාවය වැඩි වෙනවා.Cortisol වැඩි වූ විට ශරීරය උදරය වටා තෙල් (Visceral Fat) තැන්පත් කර ගැනීමට පෙළඹෙන අතර අධික ලෙස කෑම ගැනීමේ ආශාව (Binge Eating) වැඩි කරනවා.
Diet එකක් පටන් ගත් මුල් දවස්වල වේගයෙන් බර අඩු වන්නේ Glycogen (ඇඟේ ගබඩා වී ඇති කාබෝහයිඩ්‍රේට්) සමඟ බැඳී ඇති වතුර බැහැර වීමෙන්.
සතියකට පසු මේ Water Weight එක අඩුවීම නතර වී, සැබෑ Fat Loss ක්‍රියාවලිය (සතියට 0.5kg පමණ) සෙමින් සිදුවීමට පටන් ගන්නවා.
එවිට මුල් දවස්වල මෙන් බර වේගයෙන් අඩු නොවන විට "මේ Diet එක හරියන්නේ නැහැ" කියා සිතා අතහැර දාන්න පෙලඹෙනවා.
එතකොට Diet එකක් එපා නොවී දිගටම කරගෙන යන්නේ කොහොමද?
තමන්ට ගැලපෙන්නේ නැති "Trend Diets" පස්සේ යන්න එපා. තමන්ට ගැලපෙන දිර්ඝකාලීනව පවත්වා ගෙන යා හැකි Diet plan එකක් අනුගමනය කරන්න
අවුරුදු ගාණක් තිස්සේ වැඩි වුණු බර සතියෙන් දෙකෙන් අඩු වෙයි කියලා හිතන්නත් එපා. දවස් 4-5ක් diet කරලා Scale එකේ බර අඩු වෙලා නැති වුණාම අධෛර්යමත් වෙනවා.එතකොට diet එකත් එපා වෙනවා. ඒ නිසා දිනපතා බර මනිනේ නැතිව සතියකට වතාවක් බර මනින්න.
කෑම අඩු කරන්න එපා, කන කෑම වෙනස් කරන්න.බත් ප්‍රමාණය අඩු කරලා එළවළු, ප්‍රෝටීන් (බිත්තර, මාලු, කුකුළු මස්) සහ පලා වර්ග වැඩි කරන්න.
80%ක් පෝෂ්‍යදායී කෑම කන්න. ඉතිරි 20% ඇතුළත ඔයා ආස කෑමක් පොඩ්ඩක් රස බලන්න ඉඩ තියාගන්න.
හිමින් ගමනක් යන්න.සතියකට කිලෝ 1 ක ප්‍රමාණයක් අඩු කරගැනීම තමයි නිරෝගීම සහ දිගුකාලීනම ක්‍රමය.
Diet එක Diet එකක් නෙමෙයි, Lifestyle එකක් කරගන්න.තාවකාලිකව කරන දෙයක් වෙනුවට හැමදාම කරගෙන යන්න පුළුවන් ලෙහෙසි, සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න.
HealthyLifestyle
06/08/2026
'බැහැ' කියන්න බැරිකම (People Pleasing / Difficulty saying 'No')
"අනේ ඒක මට කරන්න බැහැ" කියලා එක පාරක් කෙලින් කියන්න බැරි වුණු නිසා, පස්සේ දවස් ගණන් විඳවපු අවස්ථා ඔයාත් අත්විදලා ඇති.
අපේ ගොඩක් අයට තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි අනුන්ගේ හිත රිදෙයි කියලා බයට හරි, "නරක කෙනා" වෙන්න තියෙන බයට හරි ඕනෑම දේකට "හා" කියන එක. හැබැයි මේකෙන් වෙන්නේ අපි අනුන්ගේ වැඩ වෙනුවෙන් කැපවෙන්න ගිහින් අපේ වෙලාව, නිදහස
එසේත් නැතිනම් මානසික ආතතියට පත්වීම වෙන්න පුලුවන්. නැත්නම් ණය වෙලා හරි ඉල්ලන කෙනාට සල්ලි දීලා අන්තිමට ඒ සල්ලිත් නැතිව, යාලුකමත් නැති කරගැනීම වෙන්න පුලුවන් .
ඉතින් ඔයාට තව කෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමට නොහැකිනම් ඒ බව පවසන්න මැලි වෙන්න එපා. අන් අයගේ හිත් නොරිදවා, සබඳතා ආරක්‍ෂා කරගනිමින් "බැහැ / නැහැ" යන්න පවසන්න.
වැඩේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකර, ඔබට කළ හැකි සීමාව පැහැදිලි කරන්න. නැහැ" වෙනුවට විකල්ප විසඳුමක් ඉදිරිපත් කරන්න, (Offer an Alternative) තීරණය ගැනීමට වෙලාවක් ඉල්ලන්න (Delay the Response)
බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා ඒ කෙනාට අකමැති කියන එක නෙවෙයි, ඒ වෙලාවේ ඒ ඉල්ලීමට ඔයාට ඉඩක් නෑ කියන එක විතරයි.
ඕනෑවට වඩා හේතු කියන්න යන්න එපා. කෙටි, පැහැදිලි සහ ගෞරවනීයව ප්‍රතික්ෂේප කරන්න.
තමන්ගේ සීමාවන් (Boundaries) තමන් විසින්ම හදාගන්න. ඔයාගේ ජීවිතයේ ප්‍රමුඛතාවය ඔයාට දෙන්න.තව කෙනෙකු නිසා විදවන්න එපා.
රාධි ❤️
ඉතින් ඔයාටත් 'බැහැ' කියන්න බැරුව අමාරුවේ වැටුණු අමතක නොවන අත්දැකීම් තියෙනවා ද?
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Maharagama