D'Lux Beauty Lounge
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D'Lux Beauty Lounge, Beauty Salon, Athurugiriya rd, Malabe.
17/02/2024
Today Bridal shoot ❤
Join us with confidence to for your most beautiful day in life.👰♀️💄💍
Model - Samudana Wickramasinghe Nangi
HMUA - Dimali Hettige
D'Lux Beauty Lounge
076 8851854
🌹🌹🌹🌹🌹
01/09/2022
My 1st Bridle Dressing💄☺️
Thank you so much beautiful Praboda nangi❤
Contact : 076 8851854
Battaramulla
27/05/2022
🌹🌹🌹
හැඩවැඩ වෙන්න උනන්දු වෙන කාන්තාවන් නොදන්නා කරණු කිහිපයක්,
බලන්න මේ දේවල් ඔබ කරනවද කියලා ,,,😊😊😊
කාන්තාවන් හැඩවැඩ වෙන්න නම් දක්වන්නේ පුදුම උනන්දුවක්. හැබැයි එහෙම හැඩවැඩ වෙන්න උනන්දු වෙන කාන්තාවන් නොදන්නා කරණු කිහිපයක් ගැන කියන්න.
ගොඩක් තරුණියන් අද උදේට කන්නෙ හොට්ඩෝග් එකක්. බොන්නෙ මොකක් හරි පැණි බීම වර්ගයක්. ඒ වගේ සුළු දෙයකින් තමයි දවල් වෙනකල් ගතකරන්නෙ. ඒක බොහොම නරක පුරුද්දක්. උදේට හොඳට බත් කන්න පුරුදු වෙන්න. නැත්නම් කඩල, කවුපි වගේ ධාන්‍යමය ආහාරයක් ලබාගන්න. අනිත් අයට පේන්න ෂෝට් ඊට්ස් වගේ විසිතුරු කෑම වර්ග කෑවට ඒවා ඇඟට අල්ලන්නෙ නැහැ. ඒවායින් පෝෂණය පවත්වාගෙන යන්න බැහැ. මේ තත්ත්වය දැනෙන්න පටන්ගන්නෙ අවුරුදු තිහ ඉක්මවූ පසුවයි. ඊට පස්සේ පෝෂණය ගැන හිතලා වැඩක් නැහැ.
පුංචි කාලේ ඉඳලා හොඳ පෝෂණීය ආහාර ලබාගන්න. පලා වර්ග, කොළ කැඳ වගේ දේවල් වැඩියෙන් ආහාරයට ගන්න. හොඳට වතුර බොන්න පුරුදු වෙන්න. ඉන් ඔබට ලස්සන හැඩැති සිරුරක්, පැහැපත් සමක්, නිරෝගී කෙස් කලඹක් විතරක් නොවෙයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කරගන්න පුළුවන්.
සතියකට දවස් තුනක්වත් ෂැම්පු සහ කන්ඩිෂනර් පාවිච්චි කරලා නාන්න. කෙස්වල තියෙන ප්‍රාණවත් බව රැකගන්න නම් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්නම වෙනවා. ඒ වගේම සතියකට එක දවසක් ඔයිල් මසාජ් එකක් කරගන්න. ඔයිල් මසාජ් කරන්න සැලොන් එකට යන්න ඕනෙ නැහැ. ගෙදර තියෙන්නෙ පොල් තෙල් නම් පොල් තෙල් ටිකක් වැඩිපුර අතට අරගෙන හිස් කබලට හොඳින් වදින්න දාලා ඇඟිලි තුඩුවලින් හොඳින් මසාජ් කරන්න. මේක තමන්ට තනියම කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේ විදියට විනාඩි විස්සක් විතර මසාජ් කරන්න පුළුවන් නම් හොඳයි. පැයකට විතර පස්සෙ හොඳට ෂැම්පු කරලා නාන්න. වියළි කෙස් තියෙන අයට නම් තෙල් ස්වභාවය කෙස් අතර යන්තම් තිබුණට කමක් නෑ. නමුත් තෙල් සහිත කෙස් කලඹක් තියෙන අය හොඳින් තෙල් ස්වභාවය ඉවත් වනතුරු සෝදා හරින්න ඕනෙ.
කාන්තාවන්ට තිබෙන ප්‍රබලතම ගැටලුවක් තමයි දහදිය දැමීම. ඒක පාලනය කරන්න අමාරු දෙයක් වුණත් දහදිය දුගඳ නැති කරන්න ඔබට ලේසියෙන්ම පුළුවන්. ඩියෝඩ්‍රන්ට් එකක් කියන්නේ ෆේස්වොෂ් එකක්, ෂැම්පු එකක් වගේ පුරුද්දක් විදියට පාවිච්චි කළ යුතු දෙයක්. ඩියෝඩ්‍රන්ට් එකක් නැතිනම් අඩුම තරමේ පර්ෆියුම් එකක්වත් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒකෙන් ඔබේ පෞරුෂත්වය වර්ධනය කරගන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට අනිත් අය අතර හොඳ පෞරුෂත්වයක් පවත්වාගෙන යන්නත් එය උපකාර වෙනවා.
සාමාන්‍යයෙන් අපේ රටේ අය මුඛ සෞඛ්‍ය ගැන හිතන්නෙ දතක් රිදෙන්න ගත්තම තමයි. ඒ හැරුනාම මුඛය හෝ මුඛ සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න අපි පුරුදු වෙලා නැහැ. නමුත් ඔබ දන්නවද ඕනෙම කෙනකුගේ මුඛයෙන් දුර්ගන්ධයක් නික්මෙනවා. ඒ නිසා මුඛ සෞඛ්‍යය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන. ඔබේ මුඛයෙන් නික්මෙන දුර්ගන්ධය ඔබට දැනෙන්නෙ නැහැ. ඒක දැනෙන්නෙ ඔබ ඉදිරියේ ඉන්න අයට විතරයි.
සාමාන්‍යයෙන් නරක් වුණු දත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුර්ගන්ධයක් ඇති වෙනවා. ඒ නිසා ඔබ පුරුද්දක් විදියට මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න. මවුත් වොෂ් එකකට ලොකු මුදලක් වෙන්නෙ නැහැ. ඒ වගේම දවසට එක වතාවක් මවුත් වොෂ් පාවිච්චි කළාම හොඳටම ඇති. ඒ වගේම මාස තුනකට වතාවක් දන්ත ශල්‍යාගාරයකට ගිහින් දත් ටික පරීක්‍ෂා කරගන්න. දතක් නරක් වෙන්න පටන්ගත්තාට පස්සෙ කොච්චර දේවල් කළත් වැඩක් නැහැ. ඒ නිසා දත් නරක් වෙන්න කලින් තමයි ආරක්‍ෂා කරගන්න ඕන. අවුරුදු දාහතරේ ඉඳලාවත් මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන.
මේක අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. නමුත් තමන්ගෙ කැමැත්ත අනුව කරන දෙයක්. හැබැයි ඔබ කොටට අඳින තරුණියක් නම් අනිවාර්යයෙන්ම ඔබේ කකුල්වල තිබෙන රෝම ඉවත් කරගන්න ඕනෙ. නැත්නම් ඒක ඔබේ පෞරුෂත්වයට හානියක් වෙනවා. සමහර ලස්සන ප්‍රියමනාප තරුණියන් කොට ගවුම් ඇඳලා ඉද්දි ඒ අයගෙ පාද දිහා බලන්න බැරි තරම් කැතයි. පිරිමි අයගෙ වගේ රෝම තිබුණාම කොච්චර ලස්සන කෙනෙක් වුණත් ප්‍රියමනාප බව නැති වෙනවා.
ඒ නිසා පාදවල රෝම ඉවත් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔබ වැඩිපුර දහදිය දමන කෙනෙක් නම් සහ ස්ලීව්ලස් ඇඳුම් අඳින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අත් යට රෝම ඉවත් කරන්න. නාන වෙලාවට සබන් ගානවා වගේ අත් යට රෝම ඉවත් කරන එකත් අනිවාර්ය දෙයක් බවට පත්කරගන්න. අත් යට රෝම තියෙද්දි අත් නැති ඇඳුම් ඇන්දාම ඔබව දකින කෙනාට ඇතිවෙන්නේ අප්‍රසන්න හැඟීමක්. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. එමගින් ඔබට සෞඛ්‍ය සම්පන්න සහ පැහැපත් සිරුරක් හිමිකරගත හැකියි.
හැමදාම ලස්සනට ඉන්න.💖💖💖
14/02/2022
🌷🌷🌷🌷
30/12/2021
Simple Makeup
Done by me 💄
26/10/2021
😍😍😍
10/10/2021
💜😘💜😘💜😘
10/10/2021
👰🥰👰🥰👰🥰
07/10/2021
Love it 😍
07/09/2021
අපි හැමෝටම තියෙන්නේ එකම විදියෙ සමක් නෙවෙයිනේ.ඉතින් සම වර්ගීකරණයට අනුව කොටස් කීපයක් තියෙනවා👨🦰👩🦰😊.🤗🌿☘🌾👇
🎀 වියලි සම
🎀 තෙල් සහිත සම
🎀 මිශ්‍ර සම
🎀 සාමාන්‍ය සම
🎀 සන්වේදි සම
මේ විදියට වෙනස් වෙන සම අපිට තියෙන්නේ කොහොම සමක් ද කියලා දැනගෙන ඉන්න එක වැදගත්...🤗💁♀️මොකද ආලේපන වර්ග පාවිච්චි කිරීමේදී මේ දේ අපිට ගොඩක් වටිනවා.
අපි බලමු මේ සම කොහොමද එකින් එකට වෙනස් වෙන්නෙ කියලා..👇👇
වියලි සම 🌿🌿🌿
🌹 රැලි වැටුන ස්වාභාවයෙන් යුක්තව පවතින අතර සම ගැලවී යන ස්වාභාවයක් පවතී.මෙවැනි සමක කුරුළෑ ආදිය දකින්නට නොලැබේ.සම ඉරි තැලී වේලී ගිය ස්වාභාවයක් ඇත.
තෙල් සහිත සම🌿🌿🌿
🌹 මෙවැනි සමක තෙල් සහිත ස්වාභාවය හොඳින් දක්නට ලැබේ.සමෙහි තද බවක් ඇත.කුරුළෑ ,white heads ,Black heads ආදිය බහුලව දක්නට ලැබේ.
මිශ්‍ර සම 🌿🌿🌿
🌹 නලළ ,නාසය ,නිකට ප්‍රදේශවල තෙල් සහිත බවක් දකින්නට ලැබේ.අනික් ප්‍රදේශ වියලි හෝ සාමාන්‍ය ස්වාභාවයක් දක්නට ලැබේ.කුරුළෑ ,white heads ,Black heads ආදිය දකින්නට ද පුළුවන්.
සාමාන්‍ය සම 🌿🌿🌿
🌹 මෙය පැහැදිලි සෞම්‍ය ස්වාභාවයක් පවතින සමකි.
සන්වේදි සම 🌿🌿🌿
🌹 මෙවැනි සමක් දුටුව විගසින් හදුනා ගත නොහැකිය. ඇතැම් ආහාර අනුභවයෙන් ආසාදන ත්ත්වයන් ඇති විය හැකි අතර ආලේපන පාවිච්චියේදී ඉතාම සැලකිලිමත් විය යුතුය.රතු ලප හෝ බිබිලි ඇති වීමට බොහෝ ඉඩ ඇත.ඒ නිසා ඒ ගැන සිතන්න. 💁♀️🤗😊
21/08/2021
Yellow lovers 💛
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Athurugiriya Rd
Malabe