Glamour with chala

Glamour with chala

Share

සිතුවිලි යහපත්නම් හොදම දේ ලැබේවී 🌻🪬

30/08/2026

ජීවිතේ අමාරු දවස් එන්න පුළුවන්...

එක දිගට වෙහෙසකර දවස් ගෙවෙද්දි,

“මනසට ටිකක් නිදහසක් ඕනී…”

කියලා හිතෙන වෙලාවල් තියෙනවා. 🌻

යුතුකම්, වගකීම්, රාජකාරි අතරේ
අපිට අපිවම අමතක වෙනකොට…

හිතටත්, ගතටත් දෙකටම ඕනී
ආදරණීය පිරිමැදීමක්… ❤️

එක උණුසුම් වැළඳගැනීමක්…

හැම පීඩනයක්ම, හැම වේදනාවක්ම
මොහොතකට හරි අමතක කරවන
ආදරණීය හාදුවක්… ❤😍

ආදරෙයි ❤️

✍️ by Glamour with Chala 🌻

31/07/2026

ඉබ්බා රේස් එක දින්නේ 🐢
හාවා නිදාගත්ත නිසාම නෙවෙයි 🐰
එයාගේ ගමන එයා නොනවත්වා ඉදිරියට ගිය නිසා 🙂
ඔයත් කවදාහරි දිනනකල් 🧚
ඔයාගේ උත්සාහය අතෑරගන්න එපා 😍

ආදරෙයි ❤️

Copied

29/07/2026

කළු සුදු මිනිස්සු අතර
සුදු මිනිහෙක් වෙන්නම බැරිනම්
අළු පාට මිනිහෙක් වෙයන්
කළු අඩුවෙන් සුදු වැඩියෙන් තියෙන 🩶

ආදරෙයි ❤️

✍️ C h A l A 🌻

25/07/2026

මනුස්සයෙක් දිනනවා දකිනකොට ජයග්‍රහණය අතට ගන්නවා දකිනකොට පරදිනවා දකිනකොට ඇස්වලින් කදුළු එනවද? 🥹

ඒ මම නොවෙන්න පුලුවන් .හැබැයි මම අදටත් දන්නේ නැහැ මනුස්සයෙක් දිනනවා දකිනකොට හරි පරදිනවා දකිනකොට මට කදුළු එන්නේ ඇයි කියන්න.💫

මම ඒ මනුස්සයා වෙනවා ඒ මොහොතට.🙇‍♀️

මේ දවස්වල යන රියැලිටි වැඩසටහනක දරුවෝ සින්දු කියනවා.Battle Rounds යනකොට එක්කෙනෙක් දිනනවා අනිත් කෙනා ඉවත් වෙනවා.හැබැයි ඉවත් වෙන කෙනාව වෙනත් පුහුණුකරුවෙක් තෝරගත්තොත් ඒ තරගයේ එයාට රැදී ඉන්න පුලුවන් .🪻

මම ආසම ඉවත්වෙන කෙනා වෙන පුහුණුකරුවෙක් තෝරගන්නකොට ඒ දරුවගේ මූණේ තියෙන හිනාව බලන්න.දිනපු දරුවට වඩා සතුටු වෙන්නේ අර පැරදුනු දරුවා.එයාට තව මාර්ගයක් විවර වෙනවා.සමහර විට ඒ ජීවිතේ කඩයිම් හැරවුම වෙන්නත් පුලුවන්.ඒ දරුවෝ සතුටට හිනාවෙනකොට මාත් අඩ අඩ හිනා උනා.👭

තව වැඩසටහනක් තියෙනවා හොදම චෙෆ් තෝරන.ඒකෙදීත් මුළු ජීවිතේම උන ,හීන පොදි බැදන් ආපු තරගකරුවෝ තරගයෙන් ඉවත් වෙනකොට ඒ දුක මටත් දැනුනා.එක මුස්ලිම් තරුණයෙක් ආවා ඊයේ අම්මා නැති උනා.ඒ වැඩකටයුතු ඉවර කරලා අද ආවේ, මේක මගේ හීනයක්, ඒ හීනේ දිනන්න ආවේ කීවා.හැබැයි ඒ තරුණයත් ඒ තරගෙන් එදාම ඉවත් උනා. තේරුණේ නැහැ.
ජීවිතේ අහිමි වීම් දෙකක් එක ලග.ඒ තරුණයා හිනා වෙලා ගියාට ඒ දුක කියන්න වචන නැතුව ඇතී.මට හිතුනේම එහෙම.🥹

මේ රියැලිටි වැඩසටහන් කලින් සූදානම් කරගත් තිර පිටපත් වෙන්න පුලුවන් .ඒත් දිනුම පැරදුම වෙනස් කරන්න බෑ.🙂

මනුස්සයෙක් දිනනකොට සතුටු වෙන්න වගේම මනුස්සයෙක් පරදිනකොට දුක් වෙන්නත් මට පුලුවන්.👍

එයා මගෙ කෙනෙක්ද මගෙ හිතවතෙක්ද කියන එක අදාලම නැහැ.කවුරු උනත් කාගේ හරි ජයග්‍රහණයක් ගැන සතුටු වෙන්නත් කාගේ හෝ පැරදුමක් ගැන දුක්වෙන්නත් හොද හිතක් මට තියෙනවා.❤️

ඒ ගැන මට මමම ස්තූතී වන්ත වෙනවා.🧏‍♀️

ඔයත් මම වගේ කෙනෙක්ද?😍

ආදරෙයි ❤️

✍️ By C h A l A 🌻

02/06/2026

සාර්ථක පවුල් ජීවිතේකට දිනන්න වෙර දරන පවුල් ජීවිතයකට ලොකුම බලපෑම කරන රහස කියන්නද?

ඒ තමයි බිරිදගේ හා ස්වාමියාගේ සිතුවිලි,

කසාදයක් බැන්දහම හැමෝම කියන්නේ දෙන්නෙක් නෙවෙයි දැන් දෙන්නා එක්කෙනෙක් කියලා.

එහෙම නෙවෙයි ,

එතන ඉන්නෙත් තවත් මිනිස්සු දෙන්නෙක් .

අදහස් වෙනස්, අරමුණු වෙනස් ,ආසාවල් වෙනස් ,ගතිගුණ වෙනස්.

මේවා එක සමාන අය නැතුව නෙවෙයි, හැබැයි විරලයි.

කසාදයක් ඇතුලේ සැමියාගේ කැමැත්ත බිරිදගේ කැමැත්ත විය යුතු නැහැ.

බිරිදගේ කැමැත්ත සැමියාගේ කැමැත්ත විය යුතුත් නැහැ.

මගෙ විදිහට ඔයා ඉන්න ඕනි කියන සිතුවිල්ලෙන් මිදුනොත්,

මේවා බිරිද විතරක් ස්වාමියා විතරක් කරන්න ඕනී දේවල් කියන සිතුවිල්ලෙන් මිදුනොත්,

සහයෝගය, සහකම්පනය අපි තුල ඇති කරගත්තොත් ,ජීවත් වෙන්න පහසු වේවී.

ජීවිත් වෙද්දී එක්කෙන්ගේ සතුට නෙවෙයි, එතන දෙදෙනාගේම සතුට තියෙන්න ඕනී.

දෙදෙනාම තෘප්තිමත් වෙන්න ඕනී.

එක් සැදෑවක දෙන්නම එක්ක කරන කෙටි කතාවක ආ මග සුන්දරව දිගෑරෙයි ,

ඔබට ඔහුවත් ඔහුට ඔබවත් හයියට හිටපු තැන් සුන්දරව මතක් වේවී.

දිනන්නට ඕනී නම් අනෙකාගේ සතුට පතන්න ,අනෙකාගේ ජයග්‍රහණය පතන්න, දෙදෙනා දෙදෙනාට කරන ප්‍රාර්ථනා හෙට දවස දෙදෙනාව දිනවාවී ❤️

ඉතින්
අපේ සිතුවිලිම තමයි අපිව දිනවන්න තවත් එක් හේතුවක් වෙන්නේ 🌻

ආදරෙයි 😍

✍ C h A l A 🌻

04/04/2026

මම පොඩි කාලේ අප්‍රේල් එනවා කියන්නෙම ගෙදර එක කාලගෝටියයි.
අම්මාත් එක්ක එකතු වෙලා අක්කා මල් වාස් එකේ ඉදලා තුනපහා බෝතල් වෙනකල්ම අලුතින් සෝදනවා.ගේ කණපිටම හරවනවා.ආච්චි මිරිස් වේලනවා අලුත් දර හොයගන්නවා ලිපේ ගොම ගෙනල්ලා ගානවා.මම කරේ පුටුවක් උඩ කකුලුත් තියන් බැනුම් අහ අහ ටීවී බලපු එක 😌

" අලුත් අවුරුද්දක් එද්දි මේකී ඉන්න හැටි "

ආච්චී බැන්නෙම ඔහොම කියලා 🙃
කාලේ ගෙවිලා....
අද මම ගෙදරක බිරිදක් 😉
ගෙදරට ඇවිල්ලා අවුරුදු 4ක්.ඔය අවුරුදු 4 ම අප්‍රේල් මාසෙට මමයි මහත්තයයි එකතු වෙලා ගේ ඉස්සර වගේම කණපිටගහනවා.කවුරුත් එයි කියලත් නෙවෙයි පොඩි කාලේ ඉදන් ඒවා දැක්ක නිසා ඒක ඉබේම වෙනවා සිංහල අපට කියලා එන පලවෙනි උත්සවකාලේ හින්දා වෙන්න ඇතී .
ඒක කරන්නම ඕනී දෙයක් කියලා දැන් දැනෙනවා.ඒක වෙන්න ඇතී කාලයක් යනකොට අපි වැඩිහිටියෝ වෙනවා කියන්නේ 😊 මහන්සී තමයි ඒත් ඒකෙන් ලබන තෘප්තිය වචන කරන්න අමාරුයි.ඒක අමුතුම එකක්.

එදා පුටුවක් උඩ ඉදගෙන ඉදපු මම වෙනුවට අද මගෙ අම්මා ඉදන් ඉන්නවා 😍 (මේකිට උන දෙයක් කියලා හිතෙනවා ඇතී 🤭)

කාලය .. හැමදේම වෙනස් කරනවා.ඒත් මම විශ්වාස කරනවා අපි පොඩි කාලේ දකින කරන හොද දේවල් වැඩිහිටියන් වෙද්දී අපි අතිනුත් ඉබේම වෙනවා කියන දේ ❤️

ආදරෙයි 😘

✍️ C h A l A 🌻

27/02/2026

ගැහැණියෙක්ගේ ඇස් වලට පිරිමියෙක් නිසා කදුළු එන්නේ එක්කෝ දුකකදී ..

නැත්තම් ආදරේ ඉතිරෙද්දී....

හිනාවත් එක්ක ඇස්වලට එන කදුළ කියන්නේම පිරිමියාගෙන් එන ආදරය..රැකවරණය .. ආරක්ෂාව ..

මුළු ජීවිතයම තමන් ඉදිරියේ තියෙන වග

ඉතින් ,

ඒ ආදරේ තරම කියන්න වචන ඕනි නෑ

ඒ ඇස් දෙක දැක්කානම් ඇතී 🌻

ආදරෙයි 😘

✍️ C h A l A 🌻

17/02/2026

දන්නවද

"මං මිනිස්සු ආශ්‍රය කරද්දි,

එයාලා මට බ|ලු වැඩ කරනවද කියලා,
මට හොයන්න ඕනේ නෑ, මට හොයන්න වෙලාවකුත් නෑ,

මිනිස්සු එහෙම කරනවා කියලා මං හිතන්නෙත් නෑ,

මනුස්සකම් එක්ක මං එයාලත් එක්ක ගනුදෙනු කරනවා."

ඒත් යම් මොහොතක එයාලා එහෙම දෙයක් කරොත්,

පලි ගැනීම් නෑ, ප්‍රශ්න කිරීම් නෑ,

එයාලා මගේ ජීවිතේට ආගන්තුකයෙක් වෙනවා,

ඒ වගේම කලින් හිටිය මාව එයාලට කවදාවත් හම්බවෙන්නේ නෑ....😒

ආදරෙයි 😘

✍️ C h A l A 🌻🪬

17/01/2026

ඉස්සරෝම පහල තියෙන පෝස්ට් එක කියවන්න 👇

ඒක කියවනකොට මට නම් මන් ගැනම ආඩම්බරයක් ඇති වුනා😘

ඒ වෙන හේතුවක් හින්දා නෙවෙයි ඔය කියන හැමදෙයක්ම ඇත්ත නිසා😊

අද මම ඉන්න තැන තව කෙනෙක්ට පොඩි තැනක් වෙන්න පුලුවන්🙃

හැබැයි ,

🍁ධනවත් දෙමාපියන් නැතුව

🍁රටේ ඉහල සම්බන්ධතා නැතුව

🍁අසාධාරණ ක්‍රම මගින් නැතිව

🍁කවුරුත්ම රෙකමන්ඩ් කරන්නේ නැතුව

ටිකෙන් ටික අද ඉන්න තැනට ආපු ගමන ගැන මට මං ගැනම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ🤩

වැටෙන්න ගියපු තැන් තිබ්බා හැබැයි මට අත දෙන්න මිනිස්සු හිටියා😘

හැමදෙයක්ම පටන් ගත්තේ පොඩිම තැනින් 😊

ඒක නිසා වෙන්න ඇතී එකපාර හැමදේම හම්බුනේ නෑ😒

කට්ටක් කන්නම උනා හීන හැබෑ කරගන්න🤠

ඉතින් මම දන්නවා මම හරි හයිය ගැහැණියක් කියන්න👩‍🦰

ඒකම තමා මට ආඩම්බරෙන් හිතන්න තියෙන එකම දේත්😍

මේක කියවන ඔයාටත් මේ වගේම කතාවක් ඇතී😘

ආඩම්බරයක් ආවා නේද හිතට
සතුටු හිතුනා නේද ඔයා ගැනම👩‍❤️‍💋‍👩

එහෙනම් ,

මේ මල 🌻 ඔයාට

ආදරෙයි මාත්💜️

ඒ ආඩම්බරකාරීට 🧚‍

✍️ C h A l A 🌻

10/01/2026

ලස්සන පුංචි ළමයෝ දන්නවද අපි ඔයාට හරි ආදරෙයි 💜️

පොඩි හරි දුකක් දැනුනොත් හරි ලස්සනට හිනාවෙන්න 😊

ඉදිරියට තිබ්බ පියවරක් වැරදුණොත් ආයෙත් උත්සාහා කරන්න 🧗

කවුරුත් නෑ තනිවෙලා වගේ හිතුනොත් නෑ ඔයා ඉන්නවා ඔයාව අල්ලගන්න 🧚‍♂

දන්නවද....

ජීවිතේ දිනුවෙම අන්ත පරාජයන් වෙච්ච මිනිස්සු 😊

වැටෙන්න පුලුවන් අඩියටම වැටුණු මිනිස්සු😊

ඉතින් ජීවිතේ මොනවා උනත් හයියෙන් අල්ලන් ඉමු ..

දිනනකල්ම 🙋‍♂️....

ආදරෙයි 😘

✍️ C h A l A 🌻

Want your business to be the top-listed Beauty Salon in Mawanella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Mawanella