Better Natural beauty Treatment

Better Natural beauty Treatment

Share

Treatment for healthy skin using new technology

16/09/2025

Keep Your Skin Healthy 🤠

16/09/2025

Start loving your skin to day 🤩

16/09/2025

🌿 skin එක කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම බලමු .....

සම යනු අපගේ ශරීරයේ විශාලතම ආවරණය. එය අප ආරක්ෂා කරන පළමු ආරක්ෂණ පේළිය වන අතරම විශාල වගකීම් ගණනාවක් සම මගින් ඉටු කරනවා .

Skin එකේ ප්‍රධාන කාර්යයන් මොනවද කියලා දැන් අපි බලමු 🤩

ආරක්ෂාව – බැක්ටීරියා, වෛරස්, රසදිය, UV කිරණ වලින් ආරක්ෂාව සපයනවා

උෂ්ණත්වය පාලනය

සංවේදීත්වය

වියළිම හා තෙතමනය පාලනය

Skin එකේ ස්තර 3ක් ඇත
1. Epidermis– පිටතම ස්තරය, නව cells නිපදවයි.
2. Dermis– collagen, elastin, blood vessels තියෙනේ මෙම ස්තරය තුලයි
3. Hypodermis – fat layer එක තියෙන්නේ මෙම ස්ථරයේ.

සම සෞඛ්‍යය සම්පන්නව රඳාපවතින්න බලපාන කරුණු මොනවද කියලා දන්නවද 🤔

- ආහාරය (Vitamin A, C, E, Zinc වගේ)

- වතුර බොන ප්‍රමාණය

- Hormonal balance

- Skincare routine

- නිදි නින්ද සහ මානසික ආතතිය

Best skin එකක් ලබා ගා මොනවද use කරන්න ඔනේ දෙවල් 😉

- Gentle cleansing
- Moisturizing
- Sun protection (SPF)
- Healthy diet
- Avoid harsh products

Skin එක පිරිසිඳුව තබාගැනීම සඳහා කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැනත් අපි බලමු 🙄

---

✅ කළ යුතු දේවල් (DOs)

දිනපතා මුහුණ සෝදන්න

Mild cleanser භාවිත කරන්න. harsh soaps වලින් වලකින්න.

සම වියලිම වැලක්විම සදහා Moisturizer භාවිත කරන්න

Sunscreen use කරන්න .අවම වශයෙන් SPF 30.

නිසි ආහාරයන් ආහාර වෙල් සදහා යොදා ගන්න. Vitamin A, C, E, Zinc සහ Omega-3.

ප්‍රමාණවත් වතුර බොන්න

රාත්‍රි නින්ද හොඳට ලැබෙන්න ඕන.

Makeup හරිපරිදි ඉවත් කරන්න. විශේෂයෙන් නිදියන්නට පෙර.

❌ *නොකළ යුතු දේවල් (DON’Ts)

Face එක නිතර අතට අල්ලන්න එපා.

Pimples මත කඩන්න යන්න එපා. scars ඇතිවෙයි.

Heavy makeup නිතරම දාන්න එපා

Unwashed makeup brushes භාවිත කරන්න එපා

Sugary & oily foods අධික ලෙස කන්න එපා. සමයට අහිතකරයි.

Smoking / alcohol සමය වේගයෙන් වයසට පත් කරයි.

Too much exfoliation–සමේ natural barrier එක බිඳේ.

Beauty Advisor( cosmetologist ) -Dilshani

10/09/2024

🤔

10/09/2024

සම කියන්නේ අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන අතර එමගින් සම්පූර්ණ බාහිර පෘෂ්ඨය ආවරණය කරයි . එ වගේම සමට ස්තර 3ක් ඇත
එපීඩර්මිස්
ඩර්මිස්
හයිපෝඩර්මිස්

ඒවාට විවිධ ව්‍යුහ විද්‍යාත්මක ව්‍යුහයන් සහ ක්‍රියාකාරකම් තියෙනවා . එකින් එක අපි එ ගැන බලමු .

එපීඩර්මිස්

මෙය සමේ පිටත ස්ථරය වන අතර එපීඩර්මිස් එහි ක්‍රියාකාරිත්වය සඳහා ත ස්ථර කිහිපයකින් සහ විවිධ සෛල වර්ග වලින් සමන්විත වේ.

ඩර්මිස්

ඩර්මිස් ස්ථර 2 කින් සමන්විත වේ එනම් පැපිලරි සහ රෙටිකුලර වේ. පැපිලරි කියන්නේ ඉහළ සමේ ස්ථරය වන අතර එය තුනී සහ එපීඩර්මිස් සමඟ සම්බන්ධ වන ලිහිල් සම්බන්ධක පටක වලින් සමන්විතයි.
රෙටිකුලර් ස්ථරය යනු ගැඹුරු ස්ථරය වන අතර එය ඝනකම සහ අඩු සෛලීය වේ. මෙම ස්ථරය කොලජන් තන්තු මිටි වලින් සමන්විත ඝන සම්බන්ධක පටක වලින් සමන්විත වෙලා තමා තියෙන්නෙ. එ වගේම ඩර්මිස් තුළ දහඩිය ග්‍රන්ථි, හිසකෙස්, රෝම කූප, මාංශ පේශි, සංවේදී නියුරෝන සහ රුධිර නාල ඇත.

හයිපෝඩර්මිස්

hypodermis, dermis යටින් පිහිටා ඇත. මෙම ස්තරය ගැඹුරුම සමේ ස්ථරය වන අතර adipose lobules, සංවේදක නියුරෝන, රුධිර වාහිනී සහ රෝම කූප වැනි කුඩා සමේ උපාංග අඩංගු වේ.

මේලෙස ස්ථර කිහිපයින් හැදිලා තියෙන සම මගින් විවිධ කාර්යයන් සිදු කරයි. එයින් කිහිපයක් දැක්වුවොත්

ක්ෂුද්ර ජීවීන්ගෙන් ආරක්ෂා වීම

විජලනය, පාරජම්බුල කිරණ සහ යාන්ත්රික හානි මගින් ආරක්ශා කිරිම.

සම කියන්නේ බාහිර පරිසරයට එරෙහිව මිනිස් සිරුරට ඇති පළමු භෞතික බාධකයක් එ නිසා වේදනාව, උෂ්ණත්වය, ස්පර්ශය සහ ගැඹුරු පීඩනය පිළිබඳ සංවේදනයං සමෙන් ආරම්භ වෙනවා.

Chathurika Dilshani
( Skim care Specialist - Cosmetology )

10/09/2024

ඔබේ සම ආරක්ෂා කර ගන්නේ කෙසේද?

ඔබ වයසට යන විට කොලජන් සහ ඉලාස්ටින් නැති වී ගෙන යනවා. මෙය සමේ මැද තට්ටුව එහමත් නැත්නම් ඩර්මිස් ස්ථරය තුනී වීමට හේතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට සම එල්ලා වැටීමට හා රැලි වැටීම සිදු වෙනවා.

ඔබට වයසට යාමේ ක්‍රියාවලිය නැවැත්විමට නොහැකි වුවද මේහි දක්වා ඇති ක්‍රියා මගින් නිරෝගී සමක් පවත්වා ගැනීමට ඔබට උපකාරී වනු ඇත.

සෑම දිනකම Sunscreen ආලේප කරන්න (ඔබ බොහෝ විට ගෘහස්ථව සිටියත්). අවම වශයෙන් 30 (SPF) සහිත sunscreen ආලේප කරන්න. සම් පදම් කිරීම සමට හානි කරයි.

මානසික ආතතිය පාලනය කිරීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රම භාවිතා කරන්න. ආතතිය ඇතැම් සමේ තත්ත්වයන් වඩාත් නරක අතට හැරවිමේ හැකියාවක් තියෙනවා.

දුම්පානය සහ දුම්කොළ නිෂ්පාදන භාවිතය නතර කරන්න. සිගරට් සහ ඉලෙක්ට්‍රොනික සිගරට් වල ඇති නිකොටින් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය සම ඉක්මනින් වයසට යැමට ලක් කරනවා.

උදේ සහ රාත්‍රියේ කාලයේ ඔබේ මුහුණ සේදීම සඳහා මෘදු පිරිසිදුකාරක භාවිතා කරන්න. සම Dry විම වැළැක්වීම සදහා මොයිස්චරයිසින් Apply කරන්න.

Chathurika Dilshani ( Skin care specialist - Cosmetology )

19/06/2022

High frequency treatment

High frequency treatment කියන්නේ electronic treatment එකක්. ශරිරය හරහා කුඩා විද්‍යුත් ධාරාවක් යවලා තමයි මෙම treatment එක සිදු කරනු ලබන්නේ.

High frequency machine එකේ tube වර්ග 4ක් තියනවා. මෙම tube වලින් 3ක්ම පාවිච්චි කරන්නේ skin care treatment වලට වන අතර අනෙක hair care treatment වලට භාවිතා කරනවා.

High frequency treatment සිදු කරන්න පලපුරුද්දක් තියෙන්න ඕන. සමාන්‍ය කෙනෙකු මෙම treatment සිදු කරනු ලබන්නේ නම් අප සිතනා ප්‍රතිඵල ගන්න නොහැකි වෙන්න පුලුවන්.

High frequency treatment සිදු කරද්දි මුහුණේ සිට 7mm පමන දුරින් මිනිත්තු 30 පමන කාලයක් මෙම treatment සිදු කරනු ලැබයි.

මම දැන් කියන්නම් tube වර්ග 4 ගැන,

Mushrooms tube......

මෙම tube එක හතු වල හැඩයට සමානයි. මෙක අපි පාවිච්චි කරනු ලබන්නේ. නලලේ හා කම්බුල් දෙපැත්තේ සදහා treatment එක සිදු කරන්න.

Tongue tube...

මෙය නාසය දෙපැත්තේ treatment සිදු කරන්න යොදා ගනු ලබනවා. මෙහි අග කෙලවර හැඩක් බෝලයක හැඩයක් ගනු ලබයි.

Tongue tube

මේහි ඔවාලාකාර හැඩයකින් යුක්ත වෙනවා. මෙය වැඩිපුර යොදා ගන්නේ Acne treatment සදහා.

Comb tube

පනාවක හැඩයක් ගන්නා මෙය හිසකෙස් පිරන ලෙස හිසකෙස් සදහා treatment සිදු කරනවා.

දැන් බලමු high frequency treatment අපිට ලැබෙන benefits මොනවද කියලා.

Blood circulation එක වැඩි වෙනවා.

කුරුලැ පාලනය ( include sagging acny mangement )

Fine line , wrinkles අඩු වෙනවා

Puffy eye (ඉදිමුනු ඇස්) , dark eye අවම කරනවා.

හිස්සොරි අඩු කිරිම.

Contraindications (මෙම treatment සිදු නොකරන්නේ කාටද?

Sensitive skin තියන අයට මේ treatment සිදු නොකරයි .

ගර්භණී හා කිරිදෙන මව්වරුන් සදහා සිදු නොකරයි

බයිපාස් / හාට් සම්බන්ද මැශින් දලා තියන අයට සිදු නොකරයි .

දත් වලට පේලේට් දලා තියන අයට සිදු නොකරයි.

High frequency treatment ගැන බොහො කරුණු අන්තර්ජාලය හරහා ඔබට ඉගන ගන්න පුලුවන්.

Chathurika dilshani (cosmetology student )

19/06/2022

Rice hair Mask

හිසකෙස් වල මහත මදි , තුනී කොණ්ඩයක් මට තියෙන්නේ කියලා කියන හැමොටම ලේසියෙන්ම කරගන්න පුලුවන් හිස කෙස් සත්කාරයක් තමා Rice hair mask එක කියන්නේ..

මුලින්ම බලමු අවශ්‍ය ද්‍රව්‍ය

* හාල් මේස හැදි 2ක් ( ඕනම හාල් වර්ගයක් ගන්න . මම නම් කැකුළු හාල් තමයි භාවිතා කරේ)

* වතුර කෝප්පයක්

දැන් බලමු කොහොමද මෙක හදා ගන්නේ කියලා.

හාල් ටික වතුර එකට mix කරලා පැය 3ක් පෙගෙන්න තියන්න.

පැය 3 පස්සේ හාල් ටික පෙරලා ගන්න . ඉතුරු වෙන වතුර ටික hair එකට spry කරන්න පුලුවන්. එ නිසා එ ටික විසික් නොකර spray bottle එකකට දලා තියා ගන්න.

පෙගිච්ච් හාල් ටික අරගෙන වතුර ටිකක් දලා තබ්බ ගන්න.

වතුර යන්තම් තියෙද්දි ලිප ඔෆ් කරලා නිව්වනට පස්සේ බෙලෙන්ඩර් කරගෙන paste එකක් විදියට හදා ගන්න.

දැන් හිස් කබලේ වගෙම ඔයගේ hair එකේ මේ paste එක හොදින් ආලේප කරන්න

පැය භාගයක් තියලා මද උණුසුම් ජලයෙන් සොදා හරින්න.

මතක තියා ගන්න ඕන වැදගත් දේ තමා මේ treatment කරද්දි කොන්ඩේ තෙල් ගාලා තියෙන්නෙ බැ. එහම තියනවා නම් මුලින්ම කොන්ඩේ ශැම්පො කරලා පිරිසිදු කර ගන්න මතක තියා ගන්න.

මම
Chathurika Dilshani ( cosmetology student )

19/06/2022

මවු පදවිය හා රුපලාවන්‍ය 🤰🤰🤱🤱

Facial එකක් කියන්නේ සම පැහැපත් කරන ප්‍රතිකාරයන්. ඉතින් පැහැපත් බවට අමතරව මනසට සුවයක් ද මෙමගින් ලැබෙනවා. සමාන්‍ය කෙනෙකුට ෆේශල් එකක් කරනවා වගේ දරුවකු ලැබෙන්න සිටින මවකට කරන්න බැහැ.

මව් පදවියේ සිටිනා කෙනෙකුට නොකරන treatment

Galvanic facial
High frequency
Golden facial
Silvar facial
Aroma facial

මෙ වැනි treatment වලදි ශරිරය හරහා කුඩා විද්‍යුත් ධාරාවක් යන නිසා දරුවාට හානිදායකත්වයක් ඇති විය හැකිය.ඒම නිසා මෙවැනි treatment නොකළ යුතුය.

ඔක්සිජන් ෆේශල් , හර්බල් ෆේශල් ගර්භණී කන්තාවන්ට කරන්න පුලුවන්.

ෆේශල් මාසාජ් කිරිමේදි ලිම්පටික් මාසජ් එහමත් නැත්නම් වසා පද්ධතිය ආශ්‍රිත සම්භාහනය නොකළ යුතුය.

නිල සම්භාහනය ද නොකළ යුතුය.

රසයනික ද්‍රව්‍ය යොදා ගෙන කරන treatment නොකර යුතුය.

හිස මසාජ් කිරිම කිරිම මවට සුව දායක බවක් ගෙන දෙනවා. ගර්භණී අවදියේ හිසකෙස් ගැලවිම සිදු වන්න පුලුවන්. ඒම නිසා පොල්තෙල් වැනි තෙල් වර්ගයක් භාවිතා කර හිස සම්භාහන කර හැකිය.

ස්ට්ට්‍රේනින් , පර්ම් , රිබොන්ඩින් , රිලැක්ස් වැනි chemical hair treatment සිදු නොකළ යුතුය.

ගර්භණී අවදියේ දි lipstick , makeup භාවිතා කරනවා නම් එ ගැනත් සැලකිල්ල විම වැදගත්. මක් නිසාද එයත් සමහර products වල විවිධ ලෝහ වර්ග අඩංගු වෙන්න පුලුවන්.

තමා සිටින අවධිය ගැන අවබෝධයක් ලබා ගෙන treatment කිරිමට වගබලා ගත යුතුය.

Chathurika dilshani (cosmetology student )

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Weligama
Matara