BMED Laboratory
Blood & urine test
24/12/2022
ලේ මුත්‍රා සාම්පල එකතු කිරිමේ නව මධ්‍යස්ථානයක් නාවිමන මහාරාජ විද්‍යාලය අසල විවෘත කර ඇත.
BMED Laboratory
Kotuwegoda
Nawimana (blood / urine collecting center)
06/12/2022
BMED Laboratory
විශ්වසනීය සේවාවක්
කොටුවෙගොඩ මාතර
12/10/2022
No 18, jayasumanarama road, kotuwegoda, matara
0412220024
12/10/2022
රුධර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි රෝගීන් පිලිපැදිය යුතු උපදෙස් ...
# ශරීරයෙ සාමාන්‍ය උසට සරිලන බර පවත්වා ගැනිමට අවශ්‍ය අහාර පමණක් තෝරගන්න
# අසන්තෘප්ත තෙල් වර්ග භාවිතා කරන්න.
(සුරියකාන්ත, සෝයා,කෝන්, තල තෙල්,ඔලිව් තෙල් ) මෙම තෙල් වර්ග නැවත නැවත නැවත භාවිතා නොකරන්න.
# සන්තෘප්ත මේදය සහිත බටර්, මාගරින්, ගිතෙල්, සත්ව තෙල්, පාම් තෙල්, පොල් තෙල් භාවිතය හැකි තරම් අඩු කරන්න.
# ගැබුරු තෙලෙ බදින ලද අහාර සහ පේස්ට්‍රි වැනි ක්ශනික අහාර වල කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිය.
# කිරි ආහාර තෝරා ගැනිමෙදි මේදය රහිත කිරි ආහාර තෝරා ගත යුතුයි. (මේදය රහිත කිරිපිටි/ මේදය රහිත යෝගට්..)
# සත්ව ආහාර භාවිතය හැකි තරම් අඩු කරන්න.(හරක් මස්, ඌරු මස්, එලු මස්, ඉස්සන්, කකුලුවන්, දැල්ලන්, බිත්තර කහ මදය, සොසෙජස්, මීට්බෝල්ස්.. )
# මස් වර්ග භාවිතා කිරීමෙදි තෙල් සහිත කොටස්, පීකුදු, ඉවත් කර අහාරයට ගන්න.
# මස් භාවිතයට වඩා මාලු භාවිතය වැඩි කරන්න.
# සත්ව ප්‍රොටීන වෙනුවට ශාක ප්‍රොටීන නිතර අහාරයට එකතු කර ගන්න.(පරිප්පු, කඩල, කව්පි, සෝයා, මුන් ඇට,...)
# කෙදි සහිත එලවලු පලතුරු නිතර භාවිතා කරන්න.(බෙලි, දොඩම්, දිවුල්,..කුරුට්ට සහිත ඇට වර්ග- බාර්ලි, ඕට්ස්, නිව්ඩු හාල්... පලා වර්ග)
# සරල සීනි වර්ග භාවිතය අඩුකරන්න. (ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් වැඩි -- සීනි, ග්ලුකෝස්,මෝල්ට්, පැනි බීම,චොකලට් ..)
# දිනපතා පැය බාගයක පමන වියයාම වල යෙදෙන්න.
25/08/2022
දියවැඩියාවෙන් ඔබගෙ දෙපා අරක්ශා කර ගැනිමට උපදෙස්
දිනපතා ඔබගෙ පාද පරික්ෂා කරන්න. එ සදහා අත් කන්නාඩ් යක් පාවිච්චි කරන්න. රතු වීම ඉදිමීම තුවාල වීම ගැන සැලකිලිමත් වෙන්න.
දිනපතා උනුකර නිවාගත් මද උනුසුම් ජලයෙන් දෙපා සෝදන්න. ජලයේ උනුසුම් ගැන සැලකිලිමත් වෙන්න. ස්පොන්ච් කැල්ලක් භාවිතා කර මෘදු ලෙස දෙපා පිරිමදින්න. සේදීමෙන් පසුව දෙපා හොදින් තෙතමාත්තු කරන්න. දෙපාවල ඇගිලි අතර වියලිව තබා ගැනිමෙන් ඇගිලි අතර දිලීර ආසාදන අවම කරගන්න.
දෙපාවල තෙතමනය පවත්වා ගැනිමට සුදුසු ක්‍රීම් එකක් දිනපතාම භාවිතා කරන්න. දියවැඩියා රෝගීන්ටම සැකසූ ක්‍රීම් වර්ග ෆාමසියකියන් මිලදී ගත හැකිය. එමගින් දෙපා කැසීම ඉරිතැලීම් අවම කරයි. ඇගිලි අතර සහ යටිපතුලෙ ආලේප නොකරන්න.
දිනපතා පාද මසාජ් කරන්න. දිනපතා වියයාම කරන්න. (ඇවිදීම / දිවීම /පිහිනීම බයිසිකල් පැදීම )දුම් පානය නවතා දමන්න.
අවස්‍යතාවය අනුව අයිස් හෝ උනුවතුරෙන් තැවීම පරික්ශාකාරි ලෙස කල හකිය.මෙමගින් පාදයෙ රුධිර සංසරනය වැඩි කරයි. පාදයෙ හිරිවැටීම අඩු කරයි.
නිය කැපීමෙදී පරික්ශාකාරි වන්න. නියපොතු ඉතා කොටට නොකපන්න. තිරස් අතට පමණක් කපන්න.
ඔබගෙ තුවාල ගල් තැලුම් කරගැට සදහා ඔබ විසින්ම ප්‍රතිකාර නොකල යුතු අතර වෛද්‍ය උපදෙස් අනිවාර්ය වෙයි.
නිතරම පාවහන් පලදින්න පුරුදු වෙන්න. නිවස තුලද පාවහන් පැලදීමෙන් ඔබගෙ දෙපාවලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය. පාවහන් පැලදීමෙන් තොරව නිවසින් පිට ඇවිදීම නොකරන්න.
පාවහන් භාවිතයට පෙර පවහන් පරික්ශා කර බලා පවහන් වල අනතුරු දායක ද්‍රව්‍ය ඇතොත්(ඇන/ ගල් කැට..) එවා ඉවත් කරන්න.
දියවැඩියා රෝගීන් සදහාම නිපදවන පාවහන් භාවිතා කරන්න. එම පාවහන් සකස්කර ඇත්තේ හිරිවැටුනු ඔබෙ පාද වල තුවාල ඇති වීම වැලැක්වීමට සහ තුවාල සහිත නම් ඉකමනින් එම තුවාල සුව වීමට උදවු කිරීමටය.එමගින් අනෙකුත් පාවහන් පැලදීමෙන් ඔබගෙ දෙපාවලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය. පාවහන් මිලදී ගත යුත්තෙ සවස් කාලයේදීය. ඔබගෙ පාදයෙ size එකට වඩා එක size එකක් ලොකු පාවහන් මිලදී ගන්න.
උසට සරිලන බර පවත්වා ගන්න.
පිරිසිදු වියලි මේස් භාවිතා කරන්න. දිනපතා සෝදන්න. දියවැඩියා රෝගීන්ට විශේෂයෙන්ම සකස් කරන ලද මේස් පමණක් භාවිතා කරන්න.
වෛද්‍ය උපදෙස් අනුව රාත්‍රි කාලයේදි මේස් භාවිතා කිරිමෙන් පාදයෙ වෙදනාවන් අඩුකර ගත හැකිය.
දුම් පානය ඔබගෙ දෙපාවල රුධිර සංසරනය අඩු කරයි. විටමින් සහිත ආහාර ලබා ගන්න. නියමිත පරිදි බෙහෙත් මාත්‍රා ලබා ගන්න. මානසික සහනයද රෝග පාලනයට ඉතාම අවශ්‍ය බැවින් සුවනින්ද /විවෙකයෙන් සිටිම/භාවනා කිරීම වැදගත් බව මතක තබා ගන්න.
BMED FOOTCARE
13/08/2022
BMED Laboratory
දියවැඩියා රෝගීන් සදහා අත්‍යාවශ්‍ය පරික්ෂණ ක්‍රමවත්ව නියමිත කාලයේදී වෛද්‍යවරයාගේ උපදෙස් අනුව සිදුකල යුතු අතර එමගින් දියවැඩියාව නිසා අතිවිය හැකි සන්කුලතා සහ අනෙකුත් රෝගී තත්වයන් කල්තබා හදුනා ගෙන නිරෝගීව ජීවත් වීමට උපකාරී වෙයි.
මාසිකව FBS / PPBS
මාස තුනකට වරක් Hba1C
මාස හයකට වරක් LIPID PROFILE
FBC / AST / ALT /
S. CREATININE
URINE MICRO ALBUMIN
වසරකට වරක් FOOT EXAMINATION
EYE ASSESSMENT
2D ECHO / ECG
FBS ( FASTING BLOOD SUGER )
මෙම රුධිර පරික්ෂණය සදහා පැය 8-10 නිරාහාරව සිටිය යුතු අතර අවශ්‍ය වු විට ජලය පමණක් පානය කල හැකිය. රාත්‍රි කාලයේ ලබා ගන්නා බෙහෙත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත යුතු අතර ඔබ ඉන්සියුලින් භාවිතා කරන්නෙ නම් රාත්‍රි කෑමට පෙර ඉන්සියුලින් මාත්‍රාව එ අයුරින්ම ලබාගන්න.
PPBS ( POST PRANDIAL BLOOD SUGER )
දිවා ආහාරය ලබා ගැනිම අරබා පැය දෙකකට පසුව රුධිර සාම්පලය ලබා දෙන්න. මෙම පරික්ෂණය කිරිමෙදි සුපුරුදු පරිදි උදෑසන සහ දිවා අහාරය ලබා ගත යුතු අතර නියමිත පරිදි උදෑසන සහ දිවා කලයේ බෙහෙත් මාත්‍රා එ අයුරින්ම ලබා ගන්න. උදෑසන අහාරයෙන් පසුව මෙම පරික්ෂණය සිදුකිරිමෙන් වලකින්න.
LIPID PROFILE
මෙම පරික්ෂණය සදහා පැය 14 කාලයක් නිරාහාරව සිටිය යුතුය.
රාත්‍රි කාලයේ බෙහෙත් මාත්‍රා නියමිත පරිදි ලබා ගන්න. අවශ්‍ය නම් ජලය පමණක් පානය කල හැකිය.
ඇනෙකුත් පරික්ෂණ සදහා නිරාහාරව සිටිමෙ අවස්‍යතාවයක් නොමැත.
BMED Laboratory මෙම සියලු පරික්ෂණ සිදු කරනු ලබයි.
0412220022
No 18, jayasumanarama road kotuwegoda matara
08/08/2022
Till 31/12/2022
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No18, Jayasumanarama Road, Kotuwegoda Matara
Matara
Opening Hours
| Monday | 07:00 - 20:00 |
| Tuesday | 07:00 - 20:00 |
| Wednesday | 07:00 - 20:00 |
| Thursday | 07:00 - 20:00 |
| Friday | 07:00 - 20:00 |
| Saturday | 07:00 - 20:00 |
| Sunday | 07:00 - 20:00 |