HumaN DiseaseS

HumaN DiseaseS

Share

දැන ගමු, ඉගෙන ගමු,දැනුමට එක් කර ගමු මින?

07/10/2021

ඔබට දැන ගැනීමට අවශ්‍ය/කැමති රෝග තත්වයෙන් මොනවාද..?
Comment Plz
❤✋

01/08/2021

The delta variant is mainly PCR negative.The individual is mainly asymptomatic or mildly symptomatic.

The changes in the lungs occur gradually.

When most of the lungs are affected, the patient becomes breathless & dies within few hours.

Chinese workers in India, returned home from India via Nepal. On arrival in Chongqing, initial tests were all negative. But the doctor still had doubts, so he had them CT scanned.

The workers were found to have lesions in their lungs and confirmed to be India's triple variant, proving that the Indian super variant can evade current tests. Most of the checkpoints are based only on ordinary tests.

Hong Kong and most countries do not force immigrants to undergo CT scans, nor do they have sufficient time and resources to do so. If the estimate is correct, it is believed that the fifth wave of super virus outbreak will soon appear in Hong Kong and the world. The message from Singapore: "The virus is back." This time the virus is more lethal and tactical and camouflage.
Infected people do not cough or have fever. "This time the symptoms are joint pain, weakness, loss of appetite"; As a result, the mortality rate is higher, the time to reach critical is shorter, and sometimes there are no symptoms, so be careful. The strain does not harbor in our nasopharynx region, so there are no longer prodromal symptoms such as loss of smell or taste. It attacks the lungs directly, shortening the time of onset. In many patients who do not have fever, X-rays show: moderate chest pneumonia. Nasal mucosal sieve tests often show COVID 19 negative, and more and more false throat nasal examination results, (COVID19) means that the virus spreads directly to the lungs, causing acute respiratory distress (hypoxia) from viral pneumonia. This explains why it has become so much more acute and deadly, and fever may have turned severe. Please note: "Avoid crowded places," "Keep a social distance", "Wear a mask" and "Always wash your hands with hand sanitizer or soap." This epidemic will be several times more deadly than the last one, and we must be more cautious and "never neglect it."
Remember! Please forward to relatives and friends, be sure to double good epidemic prevention.

Photos from HumaN DiseaseS's post 18/07/2021

STOP FEEDING BONES TO YOUR DOGS !!

A must read!!!!

⛔️⚠️ WARNING⛔️⚠️

Bones can cause serious complications and DEATH

During an emergence surgery early this morning at The Society for Animals in Distress almost a kilogram of bones had to be removed from the stomach and intestine a 2 year Pitbull. This very loved pet is left fighting for his life through a simple act of ignorance.

Bones can cause intestinal obstructions, choke, puncture holes through the intestines, fracture teeth and a multitude of other problems - it's just not worth it!!

23/06/2021
23/06/2021

Has anyone in the community had bypass surgery? Tell us your story!

Coronary Artery Bypass Grafting (CABG) is a procedure to improve poor blood flow to the heart. It may be needed when the arteries supplying blood to heart tissue, called coronary arteries, are narrowed or blocked. Bypass surgery improves the blood flow to the heart with a new route, or "bypass," around a section of the clogged or diseased artery.

The surgery involves using a section of a blood vessel from another part of the body to bypass a part of the diseased coronary artery. This graft creates a new route for blood to flow so that the heart muscle will get the oxygen-rich blood it needs. The procedure may be a double, triple, or even quadruple bypass depending on the number of arteries affected.

23/06/2021

Coronary Artery Bypass Graft (CABG) is a type of surgery called revascularization, used to improve blood flow to the heart in people with severe Coronary Artery Disease (CAD).

CAD occurs when the coronary arteries that supply blood to the heart muscle become blocked due to the buildup of a material called plaque on the inside of the blood vessels. If the blockage is severe, chest pain (also called angina), shortness of breath, and, in some cases, heart attack can occur.

CABG is one treatment for CAD. During CABG, a healthy artery or vein from another part of the body is connected, or grafted, to the blocked coronary artery. The grafted artery or vein goes around – or bypasses - the blocked portion of the coronary artery. This new passage routes oxygen-rich blood around the blockage to the heart muscle. As many as four major blocked coronary arteries can be bypassed during one surgery.

Pleural Effusion | Concise Medical Knowledge 23/06/2021

Pleural Effusion | Concise Medical Knowledge Pleural effusion refers to the accumulation of fluid between the layers of the parietal and visceral pleura.

23/06/2021

අනේ ඩොක්ටර් උරන බෙහෙත් එපා !! පුරුද්දට යනවාලු !!!
(ළමා ඇදුම සහ හතිය පිළිබඳ දැනුවත්කිරීමකි)

ඇත්තටම උරන්නට දෙන බෙහෙත් පුරුද්දට යනවාද ?
මෙයට පිළිතුරු හොයාගන්න කලින් අපි බලමු මොකක්ද හතිය සහ ඇදුම කියන්නේ කියලා.

අපි ආශ්වාස කරන වාතය පෙනහළු වල ඇති ගර්ත කරා ලඟා වෙන්නේ නාල පද්දතියක් මඟින්. ගර්තවලින් රුධිරයට ඔක්සිජන් උරාගෙන රුධිරයෙ ඇති අනවශ්‍ය කාබන්ඩයොක්සයිඩ් ගර්ත වල ඇති වාතයට මුදා හැරෙනවා. ඒ වාතය නාල පද්දතිය ඔස්සේ එළියට පැමිණෙනවා.

ඇදුම රෝගයේදී ඉතා කුඩා නාල අවහිර වීමක් වෙනවා. මෙම අවහිර වීම, ආකාර කීපයකට වෙනවා.
1. නාල හැකිලීයාම ( Bronchoconstriction)
2. සුදු රුධිරානු මගින් නාල ආක්‍රමණය කිරීම, ශ්‍රාවයන් නිකුත්කිරීම (cellular inflammatory infiltration and exudation)
3. නාලවල බිත්තියේ සෛල ගැලවී යාම (epithelial desquamation)
4. නාලවල කොලැජන් තැන්පත්වීම (subepithelial collagen deposition)
5. නාලවල බිත්ති ඝනවී සිදුර තව තවත් කුඩාවීම (smooth muscle and mucous membrane hypertrophy)
6. නාල මඟින් සෙම ශ්‍රාවය කරන්න ගැනීම (mucus hypersecretion)

මෙහෙම වෙන්නේ ඇයි ?
යම්කිසි හේතුවක් නිසා (ඒ හේතු පසුවට සලකා බලමු) අපේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණයට උපකාරී වන සෛල ( අනවශ්‍ය ලෙස දිගින් දිගටම ඇලර්ජි සහ ආසාත්මිකතාව ඇති කරන ශ්‍රාවයන් (proallergic proinflammatory cytokines and chemokines) පිටකරන්න පටන් ගන්නවා. මේ මඟිනුයි ඉහත සඳහන් වෙනස්කම් වෙන්නේ. මෙය දිගින් දිගටම වුනොත් ක්‍රමයෙන් හුස්ම ගෙනයන නාල හානිවීමත්, නාල ආසාත්මිකතාවන්ට වැඩි වැඩියෙන් ප්‍රතිචාර දැක්වීමත් (airway hyperresponsivity) සිදුවෙනවා.

මෙලෙස දිගින් දිගට සිදුවෙන හානිදායක ක්‍රියාවලිය නවත්වන්නේ කෙසේද ?
මේ ක්‍රියාවලිය පටන්ගන්න හේතුවන පාරිසරික සාධක සහ ආහාරමය පුරුදු තියෙනවා. ඒවාගෙන් වෙන්වීම අවශ්‍ය වෙනවා. ඒ මොනවාදැයි මීළඟ ලිපියෙන් බලමු.

අපි කලින් කතාකළ දිගින් දිගට සිදුවන අනවශ්‍ය ඇලර්ජි සහ ආසාත්මිකතාව ඇති කරන ශ්‍රාවයන් පිටවීම ක්‍රමයෙන් පාලනයකොට නැති කළ හැකි ඖෂධ තියෙනවා.

ඒවා කාණ්ඩ කීපයක් තියෙනවා
1. ස්ටිරොයිඩ් වර්ගයේ (corticosteroids ) ඖෂධ
2. ලියුකොට්‍රයීන් රිසෙප්ටර් අවහිර කරන ඖෂධ (Leukotriene receptor antogonists)
3. ප්‍රතිෂක්තියාමන ඖෂධ (immunomodulators such as omalizumab)
4. සමහර ළමුන්ට ඇලර්ජි වලක්වන ඖෂධ ලබාදියයුතු වෙනවා.
5. NSAID වර්ගයෙ ඖෂධ (cromolyn, nedocromil) විශේෂයෙන්ම ක්‍රීඩා කිරීමේදී හතිය (exercise induced asthma) ගටගන්නා ළමුන්ට

මෙයට අමතරව හුස්ම නාල තාවකාලිකව විශාල කළ හැකි ඖෂධ තියෙනවා
5. LABA (long acting beta agonist) වර්ගයෙ ඖෂධ
6. Theophylline වර්ගයේ ඖෂධ

ස්ටිරොයිඩ් වර්ගයෙ ඖෂධ මඟින් නාලවලට වෙන හානිය ක්‍රමයෙන් වලක්වා ගත හැකියි. ස්ටිරොයිඩ් ඖෂධ උරන බෙහෙතක් ලෙස හෝ බොන බෙහෙතක් ලෙස හෝ එන්නතක් ලෙස හෝ ලබා දෙනවා. මේ අතරින් ශරීරයට අඩුම අතුරු ආබාධ ගෙනෙන්නේ උරන බොහෙත් මගින්. එයට හේතුව වන්නේ ඉතාම අඩු මාත්‍රාවක් කෙලින්ම නාල වලටම ලබා දිය හැකි නිසයි.

එනිසා උරන බෙහෙත් වලට ඇති භය, බොරු භයක් විතරයි. එම බෙහෙත් ළබා දෙන්නේ දිගින් දිගටම ආසාත්මිකතාව ඇතැයි සිතන රෝගීන්ට පමණයි. එම රෝගීන්ට කාලයක් මේ ඖෂධ නොකඩවා දිය යුතු හෙයින් "පුරුද්දට යනවා" යන වැරදි මතය ඇතිවී තිබෙනවා. එහි සත්‍යතාවක් නැහැ.

ඇදුම හටගන්නා සාධක මොනවාද ?

ඉහත සඳහන් ඖෂධ භාවිතා කළ යුත්තේ කෙසේද ?

ඇදුම සහ හතිය හදුනාගන්නේ කොහොමද ?

මීළඟ ලිපියෙන් කතා කරමු.

ලිපි සියල්ල ලබාගැනීමට පේජ් එක ලයික් කරන්න

උදය නෙළුම්දෙණිය
ළමාරෝග විශේෂඥ වෛද්‍ය
MBBS (COL), MD Paed (Col), DCH (COL)
පළාත් මහ රෝහල
බදුල්ල.

18/06/2021

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Delta ප්‍රභේදය ලංකාවෙන් සොයාගැනේ?

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර ගිය Covid වෛරසයේ Delta (B.1.617.2) ප්‍රභේදය අද දිනයේ ලංකාවෙන් සොයා ගනු ලැබූ බව වාර්තා වුණා.

මෙය රටෙහි පවතින වසංගත තත්වයට කෙසේ බලපායිද? කලින් සංසරණය වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද? මේ පිලිබඳ අප ලොව ප්‍රකට එන්නත් සම්බන්ධව කටයුතු කරන GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාව පදනම් කරගෙන ඉහත කරුණු විමසා බලමු.
(https://www.gavi.org/vaccineswork/five-things-we-know-about-delta-coronavirus-variant-and-two-things-we-still-need)

මෙම කරුණු සාකච්ඡා කිරීමට කලින්, මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

ඕනෑම වෛරසයක් ඉතා සීග්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතාවයන් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවන සිද්ධියක්. මේ අතරින් කලාතුරකින්, වෛරසය පැතිරීමට උදව් වන විකෘතිතාවයක් ඇතිවන්න පුළුවන්. මෙවැනි විකෘතිතාවයක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අභිබවා ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිර යාම සිද්ධ වෙනවා.

Covid-19 රෝගය මුලින් හඳුනා ගත් අවස්ථාවේ සිට මෙලෙස ප්‍රභේද කිහිපයක්ම අනෙක් රටවල මෙන්ම ලංකාව තුළ ද සොයා ගැනීම අපි සියලු දෙනාම අත්දැකලා තියෙනවා. මේ හේතුව නිසා මුලින්ම තරමක් අඩුවෙන් පැතිරීගිය රෝගී තත්ත්වය ම ක්‍රමයෙන් වෙනස් ප්‍රභේද එකතු වීමත් සමග වෙනදාට වඩා තරමක් වේගයෙන් පැතිරී යාම බොහෝ රටවල නිරීක්ෂණය කර තිබෙනවා. මීට එක් හේතුවක් වන්නේ මෙලෙස අලුතෙන් එකතු වූ ප්‍රභේද පෙර තිබූ ප්‍රභේද වලට වඩා පහසුවෙන් පුද්ගලයින් අතර පැතිර යෑමයි.

මේ ආකාරයට දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වෛරස ප්‍රභේදයටත් වඩා සීග්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි ලෙස සැලකෙන ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය සොයාගැනීමත් සමග රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ යෑමට ඉඩ තිබෙනවා.

කෙසේ නමුත් සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද පුද්ගලයන් හට මෙම Delta (B.1.617.2) ප්‍රභේදයෙනුත් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මගින් පෙනී යමින් පවතිනවා. කිසිඳු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව 100% කින් අඩු කරන්නේ නැහැ. එහෙත් දැනට ලංකාව තුළ සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන් ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන දරුණු කෝවිඩ් රෝගී තත්ත්ව සහ මරණ අවම කිරීමට ද යෝග්‍ය වනවා.

මෙහිදී ඉතා හොඳින් තේරුම් ගත යුතු කාරණය වන්නේ කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම මෙම නව ප්‍රභේදයටත් අදාල වන බවයි. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග, සෙනග ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන සන්වුර්ත (එළිමහන් නොවන) අවකාශ මග හැරීම පිලිබඳ වඩාත් අවධානය යොමු කල යුතු වෙනවා.

අන් ප්‍රභේදවල වගේම මේ ප්‍රභේදයෙත් රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගත වෙන්න පුළුවන්. ඇතැම් විට සැලකිය යුතු රෝග ලක්ෂණයක් නොපෙන්වා වෛරසය ශරීරගතවී තිබෙනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබට නිතර හමුවන නිරෝගී යැයි පෙනෙන කෙනෙකුගෙන් පවා රෝගය බෝවීමේ අවදානමක් තියෙනවා. මේ ඔබගේ සමීපතම අසල්වැසියකු හිත මිතුරෙකු විය හැකියි.

මේ නිසා අත්‍යවශ්‍ය නොවන සියලු හමුවීම් ගමන් බිමන්, ඔබ මෙන්ම ඔබගේ ආදරණීයයන් අනවශ්‍ය ලෙස අවදානමේ හෙලනවා වෙන්න පුළුවන්.

පවතින තත්වය යටතේ වසංගතය පාලනය කිරීම උදෙසා රෝග නිවාරණ පිලිවෙත් අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව මේ අවස්ථාවේ අන් කවරදාකටත් වඩා තදින් දැනෙනවා.
මෙලෙස වරින් වර අලුතින් සොයා ගන්නා ප්‍රභේද පිළිබඳ ලැබෙන තොරතුරු ඉතා කෙටි කාලයක් තුල අධ්‍යනය කරන ලද ඉතා කුඩා නියැදි තුළින් ලබා ගන්නා ලද දත්ත බැවින් මේවා ඉදිරියේදී අලුත් දත්ත ලැබීමත් සමග වෙනස් විය හැකි බවත් අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara