Nurse Mom SL

Nurse Mom SL

Share

I'am a Nursing Officer who works at Apeksha Hospital

31/08/2026
31/08/2026

🩺 Nurse Mom SL

“ඔබේ සැබෑ සතුට ඇත්තේ ඔබ තුළමය.”

31/08/2026

එයාගේ Life එක කොච්චර Perfect ද? මගේ විතරක් ඇයි මෙහෙම?" 🛑💭

සමාජ මාධ්‍ය (Social Media) Scroll කරද්දී වෙන අයගේ ලස්සන Photos, Trips, සල්ලි, New Cars, නැත්නම් Perfect Relationships දැකලා ඔයාටත් කවදාහරි තමන්ගේ ජීවිතය ගැන දුකක්, අඩුපාඩුවක් හෝ ඊර්ෂ්‍යාවක් හිතිලා තියෙනවාද?

අද කාලේ මානසික පීඩනයට සහ හිතේ සතුට නැතිවීමට ප්‍රධානතම හේතුවක් තමයි "අන් අයගේ ජීවිත සමඟ තමන්ගේ ජීවිතය සංසන්දනය කිරීම" (Social Comparison).

Nurse Mom SL වෙතින් අද අපි කතා කරන්නේ මේ නරක පුරුද්දෙන් මිදිලා හිතට සැබෑ සැනසීම ලබාගන්නේ කොහොමද කියලයි. ❤️

🎭 1. Social Media වල පෙනෙන "සත්‍යය" (The Highlight Reel)

කවුරුත් පෙන්නන්නේ හොදම ටික විතරයි:

මිනිස්සු සමාජ මාධ්‍යවල පළ කරන්නේ තමන්ගේ ජීවිතයේ සාර්ථකම, ලස්සනම සහ සතුටුම මොහොතවල් විතරයි (Highlight Reel).

පිටුපස ඇති කතාව නොපෙනේ:

ඒ පින්තූර පිටුපස තියෙන ණය බර, පවුලේ රණ්ඩු, ලෙඩ රෝග, මානසික පීඩනය හෝ කඳුළු කිසිම කෙනෙක් Facebook එකේ හෝ Instagram එකේ Post කරන්නේ නැත.

ඔබ සංසන්දනය කරන්නේ:

අන් අයගේ "පිටතින් පෙනෙන ලස්සන" සමඟ ඔබේ "ඇතුළතින් තියෙන අඩුපාඩු" ය. එය සම්පූර්ණයෙන්ම අසාධාරණ සංසන්දනයකි!

🛣️ 2. සෑම කෙනෙකුගේම ගමන එකිනෙකට වෙනස්ය!
එක් එක් කෙනාට හිමි කාලසටහන වෙනස් (Your Timeline is Unique):

සමහරු අවුරුදු 25න් සාර්ථක වෙනවා, සමහරු අවුරුදු 40න් සාර්ථක වෙනවා. කෙනෙක් ඉක්මනින් ලසා ළඟා කරගන්නා දේ තව කෙනෙක්ට ලැබෙන්නේ ප්‍රමාද වී විය හැක.

අරමුණ එකිනෙකාට වෙනස්:

ඔබේ ජීවිතයේ අභියෝග, පසුබිම සහ හැකියාවන් වෙනස්. වෙනත් කෙනෙකුගේ සාර්ථකත්වය ඔබේ අසාර්ථකත්වය නෙවෙයි.

🛡️ 3. සංසන්දනය නතර කර හිතට සැනසීම ගන්නා හැටි (Practical Steps)

📵 Social Media Detox එකක් ගන්න:

සමාජ මාධ්‍ය බලද්දී දැඩි මානසික පීඩනයක් හෝ දුකක් දැනෙනවා නම්, දින කිහිපයකට App එකෙන් ඉවත් වී මනසට විවේකයක් දෙන්න.

🚫 Unfollow / Mute කරන්න:

අන් අයගේ Posts දැකීමෙන් ඔබට සිතට ඍණාත්මක සිතුවිලි එනවා නම්, ඒ Profiles Unfollow හෝ Mute කිරීමට පසුබට නොවන්න.

📝 ඔබට හිමි දේ අගය කරන්න (Gratitude):

අන් අයට තියෙන දේ දෙස නොබලා, දැනට ඔබට හිමි සෞඛ්‍යය, පවුල, ආහාර සහ පුංචි ජයග්‍රහණ ගැන සතුටු වන්න.

🪞 ඔබව සංසන්දනය කළ යුත්තේ "ඊයේ සිටි ඔබ" සමඟ පමණි:

ඔබ තරඟ කළ යුත්තේ වෙනත් අය සමඟ නෙවෙයි. ඊයේ සිටි ඔබට වඩා අද ඔබ එක අඩියක් හෝ ඉදිරියට ගොස් තිබේද යන්න පමණක් බලන්න.

🌱 අවසාන පණිවිඩය…

තව කෙනෙකුගේ මලක් ලස්සනට පිපුණා කියලා ඔබේ මලෙහි ලස්සන අඩු වෙන්නේ නෑ.

වෙන අයගේ ජීවිත දිහා බලලා තමන්ගේ ගමන නතර කරගන්න එපා. ඔබේ ගමන යන්න... ඒක ඔබටම හිමි අද්විතීය ගමනක්! ❤️
🩺 Nurse Mom SL

“ඔබේ සැබෑ සතුට ඇත්තේ ඔබ තුළමය.”

💬 ඔබටත් සමාජ මාධ්‍ය බලද්දී මෙවැනි අත්දැකීම් හෝ පීඩනයක් දැනී තිබෙනවාද?

ඔබේ අත්දැකීම සහ මනස හදාගත් ආකාරය පහළින් Comment කරන්න. එය තවත් කෙනෙකුට ලොකු හුස්මක් ගන්න සහ ශක්තියක් වෙන්න පුළුවන්! ❤️

🔄 මේ පණිවිඩය තවත් කෙනෙකුගේ මානසික සුවතාවයට උපකාරී වන නිසා Share කරන්න!

23/08/2026

23/08/2026

🧠 "එයාට සෝදලා සෝදලා පිස්සු හැදිලා..." — OCD කියන්නේ නිකම්ම පිරිසිදුකම විතරක් නෙවෙයි! 🧠

අපේ සමාජයේ නිතරම අත් හෝදන, දොරවල් වැහුවද කියලා සිය පාරක් විතර ඇදලා බලන, නැත්නම් බඩු මිලිමීටරයටම තියන්න හදන අයව දැක්කම අපි කියන්නේ "එයාට පුදුම පිරිසිදු පිස්සුවක් තියෙන්නේ" නැත්නම් "එයාට විකාර" කියලා.
නමුත් ඇත්තටම OCD (Obsessive-Compulsive Disorder) කියන්නේ කෙනෙක් කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි! ඒක ඒ මනුස්සයාට පාලනය කරගන්න බැරුව මොළයෙන් එන අනවශ්‍ය බියක් නිසා විඳින ලොකු මානසික පීඩාවක්. හැබැයි හොඳම දේ තමයි මේකට සාර්ථක ප්‍රතිකාර තියෙනවා! ❤️

🔄 1. OCD එකේදී ඇත්තටම වෙන්නේ මොකක්ද?

මේ ලෙඩේදී සිද්ධවෙන්නේ චක්‍රයක් (Cycle) වගේ වැඩ දෙකක් එක දිගට වෙන එකයි

1. හිතට එන වදදෙන සිතුවිල්ල (Obsession):
හිතට එකපාරටම පාලනය කරගන්න බැරි ලොකු බයක් හෝ සැකයක් එනවා.
(උදා: "අතේ විසබීජ තියෙනවා", "මම දොර වැහුවේ නෑ", "මට වරදක් වෙයිද")

2. ඒ බයට කරවන වැඩේ (Compulsion):
ඒ හිතට ආපු බයයි, නොසන්සුන්කමයි නැති කරගන්න ඒ කෙනා එකම දේ නැවත නැවත කරනවා.
(උදා: එක දිගට අත් හෝදනවා, දොරේ ඉගුල නැවත නැවත ඇදලා බලනවා)

🔍 2. OCD තියෙන කෙනෙක්ගෙන් පෙනෙන ලක්ෂණ (Signs & Symptoms)

🧼 විසබීජ බය සහ ඕනවට වඩා සේදීම: විසබීජ තියෙයි, ලෙඩ හැදෙයි කියලා තදින්ම බිය වී අත්, ඇඳුම් හෝ ගෙදර බඩු පැය ගණන් හෝදමින් පිරිසිදු කිරීම.

🔒 නැවත නැවත පරීක්ෂා කිරීම: දොර lock කරද, ගෑස් එක වැහුවද, ලයිට් ස්විච් off කරද කියලා සිය පාරක් විතර ගිහින් බලන එක.

📐 බඩු තියෙන විදිය ගැන දැඩි ලෙස සැලකිලිමත් වීම: බඩු භාණ්ඩ එකම කෙළින්, පිළිවෙළටම තියෙන්න ඕන කියලා හිතීම (පොඩ්ඩක් හරි ඇද වුණොත් තදින්ම කේන්ති යාම/බිය වීම).

💭 හිතට එන බියජනක/අමුතු සිතුවිලි: "මගෙන් කාටහරි කරදරයක් වෙයිද" කියන බය නැත්නම් හිතට එකපාරටම එන අමුතු සිතුවිලි නිසා තමන් ගැනම ලැජ්ජා වීම.

🔢 ගණන් කිරීම හෝ එකම දේ නියමිත වාර ගණනක් කිරීම: යම් වැඩක් කරන්න කලින් හිතින් 1, 2, 3 කිය කියා ගණන් කිරීම හෝ එකම දේ යම් වාර ගණනක්ම කිරීම.

🩺 3. මේක ලෙඩක්ද කියලා අඳුරගන්නේ කොහොමද? (Diagnose)

✅ මනෝ වෛද්‍යවරයෙක් (Psychiatrist) රෝගියා සහ පවුලේ අය එක්ක කතා කරලා තමයි තීරණය කරන්නේ.

⏱️ මේ සෝදන/පරීක්ෂා කරන පුරුදු නිසා දවසකට පැයකට වඩා කාලයක් නාස්ති වෙනවා නම්, එදිනෙදා වැඩවලට, රක්ෂාවට හෝ ඉගෙනගන්න එකට බාධාවක් වෙනවා නම් ඒක OCD තත්ත්වයකි.

💊 4. මේකට තියෙන ප්‍රතිකාර මොනවාද? (Treatments)

ඔව්, බෙහෙත් සහ මානසික උපදේශනයෙන් මේක හොඳටම පාලනය කරන්න පුළුවන්! ❤️

🧠 හිත සහ හැසිරීම වෙනස් කරන උපදේශනය (CBT / ERP Therapy)
මනෝවිද්‍යා උපදේශනය මගින් හිතට එන බය පාලනය කරගන්නා හැටිත්, නැවත නැවත හෝදන්නේ/පරීක්ෂා කරන්නේ නැතුව ඉන්න සිත ශක්තිමත් කරන හැටිත් පුරුදු කරවනවා.

💊 නියමිත ඖෂධ ලබාදීම (Medication)
මොළයේ පණිවිඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය (Serotonin) සමබර කරන්න මනෝ වෛද්‍ය උපදෙස් මත දෙන බෙහෙත් මගින් හිතේ තියෙන බය සහ නොසන්සුන්කම ගොඩක් අඩු වෙනවා.

👨‍👩‍👧 පවුලේ අයගේ ආදරය සහ සහය
"ඕක එකපාරක් හෙව්වා නේද, ඇති" කියලා බණින්නේ නැතුව, එයා කරන්නේ ලෙඩක් නිසා බව තේරුම් අරන් ආදරයෙන් බෙහෙත්වලට යොමු කිරීම.

🏥 5. ප්‍රතිකාර ගන්න පුළුවන් කොහෙන්ද? (Where to get help?)
ඔබට හෝ පවුලේ කෙනෙකුට මේ ලක්ෂණ තියෙනවා නම් බිය නොවී සහය ලබාගන්න

🏥 රජයේ රෝහල්වල මනෝ වෛද්‍ය සායන (Psychiatry Clinic):
ලංකාවේ ඕනෑම මහ රෝහලක හෝ දිස්ත්‍රික් රෝහලක ඇති මානසික සෞඛ්‍ය ඒකකයෙන් (Mental Health Unit) නොමිලේ ප්‍රතිකාර ලබාගත හැක.

👨‍⚕️ පෞද්ගලික රෝහල්:
මනෝ වෛද්‍යවරයෙක් (Consultant Psychiatrist) චැනල් කර හමුවිය හැක.

📞 දුරකථනයෙන් නොමිලේ උපදෙස් ලබාගැනීමට

1926 — ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (National Mental Health Helpline)

1333 — CCCline මානසික සහන සේවාව

🌱 අවසාන පණිවිඩය…

OCD තියෙන කෙනෙක් කියන්නේ තමන්ගේම සිතුවිලි නිසා අසරණ වෙලා ඉන්න කෙනෙක්.
"ඕක හිතෙන් අයින් කරගන්න", "විකාර නොකර ඉන්න" කියලා බැන වදින්නේ නැතුව, ආදරයෙන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරමු! ❤️

🩺 Nurse Mom SL
“මානසික පීඩාවන් සඟවාගෙන දුක් විඳින්න එපා. නිසි ප්‍රතිකාර ලබාගනිමු.” ❤️

🔄 තවත් කෙනෙකුට දැනුවත් වෙන්න මේ Post එක Share කරන්න!

16/08/2026

🧠 "එයාට පිස්සු..." කියලා කොන් කරන්න කලින් මේක කියවන්න! — භින්නෝන්මාදය (Schizophrenia) ගැන සරලවම දැනගනිමු. 🧠

අපේ සමාජයේ යම් කෙනෙක් වෙනස් විදියට හැසිරෙද්දී, තනිවම කතා කරද්දී, නැත්නම් "මට එක එක දේවල් ඇහෙනවා/පෙනෙනවා" කියද්දී අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ කෙනාව "පිස්සෙක්" ගණනට දාලා කොන් කරන එක. නැත්නම් "කවුරු හරි බන්ධනයක් කරලා" කියලා තොවිල් පස්සේ යන එක.

නමුත් ඇත්තටම භින්නෝන්මාදය (Schizophrenia) කියන්නේ කෙනෙක් කැමැත්තෙන් හදාගන්න දෙයක්වත්, චරිතයේ තියෙන දුර්වලකමක්වත්, "පිස්සුවක්" වත් නෙවෙයි!

එය අපේ ශරීරයේ අනිත් අවයවවලට ලෙඩ හැදෙනවා වගේම මොළයේ ක්‍රියාකාරිත්වයට හැදෙන එක රෝගයක්. නිසි ප්‍රතිකාර සහ ආදරය ලැබුණොත් මේ අයටත් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන්. ❤️

🧠 1. භින්නෝන්මාදය (Schizophrenia) හැදෙන්නේ කොහොමද? පවුලේ ඉතිහාසය බලපාන්නේ කොහොමද?

මේ රෝගය හැදෙන්න ප්‍රධානම හේතුවක් තමයි මොළයේ පණිවිඩ ගෙනියන රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් සිදුවීම. ඒ වගේම
🧬 පවුලේ රෝග ඉතිහාසය (Family History): පවුලේ ලේ ඥාතියෙකුට (අම්මා, තාත්තා, සහෝදරයන් හෝ ලඟම ඥාතියෙකුට) භින්නෝන්මාදය (Schizophrenia) තිවුණොත්, අනිත් අයටත් මේ රෝගය හැදීමේ අවදානම වැඩි වෙනවා. හැබැයි පවුලේ කෙනෙකුට තිබූ පමණින්ම අනිවාර්යයෙන්ම හැදෙනවා කියන එක නෙවෙයි.

🌪️ දැඩි මානසික පීඩනය (Stress): ජීවිතයේ එන ලොකු කඩාවැටීම් හෝ දුක.

💊 මත්ද්‍රව්‍ය භාවිතය: ගංජා, අයිස් (ICE) වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා මොළයේ රසායන වෙනස් වී මෙය ඉක්මනින් මතු වෙන්න පුළුවන්.

🧬 ජානමය අවදානම

🧠 මොළයේ Neurotransmitter ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්: Dopamine පථ ඇතුළු මොළයේ ස්නායු පණිවිඩ හුවමාරු පද්ධතිවල වෙනස්කම් psychotic symptoms සමඟ සම්බන්ධ බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. (⚠️ නමුත් මෙය “Dopamine අඩු වීම නිසා හැදෙනවා” වැනි සරල පැහැදිලි කිරීමක් නොවේ).

👶 ගර්භණී සමයේ / උපතට සම්බන්ධ අවදානම්

🌪️ දිගුකාලීන පීඩනය (Stress) සහ පරිසර සාධක

🔍 2. හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?

මෙම රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් 3කට බෙදා වෙන්කර හඳුනාගත හැක

1. ධනාත්මක ලක්ෂණ (Positive Symptoms - නැති දේවල් ඇතුළතින් මතු වීම)

🗣️ නැති ශබ්ද ඇසීම / රූප පෙනීම (Hallucinations): අන් අයට නෑසෙන කටහඬවල් තමන්ට විතරක් ඇසීම (උදා: තමන්ට බණිනවා, අණ කරනවා වගේ ඇසීම) සහ අන් අයට නොපෙනෙන රූප/සෙවනැලි තමන්ට පෙනීම.

💭 තදින් අදහන වැරදි විශ්වාස (Delusions): කිසිම පදනමක් නැතුව "කවුරු හරි මාව මරන්න හදනවා", "මගේ පස්සෙන් ලුහුබඳිනවා" නැත්නම් "මට බන්ධනයක් කරලා" කියා සැබෑ ලෙසම විශ්වාස කිරීම.

2. ඍණාත්මක ලක්ෂණ (Negative Symptoms - තිබිය යුතු හොඳ පුරුදු ගිලිහී යාම)

😶 කිසිදු සතුටක් හෝ දුකක් මුහුණෙන් පෙන්නුම් නොකිරීම (Flat affect).

😶 හැඟීම් ප්‍රකාශ කිරීම අඩුවීම

🗣️ කතා කිරීම අඩුවීම

👥 මිතුරන්/පවුලෙන් ඈත්වීම

🎯 කලින් කැමති දේවල්වලට උනන්දුව අඩුවීම

🛁 තමන්ගේ පිරිසිදුකම සහ self-care අඩුවීම

💪 දෛනික වැඩ කිරීමට motivation අඩුවීම.

3. චින්තනයේ සහ හැසිරීමේ වෙනස්කම් (Disorganized Symptoms)

🗣️ කතා කරන දේවල කිසිම ගැලපීමක් නැති වීම (මාතෘකාවෙන් පිට පැනීම).

🤪 නිකරුණේ සිනාසීම හෝ සුදුසු නොවන වෙලාවල්වල කේන්ති ගැනීම.

🔄 භින්නෝන්මාදය (Schizophrenia) තියෙන හැමෝටම රෝග ලක්ෂණ එක වගේද?

❌ නැහැ, එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්!

👂 එක් කෙනෙකුට: නැති ශබ්ද ඇසීම හෝ නැති දේවල් පෙනීම (Hallucinations) වැඩිපුර තියෙන්න පුළුවන්.

😶 තවත් කෙනෙකුට: කාතාබහ අඩුවීම, සමාජයෙන් වෙන්වීම, කම්මැලි බව සහ තමන්ගේ පිරිසිදුකම ගැන නොසැලකීම (Negative symptoms) වැඩිපුර පෙනෙන්න පුළුවන්.

🧠 තවත් කෙනෙකුට: එකඟතාවයකින් තොරව කතා කිරීම, සිතුවිලි අවුල් වීම සහ එදිනෙදා වැඩ කරගන්න නොහැකි වීම ප්‍රධාන වෙන්න පුළුවන්.

👉 ඒ නිසා, එක් කෙනෙකුගේ හැසිරීම බලලා භින්නෝන්මාදය (Schizophrenia) තියෙන අනිත් හැමෝම ගැන එක පාරටම තීරණ ගන්න බැහැ. රෝගය මතු වන විදිය එක් එක් කෙනාට වෙනස්!

🚨 භින්නෝන්මාදයේ (Schizophrenia) මුල් ලක්ෂණ ඉක්මනින් හඳුනාගනිමු!

රෝගය තදින්ම මතු වීමට (නැති දේවල් පෙනීම/ඇසීම ආරම්භ වීමට) පෙර, පුද්ගලයාගේ හැසිරීමේ පහත පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණ දැකගත හැක:

⚠️ සමාජයෙන් හදිසියේම ඈත්වීම
⚠️ පාසල්/රැකියා performance අඩුවීම
⚠️ නින්දේ දැඩි වෙනස්කම්
⚠️ තමන් ගැන care කිරීම අඩුවීම
⚠️ අසාමාන්‍ය සැකයන්
⚠️ කතාව/සිතීම වෙනස් වීම
⚠️ අසාමාන්‍ය හැසිරීම්

🩺 3. මේ රෝගය හඳුනාගන්නේ (Diagnose කරන්නේ) කොහොමද?

❌ මේ සඳහා වෙනම ලේ පරීක්ෂණ (Blood tests) හෝ Scan පරීක්ෂණ නොමැත.

✅ රෝග විනිශ්චය කරන්නේ මනෝ වෛද්‍යවරයෙකු (Psychiatrist) විසින් රෝගියා සහ පවුලේ අය සමඟ කරන දීර්ඝ සාකච්ඡාව සහ නිරීක්ෂණය මගිනි.

📅 සාමාන්‍යයෙන් මෙම ලක්ෂණ අවම වශයෙන් මාස 6ක්වත් පැවතිය යුතු අතර, එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක් වී ඇත්දැයි වෛද්‍යවරයා නිරීක්ෂණය කරයි.

💊 භින්නෝන්මාදයට (Schizophrenia) සාර්ථක ප්‍රතිකාර තිබෙනවාද?

ඔව්! ❤️ ප්‍රතිකාර මඟින් රෝගය සාර්ථකව පාලනය කර, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මඟපාදන්න පුළුවන්. ප්‍රතිකාර ක්‍රම එක් එක් කෙනාගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා

💊 නියමිත ඖෂධ ලබාදීම (Antipsychotic Medication): නැති දේවල් පෙනීම/ඇසීම, පදනමක් නැති සැකයන් සහ සිතුවිලි අවුල් වීම පාලනය කිරීමට වෛද්‍යවරයා විසින් දෙනු ලබන ඖෂධ ඉතා වැදගත් වේ.

🧠 මානසික උපදේශනය සහ සිතුවිලි වෙනස් කිරීම (Psychotherapy & Counseling): රෝගියාට තමන්ගේ රෝග තත්ත්වය තේරුම් ගැනීමටත්, සිතට එන බිය සහ පීඩනය පාලනය කරගෙන එදිනෙදා වැඩ කරගැනීමටත් අවශ්‍ය ශක්තිය ලබාදෙයි.

👨‍👩‍👧 පවුලේ ආදරය සහ සහයෝගය (Family Support): පවුලේ අය රෝගය ගැන නිවැරදිව වටහාගෙන රෝගියාට බියක් නොදැනෙන සේ ආදරයෙන් සැලකීම සහ බෙහෙත් වෙලාවට ලබාදීම විශාල පිටිවහලකි.

🏠 නැවත සමාජගත කිරීම සහ පුහුණුව (Rehabilitation): නැතිවූ දෛනික ජීවන කුසලතා, අන් අය සමඟ කතාබහ කිරීමේ හැකියාව සහ රැකියාවක්/අධ්‍යාපනයක් කරගෙන යාමේ ශක්තිය නැවත ගොඩනඟා ගැනීමට සහය වීම.

(⚠️ බෙහෙත් බොද්දී ටිකක් හොඳ වේගෙන එද්දී හිතුමනාපෙ බෙහෙත් නතර කරන්න එපා! එතකොට ලෙඩේ ආයෙත් සැරටම මතු වෙන්න පුළුවන්).

❤️ 10. භින්නෝන්මාදය (Schizophrenia) තියෙන කෙනෙකුට පවුලේ අය උදව් කරන්නේ කොහොමද?

මේ රෝගයෙන් පෙළෙන කෙනෙකුට ලැබෙන ලොකුම ඖෂධය තමයි පවුලේ අයගේ ආදරය සහ රැකවරණය. ඒ නිසා පවුලේ අය පහත දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන

✅ කළ යුතු දේවල් (Do's)

🗣️ සන්සුන්ව කතා කරන්න: ඕනෑම වෙලාවක කේන්ති ගන්නේ නැතුව සන්සුන්ව සහ මෘදුව කතා කරන්න.

👂 ඇහුම්කන් දෙන්න: ඔහු හෝ ඇය කියන දේට අවධානයෙන් සහ ඉවසීමෙන් සවන් දෙන්න.

❤️ ගෞරවයෙන් සලකන්න: රෝගියෙකු වුවත් ඔහුට/ඇයට මනුෂ්‍යයෙකු ලෙස හිමි ගෞරවය නිරන්තරයෙන් ලබා දෙන්න.

💊 බෙහෙත් නියමිත වෙලාවට ලබා දෙන්න: වෛද්‍යවරයා දුන්නු ප්‍රතිකාර සැලසුම (Treatment plan) නිවැරදිව අනුගමනය කරන්න සහාය වෙන්න.

🏥 සායන (Clinic Appointments) වෙත යොමු කරන්න: නියමිත දිනයට වෛද්‍ය සායන වෙත කැඳවාගෙන යන්න.

😴 නිසි නින්දක් ලබා දෙන්න: වේලාවට නිදාගැනීම සහ දෛනික වැඩකටයුතු පිළිවෙළකට (Routine) කරගෙන යාමට උදව් කරන්න.

🚫 මත්ද්‍රව්‍යවලින් ඈත් කරන්න: සිගරට්, මත්පැන්, ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට කොහෙත්ම ඉඩ දෙන්න එපා.

❌ නොකළ යුතු දේවල් (Don'ts)

🚫 "ඔයාට පිස්සු" කියා හංවඩු ගැසීම: කිසිම විටෙක එවැනි වචන කියමින් රෝගියාව මානසිකව වට්ටන්න එපා.

🚫 "ඔය ඔක්කොම බොරු" කියමින් තදින් තර්ක කිරීම: ඔහුට/ඇයට ඇහෙන හෝ පෙනෙන දේවල් සැබෑවක් ලෙස දැනෙන නිසා, ඒවා බොරු කියා කේන්තියෙන් තර්ක කරන්න එපා.

🚫 "දැන් හොඳයි, බෙහෙත් ඕන නෑ" කියා සිතීම: වෛද්‍ය උපදෙස් නැතිව හිතුමනාපයට ඖෂධ නතර කරන්න එපා.

🚫 සමාජයෙන් කොන් කිරීම: කාමරවල දමා වසා තැබීම හෝ නෑදෑයන්ගෙන් සඟවා තැබීම නොකරන්න.

🚫 පහරදීම හෝ බලහත්කාරකම් කිරීම: ශාරීරික වධදීම්, ගැටගසා තැබීම් හෝ බලහත්කාරයෙන් පාලනය කිරීමට උත්සාහ කරන්න එපා.

🚨 11. භින්නෝන්මාදය (Schizophrenia) තත්ත්වයේදී හදිසි අවස්ථාවක් (Emergency) හඳුනාගන්නේ කොහොමද?

මෙවැනි රෝගී තත්ත්වයක සිටින කෙනෙකුගෙන් පහත ලක්ෂණ මතු වේ නම්, එය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු හදිසි අවස්ථාවකි

🔴 තමන්ට හානි කරගැනීමට කතා කරයි නම්: සියදිවි නසාගැනීමට හෝ ශරීරයට හානි කරගැනීමට උත්සාහ කරයි නම් හෝ ඒ ගැන කතා කරයි නම්.

🔴 වෙනත් කෙනෙකුට හානි කිරීමට තර්ජනය කරයි නම්: පවුලේ අයට හෝ වටපිටාවේ අයට පහරදීමට, හානි කිරීමට තර්ජනය කරයි නම්.

🔴 තදින් නොසන්සුන් වේ නම් (Confusion / Agitation): දැඩි ලෙස කලබලකාරීව, භය වී හෝ සිතුවිලි සම්පූර්ණයෙන්ම අවුල් වී හැසිරේ නම්.

🔴 ආහාර සහ වතුර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි නම්: වස දමා ඇතැයි සිතා හෝ වෙනත් බියක් නිසා කෑම/වතුර පවා නොගෙන සිටී නම්.

🔴 තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි මට්ටමක සිටී නම්: පාරවල්වල අතරමං වීම හෝ තමන්ට සිදුවන අනතුරක්වත් තේරුම් ගැනීමට නොහැකි තරම් අක්‍රිය වී සිටී නම්.

⚠️ විශේෂ උපදෙස:

මෙවැනි අවස්ථාවකදී ගෙදර අය තනිවම තත්ත්වය පාලනය කිරීමට (Manage කිරීමට) උත්සාහ කරන්න එපා! වහාම ළඟම ඇති රෝහල වෙත යොමු කරන්න, නැතහොත් හදිසි මානසික සෞඛ්‍ය සේවාවක / වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්න.

භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙළෙන කෙනෙක් කියන්නේ ඔහුගේ රෝගය විතරක් නෙවෙයි. ඔහු යම් කෙනෙකුගේ:
❤️ පුතෙක්
❤️ දුවෙක්
❤️ අම්මා කෙනෙක් / තාත්තා කෙනෙක්
❤️ සහෝදරයෙක් / සහෝදරියක්
❤️ ලඟම මිතුරෙක්

රෝගය නිසා ඒ අසරණ මනුෂ්‍යයාගෙන් මනුෂ්‍යත්වය උදුරා ගන්න එපා.

කාලෝචිත ප්‍රතිකාර (Early Treatment) + නොකඩවා කෙරෙන සත්කාර (Continuous Care) + පවුලේ සහයෝගය (Family Support) + සමාජීය පිළිගැනීම (Social Acceptance) = සාර්ථක සුවපත්වීම (Strong Recovery)! 🌱

🩺 Nurse Mom SL

“මානසික රෝගයක් තිබීම ලැජ්ජාවක් නොවේ. ප්‍රතිකාර නොගෙන දුක් විඳීම වළක්වාගමු.” ❤️

💬 ඊළඟ Post එකෙන්: “භින්නෝන්මාදය (Schizophrenia) තියෙන කෙනෙකුට නැති දේවල් ඇහෙද්දී/පෙනෙද්දී (Hallucination) පවුලේ අය කළ යුතු සහ නොකළ යුතු දේ” ගැන කතා කරමු.

🔄 මානසික සෞඛ්‍යය ගැන නිවැරදි අවබෝධයක් ලබාදී, සමාජයේ කොන් වෙන අයට පිහිටක් වෙන්න මේ Post එක Share කරන්න!

#භින්නෝන්මාදය

16/08/2026

#භින්නෝන්මාදය

14/08/2026

🏡 ගෙදර එක් බබෙකුට ලෙඩ වුණාම, අනිත් බබාලට පැතිරෙන එක 100%ක් පාලනය කරන්නේ කොහොමද? 🛑👶👶

"එක් බබෙකුට උණ හැදුනා විතරයි, සතියක් යද්දී ගෙදර ඉන්න අනිත් බබාලා ඔක්කොටම ලෙඩේ බෝ වුණා..."

මෙය සෑම පවුලකම පාහේ සිදුවන ඉතාමත් පීඩාකාරී අත්දැකීමක්. කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසාත්, ඔවුන් නිතරම එකිනෙකාට සමීපව කටයුතු කරන නිසාත් විෂබීජ (වෛරස්/බැක්ටීරියා) පැතිරීමේ වේගය ඉතා වැඩියි.

නමුත් විද්‍යාත්මක හා ප්‍රායෝගික ආරක්ෂිත පියවර (Infection Control Steps) නිවැරදිව අනුගමනය කළහොත්, ගෙදර අනිත් දරුවන්ට රෝගය බෝවීම සාර්ථකව වළක්වා ගත හැක!

🦠 1. රෝගය පැතිරෙන ආකාරය මුලින්ම තේරුම් ගනිමු (Modes of Transmission)

විෂබීජ ප්‍රධාන ක්‍රම 3කින් පැතිරේ

1. Droplets (කැස්ස/කිවිසුම් මගින්): සුළඟේ ඇදී යන කුඩා බිඳිති මගින්.

2. Direct Contact (සෘජු ස්පර්ශය): ලෙඩ වූ බබාගේ කෙළ, සොටු හෝ සමේ තුවාල ඇල්ලීමෙන්.

3. Fomites (අප්‍රසාදිත මතුපිටවල්): බබා ඇල්ලූ සෙල්ලම් බඩු, දොර අගුලු, පිඟන්, කොට්ට උර හරහා.

🛡️ අනිත් දරුවන් ආරක්ෂා කරගැනීමට අනුගමනය කළ යුතු පියවර

🚪 I. "Sick Zone" එකක් වෙන් කිරීම (Isolation / Distancing)

🧷වෙන්වූ විවේක ස්ථානයක්: ලෙඩ වූ බබාට වෙනම කාමරයක් හෝ හොඳින් සුළං තිඛෙන වෙනම ඇඳක් වෙන් කරන්න.

🧷සෙල්ලම් කිරීම සීමා කරන්න: රෝග ලක්ෂණ (උණ/කැස්ස/වමනය) පවතින මුල් දින 3-5 තුළ අනිත් දරුවන් සමඟ එකට සෙල්ලම් කිරීම, තුරුළු වීම හෝ එකට නිදාගැනීම තාවකාලිකව වළක්වන්න.

🧷වැඩිහිටියන් බෙදාගැනීම: පුළුවන් නම් එක් වැඩිහිටියෙකු (උදා: අම්මා) ලෙඩ වූ බබාගේ සත්කාරවලටත්, අනෙක් වැඩිහිටියා (උදා: තාත්තා/ආච්චි) නිරෝගී දරුවන්ගේ කටයුතුවලටත් මූලිකත්වය ගන්න.

🧼 II. සනීපාරක්ෂාව සහ විෂබීජහරණය (Hygiene & Disinfection)

🧷තත්පර 20 අත් සේදීමේ නීතිය: ලෙඩ වූ බබාට බෙහෙත් දීමෙන්, නාසය/කට පිසදැමීමෙන් පසු සහ අනිත් දරුවා ළඟට යාමට පෙර අනිවාර්යයෙන්ම සබන් යොදා අත් සෝදන්න (හෝ Hand Sanitizer භාවිතා කරන්න).

🧷නිතර ඇල්ලෙන ස්ථාන Clean කිරීම: දොර අගුලු (Door k***s), ටීවී රිමෝට්, ස්විච්, මේස මතුපිට, නාන කාමරයේ Tap එක දිනකට කිහිප වරක් Disinfectant spray/wipes භාවිතයෙන් පිසදාන්න.

🧷සෙල්ලම් බඩු පිරිසිදු කිරීම: ලෙඩ වූ බබා ඇල්ලූ ප්ලාස්ටික් සෙල්ලම් බඩු සබන් වතුරෙන් හෝ විෂබීජ නාශක දියරයෙන් හෝදන්න. රෙදිවලින් කළ සෙල්ලම් බඩු හෝදන්න දාන්න.

🍽️ III. පුද්ගලික ද්‍රව්‍ය සෙපරේට් කිරීම (Personal Belongings)

🧷කෑම/බීම උපකරණ: ලෙඩ වූ බබාගේ පිඟාන, කෝප්පය, හැන්ද, වතුර බෝතලය වෙනම තබන්න. කවදාවත් එක් දරුවෙකු කෑ කෑම හෝ බීපු වතුර අනිත් දරුවාට දෙන්න එපා.

🧷රෙදි සේදීම: ලෙඩ වූ බබාගේ තුවා, ඇඳුම්, කොට්ට උර සහ ඇතිරිලි වෙනම මඳ රස්නෙ වතුරෙන් සබන් යොදා සෝදා තද හිරු එළියේ වියළා ගන්න.

🪟 IV. නිවසේ වාතාශ්‍රය පාලනය (Ventilation)

🧷ඒසී (AC) යන්ත්‍ර භාවිතය සීමා කර, දොර ජනෙල් ඇර තබන්න.

🧷නිවස තුළ හොඳින් සුළං ගැලීම (Cross ventilation) සහ හිරු එළිය වැටීම මගින් සුළඟේ රැඳී පවතින වෛරස් සාන්ද්‍රණය සීඝ්‍රයෙන් අඩු වේ.

😷 V. මුව ආවරණ සහ කැස්ස පිළිවෙත් (Respiratory Etiquette)

🧷වයස අවුරුදු 2ට වැඩි දරුවෙකු නම් සහ කැස්ස/කිවිසුම් තදින් ඇත්නම් බබාටත්, සත්කාර කරන අම්මාට/තාත්තාටත් Mask එකක් පැළඳිය හැක.

🧷කිවිසුම් යන විට/කැසීමේදී ලේන්සුවකින් හෝ වැලමිට ඇතුල් පැත්තෙන් නාසය සහ කට වසාගැනීමට දරුවාට පුරුදු කරන්න.

🥗 VI. නිරෝගී දරුවන්ගේ ප්‍රතිශක්තිය (Immunity) ඉහළ නැංවීම

🧷පෝෂණය: විටමින් C සහ සින්ක් (Zinc) බහුල නැවුම් පලතුරු (දොඩම්, නෙල්ලි, පේර), එළවළු, පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා දෙන්න.

🧷ප්‍රමාණවත් ජලය: හොඳින් වතුර පානය කරන්න දෙන්න.

🧷ප්‍රමාණවත් නින්ද: දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට හොඳ නින්දක් අත්‍යවශ්‍ය වේ.

🧷නිසි වෙලාවට එන්නත් (Routine Vaccinations) ලබාදෙන්න

🧷 දරුවාව සක්‍රියව (Active) තබන්න

(සලකා බලන්න: විශේෂිත විටමින් හෝ Supplements ලබාදිය යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි.)

🍼 බබාට මව්කිරි දෙන අතරතුර ලෙඩ වුණොත් මව්කිරි දීම නතර කළ යුතුද?

නැත! බොහෝ සාමාන්‍ය ආසාදනවලදී මව්කිරි දීම නතර කිරීම අවශ්‍ය නොවේ. මව්කිරි මඟින් දරුවාට ප්‍රතිශක්තිකරණය ලබා දෙයි.

මව්කිරි දෙන මවක් අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර

🧼 බබාට කිරි දීමට පෙර අත් හොඳින් සෝදන්න.

😷 මවට කැස්ස/සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් කිරි දෙන අතරතුර Mask එකක් පැළඳගන්න.

👶 බබාගේ මූණට සෘජුව කැස්ස/කිවිසුම් යෑම වළක්වා ගන්න.
(සටහන: මවට යම් විශේෂිත බෝවන රෝගයක් හෝ විශේෂිත ඖෂධ ලබාගන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබාගන්න.)

🤧 කැස්ස සහ කිවිසුම් යාමේදී අනුගමනය කළ යුතු නිවැරදි සෞඛ්‍ය පුරුදු දරුවාට කියා දෙමු (Cough Etiquette)

දරුවාට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි මේ පුරුදු ටික පුහුණු කරන්න

🧻 ටිෂූ (Tissue) එකක් භාවිත කිරීම: කැස්ස හෝ කිවිසුම් යන විට ටිෂූ එකකින් හෝ ලේන්සුවකින් කට සහ නාසය හොඳින් වසාගැනීමට පුරුදු කරන්න.

🗑️ නිවැරදිව ඉවත් කිරීම: භාවිත කළ ටිෂූ එක වහාම වසා ඇති කුණු බඳුනකට (Covered bin) දැමීමට කියන්න.

🧼 අත් සේදීම: ටිෂූ එක දැමූ පසු වහාම සබන් යොදා අත් සෝදාගැනීමට මතක් කරන්න.

💪 ටිෂූ එකක් නැති වෙලාවට?

🦾 අත්ලට කැස්ස වෙනුවට, තමන්ගේ වැලමිටේ ඇතුල් පැත්තට (Elbow) කට තබා කැස්ස හෝ කිවිසුම යැවීමට පුරුදු කරන්න. (එවිට අත්ල හරහා අන් අයට හෝ සෙල්ලම් බඩුවලට විෂබීජ පැතිරීම වැළකේ).

🚨 මේ ලක්ෂණ තිබේ නම් වහාම ළඟම ඇති රෝහලට යන්න!

👶 විශේෂයෙන්ම කුඩා බබෙකුට පහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න

🚨 අංශක 101°F ට වඩා වැඩි උණ දින 2-3 කට වඩා පැවතීම.

🚨 හුස්ම ගැනීමේ අපහසුතාව හෝ වේගයෙන් හුස්ම ගැනීම

🚨 හුස්ම ගන්නා විට පපුව පහළින් ඇතුළට ඇදීම (Chest indrawing)

🚨 තොල්, දිව හෝ මුහුණ නිල් / අළු පැහැ වීම

🚨 අවදි කරවා ගැනීමට අපහසු අධික නිදිමත හෝ අක්‍රිය බව

🚨 වෙවුලුම / වලිප්පුව (Fits / Seizures)

🚨 දියර වර්ග හෝ මව්කිරි කිසිසේත්ම පානය කිරීමට නොහැකි වීම

🚨 මුත්‍රා පිටවීම සැලකිය යුතු ලෙස අඩුවීම (පැම්පර් තෙත් වන ප්‍රමාණය අඩුවීම)

🚨 නැවත නැවත වමනය යාම

🚨 දරුවා ඉතා අසනීප/දුර්වල පෙනුමකින් පසුවීම

❤️ අම්මලාට කියන්න තියෙන වැදගත්ම දේ…

ගෙදර එක් බබෙකුට වෛරස් අසාදනයක් හැදුණාම අනිත් බබාලට 100%ක් බෝ නොවී තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔබට කළ හැකි දේ බොහෝයි!

🧼 අත් සෝදන්න
😷 ඕනෑම විටෙක Mask පළඳින්න
🪟 දොර ජනෙල් ඇර වාතාශ්‍රය වැඩි කරන්න
🧸 සෙල්ලම් බඩු සහ ඇල්ලෙන තැන් පිරිසිදු කරන්න
🥤 කෝප්ප / වතුර බෝතල් share නොකරන්න
🛏️ ලෙඩ වූ බබාට වෙනම විවේක ස්ථානයක් දෙන්න
💉 එන්නත් (Vaccines) නිසි වෙලාවට ලබා දෙන්න
🥗 පෝෂණය සහ නින්ද හොඳින් පවත්වා ගන්න
❤️ ලෙඩ වූ බබාව තනි නොකර ආදරයෙන් බලාගන්න

දරුවන් එක පේළියට ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ ගැන අනවශ්‍ය ලෙස බියවෙන්න හෝ මානසිකව වැටෙන්න එපා. ඉහත පියවරයන්ගෙන් ඔබට හැකි උපරිමය අනුගමනය කරන්න. ❤️

💬 ඔබේ ගෙදරත් මේ වගේ වෙලාවට අනුගමනය කරන විශේෂ උපක්‍රම තියෙනවද? පහතින් Comment එකක් දාන්න!
🔄 තවත් පුංචි පැටවුන් ඉන්න පවුලකට උපකාරයක් වීම උදෙසා මේ වැදගත් තොරතුරු Share කරන්න!

11/08/2026

🎗️ බිය නොවන්න, සුවපත් වන්න: රේඩියෝතෙරපි (කිරණ ප්‍රතිකාරය) ගැන ඔබ දැනගත යුතු සැමදෙයක්ම! 🎗️

ප්‍රතිකාර ගන්නා අතරතුර ඇතිවන බිය, නොදැනුවත්කම සහ සමාජයේ පවතින වැරදි මත නිසා බොහෝ දෙනෙක් අනවශ්‍ය ලෙස බියට පත්වෙනවා.

නමුත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මේ කාලසීමාව ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව පසුකර යන්න පුළුවන්! ❤️

👇 රේඩියෝතෙරපි ලබන විට සලකා බැලිය යුතු අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සහ සම්පූර්ණ විස්තරය පහත පළමු Comment එකෙන් (First Comment) කියවන්න.

08/08/2026

🎗️ ගෘහස්ථ ලිංගික හිංසනය පිටුදකිමු | සුරක්ෂිත පවුලක්, තෘප්තිමත් සමාජයක් නිර්මාණය කරමු 🎗️

පවුල හෝ සමීප සබඳතාවයක් කියන්නේ ඕනෑම කෙනෙකුට ආරක්ෂාව සහ සැනසීම ලැබිය යුතු තැනයි. නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් නිහඬව විඳදරාගන්නා බරපතලම ගැටලුවක් තමයි "ගෘහස්ථ ලිංගික හිංසනය" (Domestic Sexual Violence).

සමාජයට බියෙන් හෝ ලැජ්ජාවෙන් මේ ගැන කතා නොකර සිටීම නිසා තවත් බොහෝ දෙනෙක් මෙහි ගොදුරු බවට පත්වෙනවා. අද අපි මේ ගැන විවෘතව දැනුවත් වෙමු!

📌 1. ගෘහස්ථ ලිංගික හිංසනය කියන්නේ කුමක්ද?

පවුල, විවාහය හෝ සහකරු/සහකාරිය අතර සිදුවන, පුද්ගලයෙකුගේ අකමැත්ත හෝ බලහත්කාරය මත කෙරෙන ඕනෑම ආකාරයක ලිංගික බලපෑමක්, හිංසනයක් හෝ වධදීමක් ගෘහස්ථ ලිංගික හිංසනය ලෙස හැඳින්වේ.

🧷විවාහ වී සිටියද, අනෙකාගේ අකමැත්ත මත බලහත්කාරයෙන් ලිංගිකව එක්වීම (Marital R**e).

🧷ලිංගිකව එක්වීමට තර්ජනය කිරීම, බියගැන්වීම හෝ වේදනාකාරී ලෙස වධහිංසා කිරීම.

🧷සහකාරියගේ කැමැත්තට පිටින් ගැබ් ගැනීමට බල කිරීම හෝ උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැළැක්වීම.

👥 2. මෙයින් වඩාත්ම පීඩාවට පත්වන්නේ කවුද?

🧷මෙම හිංසනයට ඕනෑම අයෙකු ලක්විය හැකි වුවද, වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ

🧷කාන්තාවන් සහ බිරින්දෑවරුන් (සමාජීය සහ ආර්ථික පරාධීනතාවය නිසා).

🧷ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන්.

🧷වයෝවෘද්ධ පිරිස් සහ ආබාධිත පුද්ගලයින්.

🧒 3. ගෙදර ළමයින්ට මෙය බලපාන්නේ කෙසේද? (Impact on Children)

🧷දෙමාපියන් අතර සිදුවන මෙවැනි හිංසනයන් සෘජුව හෝ වක්‍රව දකින ළමයින්ට තදබල ලෙස මානසික සහ ශාරීරික බලපෑම් ඇතිවේ

🧷මානසික කම්පනය (Psychological Trauma): අධික බිය, විශාදය (Depression) සහ අනාරක්ෂිත බවක් දැනීම.

🧷හැසිරීම් වෙනස්වීම්: ඉගෙනීමට ඇති උනන්දුව අඩුවීම, හුදකලා වීම, ආක්‍රමණශීලී ලෙස හැසිරීම හෝ අධික ලෙස බියවීම.

🧷ලිංගිකත්වය ගැන වැරදි ආකල්ප: ප්‍රචණ්ඩත්වය යනු සාමාන්‍ය දෙයක් ලෙස කුඩා කල සිටම මොළයට කාවැදීම නිසා වැඩිහිටියන් වූ පසු ඔවුන්ද මෙවැනි හිංසනයන් කිරීමට හෝ විඳදරාගැනීමට හුරු වීම.

🛡️ 4. මෙවැනි දෙයක් නොවී වළක්වා ගන්නේ කෙසේද?

🧷පරස්පර ගෞරවය සහ සන්නිවේදනය: පවුල තුළ ඕනෑම කාරණයකදී දෙදෙනාගේම කැමැත්තට සහ ගෞරවයට මුල්තැන දීම.

🧷ලිංගික හා සමාජීය අධ්‍යාපනය: "කැමැත්ත" (Consent) යනු කුමක්දැයි සහ තමන්ගේ ශරීරයේ අයිතිය තමන් සතු බව පවුලේ සැම දැනුවත් වීම.

🧷මද්‍යසාර සහ මතද්‍රව්‍ය භාවිතයෙන් තොරවීම: බොහෝ ගෘහස්ථ හිංසනයන් සඳහා මද්‍යසාර අධික ලෙස භාවිත කිරීම සෘජුවම බලපායි.

🏃‍♀️ 5. මෙවැනි හිංසනයකට ලක්වන්නේ නම් බේරෙන්නේ කෙසේද?

🧷නිහඬතාවය බිඳින්න: මෙය ඔබේ වැරැද්දක් නොවන අතර, නිහඬව විඳදරාගැනීමෙන් සිදුවන්නේ හිංසකයා තවත් බලවත් වීමයි.

🧷විශ්වාසවන්ත අයෙකුට කියන්න: පවුලේ ළඟම හිතවතෙකුට, වෛද්‍යවරයෙකුට හෝ උපදේශකයෙකුට තත්ත්වය පැහැදිලි කරන්න.

🧷සාක්ෂි එකතු කර තබාගන්න: තුවාල හෝ ශාරීරික හානි ඇත්නම් වහාම රෝහල්ගත වී (JMO) වෛද්‍ය වාර්තා ලබාගන්න. SMS, Phone recordings හෝ ඡායාරූප ඇත්නම් සුරක්ෂිතව තබාගන්න.

⚖️ 6. නීතියෙන් සහ රජයෙන් ලැබෙන සහන මොනවාද?

ශ්‍රී ලංකා නීතිය යටතේ ගෘහස්ථ හිංසනයට එරෙහිව විශාල ආරක්ෂාවක් සැලසේ

1. 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත: මෙමඟින් හිංසකයාට නිවසට පැමිණීම හෝ බලපෑම් කිරීම වැළැක්වීමට අධිකරණයෙන් ආරක්ෂක ආඥාවක් (Protection Order) ලබාගත හැක.

2. මහේස්ත්‍රාත් අධිකරණයට / පොලීසියට පැමිණිලි කිරීම: ළමා හා කාන්තා කාර්යාංශය හරහා නීතිමය පියවර ගත හැක.

📞 ක්ෂණික සහන සේවා අංක:

☎️ 1938 - ජාතික කාන්තා උපකාරක සේවාව (National Women’s Helpline)

☎️ 109 / 011-2444444 - කාන්තා හා ළමා මහජන සේවා ඒකකය (ශ්‍රී ලංකා පොලීසිය)

🏥 මිතුරු පියස (Mithuru Piyasa): රජයේ ප්‍රධාන රෝහල්වල පවතින රහස්‍ය උපදේශන සහ වෛද්‍ය සහන මධ්‍යස්ථාන.

☎️ 1929 - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (ළමයින්ට වන හිංසන සඳහා)

❤️ පවුල තුළ සැබෑ ආදරය තියෙන්නේ බිය ගැන්වීම් සහ බලහත්කාරකම් අස්සේ නෙවෙයි. ඔබේ හෝ අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ අවදි කරන්න!

💬 මේ පිළිබඳව ඔබට ඇති ගැටලු හෝ අදහස් පහතින් Comment කරන්න. අන් අයගේ දැනුවත්භාවය උදෙසා Share කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Maharagama