SALON D LA
Makeup artist and hair dresser by
💜 R Dilshani Rathnayaka.
02/08/2026
#සංසාර_හිමිකම
හොස්පිටල් එකට ඇවිත් පැයක්ම ගෙවුණත් ඩොක්ටර්ස්ලා තාම තියටර් එකෙන් එළියට ඇවිල්ලා එයාට මොකද කියලවත් කිව්වේ නෑ…මගේ ඔළුවත් එක්ක අවුල් මොකද ඒයාට සිහිය තිබ්බනේ එයාට මොනා හරි වුණොත් මම මානසික පිස්සියක් වෙයි….ඒත් ඇයි මම එයා ගැන මෙච්චර හිතන්නේ….
“මෞර්යා අපි දැන් ගෙදර යන්ද?....”
“මට බෑ…එයාට සිහිය එනකල් ඉදලා මම යන්නම් බෝඩිමට ඉමා බයවෙලා ඇති….’”
“ඒත් අද මගෙත් එක්ක ටිකක් වෙලා ඉන්න නේද මෞර්යා ඔයා ආවේ!...”
“අයියේහ්…මට දැන් බෑ වෙන දවසක අපි කතා කරමු ඔයා යන්න මම ටැක්සි එකක් දාන් යන්නම් මම අනිද්දා උදේම ගමේ යන්නත් ඕනේහ්….”
“ම්ම්ම් මම යනවා එහෙනම්!...”
සහස් අයියා මූණත් අවුල් කරගෙන ගියේ කියන්න මම හොදටම දැක්කා ඒත් මට ඒක ගැන ගානක් නෑ…මම එහෙන්මම පුටුවට බරවෙලා තියටර් එක දිහාම බලන් හිටියේ පපුවෙන් දැනෙන හීන් රිදුමකුත් එක්කමයි….තවත් පැයක් විතර ගෙවෙද්දී ඩොක්ටර් තියටර් එකෙන් ඇවිල්ලා හිටගත්තේ මගේ ඉස්සරහින්…
“මේ පේෂන්ගේ කවුද?....”
“ම්ම්ම් ම.ම යාලුවෙක් මම තමා එයාව හොස්පිටල් ඇඩ්මිඩ් කරේ…එයාට මොකද ඩොක්ටර්….”
“ම්ම්ම් බාහිරින් විතරයි තුවාල වෙලා තියෙන්නේ ශරීරයේ අභ්‍යන්තරයට කිසිම හානියක් නෑ ඒක නිසා බයවෙන්න දෙයක් නෑ….එයාට සිහිය ආවා ඔයාට එයා එක්ක කතා කරලා ගෙදර කාට හරි ඉන්ෆෝම් කරලා යන්න පුළුවන්….”
මට හරියටම හුස්ම වැටෙන්න ගත්තේ දැන් කිව්වොත් හරි…
“තෑන්ක්ස් ඩොක්ටර්….”
ඩොක්ටර් මට පෙන්නපු රූම් එක ගාවට ඇවිත් දොරත් ඇරගෙන ඇතුළට ගියා…ඔව් එයා මම දිහා එක පාරක් බලලා අහක බලාගත්තේ ඇයි කියන්න මම දන්නේ නෑ….ඒකට මගේ හිත තවත් රිදුනා…මම එයා ළගට ගිහින් හිටගත්තේ ඒ මූණ පුරාම ඇස් යවන ගමන්…
“හායි…ඔයාට දැන් කොහොමද?....”
මම අහනවත් එක්ක එයා උවමනාවෙන් මම දිහා බැලුවා…
“ම්ම්ම් ශේප් අවුලක් නෑ…කෝ බෝයිෆ්‍රෙන්ඩ් ගියාද?....”
“ආ….ම් ඔව් එයා ගියාහ්…ඔයාගේ ගෙදර කාට හරි කෝල් එකක් ගන්නවද ආ මගේ ෆෝන් එකෙන් ගන්න….”
“ඕනේ නෑ….මම ටිකට් කැපුවහම ගෙදර යන්නම්…තමුසේ කරපු උදව්වට තැන්ක්ස් දැන් යන්න පුළුවන් පරිස්සමට යනවා….”
“මේ…මේ ඒත් ඔයා කොහොමද මේ අතත් බැන්ඩේජ් කරලා තියෙද්දී යන්නේ? තනියම පුළුවන්ද?....”
“ඇයි බැරිනම් එනවද? මට ආවතේව කරන්න ගෙදර නවතින්න එනවද නෑනේ ඒක නිසාහ් අන්න අරූව හුරතල් කරනවා ගිහින්….”
අනේ මන්දා මූලග්ගිනි කාරයෙක්ද කොහෙදෝ…මම ඔළුවත් හොල්ලා රූම් එකෙන් එළියට එන්න හදද්දී එතනම නතර වුනේ එයාහ් කියපු වචන ටිකට…
“මෞර්යා මිනිස්සූ ඕනෑවට වඩා විශ්වාස කරන්න එපාහ්…ම්ම්ම් අපි හිතන තරම් මිනිස්සුන්ගේ හිත් ලස්සන නෑ එයාලා කරන්නේ පුළුවන් තරම් හොද මිනිස්සු වගේ අපි ඉස්සරහා රඟ පාන එකහ්…ඒක නිසාහ් තමන්වම රවට්ටගන්න එපාහ්…ඔයා තාම ආදරේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ මෞර්යා ඒත් එකක් මතක තියාගන්න ඔයාට මේ ලෝකේ පණටත් වඩා ආදරේ කරන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි තාමත් හුස්ම ගන්නවා කියලාහ්….”
“ඔ…යාහ්…මාව කොහොමද දන්නේ! මේ ඇස් මට හුරුයි වගේ දැනෙන්නේ ඇයි…මාව දන්නවද? අනික මම ආදරේ කරන කෙනා ගැන ඔයා කොහොමද ඔහොම කියන්නේ….”
“තමුසේ තාම පුංචි කෙල්ලෙක් ගමක හැදුන කැලෑ මලක් මේ කොළඹ කියන්නේ තනිකරම මායාවක් ම්ම්ම් මිනිස්සු විවිධකාරයි ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කහම උන් ඒ කෙල්ලව හිතින් නිරුවත් කරලා ඉවරයි…ම්ම්ම් ඒක නිසා හැම වේලාවෙම මම මේ කියපු දේ හිතේ තියාගන්නවා….”
“ම.ම අහපු දේට උත්තරයක් දෙන්න බැරිද?....”
“බෑ දැන් යන්න…මම ඔයාව අදුරන්නේ නෑ මම ඇක්සිඩන්ට් වුණ වේලාවේ ඔයාගේ නම කවුරු හරි කියනවා ඇහුණා ඒක නිසා යන්න පරිස්සමින් ම්ම්ම්ම් මම දැන් කියපු දේවල් මගේ ජිවිතේ බේරුව ඔයා වෙනුවෙන් ඔයාගේ ජිවිතේ වෙනුවෙන් දුන්න ඇඩ්වයිස් එකක් කියලා හිතන්න!….”
මම තත්පර කිහිපයක්ම එයා දිහා බලන් හිටියා දාලා යන්න ලෝබ හැගීමක් දැනෙද්දී මම රූම් එකෙන් එක පින්මට දුවගෙන පාරට ආවේ ඇස් වලට කදුළු උනද්දී….ඔයා කවුද අයියේහ්…මේ නිල් ඇස් හාදයා මාව ඇතුලාන්තයෙන් කියවන්න හදනවා කියලා මට තේරුණා…ඔයා කවුද ඇයි එක දවසක් දැකපු මම ගැන එච්චර හිතන්නේ…කල්පනාවෙන්ම පාරේ ආපු වීල් එකකට අතදාලා නැන්ගේ යන්න ඕනේ පාරත් කියන ගමන්…මට ඒ ඇස් ළග හස්ව මොහොතකට අමතක වුණා දෙවියනේ…මේ ලෝකේ මම දකින්න ආසම ඇස් තියන ලස්සන පිරිමි ළමයෙක් එයාහ්…විනාඩි තිහක් විතර ගෙවෙද්දී වීල් එක බොඩින් එක ගාවින් නතර කරා මම වීල් එකෙන් බහිනකොටත් ඉමා එළියේ පුටුවක වාඩිවෙලා පාර දිහා බලාගෙන ඉන්නවා..මම සල්ලිත් දීලා ඇතුළට එද්දී ඉමා බයවෙලා මගේ උඩ ඉදලා පල්ලෙහාට බැලුවා…
“මේ මොකද සස්වී බයවෙලා වගේහ්…”
“අනේ මන්දා බන් සහස් අයියා ගැන හිතේ ආදරයක් තිබුණට මගේ හිත හරි බරයි ඉමා…නිල් පාට ඇස් දෙකක් මට මාවත් අමතක කරනවා බන්…”
“මොකාක් නිල් ඇස්?....”
ඉමා මගෙන් අහද්දී වුණහැමදේම කියද්දී ඉමා ලොකු හුස්මක් අරගෙන මගේ අතත් අල්ලන් ඇතුළට ඇවිත් බෙඩ් එකෙන් ඉදගත්තේ මටත් ඉදගන්න කියන ගමන්…
“මට ඔය නිල් ඇස් හාදයාව එකම එකපාරක් මුණගස්සන්න පුළුවන්ද සස්වී…”
“මං දන්නේ නෑ ඉමා එයාව ආයේ මටවත් දකින්න ලැබෙයිද කියලාහ්….”
“ඇයි එහෙම කියන්නේ?....”
“මගේ හිතට හරි නෑ ඉමා…මම වොෂ් දාගෙන ඇවිත් ටිකක් නිදාගන්නද මට එයාගේ නම්බර් එකවත් ඉල්ලගන්න සිහියක් තිබුනේ නෑ…ඒත් මම එයාට කරේ උදව්වක් විතරයි එතනින් එහාට ඒ ඇස් අස්සේ මට බලාපොරොත්තුවක් හදාගන්න බෑ මොකද සහස් අයියා මට ආදරෙයි කිව්වා ඉමා…මම මගේ ජිවිතේම කැපකරන්නේ සහස් අයියා වෙනුවෙන් විතරයි….”
“මට උබට කියන්න දෙයක් නෑ මටත් කියන්න තියෙන්නේ උබේ නිල් ඇස් හාදයා කියන දේ විතරයි ම්ම්ම් මිනිස්සු විශ්වාස කරන්න එපා…”
මට තවත් ඔළුව අවුල් කරගන්න ඕනේ නැති නිසා…මම ටවල් එකත් අරන් ඇවිත් වොෂ් එකක් දාගත්තා…හිතට දාහක් දේවල් එද්දී මම ඒ හැමදේම අමතක කරා රූම් එකෙන් එළිය ඇවිත් සහස් අයියට කෝල්ස් දෙක තුනක්ම ගත්තත් එයා ආන්ස්වර් කරේ නෑ…හිතට වරදකාරී හැගීමක් ඇණුනා මටහ් එයා මාත් එක්ක තරහෙන්ද කියලත් හිතුනා එන්න කියද්දී මාත් එක්ක කතා කරන්න ඕනේ කියද්දී එක දවසකට දැකපු ඇස් දෙකක් මත්තේ මම කාලේ වැය කරා වැඩිද කියලා හිතුනා මටහ්…මම මැසෙජ් එකකුත් දාලා ෆෝන් එක චාර්ජ් එකට ගහලා බෙඩ් එකෙන් දිග ඇරුනේ ඇසුත් පියාගන්න ගමන්…
“ම්ම්ම් ආ මේක කමුද? අද රාමෙන් එකක් හැදුවේ දෙන්නටම ඇතිවෙයි නේ උබට ගොඩක් බඩගිනිද?...”
“මට කන්න බෑ ඉමා බඩගිනි නෑ!...”
“අනේ මේ නිකන් ඉදහන් මෙන්න මෙකෙන් කටක් දෙකක්වත් කාපන්…”
ඉමාගෙන් බේරුමක් නැතිව තැන මම කටවල් දෙක තුනක් කෑවා…කාලා නිදාගන්න හදද්දීම ෆෝන් එකට කෝල් එකක් ආවේ හස්ගෙන් මම කෝල් එක ආන්ස්වර් කරේ හිතට සැහැලුවක් දැනෙද්දී…
“මෞර්යා…කොහෙද ඉන්නේ?....”
“ම.මම බෝඩිමට ආවා අයියේහ්…කෝල්ස් ගත්තා මම ඔයා ආන්ස්වර් කරේ නෑ….”
“මම වැඩක හිටියේ මෞර්යා විඩියෝ කෝල් එකක් ගන්නද?....”
“මේ මේ ඉමා ඉන්නවනේ!...”
“ම්ම් කමක් නෑ මටහ් බලන්න ඕනේහ්….”
“ඒත් අයියේ රූම් එකේ ලයිට්ස් ඕෆ් කරලා තියෙන්නේ!...”
“කමක් නෑ ඕයී…මේක පුදුම වැඩක්නේ කෝල් එකක් ගන්න කිව්වහම ගනින් මෞර්යා මම කැමති නෑ කටගහගෙන අනේ බෑනේ ගගා හුරතල් වෙන කෙල්ලොන්ට ශිට් හරි හරි උබ නිදාගනින්…මම වෙන එකියක්ට ගන්නම්….”
“අයි..යේහ් මම කිව්වේ ඇත්තනේ…ඔ.යාට පෙන්නේ නෑනේ මාව….”
“හරිහරි මම තියනවා…හෙට යුනි එනවානේ….”
“ම්ම්ම් බලමු අයියා තාත්තට ටිකක් අසනීපයි වගේ මම යන්න ඕනේ ගමට ඒකයි….”
“මම එන්නද මෞර්යා ඔයත් එක්ක යන්න!...”
මගේ ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තේ එයා මගෙන් එහෙම අහපු නිසාමයි…මං කොහොමද එයාව එක්කන් යන්නේ ලොකු කම්පැනි එකක ලොක්කෙක්ට ඒ වගේ මැටි වලින් හදපු ගෙදරක එක රැයක්වත් ඉන්න බැරිවෙයි මගේ තාත්තා හැමදාම රෑට බීලා කෑගහනකොට…එයාව තියාගන්න බෑනේ ඒත් කොහොමද මම එපා කියන්නේ…
“කියන්න මෞර්යා එන්න එපාද?....”
“අ.යියේ මුළු ගමෙන්ම කොන් වෙලා ඉන්න පවුලකට ඔයා පැහෙන්නේ නෑනේ ඉතින් එහෙම එන එක හරි නෑනේ…අපේ ගෙදර සැප පහසු මෙට්ට වොෂ් රූම්,ඒසී මොකුත් නෑ අයියා නිදාගන්නේ කොහු මෙට්ටෙක…දාඩිය දැන්මාහම පවන් ගහන්නේ කාඩ් බෝර්ඩ් කෑල්ලකින් නාන්නේ දොලෙන් ඉතින් කොහොමද අයියේ ඔයා ඉන්නේ! අපේ තාත්තා මට ගහයි අයියේ….”
“මම ඉන්න එන්නේ නෑ මෞර්යා ඔයාව දාලා එන්න ඇහුවේ!...”
“ම්ම් එහෙම ලොකු වාහනෙකින් ගිහින් බහිද්දී ගමේ මිනිස්සු කතා හදයි අයියේ…සල්ලි කාරයෙක් අල්ලගෙන කියලාහ් එයාලා මට එක එක ඒවා කියයි…”
“නෑ මම මගට දාන්නම් එහෙනම් හෙට උදේට ලෑස්ති වෙනවද යුනී එකෙන් ලීව් එකක් දලා දෙන්න මම!....”
“ම්ම්ම් හ්…හා අයියා…”
“ඕකේ නිදාගන්න ගුඩ් නයිට් මෞර්යා!...”
එයා ෆෝන් එක තිබ්බට පස්සේ මමත් ඇස් දෙක පියාගත්තේ හෙට ගැන හිතමින්…
(කතාව ඉක්මනට කියවලා ඉවරකරන්න කැමති අයට ඔප්ෂන් එකක් ගෙනාව ෆ්බී එකේ වගේම පේ ගෲප් එකකත් කතාව දෙනවා ❤️ ඒකේ කොටස් කිහිපයක් ඉස්සරහින් යන විදිහට දෙනවා එතකොට පේජ් එකට දෙන්නේ දවසක් ඇර දවසක් මම ඉස්සරහට ඩීටෙල්ස් දෙන්නම් 🤍)
#මතුසම්බන්ධයි
#අමා
01/08/2026
💘රිටන් 💘😜
Episode 18 [ අවසානය]
එත් එක්කම මන් කාමරේට ගියේ ලැස්ති වෙලා එන්න.කාමරේට ගිහින් වොශ් දලා කලු පාටට හුරු දිග පාර්ටි ගවුමකින් සැරසී වෙනදට වඩා ලස්සන මේකප් එකක් දාගෙන පහලට ගියා ඒ වෙද්දි අභිලාශ් ලැස්ති වෙලා ඇවිල්ලා .....
අදිගේ ලස්සන දැකලා එහි සිටි තරුන මහලු මැදි වියේ පසු සියලුම පිරිමින්ගේ සිත් ඇදබැද තබා ගැනිමට ආදිට හැකි විය...
"මේ මගේ පොඩි ලේලි...."
අභිලාශ් තාත්තා හැමෝටම මාව ඉතා සතුටින් හදුන්වා දුන්නා...
අභිලාශ්ව හොයන්න වටපිට බලද්දි තරම් දැක්කේ අභිලාශ් ,තව පිරිමි කෙනෙක් සහා අර කෙ//ල්//ල කතා කර කර ඉන්නවා...හදවත පසාරු කර ගෙන යන වේදනාවක් දැනුනද එය ඉවසා ඔවුන් දෙසට පියමැන්නේ අවුරුදු හතක් තිස්සේ නිකරුණේ අපතේ ගිය තමන්ගේ අහිමි වු ආදරයේ වෙදනාව හදවටතේ ගෙත්තම් කරමින්....
" ආදි...ඔයා ආපු එක හොදයි...ඔයාට හදුන්නලා දෙන්න දෙන්නෙක් ඉන්නවා..."
අභිලාශ් සිනහා මුසු මුහුනින් ඒසේ පැවසුවා...
එතන සිටි පිරිමි පුද්දගලා දැක පුරුදු හුරු බවක් ඇති නමුන් කවුරුන්ද යන වග ආදිගේ ම්තකයට නොයෙයි...
" කවුද මෙයාලා.....මන් දන්නෙ නෑ...."
ආදි ආවේගශීලි ස්වරූපයෙක් කතා කලේට අභිලාශ්ට අමුත්තක් දැනුනා...
"මේ මගේ අයියා අභිසෙස් ගුණවර්ධන ..එතකොට මේ ඉන්නේ මගේ නෑනා...අයියාගේ වයිෆ්..."
"වයිෆ්.... මේයාද අයියාගේ වයිෆ්...එතකොට..."
ආදිට අකුනක් වැදුනා මෙන් දැනුනි...තමන්ගේ ජිවිතෙ කනපිට ගැහුවේ අභිලාශ්ගේ අයියාගේ වයිෆ්...පවුලෙම් කෙනෙක් ...මොකක් ද මේ පැටලි ඇති නුල් බෝලේ ...එතකොට ඒදා මොකක්ද උනේ...ආදිගේ මොලේ ඇතුලේ ප්‍රශ්න වැලක් කැරකෙන් ...
එත් එක්කම ආදිට දැනුනු හිසේ කැක්කුමක් නිසා ආදි ඔලුව අල්ලගත්තා....
"ආදි මොකද...මේ...මොකක්ද උනේ "
අභිලාශ් ආදිව වාත්තු කරන් එතන තිබ්බ ටෙබල් එකක් ලගට ගිහින් පුටුවක ඉන්දුවා ..
"මල්ලි ඩොක්ටර් ඇවිල්ල හිටියා...මන් එක්කන් එන්නම්"
අභිසෙස් අයියා එහෙම කියලා පිටවුනා .
"අභිලාශ් මල්ලි නංගියට වතුර එකක් ගේන්න්.."
කියල ඒ කෙ//ල්//ල අභිලාශ්වත් පිටත් කරා..
" නංගි මොකද වුනේ..."
" නෑ..නැ...ඔයා කවුද ..."
" මන් අභිසෙස්ගේ වයිෆ්....."
" ඔයාටයි අභිලාශ්ටයි තියෙන සම්බන්දේ මොකද ..."
" ඇත්තටම නංගි අභිලාශ් මල්ලි නැත්තම් මන් අද මේ ලොකේ නෑ...."
" මොකක් ඒ කිව්වේ..."
ආදි ඇසුවේ හිතේ හටගත් කුතුහලය නිසා...
" ඔව් නංගි ඔයා ගොඩාක් වාසනාවන්තයි....."
එච්චරයි කියන්න හැදුවේ අභිලාශ් එතනට ආපු නිසා කතාව නැවතුනා...
" මේක බොන්න ආදි...."
අභිලාශ් වතුර විදුරුව ආදිට පෙව්වා...
" මල්ලි ඩොක්ටර් පෙන්න නෑනේ...."
එත් එක්කම අභිසෙස් අයියා දුවගෙන ඇවිත් කිව්වා..
" නෑ...නෑ...මට දැන් ප්‍රශ්නයක් නෑ...මට අක්කා එක්ක ටිකක් තනියම කතාකරන්න ඔනි අභිලාශ් ..."
ආදි එහෙම කිව්වම අභිලාශ්ට හිතට අමුත්තක් දැනුනත් ඒ දෙන්නව තනි කරලා අභිසෙස් එක්ක පිට වුනා..
" මේකයි නංගි ඇත්තට අවුරුදු 7කට කලින් මට අභිසෙස් අයියාගෙන් ලමයෙක් හම්බෙන්න හිටියා..එතකොට අපි බැදලා නෑ...ඒක එයාටයි පවුලේ අයටයි කිව්වට පස්සේ එයාලා කිව්වෙ ළමයාව නැති කරන්න කියලා..කොහොමද නංගි මන් මගේ ලමයාව නැති කරන්නේ..මන් එයාලා එක්ක වාද කරා
එත් මගේ පැත්තට හිටියේ අභිලාශ් මල්ලි විතරයි මන් අන්තිමට මැරෙන්න තිරනේ කරා..එත් අභිලාශ් මල්ලි මගේ හිත හදලා ගෙදර අයගෙන් කැමැත්ත අරන් අයියගෙයි මගෙයි වෙඩින් එකේ වැඩ භාර ගත්තා..එදා වෙඩින් එක ගැන කතා කරන්න අභිලාශ් මල්ලි එක්ක මන් ගොඩාක් සතුටින් ආවේ..එත් එදා තමා ඔයාගේ ඇක්සිඩන්ට් එක වුනේ..."
"අම්මා... බඩගිනි..."
එත් එක්කම අපි ඉන්න තැනට දුවන් ආවේ අවුරුදු හතක විතර පුංචි සුරංගනාවියක් වගේ කෙලි පොඩ්ඩක්...
" අර අච්චි ඉන්නවා අතන මැණික ...ඉල්ලග්න්න ආච්චි කෑම බෙදලා දෙයි මන් පුංචි එක්ක පොඩි කතාවක්..." කියලා පොඩි බබාව අක්කා යැව්වා..
"ඔය ඉන්නේ ඉතින් මගේ පණ ...අපි දෙන්නාම දැන් මෙහෙම ඉන්නේ අභිලාශ් මල්ලි නිසා...දැන් අයියායි මායි බබායි සතුටින් ඉන්න ....නංගී මල්ලිව කවදාවත් සැක කරන්න එපා ...ඔයාගේ ඇක්සිඩන්ට් එක නිසා එයා පිස්සෙක් උනා....රට වටේ ඩොක්ටර්ස්ලා හෙව්වා ඔයාගේ මතකේ ගන්න ..ඔයාව හැමදාම ඔයාට හොරෙන් පරිස්සම් කරා..අම්මලා වෙන කසාදයක් කරගන්න කිව්වත් මල්ලි ඒවා කනකටවත් නොගෙන ඔයා මත්තෙම නැහුනා..."
එකදු වචනයක්වත් නොකි ආදිගේ ඇස් දෙකෙන් කදුලු කැට වරුසාවක් වටුනා..
මෙච්චර ආදරෙ කරන කෙනෙක් කොහොමද ආදි ඔයා සැක කරේ...මන් වෙනුවෙන් කොච්චර ඉවසලද අභිලාශ්...ඇයි මන් එයාව සැක කරේ කොච්චර පව් කාර වැඩක් ද ආදි උබ කරේ...දැන්වත් අභිලාශ් ලගට ගිහින් සමාව ගනින්...ආදිගේ හිත තාමාට වරද පටවන්න විය..
එසනින්ම නැගිට්ට ආදි අභිලාශ් හොය හොය දිව්වා...
" අම්මා අභිලාශ් කෝ...."
ආදි කලබලෙන් අභිලාශ්ගේ අම්මාගෙන් ඇහුවා..
" පුතා කාමරේට ගියා දුව ගිහින් බලන්න ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
"නෑ අම්මා ප්‍රශ්නයක් නෑ...."
කියලා අදි කාමරේට දුවගෙන ගියා...
යද්දි අභිලාශ් කාමරේ..
ආදි දොරත් ඇරන් ගිහින් අභිලාශ්ගේ පිටිපස්සෙන් බදාගෙන අඩන්න ගත්තා...
" අනේ...මහත්තයෝ මට සාමවෙන්න...මට සාමාවෙන්න..."
" ආදි මැනික මොකද මේ ....අඩන්නේ මොකද උනේ...කවුරුහරි බැන්නද...?අභිලාශ් ආදිව තමන්ගේ පැත්තට හරවගෙන ඇහුවා...
" නෑ.අභිලාශ්..මේකයි..එදා වෙඩින් එක දවසේ මට මතකේ ආව...... කියලා ආදි තමා අතින් වුනු හැමදේම අභිලාශ්ට කිව්වා.........
" හරි මැණික වුනු දෙවල් වෙලා ඉවරයි.....අපි අතිතේ අමතක කරලා ලස්සන අනාගතයක් හදගමු.."
කියලා ආදිව තම තුරුලට ගත්තා..
සියුම් හාදුමතින් යහන මත පෙරලුදු දෙදෙනා අනුරාගි හොරවක් ගත කිරිමට සැරසුනි...ආදි සලු අභිලාශ්ගේ අතින් ගැලවි යයි..සියුම් හාදු වලින් ඇරබී අනුරාගි හැගුම් අතරින් ගාලා ගිය හොරාව ආදි අභිලාශ්ගේ පතිනිය බවට පත් කරේ සාක්ශි සටහන් කරමිනි...
______________________________________________💖💖💖💖💖💖💖💖💖💖💖💖💖__________________________________________
මාස හයකට පසු..,
"සුටික්කෝ...."
"හුම්"
" අපේ බබා දුවෙක් උනොත් මන් මගේ ඇත්ත නම එයාට දානවා...නිත්‍යා නිකේශි ගුණවර්ධන "
අභිලාශ්ගේ අතත් අල්ලන් බෝ මළු සිසිලේ සිටි ආදි ඉදිරියට නේරා ඇති තම කුස අල්ලා අභිලාශ්ට කිව්වා..
" ඔව් ..ඔව් ඔයා වගේ චන්ඩි රැජිනක් වෙයි ඉතින්..."
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
වර්තමානයට...
"ඔන්න ඔහොමයි දෝණි අපේ ආදරේ බාධක මැද්දේ ගලා ගියේ ...."
අභිලාශ්ගේ ගේ වියපත් දැන් වලින් අල්ලන් බංකුව මත ඉද සිටි ආදි කිව්වා...
" අම්මෝ සියා...අච්චි හරි චන්ඩි නේද ඉස්සර..."
" ඔව් ඔව්...මැරයෝ එක්කත් ගහතත්තා.."
" දෝණි ...ඔයා හෙට අලුත් ජිවිතේකට යන්නේ..ඉතින් ආච්චි කරපු වැරැද්ද දෝණි කරන්න එපා කවදාවත් ආදරේ සැක කරන්න එපා....අච්චි ආදරේ සැක කරපු නිසා අවුරුදු හතක් රිටන් එකක් කෑවා..."
" හරි ආච්චි..අම්මා කත කරනවා මන් යනවා...."
හෙට දින මංගල දිනයට පියනගන තම මිනිබිරියට ජිවිතයට ආදර්ශයට තමා ආදර අන්දරය දිහ හැරිය ආදි අභිලාශ් දැන් ජිවිතයේ සැදැ සමය ගත කරන යුවලක්...තම වැරැද්ද පිලි ගත් ආදි නැවත කිසිදු දිනක අභිලාශ්ව සැක කරේ නෑ...."
"සුටික්කෝ..."
" ඇයි මගේ පිස්සු දොස්තර නෝනේ..."
" අපි හැම ආත්මෙම අපේම වෙමු....."
ආදි එහෙම කිව්වාම අභිලාශ් ආදිගේ රැලි වැටිච්ච නලල සිප ගෙන ඒ වියපත් තොල් පෙති වලට සියුම් හාද්දක් තැවරුවා...
"හැට පැන්නත් මේ සුටික්කට මගුල් විසේ නම් ගිහින් නෑ...." ආදි එහෙම කියලා අභිලාශ්ගේ උරහිසට ඔලුව තිබ්බා...දෙන්නම බංකුවේ ඉදන් තම ගෙවත්ත්ට් පෙනෙන බැස යන ඉර දිහා බලන් හිටියා...
වැටහුනි කළ වරද මා හට
නොවැටහුණි ඔබේ පෙම මා හට
මතු වුනි සැකයක් මා හට
සාමවෙනු හිමියනි සියවරක් මා හට..
සත් අවුරුද්දක් අහිමි වුනු සෙනෙහස..
නැවත දිහ හැකිද හිමියනි මා හට...
පණ මෙන් රකිමි දිවි ඇති තුරු ඔබේ පෙම...
මිය යන තුරුම ඉන්නද සොදුර ඔබේ පා මුල.....
💕💕 ආදි අච්චිගෙන් අභිලාශ් සීයාට 😁😁💕💕
💛💛💛💛💛
~~~~~~ නිමි~~~~~
ඉතින් කොටස් දහා අටක් පුරාවට මාත් එක්ක රැදිලා හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි ..හා මම ගොඩක් ආදරෙයි ඉතින් අනිවාර්යයෙන් කතාව් ගැන අදහස් ලියන් මගේ අනිත් කතා ටිකත් කියන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඒ වගේ කතාව හොදයි නම් කතාව අනිත් අයට බලන්න ශෙයා කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. තව පොඩි උදව්වක් ඔනි මාව follow කරලා නැත්තම් follow කරන්න එ වගේම කතාව ගැන review එකක් මගේ පේජ් එකට දාන්න ❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
244B, Anagarika Dharmapala Mawatha, Nupe
Matara
81000
Opening Hours
| Monday | 08:30 - 18:30 |
| Tuesday | 08:30 - 18:30 |
| Wednesday | 08:30 - 18:30 |
| Thursday | 08:30 - 18:30 |
| Friday | 08:30 - 18:30 |
| Saturday | 08:30 - 18:30 |
| Sunday | 08:30 - 18:30 |