Procare Ayush Ayurvedic Hospital
An Ayurvedic Medical Clinic conducted by a qualified BAMS doctor. Treating all kinds of diseases with personalized Ayurvedic care and Panchakarma therapy.
No.579/6, Pinidiyawaththa, Walgama south, Matara
PCOS - කාන්තා රෝග Part 02🌸
#ආයුර්වේද
සුද යාම (Leucorrhoea)
කාන්තා රෝග Part 01🌸
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
0773023702
#ආයුර්වේද
24/06/2025
විවිධ කායික හා මානසික රෝග ආදියෙන් පීඩා විඳින ඔබ වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සත්කාරක සේවා මාතර වල්ගම පිහිටි අප ආයතනයෙන් දැන් ලබාගත හැක.
පළපුරුදු, උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් යටතේ රෝග විනිශ්චය ඇතුලු සියලු ප්‍රතිකාර සිදු කෙරේ.
වැඩි විස්තර සඳහා අමතන්න:
0773023702
🍃 ශෂ්ටික ශාලි පිණ්ඩ ස්වේද 🍃
ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රම අතර සුවිශේෂී ප්‍රතිකාරයක් වන මෙහිදී ඖෂධ හා සහල් මිශ්‍ර කර, පිස, පොට්ටනි සාදා කිරි කශායේ පොඟවමින් තැවීම සිදු කරයි.
-අංශභාග ඇතුලු ස්නායු රෝග, කල්ගතවූ ආතරයිටිස් ඇතුලු සන්ධි රෝග තත්ව වලට අදාලව මාංශ පටක, ස්නායු, සන්ධි පෝෂණය කිරීම.
-සමේ පැහැය වැඩි දියුනු කිරීම සහ සමේ තරුණ බව රැකදීම වැනි ප්‍රතිලාභ බොහෝමයක් මෙම ප්‍රතිකාර ක්‍රමවේදය මඟින් ලබාගත හැක
🍃ශිරෝධාරා🍃
-ස්නායු පද්ධතිය ආශ්‍රිත අංශභාග, පාකින්සන් වැනි රෝග තත්ව
-ඇස, කන ආශ්‍රිත රෝග
-හිසරුදාව
-නින්ද නොයාම
-හිසකෙස්, හිස්කබල ආශ්‍රිත රෝග
-මානසික රෝග තත්ව වැනි බොහෝ රෝග සඳහා ආයුර්වේදයේ බහුලව යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමයකි
නිරෝගී, හැඩැති, සිහින් සිරුරක් හිමිකරගැනීමේ ඔබේ සිහිනය තවදුරටත් සිහිනයක් නොවන්නට...🍃
සුදුසුකම්ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරියක් යටතේ ඔබ උදෙසාම විශේෂයෙන් සැලසුම්කරන ලද අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර, ආහාර රටා සහ යෝග ව්‍යායාම ආදියෙන් සැදුම්ලත් සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියක් යොදාගනිමින් සිරුරේ අනවශ්‍ය මේද කොටස් අඩු කර උසට සරිලන බර පවත්වා ගැනීම සඳහා මග පෙන්වීම මෙමඟින් අප හඳුන්වා දී ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න:
📞0773023702
(579/6, පිනිදියවත්‍ත, වල්ගම දකුන, මාතර)
Procare Ayush Ayurvedic Hospital
An Ayurvedic Medical Clinic conducted by a qualified BAMS doctor.
Treating all kinds of diseases with personalized Ayurvedic care and Panchakarma therapy.
No.579/6, Pinidiyawaththa, Walgama south, Matara
08/04/2023
ලස්සනට ඉන්න නම් අපිට ප්‍රධාන දෙයක් තමයි නීරෝගී කෙස් කලබක්.. එහෙම නේද 🤩
එහෙනම් අද කියන්නම් ඔයාල හොඳටම දන්න නමුත් කරන්න වැඩි උනන්දුවක් නැති දෙයක තියෙන වැදගත්කම සහ ඒක වඩාත් ප්‍රතිඵල දායක විදියට කරන විදිය .. ඒ තමයි හිසකෙස් වලට අවශ්‍යම තෙල් සත්කාරය.. ❤️
හිසට කරන තෙල් සත්කාරය දෙන ප්‍රතිඵල තමයි..
හිස් කබලේ ( scalp ) රුධිර ගමනාගමනය හොඳට සිදුවීමෙන් කෙස් ගස මුලට අවශ්‍ය පෝශනය හා ඔක්සිජන් සැපයුම ක්‍රමවත් වීමෙන් ශක්තිමත් කෙස් කලබක් වගේම හිස කෙස් වල ඝනත්වය වැඩි වීම. මේ විතරක් නෙමෙයි අධික වෙහෙසට පත් වෙල ඉන්න අයට මානසික ආතතිය හා මානසික පීඩනය අඩු කිරීම අමතර වාසියක් .. තව මිග්‍රේන් හෝ තද හිසේ කැක්කුම අඩු කිරීමටත් දායක වෙනවා.
දැන් බලමු කොහොමද මේක කරගන්නෙ කියල .
1). වඩාත්ම සුදුසු උදේ හෝ දිවා කාලයයි .
2) . ස්නානයට පැය බාගෙකට කලින්..
3). සුදුසු තෙල් වර්ගයක් තෝරා ගත යුතුය. සාමාන්‍ය අයෙකුට නීල්‍යාදී තෙල් භාවිතා කල හැකිය ඖෂධීය ගුනයෙන් යුතු නිසා . ( පීනස , ඉරුවාරදය , හිස් හොරි වැනි යම් කිසි රෝග තත්ව ඇති අයට ආයුර්වේද වෛද්‍ය උපදෙස් අනුව සුදුසු තෙලක් නිර්දේශ කරගැනීම වඩාත් සුදුසුයි )
4) . තෙල් අවශ්‍ය තරම ගෙන මදක් රත් කරන්න. ( හැන්දකට දමා කල හැකිය) මද රස්නෙ තෙල් හිස් කබලට දමා ඇගිලි තුඩු වලින් විනාඩි 5 - 10ක් පමන මෘදුව සම්බාහනය ( soft massage ) කරන්න.
5). ඊලගට උනුසුම් වතුරින් පොගවා මිරිකා ගත් තුවායක් හෝ shower cap එකක් මගින් හිස ආවරනය කර විනාඩි 15 -20 තබා නාන්න..
6). වඩාත් ප්‍රතිඵල ගැනීමට සල්ෆේට් රහිත හොඳ shampoo එකක් මගින් තෙල් හොඳට සෝදා conditioner හිස කෙස් වලට පමනක් ආලේප කර සෝදා හරින්න.
මෙය සතියකට වතාවක් හෝ උපරිම දෙවතාවක් සිදු කිරීම ප්‍රමාණවත් වෙ.. 😌😌
ඔබ නොකල යුතු දේවල් 🙄
1). තෙල් මූනට බේරෙන තරම් ආලේප නොකරන්න.
2). හිස් කබලේ පමනක් ආලේප කරන්න,සම්පූර්ණ හිසකෙස් වල ආලේප කිරීම අවශ්‍ය නැත.
3). තෙල් ආලේප කර විනාඩි 20කට වඩා හිදීමෙන් වලකින්න.. හිසේ ඇති කුනු දූවිලි එකතු වී හිස්හොරි සෑදීමට එය හේතු විය හැකි බැවින් .
ඔබට ගෙදරදී මෙය සිදු කරගැනීමට නොහැකි නම් නිවැරදි තෙල් සත්කාරයක් ( oil treatment ) කරන තැනකින් මුදල් ගෙවා මාසෙකට වතාවක් හෝ කරගත හැකි නම් හොඳ කෙස් කලබකට එය උදව් වනු ඇත..
ඉතින් හැමෝටම සුබ දවසක් .. නැවත beauty tip එකක් අරගෙන එන්නම්.. ❤️
12/02/2023
ආදරය පිරුනු සුබ දවසක් හැමෝටම 😍 ! ඉතින් අද ඉඳන් ඔයාලට අපි ගේනවා ලස්සන වෙන්න, ලස්සනට ඉන්න කැමති හැමෝටම වැදගත් සෞඛ්‍ය පුරුදු වගේම තව රූපලාවණ්‍ය රහස් වෛද්‍ය දැනුම එක්ක.. 🤩
Beauty secrets no. 1
නිවැරැදි ක්‍රමයට ජලය පානය 💙.
හොඳයි දැන් මේක හැමෝම දන්න දෙයක් තමයි නේද. ඒත් මෙතන ප්‍රශ්නය තමයි කොහොමද මේක හරියට කරන්නෙ කියන එක 🤷 . අද ඉඳන් මේ ටික පුරුදු වෙමු එතකොට ඉබේම ඔයා නීරෝගී වෙන ගමන් සමේ පැහැපත් බව වැඩි වෙනව .. ❤️
1) . උදෑසන අවදි වූ පසුව මුලින්ම වතුර වීදුරුවක් බොන්න ❤️
2). සීතල වතුර පානය පුළුවන් තරම් අඩු කරන්න. විශේෂයෙන් ආහාර ගැනීමට පසුව. 🙏
3). මඳ උනුසුම් හෝ සාමාන්‍ය පානීය ජලය වඩාත් සුදුසුයි 👌.
4).තිබහ දැනුනම අවශ්‍ය තරම ජලය පානය . 🤝
5). දිනකට අවම ජලය ලීටර් 2.5 සිට ලීටර් 3 දක්වා පානය 💪
6). ආහාර අනුභවයට පෙර ජලය පානයට අවශ්‍ය නම් විනාඩි 40කටවත් පෙර ද ආහාර අනුභවයට පසුව පැය 1 1/2කට පසුවද ජලය පානය සුදුසුයි . ✌️
7). ආහාර අනුභවය කල විගස විශාල ජල ප්‍රමාණයක් පානය නුසුදුසුය 👎
අද ඉඳන් මේ ටික පුරුදු උනොත් සම ලස්සන වෙනව වගේම ගොඩාක් රෝගාබාධ වලින් වලකින්නත් පුළුවන් !
12/12/2022
Procare Ayush වෙතින් ඔබවෙත ගෙන එන ස්වාභාවික සබන් සත්කාරය,
1).සම හොඳින් පිරිසිදු කරයි
2). කුරුලෑ පාලනය කරයි
3).සමේ තෙල් අධික බව පාලනය කරයි
4). සමට අවශ්‍ය තෙතමනය රදවා ගනියි
5).අඳුරු තැන් දුරු කර පැහැපත් කරයි
6). සම පැහැපත් කරයි
වසර දෙකකටත් අධික කාලයක් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔබේ සමේ සුන්දරත්වය සහතික කල ස්වභාවික සබන් සත්කාරය
"Chavi sathkara natural beauty soap"
Cash on delivery හරහාද ලබා ගත හැකිය .
මිලදී ගැනීමට message කරන්න.
Soap price - 700/=
~ස්වාභාවික සබන් සත්කාර සමග ඔබේ සුන්දරත්වය රැක ගන්න~
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
579/6, Pinidiyawaththa, Walgama South
Matara