Sava and Manu

Sava and Manu

Share

� ආදරෙන් ඉමු සැම දා

31/08/2020

🤘

14/02/2020

#ඉවසිල්ලක්ම #නැ.... ❤️✋🖤

03/02/2020

👩‍💼❤️🖤🧔

01/02/2020

ි_දවස..❤️👉 2020.02.02👈

27/01/2020

😪 #මුල්_කාලෙදි_විතරයි

26/01/2020

,, #වෙසක් #කුඩුවක් #හොදෙ...🤗🖤

20/01/2020

කෙල්ලෙක්
කියලා කියපු ගමන් මොකක්ද එකපාරට මතක්වෙන්නෙ..
•ලොකුකම
•ආඩම්බරකම
•අහංකාරකම
•සල්ලි වලට කෑදරකම
වගේ ගතිගුන වලින් පිරිච්ච හැම එකටම අඬ අඬ ඉන්න විකාරයක් නේද.. එච්චරයිනෙ අපි කෙල්ලො ගැන දන්නෙ නේහ්😂..
නෑ බං අපි කෙල්ලො ගැන දන්නෙ නෑ.. බං කෙල්ල, ගැහැනිය, කාන්තාව කියන්නෙ දුක, වේදනාව, දරාගැනීම, ඉවසීම වගේ වචන වලට තව සමාන පද ටිකක්.. ඇයි දන්නවද එහෙම කියන්නෙ.. කෙල්ලෙක් කවද්ද බං පිටිනුයි ඇතුලෙනුයි දෙකෙන්ම සැනසීමක් සතුටක් ලැබුවෙ?? ඒකිට හැමාදාම මොකක්ම හරි ප්‍රශ්නයක්නෙ.. මිනිස්සු උනාම හැමෝටම ප්‍රශ්න කරදර ලෙඩ දුක් වේදනාවල් තියෙයි ඒත් බං පිරිමි අපිට කවදාවත් දැනෙන්නෙවත් නැති ලොකු වේදනාවල් හතරක් හැම කෙල්ලෙක්ටම ජීවිතේ විඳින්න වෙනවා..
1. මෙන්සස් වේදනාව
2. ප්‍රසූත වේදනාව
3. ගර්භණී කාලය ඇතුලත වේදනාව
4. දෙමව්පියන්ගෙන් ඈත්වීමේ වේදනාව
මේ එකක්වත් පිරිමි අපිට නෑනෙ බං.. ඒත් හැම ගෑනියෙක්ම අර හැමෝටම පොදුවෙ අත්වෙන කරදර ලෙඩදුක් වලට අමතරව මේ ටිකත් දරාගන්න ඕනි.. ඒ අස්සෙ තව මිනිහා බීලා ගෙදර ආවම උගෙ බයිට් එක වෙන්නත් ඕනි ඒ ගෑනි..

අපි ඔලුවෙන් හිටගත්තත් අපිට බෑ මේ වේදනාව නැතිකරන්න ඒත් අපිට පුලුවන් බං ඒකිට ඒ වේදනාව දැනෙන එක ටිකක් අඩුකරන්න.. හිතලා බලපන් සමහරවිට ඒකි කියනවා ඇති උඹට අයියෙ මට අද සනීප නෑ කියලා.. ඒ කිව්වම හ්ම්ම් කියලා රිප්ලයි කරලා උඹ මගඅරිනවත් ඇති.. ඊටපස්සෙ ඒකි කතාව වෙනස් කරලා වෙන දෙයක් ගැන කතාකරන්න ගන්නවා.. අත්දැකීමෙන් කියන්නෙ බං ඒකි ඒ වෙලාවට මානසිකව ගොඩක් වැටෙනවා උඹ ඒක ගනන්ගත්තෙ නැති උනාම.. අපේ බාශාවෙන් කියනවනම් "ඩේට්"... ඒක මේ අපිට හැදෙන බඩේ අමාරුව වගේ එකක් නෙවෙයි බං ඒ වගේ සියගුනයක් ලොකු වේදනාවක්.. කරන්න කිසිම දෙයක් නෑ වේදනාව නැතිකරන්නවත් අඩුකරන්නවත් කිසිම බෙහෙතක් වේදනා නාශකයක් නෑ.. හිතපන් දවස් දෙකක් තුනක් තිස්සෙ එකම විදියට බඩ කොන්ද රිදෙනවා ඇඟට පන නෑ ඔලුව කැරකෙනවා ඒ අස්සෙ සැරින් සැරේ ලේ යනවා.. නිකමට හිතලා බලපන් අපිට එහෙම දෙයක් උනොත්😕.. ඉදලා හිටලා හැදෙන ලෙඩක්නම් කමක් නෑනෙ බං ඒත් මේ මාසෙ හැදිලා හොඳ උනත් ඊලඟ මාසෙත් හැදෙනවා කියලා දන්නවනෙ ඒකි කැලැන්ඩර් වල ලකුනු කරගෙන දවස් ගැනලා මොන දුකක්ද බං ඒ විඳින්නෙ.. පව්නෙ බං ඒකි.. උඹට මහලොකු දෙයක් කරන්න බෑ තමයි ඒත් කතාකරපන් ඒකි එක්ක.. මැසේජ් විතරයි තමයි ඒත් නිකමට හරි අහපන් අමාරුයිද මැනික කියලා.. එහෙම දවසටත් ලගින් ඉන්නවා කියලා පෙන්නපන් ඒකි පුදුම විදියට සතුටුවෙනවා බං.. ජරාවක් කියලා එදාට විතරක් ඒකිව ඈත්කරන්න එපා බං අනිත් දවස් වලට අප්පිරියාව පැත්තක තියලා උඹ කරන දේවල් කියන්න ඕනි නෑනෙ.. ඇත්ත ඒ අතින් බලද්දි අපි කෙල්ලන්ට වඩා පිරිසිදුයි තමයි ඒත් අපි ආවෙත් එතනින්මනෙ බං..
මහලොකු දේවල් කරන්න ඕනි නෑ බං කෙල්ලෙක් සතුටුකරන්න ඒකිගෙ දුක නැති කරන්න.. අපි හැමෝම දන්න දෙයක්නෙ කෙල්ලො කියන්නෙ පොඩි දේත් ලොකුකරගන්න ජාතියක් පොඩි වචනෙකට දවස් ගනන් රන්ඩුකරනවනෙ ඒ වගේ තමයි පොඩි වචනයක් ඇති ඒකිට උඹ වෙනුවෙන් හැම දුකක්ම විඳගෙන ජීවත්වෙන්න.. අපේ පැත්තෙන් බැලුවම පොඩි දෙයක් ඒත් ඒකිට ඒක මහමෙරක් තරම් වටින ලොකු සැනසීමක් බං.. හැම එකටම යකා වගේ මූනට පනින්න එපා බං ඒකිගෙ ආදරෙන් කතාකරපන් දවසට එකපාරක් හරි ආදරෙයි කියලා කියපන් උඹට ඒකිව ඕනි කියලා කියපන් කොච්චරක් වටිනවද කියලා කියපන් ඒකි ලස්සන නැතිවෙන්න පුලුවන් ඒත් හැමවෙලේම ඒකිව වර්ණනා කරපන්.. කරලා බලපන් ඒ මූනට එන හිනාව.. සල්ලි, ලොකු ගිෆ්ට් ඕනි නෑ බං කෙල්ලෙක් සතුටින් තියන්න පොඩි වචනයක් ඇති..
උඹ ඒකිගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නම දඟලන්න ඕනි නෑ බං ඒකිට නීති දාලා බනින්න ඕනි නෑ හොදින් කියලා ඒකිට තාත්තා වගේ හොඳ නරක කියලාදීපන් විහිලුවක් කරලා අවුස්සලා ඒකිගෙ සහෝදරයා වෙයන් ඒකිගෙ දුක අහලා සතුට බෙදාගෙන ඒකිගෙ හොදම යාලුවා වෙයන් ඒකි උඹ කියන ඕනි දෙයක් කරනවා බං.. උඹ කියපු එක දෙයක් ඇහුවෙ නෑ කියලා උඹ ඒකිව කන්න හැදුවට කල්පනාකරලා බලපන් උඹ කියන හින්දා කොච්චර දේවල් ඒකි කරාද උඹේ වචනෙ හින්දා ඒකි කොච්චර දේවල් නැතිකරගත්තද.. යාලුවො එක්ක යන්න හිටපු ගමන් කීයක් කැන්සල් කරාද උඹේ වචනෙ අහලා.. දවසට විනාඩි පහක් හරි අරගෙන ඒකිගෙ පැත්තෙනුත් හිතපන්.. කරන ගොන් වැඩ හිතුවක්කාර වැඩ වලදි ටිකක් ඉවසපන්.. හැමවෙලේම නැතත් ටිකක් හරි ඒකි කැමති දේවල් කරන්න පොඩි නිදහසක් දීපන් ඒකිත් ආසයි උඹ වගේ නිදහසේ ඉන්න..

බැනලා කවදාවත් හදන්න බෑ බං කියන දෙයක් අහන්නෙ නැත්තන් හොදින් කියපන් මම ආයෙ ඔයාට මොකුත් කියන්නෑ නීති නෑ කැමති දෙයක් කරන්න කියලා.. ඒකිම කියයි එහෙම ඉන්න එපා මට බනින්න නීති දාන්න කියලා ඒකි බයයි උඹට ඒකිව අතඇරෙයි කියලා.. මොකද අම්මා තාත්තගෙන් පස්සෙ ඒකිට තියෙන වටිනම දේ උඹ.. උඹේ විදියට කෙල්ල නමාගන්න හදන්න එපා බං ඒකිගෙ විදියට උඹ හුරුවෙයන්..

තව දෙයක් සහෝදරයා.. තමන්ගෙ කෙල්ල ලඟ චුට්ටක් කොන්ද පාත්කරලා ඉන්න ලැජ්ජවෙන්න එපා පිරිමියෙක් ගෑනියෙක්ට බය නෑ ඒත් බයයි වගේ පෙන්නපන් ඒකි ආසයි ඒකට😎 ගෑනිට බයේ කියලා සමහර ඔස්තාර්ලා පොර ටෝක් දෙයි උඹට.. යාලුවො වැරදි දෙයක් කරපන් කිව්වත් කෙල්ල කවදාවත් වැරදි දෙයක් කරන්න කියන්නෑ බං ඒකත් හිතේ කොනක තියාගනින් අනික කෙල්ලයි යාලුවොයි බැලන්ස් කරන්න බැරිනම් උඹේ පිරිමිකමෙන් වැඩකුත් නෑ බං..

නියම පිරිමියා කියන්නෙ ගෑනිව පහලට දාලා වැඩකරන එකාට නෙවෙයි ඒකි උඹේනෙ කවුරු නැතත් උඹ හිටපන් ඕනි දේකට ඒකිත් එක්ක.. උඹලා මට බනී එක එක කතා කියයි අවුලක් නෑ වැරදි තියෙයිනම් අඩුපාඩු තියෙයිනම් කියන්න බැරු උන දෙයක් තියෙයිනම් ඕනි දෙයක් පලහින් කමෙන්ට් කරපන්.. විනාඩියක් අරන් හිතලා බලපන් උඹ ඒකිට කොහොමද සලකන්නෙ කියලා කොහොමද කලින් සැලකුවෙ කොහොමද ඉස්සරහට සලකන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා... මාත් උඹලා වගේමයි කලින් හිතන් හිටියෙ බං ඒත් මගෙ කෙල්ලගෙ වේදනාව මට පේනවා බං ඕනිම දෙයක් උඹත් එක්ක කියන තත්ත්වෙට කෙල්ල හදාගන්න උඹට පුලුවන් උඹේ කෙල්ලත් උඹට හැමදේම කියයි එදාට උඹත් මම වගේ හිතයි අද බැන්නට🙏

මොනවා නොදුන්නත් පුලුවන් විදියට ආදරේ දීපන් ඒකි නොදෙන දෙයක් නැතිවෙයි උඹට.. ලස්සන අනාගතයක් තියෙයි උඹලා දෙන්නට😎❤
**@< SAVA AnD MANU >@**

19/01/2020

😍🤷S❤M🤵😍

19/01/2020

❤🤷🤵❤

18/01/2020

😍 @ #ආදරේට_limit_නැත_Ape....❤

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara