Arobiotic products - Pvt Ltd

Arobiotic products - Pvt Ltd

Share

AROBIOTIC products are best quality Sri Lankan products. All the products are made in Sri Lanka

Photos from Arobiotic products - Pvt Ltd's post 29/03/2024

One of our AROBIOTIC product stalls is happening in Kandy on 29th(Today), 30th and 31st of March. You can buy any of our products from this stall with a discount . The stall is happening near KCC. Come and visit our stall

You can enjoy one of HRRBAL TEA cup too 😄

අප ආයතනයේ වෙලද කුටියක් මාර්තු 29, 30 සහ 31 දිනවලදී මහනුවර KCC ආයතනය අසල පැවැත්වේ. අප ආයතනයේ ඕනෑම නිශ්පාදනයක් වට්ටමක් සහිතව මෙහිදී මිලදීගත හැකි බව සතුටින් දන්වමු

ඒ වගේ අපගේ විශේෂිත තේ රස බැලීමටද මෙහිදී අවස්ථාව ඇත 😄

Photos from Arobiotic products - Pvt Ltd's post 29/02/2024

Happy moment as an emerging Sri Lankan company

As AROBIOTIC team we are happy to introduce few of our new products today

*Organic Yakinaran tea

*Thembukola leaves tea

* Heen Bovitiya tea

Thank you for your valuable presence for this occasion Mr Yasas Madugalle who is the Director operations of Dayana Chocolate company, Matale

We are always responsibleto deliver the best to the world

Keep in touch

12/05/2023

Arobiotic Hair call Hibiscus oil - ඇරොබයොටික් හෙයාකෝල් වදමල් ආශ්‍රිත තෙල

මෙම නිද්පාදනය ඔබේ හිසකෙස් ශක්තිමත් කර, හිසකෙස් වැටීමට එරෙහිව සටන්කරයි. හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය සපුරා අකලට පැසීම වලකයි. වදමල් වල ඇති Alpha - hydroxy - acids residing හිස් කබලේ සෛල නැවත වර්ධනයට සහය වන අතර, හිස් හොරි ලෙස ගැල්වීයාම පාලනය කරන අතර හිස් හොරි ඇති වීම පාලනය කරයි

ඔබ වෙත නිශ්පාදනය ලැබුනු පසු ගෙවීම් කල හැකී

This product fights Hair loss, strengthen Hair conditions hair and delays premature graying, Alpha - hyroxy-acids residing in Hibiscus flowers not just exfoliate your skin, but also promote cell regeneration and purify your complexion. This fight against dandruff

Cash on delivery available

+94766459863 (Place your order on Whatsapp)

Photos from Arobiotic products - Pvt Ltd's post 31/01/2023

We are happy to inform that Arobiotic Products (Pvt) Ltd has become one of the registered fertilizer manufacturing companies in Sri Lanka
As a responsible Sri Lankan brand name we provide the best organic fertilizers to our famers.
Keep in touch!

Arobiotic Products (Pvt) Ltd ආයතනය බලපත්‍රලාබී පොහොර නිශ්පාදන ආයතයක් ලෙස නම්වූ බව සතුටින් දන්වා සිටීමට කැමත්තෙමු.
වගකීම් සහගත ශ්‍රී ලාංකික නිශ්පාදන සන්නාමයක් ලෙස අප ශ්‍රී ලාංකික ගොවියන්ට ඉහළ ප්‍රමිතියකින් කාබනික පොහොර සපයන බවටද මෙයින් දැනුම් දෙමු.

30/05/2022

අප්පච්චී මේක ලිවුවේ ඇත්තටම සතුටින් කියලා මම දන්නවා. මම කාබනික පොහොර නිශ්පාදකයෙක් උනත් සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැන් ප්‍රවේශය සමස්තයක් ලෙස ප්‍රායෝගික නොවෙනවා කියන මතයේ මම අදටත් ඉන්නවා. මොකද එක ක්ෂණයක කරන්න පුලුවන් දෙයක් නොවීමත්, ගොවියා හුරු වීමට කාලයක් ගත වීමත්, සමහර වී ශාක වර්ග ජාන තාක්ෂණික දියුනු වෙනකොට ඒවා කාබනික පොහොර වලට ඔරොත්තු නොදෙන ලෙස බීජ සකස් වීමත්, ශ්‍රී ලංකාවේ බහුතර වගාබිම් වල නයිට්‍රජන් N ඇතුළු අත්‍යවශ්‍ය පෝශක අදික රසායනික පොහොර භාවිතය නිසාම මැරී තිබීමත්, අද වෙනකොට අවශ්‍ය පරිබෝජනය සැපිරීමට ලබාදිය යුතු නයිට්‍රජන් ප්‍රමාණය ප්‍රායෝගික කාබනික පොහොර වලින් පමනක් ලබාදීම අසීරු වීමත් සැලකිය හැකී

නමුත් මේ ලියමන ඒ ගැන නෙවේ

මම Arobiotic products - Pvt Ltd ආයතනය ආරම්භ කරද්දී මට වැඩියෙන්ම වටින උපදෙස් ලැබුනේ මගේ අප්පච්ච්චී Sarath Ekanayake ගෙන්. වාරිමාර්ග ඉංජිනේරුවෙකු විදිහට ගොවියොත් එක්ක වැඩ කරලා ඒ හදගැස්ම හොදටම දන්න අප්පච්ච්චී මට යෝජනා කරන්නේ අපේ ආයතනයෙන් කාබනික දියර පොහොරක් හදමු කියන එක. ඒක අපි පටන් ගන්නේ ඇත්තටම මිනිස්සු කාබනික කතාවක් ගැන හිතන්නත් කලින් 2020 දී වගේ. ඇත්තටම ඒ වෙනකොට මගේ සියලුම අරමුණු ගොනු වෙලා තිබුනේ Arobiotic කියන නිශ්පාදන සන්නාමය සම්පූර්ණයෙන්ම cosmetics පැත්තට ගෙනියන්න. ඒත් අප්පච්චිගේ මේ යෝජනාව Arobiotic කියන සන්නාමය වෙනම පැත්තකට ගෙනියන්න සමත් උනා.
විශාල අභියෝගය රාශියක් එක්ක අපි නිශ්පාශනයට අත ගැහුවා, දුක් වින්දා, පාඩු උනා, කෙල උනා, හොම්බෙන් යන්න නැති උන අවස්ථා තිබ්බා ඒත් අතේ තුට්ටු දෙකත් බිස්නස් එකටම දාගෙන අපි නිශ්පාදනය කරා පොහොර වර්ග දෙකක්. ඇත්තටම මාකට් එකට දාන්න කලින් සෑහෙන්න ටෙස්ට් කරගන්න උනා. ඇත්තටම කිවුවොත් අපි තාමත් හරියට මාකට් එකට නොදා ටෙස්ට් කරගෙන යන තත්වෙක හිටියත් අද මට මේක සෑහෙන සතුටක් දෙන ලියමනක් උනා
මොකද රසායනික පොහොර තහනම එක්ක අපි අපේ කාබනික පොහොර වලින්ම අපේ වගාව කරා, යූරියා වලින් 47%ක් N දෙනකොට අපේ ඒවගෙන් 2.7-3% අවට N දෙන්න පුලුවන් උනේ. ඒත් අපිට හිතාගන්න බැරි තරමේ හොද අස්වැන්නක් අපිට ගන්න පුලුවන් උනා. C:N ratio, K Level එක ගැන උනත් සෑහීමකට පත් වෙන්න පුලුවන් තත්වෙට නිශ්පාදනය වෙනකොට අපිට තියන එකම ගැටළුව P level එක ජාතික පොහොර ලේකම් කාර්‍යාලය ඉල්ලන ප්‍රමානෙට දෙන්න බැරිවීම.

මම කලින් ඉංග්‍රීසි බාසාවෙන් ලියලා දාපු විදිහට ලංකාවේ අමාරුම නිශ්පාදනයක් ලියාපදිංචි කරන එක 😅. ඒත් ලංකාවට නිශ්පාදන ඕනෙම මොහොතක, ගොවියෝ වගාවෙන් ඈත් වෙන මොහොතක, ආහාර අර්බුද ගැන කතා වෙන මොහොතක මේ පාර මේ වැඩේ අපි අමාරුවෙන් හරි ලියාපදිංචිය කීය ගියත් හරියටම ඉවර කරනවා කියන්න මේ දෙන සහතිකයක්. ඒ වගේම මේ වැඩේට අනික් පැත්තෙන් තාක්ෂණික සහය දෙන Arobiotic එකේ තාක්ෂණික සහයක තුමා Dr Prasanga Gayanath Mantilaka මතක් කරන්නම ඕනේ 😉

අමාරුම කාලේ තමා, කමක් නෑ අපි වවමු. එකතු වෙමු.. ලංකාව ගොඩ දාමු ❤

Chamila Chandrabhanu Ekanayake
-English medium Physics tutor-

31/07/2021

ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුතු නිශ්පාදන වෙලදපොළට ගෙනයාම අරමුණු කරගනිමින් පේරාදෙණියේ විශ්‍යවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ රසායන විද්‍යා අංශයේ ආචාර්යවරයකු වන අචාර්ය ප්‍රසන්න මන්තිලක මහතා නිශ්පාදන පරීක්ෂණ සහ නිශ්පාදන වැඩිදියුණු කිරීම සම්බන්ද උපදේශකයකු ලෙස ඇරොබයොටි සන්නාමය සමග එකතු වූ බව සතුටින් දන්වා සිටිමු.
We are glad to inform that Dr Prasanna Manthilaka who is a lecturer of Nano and Material Science at Post Graduate Institute of Science, University of Peradeniya has joined with Arobiotic Products as a Research and Development consultant in order to enhance the quality of our products.

Arobiotic Products (Pvt)Ltd

27/07/2021

කාබනිකත්වයෙන් සශ්‍රීක වසෙන් විසෙන් තොර ආහාර නිශ්පදනය කරන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙලේ තවත් වැඩසටහනකට ඇරොබයොටික් සමාගම සම්බන්ද වූ අවස්ථාවයි මේ. මාතලේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගොවිමහතුන් දැනුවත් කිරීම, දැනුම බෙදාගැනීම සහ කාබනික කෘශිකර්මාන්තයට ඇති බාදාවන් සාර්ථකව විසදාගැනිමට තාක්ෂණික භාවිතාවන් ගැන අප සමාගම ඔවුන් සමග දැනුම බෙදාගන්නා ලදී

විශේෂ ස්තූතිය - උකුවෙල ගොවිජන සේවා කාර්‍යාලයේ සියලූම නිලධාරී මහත්ම මහත්මීන්ට

Photos from Arobiotic products - Pvt Ltd's post 11/06/2021

"සුවදායක වැඩදායක රටක් වෙනුවෙන් අභියෝගයක්"
ලෙස මේ වන විට අප ඉදිරියේ ඇති, සම්පුර්ණයෙන් ස්වභාවික කාබනික ආහාර සපිරි ශ්‍රී ලංකාවක් යන අභියෝගය ජයගැනීමට ඇරොබයොටික් සමාගම හදුන්වාදුන් කාබනික සියලුම පොහොර වර්ග ඔබවෙත ගෙනඒමට අප සූදානම් බව සතුටින් දන්වාසිටිමු

එක්ව ජයගමු, ගොඩනගමු කාබනික වගාවෙන් ජයගත් සපිටි ශ්‍රී ලංකාවක්

26/05/2021

Happy Vesak!

May your life be full with blessing, peace and happiness on this day enlightenment

14/05/2021

Eid Mubarak!

Wish You all a Very Happy And Peaceful Eid

from
Genius Physics with Chamila
and
Arobiotic Products (Pvt)Ltd

14/04/2021

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ශ්‍රී ලංකාවටත්, ලෝකවාසී සැමටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යයි ඇරොබයොටික් (Arobiotic) නිශ්පාදන සමාගම සහ L'eCole Academy වන අප මෙසේ සුබපැතුම් එකතු කරනවා ❤

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matale
13MILEPOST